This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
As a bride, you are also important to it. Today, we are trying to tell you some of the little facts that make this day more important for knowing that significance. do you know? The height of the bride and bridegroom are far from paying much attention to anyone on the wedding day. The height between the bride and the groom is very important for wedding photography and for the wedding day. If the bridegroom is less than the bridegroom, then the bride will have a low hair style. And that hairstyle should fit the bride's face. If a groom is a low-bride or a bridegroom of the Indian bride, it is preferable to raise her body slightly. And if he is a little short, the bride's body can be adjusted to a normal height. Do you know that the bride's head also affects the groom? Choosing your skin to fit your wish or the style you choose is a common mistake. There are plenty of opportunities for the bride, her family, or the beautician on hand. If the bridegroom is taller than the bride, the bridegroom will fit a necklace with a neckline. It's important to remember that if the groom and the bride are of the same height, they really fit a long wrapper. If the bridegroom is the highest height, the bride fits in with the long tusks. If the bridegroom is short, then it is best for the bride to have two large surfaces. If a bridegroom is taller, it is advisable to squeeze her sals off her sleeves on Bridal wish. And it is better to apply the saris to the wrap. This is just some of the things that make the most beautiful day of your life as well as beauticians. Look at these little things how much your wedding feels.
If the groom looks like a bride, the bridegroom has many things to keep in mind. We will present you eight things that are so important to the bride and groom, the artist or the stylist. 01) When choosing a wedding dress, be careful about the bride's height. If you prefer a high hairstyle, the bridegroom will not be in high condition if you do not go high. Then you will have to choose a hairdresser that will make the Nail suitable for your face. 02) Although the style of the body is fashionable, it should be worn in relation to the height of the bridegroom. Most of the bridegrooms can be worn to the bride, as if they were high. 03) many brides wish to wear a necklace. Do you think that the bridegroom's height will influence this too? 04) If the bridegroom is high, then the bride's shoulder can be worn. If the bridegroom is so high, the wall of the bride should be extended to the chest. It should not be forgotten that the beautiful couple appear in such a small matter. 05) The choice of Earrings also should be careful. If the bridegroom's height is low, the tassels (hanging) are not suitable for the bride. If the bridegroom is tall, the bride has the capability to wear the Tablel sapphire. Otherwise, she is not suitable for wearing T-shirts. 06) some brides would like to make a V-shaped image. Others liked the round twin. Others have a retractable bow. If the bridegroom is tall, the bride is fitted with a V-shaped neckline. 07) The hand of the blotch also depends on height. If the bridegroom is tall, the styling of the extension of the elbow is not compliant. It's a fitting style. 08) The bridegroom's height determines when the thread is threaded in the mask. If the bridegroom is tall, the shoulder should be attached to the saree. This is the flexible way. In reality, when two are together, the two must fit in. The bridal dress should definitely be concerned about the bridal's height.
