This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ප්‍රයිඩ් රයිස්
අවශ්‍ය ද්‍රව්‍යය :
  • සම්බා හාල් කිලෝ 1 1/2
  • කරදමුංගු කුඩු තේ හැදි 2
  • කරාබු නැටි 5
  • කුරුදු පොතු අගල් 1 පමණ කැබැල්ලක්
  • ගම්මිරිස් තේ කුඩු හැදි 1/2
  • ග්‍රීන් පීස් ග්‍රෑම් 50
  • මදක් බැදගත් කජු ග්‍රෑම් 100
  • වියලි මිදි ග්‍රෑම් 50
  • සිහින්ව ගා ගත් කරත ග්‍රෑම් 100
  • සිහින්ව කැපු ලීක්ස් ග්‍රෑම් 50
  • විනාකිරි මේස හැදි 1 1/2
  • ලුණු අවශ්‍ය පමණ
සාදා ගන්නේ මෙහෙමයි : වියලි මිදි හා කජු හොදින් සෝදා පෙගෙන්නට තබන්න. හාල් හොදින් ගරා සෝදා පසෙකින් තබන්න. ලොකු බදුනක් ලිප තබා එය රත් වන විට කුරුදු, ගම්මිරිස් කුඩු, කරාබු නැටි, කරදමුංගු කුඩු ආදිය එයට දමන්න. ඒවා හොදින් බැදෙන විට සෝදා ගත් සහල් එකතු කරන්න. අවශ්‍ය තරම් උණු ජලය එකතු කරන්න. ප්‍රමාණවත් පරිදි ලුණුද, විනාකිරිද යොදා බත පිස ගන්න. හොදින් බත ඉදී ගෙන එන විට ග්‍රීන් පීස්, ලීක්ස් හා කැරට් ද එයටම මිශ්‍ර කරන්න. කලින් සෝදා පෙගෙන්නට තැබූ වියලි මිදි හා කජු බත් මේසයට යැවීමට පෙර මිශ්‍ර කරන්න.