This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
එහෙම වෙන්නෙ කොහොමද?
‘බුද්ධිමත් මිනිසකු හඳුනා ගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ සුප්‍රකට දේශකයකු විසින් කොළඹ පුස්තකාල ශාලාවේදි පවත්වන ලද දේශනය ඇසීම සඳහා විශාල පිරිසක් සහභාගි වූහ. පැයක් ඉක්මවා ගිය දේශනය අවසානයේදී ප්‍රශ්න ඇසීම සඳහා සභාවට අවස්ථාවක් එළැඹියේ ය.

“බුද්ධිමත් පිරිමි හැම විටකෙම හොඳ ස්වාමිපුරුෂයන් වෙනවද?” ඒ අවස්ථාවට සහභාගි වී සිටි ප්‍රමිලා නැඟිට ඇසුවා ය.

දේශකයා සාවඥ ...
Views : 336
සේරම හොරු අරන්
රාජසේකර රාජ්‍ය සංස්ථාවක ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙක්. ඔහු කොළඹ තරු පහේ හෝටලයක තිබුණු රාත්‍රි සාදයකදී පදම ඉක්මවා බිව්වා. ඊට පස්සේ කෑවයින් නොකෑවයින් ඔහු විදුලි සෝපානයට ගොඩවෙලා හෝටලයේ බිම් මහළට ඇවිත්. හෝටලයේ රථ ගාල දිහාට ටිකක් අසීරුවෙන් පිය නැගුවා.

තමන්ගේ වාහනයට ගොඩවෙලා. ඔහු රථය පණ ගන්වන්න හිතාගෙන තම සුරත සුක්කානමටත් දෙපය බ්රේක් පැඩලයටත් ...
Views : 397
දැන් ‍තාත්තා
“අම්මා කොහොමටවත් කැමැති නෑ බං මං සුද්දිව කසාද බඳිනවට.’ චමිල, රොෂාන් සමඟ කී‍වේ තද කලකිරීමකිනි.

“ඕකට මූඩ් ගහගෙන ඉඳලා වැඩක් නැහැ බං. උඹ, උඹලගෙ අම්මගෙ ගතිගුණ තියෙන, අම්මට සමාන කෙල්ලෙක්ව හොයා ගනිං. එතකොට අම්මට විරුද්ධ වෙන්න හේතුවක් නැහැනෙ.” රොෂාන් කීවේය.

‍රොෂාන් හට චමිල මුණ ගැසුණේ මාස දෙකක ඇවෑමෙනි.

“මම ඔන්න උඹ කිව්ව විදියට අම්මා ...
Views : 392
ඒකට මොකද?
"රමේෂ් ඔය ගොල්ලන්ගෙ තාත්තා ගුරුවරයෙක් නේද? ඒ වුණාට ඔයාගෙ මල්ලිට තවම හරියට පොතක පිටුවක් කියවා ගන්ඩ බැහැනෙ." සුරේෂ් කට ඇද කොට තම මිතුරාට කීවේය.

"ඔව්, ඉතින් ඒකට මොකද? ඔයගොල්ලන්ගෙ තාත්තා දත් දොස්තර කෙනෙක් නෙ. කෝ, ඔය ගොල්ලන්ගෙ මල්ලිගෙ කටේ එක දතක්වත් තියෙනවද?" රමේෂ් පිළිතුරු දුන්නේය. ...
Views : 407
මේ අපි වගෙ
“ගිය ආත්මේ ජන්මාන්තර වෛරක්කාරයන් වෙලා හිටපු අය මේ ආත්මෙදිත් මුණ ගැහෙනවා‍ කියන්නෙ ඇත්තද කරූ?” අමිතා තම සැමියාගෙන් ඇසුවේ කාර්යාලයේදී තම මිතුරියක් කියූ කතාවෙන් සිහි‍වීමෙනි.