Sithmal Yaya
රට බාරයි නුඹට පුතේ
\"2010 සිව්මහා ගංගා කළා උළලේ ඌව පළාත් ප්‍රථම ස්ථානය ලබා ගත් කෙටි කතාවයි! \" වැසි වසින්නට ආසන්න වූ අහස් කුස වලාකුළු දරා සිටින්නට නොහැකි තරමට ගැබ්බර ය. පීඩාවෙන් පෙලෙන අහස් කුස මෙන් රේවතීගේ කයත් සිතත් රිදුම් දෙන්නට වූවාය. ස්කන්ධ නිසා රිදවා ගත් තේවානි අම්මාන් වෙනුවෙන් තැනූ කෝවිලේ තවමත් හැඩුම්බර දෙනෙත් දල්වා සිටින තේවානි අම්මා මෙන් සිය පන නල වන් ආදරේ දන් දෙන්නට සමත් වූයේ මේ තරම් වේදනා දරා ගෙන යැයි සිතෙන විට සාඩම්බර කඳුලකින් සිනාසෙන්නට තරම් ශක්තියක් කෙසේ ලැබුනේද යන්න ගැන පුදුම සහගතය. නික්ම යන්නට පෙර තවත් වතාවක් කිරි වෙහෙරට යා යුතු බව රේවතීගේ යටි සිත මොර ගෑවාය. සඳවතිය පැරදූ කිරි වෙහෙර ශාන්තියට ඇසිල්ලකින් නැගුනු ගිණි ජාලයෙන් ශාන්තිමත් සිසිලසකින් සුවපත් වන්නට වූවාය. ගැබ්බරක් ඔසවා ගෙන සුදු සාරියකින් සැරසී සිටි ඇය දෙස බලන කිසිවෙකුත් ඈ දමිළ යුවතියකැයි නොසිතනු ඇත. සැමරුම් වගවලසුන් විසින් වනසන ලද රේවතීගේ ජීවිතය දෙස ආපසු හැරී බල්නනට තරම් නොතිත් ආශාවකින් පෙලෙන්නට වූයේ කිරි වෙහෙර අබියසට පියනගනාවාත් සමගමය. පිය ගැට පාමුලදී සිය නිරුවත් දෙපා දෙස බැලූනේ ඉබේටමය. මුල් වරට මෙතැනට පැමිණි දා සිය පා සළඹ සෙලවූ කිංකිණි හඩ බවුන් වඩමින් සිටි බැතිමතුන්ගේ දැහැන් බිඳි අයුරු ඇයට සිහි විය. ඊට මසකට පෙර තමිල්නාඩු සරසවියේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි තම ලොකු අයියා විසින් තෛපෝංගල් උළෙලට සැරසීම සඳහා තමාට ගෙන දුන් ඉන්දියන් සල්වාරිය හින්දු කෝවිලේ විවේකාගාරයේ ගලවා දමා සුදු සාරියක් හැඳ ගත්තේ දෙවියන්ට වරදක් කිරීමට සිතා නොවේ. නිල් ඉරි වැටුනු රතු පාට මල් ඉහිරිනු සල්වාරිය දෙවරක් සිඹ අයියාගේ ශාපයට සමුදී සුදුවතට මාරු වූයේ දේව ශාප ලත් දේව දාසියක විලසිනි. යුධ බිමේදී සංවිධානයේ විලංගුලා සිටි රේවතීට මෙම ඇඳුම අඳින්නට නොලැබිනි. කනස්සල්ල පහව ගියේ එම වෛවාරණ ගවුමට වඩා සාරියේ සැහැල්ලූ බව විඳීමෙනි. එහෙත් පා සළඹ ගලවා ඉවත් කරන්නට අමතක වූ වෙස් වලා ගත් දමිළ යුවතිය කිරි වෙහෙර පිය ගැටපෙල අභියස වරදකාරීයක වූවාය. මෙකල විශේෂ කාර්ය බලකා සෙබළුන්ගේ මුර සේවය කිරි වෙහෙරට ද ලබා දී තිබිණ. මෙසේ වූයේ තමන්ගේ වරිගයේ උන් නිසා යැයි බරපතල චෝදනාවක් තමාටම පවරා ගත් යුවතිය සංවිධානය විසින් පවරන ලද රාජකාරිය වහා සිහියට ගත්තාය. කිරි වෙහෙරේ පුර සඳ මත තවත් අළුත් සඳක් පායලා සිලිලාරේ ගිගිරි සලඹ කිංකිණි හඩ රඟ නංවාලා... ප්‍රතාපවත් නිළ ඇඳුමකින් සැරසුනු තරුණ යුධ සෙබලාගේ මුවින් මේ තරම් මොලොක් ගී වදන් පිට වූයේ තමාට බව වැටහුනේ, ඉලක්කට එල්ල බලා සිටි යුධ සෙබලා සහ තමාගේ සිව් නෙත් ගැටී විදුලි සැරද විසිරුණු පසුය. උත්තර භාරතීය සංගීතය ඇතුළු ඉන්දියානු සංගීතය පමණක් උගත් තමාට සිංහල ගීත අසන්නට ලැබුනේ අහම්බයෙනි. යාපනයේ ගුවන් විදුලි සම්ප්‍රේෂනාගාරය සිය සගයින් විසින් විනාස කරන ලදුව සිංහල ගීතයක් අසන්නට ලැබුනේ නැත. මඳකට පෙර දඩබ්බර මිලිටරි කාරයා විසින් ගයන ලද ගී පදවැල් කිසිදිනක අසා නොතිබුනද ඒ තුල ගැබ් වූ සියුම් සෞන්දර්ය වටහා ගන්නට තරම් රසිකත්වයක් තමා සතු වීම පිළිබඳ ඇය සතුටු වූවාය. \"කිරි වෙහරට එනකොට ගිගිරි සලන්න කීවේ කවුද?\" ඒ හඩ රුදුරු නොවේ. එහෙත් ගොරහැඬිය. නිසැකයෙන් මෙහු දුම් පානය කරන්නෙකු යැයි අනුමාන කරන්නට හේතු වූයේ තම සංවිධානයේ සෙබළුන් ද අධික ලෙස දුම් බොන්නන් නිසාවෙනි. \"සොරි\" කීවා නොවේ සිතුවා පමණි. \"ම්ම්හ්...