This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කජු අලුවා

අවුරුදු මේසයේ පොඩිත්තන් ආසම කෑම අලුවා. වෙනසකටත් එක්ක කජු අලුවා කෑල්ලක රස විදිමු.

අවශ්‍ය ද්‍රව්‍ය :
  • කජු මද ග්‍රෑම් 100
  • සීනි ග්‍රෑම් 500
  • බටර් ග්‍රෑම් 50
  • බැදගත් හාල් පිටි ග්‍රෑම් 500 
  • හකුරු ග්‍රෑම් 250
  • පොල් මිටිකිරිකෝප්ප 03
  • ලුණු, වැනිලා, කරදමුංගු ස්වල්පය බැගින්
සාදා ගන්නා ක්‍රමය :
කජු හීනියට කපා ගන්න. පොල් කිරි හා හාකුරු මිශ්‍ර කර හොදින් හැදි ගාන්න. එය පිරිසිදු රෙදි කඩකින් පෙරා කජු, හාල් පිටි හා බටර් දමා හැදි ගාන්න. පදමට ආ විට බටර් ගාගත් තැටියක තුනී කර අවශ්‍ය හැඩයට කපා ගන්න.