“එහෙම හිටිය අය තමයි ළමයො මේ ආත්මෙදි හුඟාක් වෙලාවට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්නෙ. හරියට මේ අපි දෙන්නා වගෙ” කරූ කීවේ ය. ...
Views : 386
විදුලි කාන්දුවක් ද?
“අර නාට්‍ය වැඩමුළුවෙන් ඉස්කෝ‍ල ළමයින්ට ලොකු සේවයක් වුණා නේද සිරිතුංග.” චන්ද්‍රසිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුවූ සිරිතුංග ගෙන් විමසුවේ ය.

“ඔව්... ඔව්... ඒක හොඳ ට ම සාර්ථකයි. හැබැයි අර රංජිත්ගේ සවුන්ඩ්වල නං ලොකු පරහක් තිබුණා. සිරිතුංග බැරෑරුම් ස්වරයකින් කීවේ ය.

“ඇයි එහෙම කිව්වේ? චන්ද්‍රසිරි ඇසුවේ තරමක විමතියකිනි.

“මට නං හිතෙන්නෙ රංජිත්, පෝඩියම් එකට හයි කරලා ...
Views : 367
පටලැවිල්ල
දරුවා ලැබීම සඳහා තම දියණිය වාට්ටුවට ඇතුළු කළ නවරත්න, නොඉවසිල්ලෙන් වාට්ටුවේ කොරිඩෝවේ එහෙ මෙහෙ ඇවිදින්නට විය. ටික වේලාවක් ‍යද්දී කුඩා බිලිදෙකු උස් හඬින් හඬනවා වාට්ටුවේ ඇතුළු කාමරයක් දෙසින් ඇසුණේ ය.

ඒ සමඟ ම වාට්ටුවේ සිට කලබලයෙන් එළියට පැමිණි හෙදියක් වෙත වහා දිව ගිය නවරත්න මහත් නොඉවසිල්ලකින් මෙසේ ඇසී ය.

“මිසී දැන් මම සීයා ...
Views : 397
එතකොට මට
“මොකෝ චන්ද්‍රසිරි අද ලොකු සතුටකින් වගෙ...” අරුණ ඇහැව්වේ තම කාර්යාලයට ගොඩ වූ චන්ද්‍රසිරි ගේ මුහුණේ ලොකු සතුටක් ගැබ් වෙලා තිබුණු බවක් පෙනුණු නිසයි.

“ඇයි දැක්කෙ නැද්ද, ඊයෙ පත්තරේක කලා පිටුවේ තිබුණනෙ වරකාගොඩට 60 යි. ඒ වෙනුවෙන් බෝධි පූජාවක්” කියල චන්ද්‍රසිරි පිළිතුරු දුන්නෙ ලොකු ප්‍රබෝධයකින්.

“ඉතින් ඒකට ඔය තරං සතුටක් මොකද?” අරුණ විමසුවේ තරමක ...
Views : 447
ඒ ආප්ප ද?
චන්ද්‍රසිරි, බිරිය විසින් පිළියෙල කරන ලද රාත්‍රී ආහාරය වළදා සාලයේ වාඩිවී පුවත්පතක් බලමින් සිටියේය. ඔහුගේ දුවත් පුතාත්, තම මව සමඟ කෑම මේසය වටා හිඳ රාත්‍රී ආහාරය ගනිමින් සිටියෝය.

‘හොඳට අඹරලා ගත්තු දියාරු පොල් සම්බෝලෙකුයි, සාම්බාරු හොද්දකුයි තිබුණා නම් ඔය රෑ කෑම වේලට මරේ මරු.’ ඔවුන් ආහාර බුදින ආකාරය දෙස බලා චන්ද්‍රසිරි ...
Views : 552
සේවයක් නෙමෙයිද?
මාධ්‍යවේදීන් දෙදෙනකු තම පුවත්පත් කන්තෝරුවේ කොරිඩෝව දිගේ ඇවිද යමින් සිටියෝ ය. ඔවුන්ට මඳක් ඉදිරියෙන් යමින් සිටි තම කාර්යාලයීය සගයකු දුටු අරුණ මෙසේ කීවේ ය.