\" \"සොරි\" යුවතියගේ ගොළු බව තේරුම් ගත් සෙබලා සමාව ඉල්ලූවේය. සුදුවතින් සැරසුනු දහස් ගණන් බැතිමතුන්ගෙන් උඩමළුව පිරී ඉතිරී ගොසිනි. ඇයට යාපනයේ මාරිමුත්තු කෝවිල සිහි විය. වෛවාරණ හා පච්ච වර්ණයෙන් සැරසුණු හින්දු බැතිමතුන් හා මෙහි සිටින දහස් ගණන් බෞද්ධයන් අතර වෙනසක් දකින්නට උත්සහ කර හිස රිදවා ගත්තාය. උත්සහය නිෂ්ඵල විය. ඇඳුමින් පැලඳුමින් හැර දෙපිරිසේම වෙනසක් නුදුටුවාය. පොල් තෙල් පහන්, සුදු මල්, හඳුන් කූරු දල්වමින් වන්දනාමාන කරන මොවුන් හා කපුරු පෙති දල්වා පොල් ගෙඩි අතැතිව පූජා වට්ටියක් ගෙන සිටින හින්දූන් අතරේ වෙනස වටහා ගන්නට තරම් තමා මේරු එකියක් නොවේ යැයි අස්වසා ගත්තාය. කෝවිලේ සාමී හා පන්සලේ හාමුදුරුවන් අතරේ වෙනස සොයන දර්ශනයෙන් ඵලක් නැත. තමන් ආ කර්තව්ය කර පලා යායුතුය යන හැඟීම ක්ෂණයෙන් සිතට එළඹ ගත් රේවතී දහස් ගණන් බැතිමතුන් වැඳුම් පිදුම් කරන තැන් හා යුධ සෙබළුන් ස්ථානගත වී ඇති තැන් සිය අධිවේගී ජංගම දුරකථයේ සටහන් කර ගත්තේ කෙටි පනිවිඩයක් යවනවාටත් වඩා අධි වේගයෙනි. ගොළු කෙල්ලක වශයෙන් රගපෑමට සිදු වූ බැවින් කෙටි පණිවිඩ යැවීමෙන් අන්තර් සන්නිවේදනය පවත්වාගෙන යාමට රේවතීට සිදු විය. බැතිමතුන් අතරින් පීරා එතැනින් ඉවත් වන්නට බොහෝ වේලාවක් ගතවිය. එක්වරම නෙළුම් මල කඩා ඉවත් කළ නටුවක් පය ගැටීමෙන් ලිස්සා නොවැටී බේරුනේ අනූනවයෙනි. \"ම්ම්මා...\" \"ම්ම්මා... නෙවේ මම ආකාශ්\" කිරි වෙහෙර පිවිසුම් දොරටුව අසල සේවයේ යොදවා සිටි මිලිටරි කාරයාගේ දඩු අඩුවට හසු නොවන්නට මේ වන විටත් රෝහල් ගත වන්නට ඉඩ තිබිණි. රළු දෑතින් මිදුනේ ඊයක වේගයෙනි. එහෙත් එය හිතූ තරම් පහසු නොවිණි. වැටුන වේගයට බියෙන් ඉතා තදින් ඔහුට වාරු වන්නට ඇත. බියත් සැකයත් මුසුවු රේවතීගේ හෘද ස්ඵන්දනය වේගවත් වූවාය. සෙබලාගේ උනුසුම සිය නැහැපුඩු හරහා හදවත් කුහර තුලටද කාවැදිණි. \"ම්ම්ම්...\" ඇය ගොළු බසින් සමාව ඉල්ලූවාය. රාක්ෂයෙකුට වරදක් කර හසුවූ දේවදාසියක පරිද්දෙන් ඔහු පසු කර ඉදිරියට ඇදුනාය. කුඩා කළ ලොකු ආච්චි අම්මා විසින් කියා දුන් එවැනි කතාවක් ඇයට සිහි විය. \"බය වෙන්න එපා... ගිලින්නේ නෑ\" \"ගිල්ල තරම ඇති\" යි සිතමින් පසුපසා නොබලාම ඉදිරියට ඇදී ගිය රේවතී අහම්බයෙන් සිය යොවුන් සිත කිති කවන ලද දේහධාරී යෞවනයා දෙස නැවත හැරී බැළුවාය. එකෙනෙහිහිම සෙබලා විසින් නෙළුම් දණ්ඩ යුවතිය දෙසට දමා ගැසුවේය. වහා නෙළුම් එය අහුලා ගත් යුවතිය නෙළුම් දණ්ඩ උරුක් කර තරවටු කලාය. නෙළුම් දණ්ඩ අතට ගත් යුවතියගේ පාද යාත්‍රාව නතර වූයේ ගණ දේවාලය අසලට පැමිණි පසුය. 0716456352 නෙළුම් දණ්ඩේ ඉරටයකින් කුරුටු ගාන ලද ජංගම දුර කථන අංකය දෙතොලින් දෙවරක් පමණක් මතුරා අසල කසල බඳුනට දැමුවාය. \"පයිත්තියන් කාරයා\" සිය නලලත මකා දැමූ තිලකය නිසා සිය සඳවත පාළු වී ඇති බව සිහි වීම නිසා ගණ දේවාලයේ පූජකවරයාගන් තින්නෝරු තවරා ගෙන ඊට උඩින් ත්‍රිශු ල රූපයද තබා ගත්තාය. \"උඹ කොහොම හරි ආර්මි කාරයා දැලේ දාගනින්\" \"මීට වඩා හොඳයි උඹලා මාව මරලා දැම්මානම්\" \"උඹ බය වෙන්න එපා මේක අපේ අන්තිම සටන...\" \"විමුක්තිය කියලා අහිංසක මිනිස්සු මරන්න මට බෑ\" \"එහෙම නැතිව ඊලම අපිට ලැඛෙන්නේ නෑ ලලල අපේ පලිය අපිට ගන්නත් බෑ...\" \"මට බෑ... මට බෑ...\" \"අමතක කරන්න එපා උඹ ඊලාම් සිහිනෙ... හ්ම්...\" \"එන්නෛ පෛත්තියකාරන් ආක්ක වේණ්ඩාම් (මාව පිස්සියක් කරන්න එපා)\" හින්දු කොවිලේ දේවදාසියක වී මසක් පමණ ගත වුවද තමාට පැවැරුණ රාජකාරි ඉටු කරන්නට නොහැකි විය. රාජ කාරියත් දේව කාරියත් අතර ගෙවන ජීවිතය එපා වෙන්නට වැඩි දවසක් ගත වූයේ නැත. ධර්මපාල කපු මහතාගේ කපු නිවසේ මෙහෙකාරිය වීම සැපතැකැයි සිතා තේවානි අම්මාන් කෝවිලට සමු දුන්නාය. ඉන්දියානු සම්භවයක් සහිත හරිහරන් සාමි වරයා සහ තම කණ්ඩායම සමග සබඳතාවය ඇති වූයේ කෙලෙසද යන්න පිළිබඳ සැකය ඇති වූයේ දින කීපයක සිටය. දේව දූතයෙකු සේ රැගුමක යෙදෙන මිණිමරු පූජකයා ගේ රුදුරු වෙස හඳුනා ගන්නට කතරගම දේව සභාව අසමත්වීම පිළිඳ සියුම් උපහාසයක් රේවතීගේ සිතට නැගී ආවාය. වෙට්ටියෙන් සැරසී කර බැඳි පූන නූලත් සහිතව තේවානි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකයා වශයෙන් ස්තෝත්‍ර ගයන දේව දූතයා යටින් මතුවෙන ලේ පිපාසිත රාක්ෂයා මතු කර ගන්නට තම නායකායටවත් නො හැකිවනු ඇත. \"කපු මහත්තයෝ... මේකි මගේ නංගිගේ පණ! ඇහැක් වගේ බලා ගන්න ඕන... කතා කරන්න බැරි උනාට මේකිට හැම දේම හොඳට තේරෙනවා\" සාමිගේ අමූලික මුසාවත් කපු මහතාගේ අඥානභාවයත් පිළිබඳ ඇය උපහාසාත්මක බැල්මක් හෙලීය \"දෙයිවංගලින් ආසිගල් උංගුලූක්කුන් කිෙඩෙක්කට්ටුම් (දෙවියන් ඔබට ආශීර්වාද කරත්වා)\" සාමීවරයාගේ මුවින් පිටවූ ආශීර්වාදයේ සත්‍යක් තිබේදැයි දැන ගැනීමට මෙන් මහළු සාමී වරයාගේ මුහුණ දෙස එක එල්ලේ බලා සිටියාය. කාෂ්ඨක තල් අරඹත් කතරගම කාෂ්ඨකයත් අතර සිසිල සෙවීමට නොහැකිය. ගින්නට ඇවිලී යන්නට ඉඩ දී බලා නොසිට සුරිඳුන්ගේ ශුද්ධ බලයෙන් ඔද තෙද නැංවූ නුපුරුදු නගරයට ආලය කරන්නට සිතින් සැරසුණා පමණි. මැණික් ගෙඟ් හෙල පාමුල ඉදිවුනු ප්‍රධාන කපු මහතාගේ සොඳුරු නිවහන දෙවැනි වූයේ ස්කන්ධ දිව්ය විමානයට පමණැකැයි සිතුනු වාර අනන්තය. එම විසල් නිවසේ තමාට කරන්නට විශේෂ රාජකාරීයක් නොවීය. සංවිධානයේ පන්තිවලට සහභාගී වී ලැබූ දැනුමට වඩා ගැහැණිය ලෙස සහජයෙන් ලැබූ දෑ නිසා කල් නොයා කපු නිවසේ දුහිතෘවක් වන්නට සමත් වීම පිලිබඳ රේවතීට වඩා සතුටු වූයේ දකුණු භාර සිය සගයා වන පෙරුමාල්‍ය. ගොළු කෙල්ලක සේ නිහඩව සිටින්නට වීම පිළිබඳ දේවසාමි වරයාට ශාප කලාය. \"විහංගි අක්කාට ඔයාගේ අයියා ද මේ ෆෝන් එක අරන් දුන්නේ\" හය හතර නොතේරෙන පුංචි අප්සරාගේ වදන් රේවතීගේ විමුක්ති කාමී අහංකාරය බිඳ දැමූ වාර අනන්තය. \"අක්කා අඩන්න එපා අක්කට ඉක්මනට කථා කරන්න පුළුවන් කියලා තාත්තා අම්මාට කියනවා මං අහගෙන\" \"කාටද හාමිනේ විහංගී කියන්නේ\" යි කපු මහතා සිය බිරිඳගෙන් විචාලේය. \"රේවතී කිරිල්ලියෙක් වගේ කියලා චූටි දූ කියනවා. මගෙන් ඇහුවා කිරිල්ලියකට කියන වෙන නමක් තියෙනවද කියලා. මම කීවා විහංගී කියලා දාන්න කියලා\" එතැන් සිටන් රේවතී විහංගී වූවාය. අප්සරා තුරුළු කරගෙන නෙතින් ගලා හැලෙන කඳුලු වලට ඉබාගාතේ යන්නට ඉඩ හැර ගත් රේවතී සිය ළමා අවධිය සංවිධානයේ දණ්ඩ නීතියට හසු වූ කාලකණ්නී රාත්‍රිය සිහිය කලාය. සාම්පූර් නගරයට සිංහල හමුදාව පහර දුන් දවසේ හමුදාවට මුවා වී සංවිධානයේ ලේ පිපාසිතයන්ට තම අම්මා සහ තාත්තා බිලි වූයේ පස් අවුරුදු රේවතීගේ සිහි මඳ කරමිනි. එකල සංවිධානයට විරුද්ධව රජයට ඔත්තු සැපයූ බවට සේකරන් නැමැති යාපනයේ කච්චේරියේ ප්‍රධාන ලිපිකරුවාට චෝදනා එල්ල කලේ සංවිධානයේ ප්‍රාදේශීය භාර නායකයා විසිනි. සේකරන් ඇතුළු තවත් දෙමල රාජ්‍ය සේවකයින් රැසකට මේ චෝදනාව එල්ල විය. සේකරන් දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. උසස් පෙල සමත් වී රාජ්‍ය ලිපිකරු විභාගය ද සමත් වූ තරුණ සේකරන් මුල් පත්වීම යාපනයේ කච්චේරියට ලැබ ගත්තේ එකල දකුනේ සහ උතුරේ තිබූ සිංහල දෙමළ සබඳතාවය නිසාවෙනි. සේකරන් ඌර්වසී නැමැති ලිපිකාරිණිය සමග විවාහ වී දෑවුර්දදකින් භාස්කරන් ද ඊට දෑවුරුද්දකින් රේවතී ද ලදුව සතුටින් කල් ගෙවූ පවුලකි. එහෙත් රට පුරා අවිලූණ යුද ගින්නට හසු වී තමන්ගේ වුන් අතරින් ම ඇගේ දෙමාපියන් මොලොව හැර ගිය පසු තමන් සංවිධානයේ අතඩංගුවට හසු වූවාය. ඇගේ දෙමාපියන් සිංහල හමුදාව අතින් මැරුම් කෑවේය යන විෂබීජයෙන් සිය මොලකැටි හිත රිද්දවූ බව දැන ගත්තේ වැඩිවියට පත් වූ යුවතියක් වීමෙන් ද පසුය. සංවිධානය විසින් භාස්කරන් ද අතඩංගුවට ගත් අතර ඉගෙනීමට උපන් හපන් සොයුරා තමාගෙන් ඈත් කර විදේශ ගත කලේය. එහෙත් තම සොයුරා සංවිධානයේ බුද්ධි අංශයේ නායකයෙකු බව රේවතී දැන ගත්තේ මෙම කාර්ය ඉටු කිරීමට අණ දුන්නේ භාස්කරන් බව දැන ගැනීමෙන් ද පසුය. සැඳෑ සේල පටලය දකුනු අහස වෙලා ගෙන ඇත. එහි චමත්කාරය රිසි සේ විඳින විහගුන් පිලබඳ සියුම් ඉරිසියාවක් සිතට දැනිනි. විහගුන් සේ නිදහසේ සරන්නට නොහැකි වීම පිළිබඳ පශ්චාත්තාපයක් හට ගත්තේ ආකාශ් දෙවන වරටත් සිය නෙතු දෑලේ පැටලූනාට පසුය. සීලවතී කුපු මැතිණිය සමග රාත්‍රී මුරුතැන් පූජාවට සහභාගී වූ රේවතීගේ විලංගු ලු කෝල සිත දඩබ්බර යුධ හමුදා සෙබලා ඉදිරියේ විසිරී ගියාය. තමා ශාරීරික අපහසුතාවට ලක් වූ දිනයක් වූ එදින දේවාලය තුලට පිවිසීමෙන් වැලකී සිටියාය. මුරුතැන් ගේ අසල රැඳුනු රේවතී පෙරුමාල් ඇමතුවාය පෙරුමාල් යනු සංවිධානයේ දකුනු භාර නායකයාය. \"මං හොඳින්\" \"ඉක්මන් කරපන්\" \"බස් එක කතරගමින් පිටත් වෙන්නේ උදේ හතට. ගල් ගේ ලඟට යනකොට අටයි හතලිහ වෙනවලූ\" \"හරි මුරුගන් වැඩේ කරාවි\" ඇමතුම ලබා ගෙන පියවරක් තැබීමට ඉඩ නොලැබිණි. \"නපුරා මගේ පස්සෙන්මයි\" තමාටම මුමුණා ගත්තාය. ආකාශ් රේවතී දෙස දයාර්ද බැල්මක් හෙලූවේ \"කෝ කපු හාමිනේ\" \"ම්හ්... ම්හ්...\" දේවාලය දෙස පෙන්වා ගොළු වදන් තෙපළුවාය. \"මට රින්ග් කරන්න මම ඔයාට එස්. එම්. එස්. කරන්නම්\" දෙවරක් මතුරා මතකයේ තබා සිටි නම්බරය ඇමතුවාය. \"ඹ්කේ බබා දැන් යන්න\" දේවාලයේ පිවිසුම් දොරටුවෙන් පිටවන්නට ඉඩ නොලැබිනි. \"අයි ලව් යූ මයි ස්වීට් හාර්ට්\" \"උංගුලූදු සිරිප්පුක්කු නාන් විරුප්පම් (ඔබේ සිනහවට මම කැමැතියි)\" කියන්නට සිත් වී නමුදු ඇගේ මුවින් ඒ වදන් පිට නොවූවාය. ආකාශ්ගේ කෙටි පනිවිඩ හරහා ගලා ගිය සෙනෙහෙ ගඟ දින සති අවෑමෙන් විමුක්ති කාමී රාජකාරීයත් ඊලාම් සිහිනයත් බොඳ කලාය. එහෙත් ගෝනගං ආර බස් බෝම්බයෙන් සිදු කළ මිනිස් සංහාරයට අත් උදව් දීමේ පාපයෙන් වැලකී සිටින්නට නොහැකි වූවාය. ඊට සංවිධානයෙන් ලද කෙටි පණිවිඩයක් \"නල්ලම් (හොඳයි)\" ලැබුනු පදක්කම ගෙල පලඳා ගන්නට තරම් කාලයක් ගත නොවීය. උතුරේ යුධ ගිනි ඇවිලී ගිය අතර කොළඹ නගරය අමු සොහොනක් කරන්නට තම සංවිධානය විශාල උත්සහයක් ගෙන තිබිණි. රේවතී උමතු වූවාය. ඇගේ හදවත් කුහරයෙන් නැගි ආ මරණයේ බයංකර බව ඉවසා සිටියේ ආකාශ් නිසාවෙනි. රූපවාහිනිය නොබැලීමට තීරණය කලේ විසල් ආලින්දය ඇතුලත කපු පවුල ඉදිරියේ තමා අසරණ වෙනු ඉවසිය නොහැකි නිසාවෙනි. \"බබා මාව කොළඹට ට්‍රාන්සර් කරලා\" ආකාශ්ගෙන් ලැබුනු කෙටි පණිවිඩය ඇගේ රිදුනු සිත තවත් ඔද්දල් කලාය. පෝය දිනයක් වූ එදින පූජා භූමිය පුරා දහස් ගණන් බැතිමතුන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී තිරී ගොස් තිබිණ. දේවෝපහාරයට පිදෙන සමන් මාලය ද රැගෙන අප්සාරි සමග දේවාලයට පිවිසෙත් ම අප්සාරි සිය අප්පච්චිගේ සුරතෙහි දැවටුනාය. අවසරයෙන් රේවතී ආකාශ් වෙත ලං වූවාය. \"මම ඔයා අමතක කරන්නේ නෑ රත්තරං\" \"ඔයාව තව සතියකින් මගේ ලඟ\" අසරණ තේවානි අම්මාන්ට පින් සිදු වන්නට පිලිරුවට පිටුපා ආකාශ්ගේ උනුසුමට ගුලි වූවාය. උතුරා හැලෙන කඳුලූ වැල් මැණික් ගං දියට පා කර හැර දේවාලයේ පැන් පොදක් ඉසගෙන කපු මහතාගෙන් කඳුලූ වසන් කර ගත්තාය. කඩවර බෝධිය ලඟට ගොස් පෙරුමාල් ඇමතීය. \"මට තවත් ඉවසන්න බෑ\" \"එහෙම කියන්න එපා මෙහේ යුද්දේ ඇවිලිලා ආර්මි එකෙන් අපි වට කරලා ඉන්නේ\" \"මට බයයි\" \"හිත ශක්තිමත් කර ගනින්¡ මුරුගා උඹව බලා ගන්නවා\" ඔහු මුරුගා යැයි පැවසුවේ කතරගම දෙවියන්ටය. \"නී ඔරු පෙරිය තොල්ෙලෙ (උඹ මහ වදකාරයෙක්)\" එදින කතරගම පූජා භුමියේ රාජකාරියට ආයුබෝවන් කියා ආකාශ් කොළඹ ප්‍රධාන කාර්යාලයට වාර්තා කළ බව කෙටි පනිවිඩයකින් දැනුම් දුන්නේය. රේවතී පිළිබඳ වග විභාගයකින් තොරව ඇයට පෙම් කලේ ඇය දමිල යුවතියක් බව දැන ගෙන නොවේ. මේ වන තුරුත් ඇය පිළිබඳ විශාල දෙයක් ඔහු දැන සිටියේ නැත. ඔහු දැන සිටියේ රේවතී දේවාලයේ කපු මහතාගේ ඥාති දියණියක් බව පමණි. කෙසේ වුව ද ගිනි අවියට රළු වී තිබූ කයත් සිතත් දෙකම සුව පත් වූයේ ඇය නිසාය. ඔහුට ඇත්තේ පවසට ලද පැන් පොදක් සේ රේවතීගේන ලැබුනු සෙනෙහසත් එහි උනුසුමත් පමණි. එයින් මිදෙන්නට ශක්තියක් ආකාශ්ට නොමැත. ආත්මීය බැඳීම හුදෙකලා කර යන්නට සිදු වීම ගැන දුකත් සියුම් වේදනාවත් විසින් බස් රථය කොළඹට යන තුරුම ඔහු වේදනාවට පත් කරන ලදී. රාත්‍රිය මූසලය. උපන්දා සිට තල් වැට මායිමේ වෙඩි හඩට කන්දී වල් වැදී සිටි මූසල රැයවල් සිහි වූවාය. අම්මා තාත්තා හා අයියා සිහිවිය. කඳුලූ සිර කර හදවත දැඩි කර ගත් ඈ ආලින්දය පසු කර නිවසෙන් එලියට බැස ගත්තාය. රාත්‍රි 12 කණිසම වැදෙනු ඇසිණි. අවුරු දු 60 ක් පමණ වයසැති සියාතු නැමැති මුරකරු ගොරවමින් නින්දකට වැටී සිටියේය. පෙරුමාල් අමතා සියළු දෑ පැවසූ නමුත් ආකාශ් වෙත බැඳී ගිය අවංක බව වසන් කලාය. ඇය නිවසට ඇතුල් වන විට රාත්‍රී පූජාව අවසන්ව කපු මහතා නිවසට පැමිණ සිටි අතර නිවස තුල කලබලයක් දක්නට ලැබුනි. \"හරිහරින් සාමි පූජාව වෙලාවේ පොලිසියෙන් අල්ලා ගෙන ගියා\" තමන්ගේ හදවතට ද රුදුරු බෝම්බ අංශු වක් වැදී ගිය කලෙක මෙන් ගැස්සී ගියද නිවැසියන්ට වෙනසක් නොපෙන්වූවාය. \"මම හහ් මමම...