“පසුගිය කාලෙ හැම ටෙලිනාට්‍යයකම වගෙ ඔය අපේ සේනක පෙනී හිටියනෙ. ඒත් දැන් මිනිහා ඒවයෙ දකින්ඩ නැත්තෙ මොකද?”

“මට හිතෙන්නෙ අලුත් තනතුරේ වගකීම් එක්ක මිනිහට ටෙලිනාට්‍යවල රඟපාන්ඩ වෙලාවක් නැතුව ...
Views : 405
ඒ තාත්තද?
‘ඔන්න මම නං හෙට ඉඳලා ඉස්කෝලෙ යන්නේ නෑ...නෑ... නෑමයි.’ පාසල ඇරී ගෙදර ආ මාපිල් පැටියා බෙරිහන්දි දී හඬන්නට විය.

“ඇයි පුතේ, උඹට කවුරු හරි බැන්නද, ගැහැව්වද එහෙමත් නැත්තං දෂ්ට කළා ද?” මාපිල් මව පුදුමයට පත්ව ඇසුවා ය.

“නෑ... ඒ එකක්වත් නෙමෙයි. විපක්ෂ නායක තුමාගේ කාමරේට රිංගුව මාපිලා උඹලෑ තාත්තා නේද කියල පන්තියේ එවුන් ...
Views : 410
අටවැනි පුදුමය
“දවසක් දා අපෙ මහත්තයා මට කිව්වනෙ අනේ ‘ඔයා තමයි මේ ලෝකෙ මට මුණ ගැසුණු අටවැනි පුදුමේ’ කියල.” යමුනා තම මිතුරියක වන චම්පා සමඟ කීවාය.

‘ඉතින්...?’ චම්පා වහා ඇසුවේ පුදුම වෙමිනි.

‘ඉතින් මම කිව්වා, හැබැයි ගොයියො, ඔයා කවදාවත් ඔය ඉතුරු පුදුම හතෙන් එකක් එක්කවත් ඉඳලා මට අහුවෙන්ඩ එහෙම එපා කියල.’ යමුනා කීවේ කෝපයෙනි. ...
Views : 348
හඳයි - බකමූණයි
ඉතා රූමත් තරුණියක් බස් රථයක් අපේක්ෂාවෙන් බස් නැවතුම් පළේ සිටියාය. එතැනට හදිසියේම පැමිණි සිරිමාන්න ඈ දෙස බලා, කෑදර සිනාවක් පාමින්, අහස දෙසට මුහුණ දික්කොට මෙසේ කීවේය.

‘හඳ පායන්නෙ රෑටනෙ. මේ මහ දවාලෙ මෙතනට හඳක් පාත්වුණේ කොහොම ද මන්දා!’

තරුණිය නොපහන් ලීලාවෙන් සිරිමාන්න දෙස බලා තමන්ටම මෙසේ කියා ගත්තාය.

‘බකමූණා අඬන්නෙ රෑටනෙ. මේ මහ ...
Views : 377
වෙනස
‘මම අපේ පුතාගෙ වයසෙදි අපෙ තාත්තා මාව මගෙ කාමරේටම සීමා කරලා තිබ්බා මිසක් යාළුවෝ එක්ක සෙල්ලම් කරන්ඩවත්, පික්චර් එකක් බලන්ඩ යන්ඩවත් දුන්නෙ නැහැ. ඒකට දැන් මගෙ පුතාට එයාගෙ කාමරේ ම කලර් ටීවී එකක්, DVD ප්ලේයර් එකක්, කම්පියුටරයක්, එයටම සෙලියුලර් ෆෝන් එකක් තියෙනවා.’ සිරිමල් තම මස්සිනා වන ගාමිණී සමඟ කීවේ, මාමණ්ඩිය ගේ ...
Views : 391