\" \"ගෝනගං ආර බස් එකට ගහන්න ඔත්තු දීලා තියෙන්නේ සාමියි තව දෙමල කෙල්ලලෙකුයි කියලා ලංකාදීපේ තිබුනලූ අද\" එම දෙමල කෙල්ල තමන් බව දැන ගතහොත් කුමකින් කුමක් සිදුවේදැයි සිතා ගත නොහැකි විය. තලෙයි මූද අයිනේ රජයේ නිවාස වල පදිංචිවි සිටි රේවතීට බස්සන්ගේ හඩ අසා හොඳ පුරුද්දක් තිබුනද මේ රාත්‍රියේ කතරගම දෙවොල් බිමේ කාවාඩි නද පරදා නැගී එන බස්සන්ගේ රැව් දීම ඉවසා සිටිය නොහැකි විය. ඇය තීරණයක් ගත්තේ දෙවරක් නොසිතා ය. යාපනේ සිට රැගෙන ආ කිසිවක් කපු මහතාගේ නිවසට නොගෙනා නිසා ඇයට රැගෙන යන්නට තරම් දෙයක් නුවූවාය. සීලවතී මෑණියන් විසින් තමාට ලබා දුන් රන් තෝඩු දෙක ගලවා තැබූ රේවතී රාත්‍රි ඇඳුමින් මිදී සල්වාරියට මාරු වූවාය. නිවසේ සියළුම දෙනා සාකච්ඡාවෙන් පසු නින්දට වැටී සිටියහ. ජංගම දුරකථනයත් ඇඳුම් කීපයකුත් ගමන් බෑගයකට අසුරා ගත් රේවතී හරිහරන් විසින් සකස් කර දුන් ව්යාජ හැඳුනුම්පතද අතැතිව මඟට බැස්සාය. නියඟය නිසා කේඩෑරී වී ගිය තණ බිමේ අඩි තැබුවේ සෙරක පරිද්දෙනි. හොඳින් වැවී තිබූ තණ බිමේ වියළී ගිය තණපත්වලින් නැගෙන සර සර හඩ රේවතී බිය වැද්දුවාය. අප්සාරි සමග හවස් කල දුව පැන ඇවිදින ලද ගෙමිදුලින් පිට වෙනවිට අප්සාරිගේ සිනා හඩ සිහි වී නෙතඟ කඳුලින් තෙත් වන්නට ගත වූයේ නිමේෂයකි. කතරගම බස් නැවැතුම්පල පසු කර ඉඳහිට සයිවර් කෑම ගැනීමට ගිය හින්දු විශ්‍රාම ශාලව ලඟට එනතුරුත් රේවතී සිහි විකල් වූ එකියක මෙන් හැසිරුනාය. බස් නැවතුමේ රැඳී සිටියහොත් කිසිවෙකුත් තමන් හඳුනා ගන්නට බැරි නැත. ඒ නිසා මඳ දුරක් ඔබ්බට ගොස් බස් රථයට නැග ගන්නට සිතා ගත්තාය. හින්දු විශ්‍රාම ශාලාව අසල රැඳීමට ද බියක් පහළ විය. ඇය මඳ දුරක් ඉදිරියට පිය නගනවාත් සමග බස් නැවතුම්පලෙන් කොළඹ බලා පිටත් වූ බස් රථයක් ඇය පසු කර ගොස් මීටර 100 පමණ ඈතින් නැවැත්වීය. වහා දුව ගොස් බසයට නැග ගත් යුවතිය ඉදිරි පෙල අසුනකට බර දී සුසුමකින් සිත සැහැල්ලූ කර ගත්තාය. අළුයම උදා වෙමින් තිබූ ඒ මොහොතේ සුලඟ විසින් හිරි ගඩු නංවන ලද ඇගේ සිරුරට මහත් වෙහෙසක් දැනෙන්නට විය. සීතල මැඩගෙන තදින් දෙනෙත් පියා ගත් යුවතිය මගීන්ගෙන් පිරි තිරී තිබූ බස්‍රථයේ අඳුරින් කඳුළු වසා ගත්තාය. මෙතෙක් කලක් සිය දියණියක සේ රැක ගත් කපු මහතා සහ එම මැතිණිය මෙන්ම අප්සාරී නිසා නැගුනු එකී කඳුලූ බිඳු අතරින් තමන් විසින් ඔවුන් අරභයා කරන ලද පාපයන් අමතක කළ නොහැකිව ළත වූවාය. ආකාශ් වෙත කෙටි පනිවිඩයක් යැවූයේ බසය මොරටුව නගරය පසු කරනවාත් සමගය. තමා විසින් මේ අවස්ථාවේ කරනු ලබන කිසිවක් සංවිධානය නොදන්නා බැවින් බියත් ත්‍රාසයත් නිසා මෙහෙයවන සිතට හිතුවක්කාරකම් කරන්නට ඉඩ දුන්නාය. රේවතී රැගෙන මහරගම ගුරු විද්‍යාල පාරේ තම හිතවතාගේ නිවසට යනවිට ආකාශ්ට නැගුනු කිසිදු ගැටළුවක් ඇගෙන් අසන්නට හිත ඉඩ නොදුන්නේය. තමා නැති දුක දරා ගත නොහැකි අසරණිය තමා සොයා කොළඹ පැමිණි බව සිතු ආකාශ් සිතට නැගුනු ගැටළුවලින් ඇයගේ හිත රිදවන්නට අකමැති වීය. නවාතැනට ගිය ගමන් රේවතී ආකාශ්ගේ ළයට තුරුළු වූවාය. පිස්සියක මෙන් අතොරක් නැතිව තරුණයා වැලඳ ගත් රේවතී ඔහුගේ දෙපාමුල වැඳ වැටුනාය. තවමත් ගොළුවත රකින රේවතී සියල්ල පැවසීමට සිතා ගත් සිතුවිල්ල නැවත බැහැර කරන ලද්දේ තම සුපෙම්වතාගේ නොතිත් ආශාවන් උපන් ගෙහි මරා දමන්නට ලෝබ කමක් ඇති වූ බැවිනි. එදින දවස පුරා දෙදෙනා උනුසමින් වෙලී නිද්‍රා ගත වූව ද වරදක් නොවීමට දෙදදෙනාම වග බලා ගත්හ. \"අපි බඳිමු...\" රේවතීගේ දෑස් පුරා ඇඳී ගිය රිදී රේඛාව යටින් වැටුනු අඳුරු වලාව තේරුම් ගන්නට ආකාශ්ට නොහැකි විය. \"අදම බඳිමු\" සියල්ල ආකාශ්ට පවරා දෙන්නට සිතු රේවතී තමන් පිළිබඳ සියළු සත්‍ය පාපොච්චාරනයට කරන්නට උත්සහ කලාය. කපු මහතාගේ නිවස තුල මේ වන විට කුමන තත්වයක් ඇති වී තිබේදැයි සිතමින් නැවතත් එය වේගයෙන් අමතක කර දැමුවාය. එලඹන මොහොතේ ආකාශ්ගේ පතිනිය වීමට සියුම් ආශාවකින් මඩනා ලද සිත් ඇතිව සිහිල් දිය ගත තවරා ගත්තාය. මහරගමට ඇද හැලූන මුරුගසං වරුසාවත් තද සීතලත් නිසා උඩු කය නග්න දේහ ධාරී පිරිමියාගේ පිරිමි කමත් ඉදිරියේ රේවතීයගේ පුහුදුන් සිත මෙල්ල වූවාය. දමනය කළ නොහැකි වූ රාගී සිතුවිලි වලින් හැඟීම් පිබිදී ගිය ඒ රාත්‍රිය උතුරා ගිය සඳ දිය විල්තෙරේ සැතපී ගත් දෙදනා බොහෝ වේලාවක් එකිනෙකාගෙන් වෙන් වන්නට නොහැකිව දුක් වූහ. ආකාශ්ගේ උතුරා ගිය ශක්තිමත් තාරුණ්යයේ පහසට නතු වී යුවතිය ගැහැණියක් බවට පත් වී ගත වූයේ හෝරාවකට ද අඩු කාලයකි. යාපනයේ යුද්ධය ඇවිලී ඇති බවත් එදින මධ්‍යම රාත්‍රියේම යාපනය බලා යායුතු බැවින් තමා ප්‍රධාන කාර්යාලයට කැඳවා තිබිණී. රේවතී සිහසුන් වන තරමේ අපහසුතාවට පත් වූවාය. \"මම ඉක්මනට එනවා.. ආපු ගමන් ඔයාව මැරි කරනවා රත්තරන්\" \"ඔයා මෙහේ ඉන්න මාධවී අක්කා ඔයා බලා ගනී\" හෝරාවකට පෙර තරුණයා නිසා ලැබූ උණුසුමෙන් පුමුදිත වී සිටි රේවතී ඔහුට සමු දුන්නේ හිත දැඩි කර ගෙනය. දැන් කිසිවක් පවසන්නට වෙලාව නොවේ. තමන් විසින් කරන්නට සූදානම් වූ පාපොච්චාරණය මොහොතකට අකා මකා දැමූ රේවතී ඔහුගේ දෙපා මුල වැඳ වැටුනාය. \"මට සමාවෙන්න පැටියෝ මම ඉක්මනට ම ඔයා බඳිනවා\" ආකාශ් යාපනය බලා ඒ මැදියම් රැයේ පිට වූයේ සිතකින් නොවේ. රේවතී විසින් පුබුදුවන ලද හැඟීම් මොහොතකට අමතක කර දැමූවේය. ඇගේ නලලත සිපගත් ඔහු නිවසෙන් පිට විය. ආකාශ් කොළඹින් නික්ම ගොස් සතියක් ගෙවුනු පසු ඇයට කෙටි පනිවිඩයක් ලැබුනි. \"මට එන්න වෙන්නේ නෑ දැන්ම. ඔයා බය වෙන්න එපා මාධවී අක්කා ඔයා බලා ගනී\" පෙම්බරා තමා හැර දා ගොස් දෙමසක් ගත වුව ද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොලැබීමෙන් රේවතී අසරණ වූවාය. උතුරේ යුද්ධය බිහිසුනු වී ඇති බව පුවත්පත් සහ රූපවාහිනියෙන් දැන ගත් රේවතී වඩා අසරණ වූවාය. මේ දිනවල ඇය කායික වශයෙන් දුර්වල වූවාය. මාධවීගේ බල කිරීම මත ආසිරි රෝහලට ගිය රේවතීගේ හද දෙවොල නැවත වරක් ඇවිලූනාය. \"ක්‍රැන්ගැජුයුලේෂන්! ඔයා අම්මා කෙනෙක් වෙලා\" මවක් වීම තරම් ගැහැණියකට සතුටු විය හැකි වෙනත් කාරණයක් නොමැති වුවත් රේවතීට එම සතුට බුක්ති විඳින්නට තරම් සැනසිල්ලක් නොවීය. ආකාශ් සේවය කල යුධ හමුදා සේනාංකයට ත්‍රස්තවාදීන්ගෙන් විශාල ප්‍රහාරයක් එල්ල වූ බව දැන ගත් දිනයේ රේවතී සිහසුන් වූවාය. එම ප්‍රහාරයෙන් සිංහල හමුදාව 50 දෙනෙකු මිය ගිය බවත් 200 පමණ කොටින්ගේ අත් අංගුවට පත් වූ බවත් අත් අඩංගුවට පත් අය අතරේ ආකාශ්ගේ නම ද රෑපවාහිණි තිරයේ දිස් විය. එම පුවතින් රේවතී මෙන් ම මාධවී ද අන්ද මන්ද වූහ. රේවතී අස්වැසීමට මාධවී ගත් සියළු වෑයම් අසාර්ථක විය. මැදියම් රැයේ පෙරුමාල් ඇමතූ රේවතී, \"ආකාශ් මරන්න එපා...\" යැයි හඩා වැලපුනාය. තමන් ආකාශ් නිසා ගැබ් ගත් බව හෝ ඔහු සමග බැදීමක් ඇති කර බවක් නො පවසන්නට වග බලා ගත්තාය. පසු දින නවාතැන් පෙලේ තිබූ නිවාස සෝදිසි කල බවත් සැක සහිත කොටි කතක් සොයන බවත් මාධවී අක්කා පවසන ලදී. කඳුලත් සුසුමත් අතර දරු ගැබට සය මසක් ගත් වුවත් ආකාශ් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට ඇය අපොහොසත් වූවාය. එක් දිනක විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වූ නුගේගොඩ පොලිස් නිළධාරීන් සිය නවාතැනටද පැමිණියහ. \"මේ ලෙෆ්ටිනන් ආකාශ් ගේ වයිෆ්\" මාධවී අක්කා හඳුනන පොලිස් නිළධාරියා නිසා ඇයට ජීවත් වීමට තවත් අවස්ථාවක් ලැබුනාය. අත් අඩංගුවට පත් සිංහල සෙබළුන්ගෙන් සියයක් පමණ නායක තුමාගේ අණ පරිදි ජීවිතක්ෂයට පත් කළ බවත් තවත් 100 පමණ පලා ගිය බවත් පෙරුමාල් විසින් කණ තැබුවාය. මේ දෙපිරිස අතරින් ආකාශ් කුමන කණ්ඩායමට අයත් වූවා දැයි ඇසීමට සිත් වුව ද ආකාශ් නියත වශයෙන්ම තමන් සොයා නැවත පැමිණෙන බව තරයේ විශ්වාස කල නිසා එම පැනය නො අසාම පෙරුමාල්ට සමු දුන්නාය. එහෙත් තමන්ට නිදහසක් නොලැඛෙන බව වටහා ගත් රේවතී දැඩි තීරණයක් ගත්තාය. තම සංවිධානය කිලෝ මීටර් 20 කන් සිර වී සිටින බවත් යුද්ධයේ අවසානය ලං වී ඇති බවත් මාධය හරහා දැන ගත්තාය. ආකාශ් පිළිබඳ සොඳුරු මතකයන් සිය වැඩී එන කුස පිරි මැදීමෙන් අළුත් කර ගත් රේවතී හමුදා බුද්ධි අංශ වෙත සියල්ල පවසා දකුනේ සිදුව න්නට යන මිනිස් සංහාරය වලකා ගන්නට සිතා ගත්තාය. සංවිධානය පිළිබඳ සියළු තතු පාපොච්චාරනය කර සිදු වන්නට යන විනාශය වලාකා ගන්නට සිතුවාය. තමන් විසින් කරන ලද පව් සෝදාගෙන රටට ආදරය කරන්නට කාලය එලඹ ඇතැයි ද මෙය ආකාශ්ට කළ හැකි ඉහළම ගෞරවය වනු ඇතැයි ද එක හිතින් තීරණය කළාය. මාධවී අක්කා මඟහැර සායනයට යන මුවාවෙන් පිටකොටුව බසයකට නැග ගත් රේවතී යුධ හමුදා මූලාස්ථානයට යෑමට ශක්තිමත් සිතක් සකස් කර ගත්තාය. එකෙනෙහිම තමන් පාපයට හසු වූ කතරගම දෙව භූමිය සිහි විය. තමන් නිසැකවම අත්ඩංගුවට පත් වනු නො අනුමානය. එසේ වූවහොත් දෙවියන්ගෙන් සමාව ගත නොහැකි වනු ඇත. ක්ෂණයකින් කතරගම බස් රථයකට ගොඩ වී කතරගම බලා යන්නට පිටත් වූවාය. කායික වෙහෙස ඉවසා දරාගෙන කිරි වෙහෙර සමාධියෙන් හිත සුවපත් කර ගත්ත ද කුස තුලින් නැගී ආ වේදනාව ඉවසා සිටීමට මහත් වෙහෙසක් ගැනීමට සිදු වූවාය. හින්දි චිත්‍රපටයක දිග හැරුන රෑපාවලොකනයක් මෙන් අතීතය සිහි කරමින් බිඳී විසරී යන ජීවිතය පිළිබඳ ආත්මානුකම්පාවෙන් හදවත වෙලී ගියාය. \"නංගී ඔයා කොහෙද ගියේ ආකාශ්ගේ බොඩි එක කොළඹට ගෙනෙල්ලා\" මාධවී අක්කාගේ ඇමතුම කුස තුලින් නැගි ආ වේදනා තීව්‍ර කරවීය. ඒ සමග අහස පුරා ඇදී ගිය විදුලි ධාරාවකින් පූජා භූමියම අඳුරු වලාවකින් වැසී ගියේය. මාධවීගේ හදිසි ඇමතුමෙන් ලද කම්පනය දරා ගත නොහැකි වූ රේවතීගේ විළි වේදනාව වැඩි වූවාය. ජීවිතය නිදහසේ පාවී ගිය සරුංගලයක් මෙන් ගුවන සිප ගත්ත ද ඈත ගුවන් ගැබේදී මහා මේඝයක වැදී සිඳී බිඳී ගියේය. අදිසි චණ්ඩ මාරුතයෙන් සරුංගලය පෙනී නොපෙනී ගියේ එහි තටුවක් හෝ ඉතිරි නොකරමිනි. අතීතයත්වර්ථමානයත් අතරින් යහපත් සමෝධානයකින් ඇගේ ජීවිත කතාව නිම කිරීමට රේවතීට නොහැකි වූවාය. තමා නොදැනුවත්ව හෝ දැනුවත්ව දේශයට කරන ලද විනාශය පිළිබඳ පසුතැවීමට වඩා නිදහසේ කාහල නාදය දසතින් ඇසෙන අවස්ථාවේ කල පව් කමා කර ගන්නට කාලය එළඹ ඇතයි රේවතී සිතුවාය. පෙරදා තමා විසන් රජයේ බුද්ධි අංශ වෙත තම සංවිධානය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත විනාශකාරී සැලසුම් සහ මෙතෙක් සිදු කරන ලද ක්‍රියාවන්ගේ පාපොච්ඡාරනය සහිත ලිපිය වහා සිය තණපටින් එලියට ගත්තාය. පිරිමි දරුවෙකු ප්‍රසූත කල රේවතී ඒ මැදියම් රැයේ සදහටම දෙනෙත් වසා ගත්තාය. සිංහල දෙමළ රුධිරයේ සංයුතියෙන් කතරගම රෝහලේදී එලිය දුටු කිරිකැටි බිළිඳා සිය මව මෙලොව හැර ගිය බව නොදැන හඩන්නට වූයේය. රේවතී විසින් අවසන් වරට සටහන් කරන ලද ලිපියයේ අවසන් වැකි පෙලින් සාත්තු සේවිකාව මෙන්ම ඇය භාරයේ සිටි පොලිස් නිළධාරිනියගේ ද දෙනෙත් කඳුලින් තෙත් කලහ. \"මගේ දරුවා සිංහල ද දෙමල ද කියන්න මං දන්නේ නෑ. ඒත් ඔහු මේ දෙජාතියේ ම වෙන් කල නොහැකි සංකේතයක්. ඔහු මෙලොව එලිය බලන කොට මං සිරකාරියක් වේවි. ඒත් මගේ දරුවා සිරකරුවෙක් වෙන්නේ නෑ. මොකද ඔහු මේ ලෝකේ දිහා දෑස් ඇරලා බලනකොට මේ රටේ හැමදෙනාටම වගේ ඔහුටත් නිදහසේ හුස්ම පොද ලැඛෙන හින්ද. ඒ නිසා මගේ පුතා නිදහස් මිනිහෙක් වෙන එක වලක්වන්නට කාටවත් බෑ. මගේ මුවින් මව් ගී අහන්න ඔහුට නොලැබුනාට ලංකාව පුරා ඇහෙන නිදහස් ගී වලින් ඔහු නැලවේවි. මගේ දරුවාගේ තාත්තා ඔහු ලඟ නැති උනත් ඔහු රැක බලා ගන්න හොඳ පියෙක් පහල වෙලා ඉන්න බව මං දන්නවා. මගේ රත්තරං පුතේ උඹ බය වෙන්න එපා. උඹට අම්මයි තාත්තයි නැති උනාට ජීවත් වෙන්න රටක් ඉතිරි වෙලා තියෙනවා.\" නව අරුණළු නැඟි දෙරණේ සාමයේ ගී දසත ඇසේ නුඹ තනි නැත ලක් දෙරණේ නුඹට පුතේ රටක් ඇතේ මෙහි සඳහන්, නම් ගම් සිදුවීම් සියල්ල මනඃකල්පිතයි! \"ස්වර්ණ පන්හිඳ\" කේ. එම්. එස්. කුමාර, සංස්කෘතික නිළධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කතරගම.