🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිවසක්‌ සෑදීමට නැකැතක්‌ අවශ්‍යද?


තමාගේම කියා නිවසක්‌ ඉදිකර ගැනීම මෙලොව ජීවත් වන බොහෝ දෙනකුගේ ප්‍රධාන අරමුණක්‌ වේ. එහිදී නිවසේ වැඩ කටයුතු හොඳින් සිදුවීමට නැකතෙහි බලය අතිමහත්ය. නිවාස නැකැතක්‌ සෑදීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. එබැවින් නව නිවාසයක්‌ ඉදිකිරීමට බලාපොරොත්තු වන්නන් විසින් මුලින්ම කළ යුත්තේ කල්aවේලා ඇතිව ජ්‍යෙතිර්වේදියකු හමු වී තම අවශ්‍යතාවය පවසා නිදහසේ නැකත සෑදීමට ඔහුට කාලය ලබා දීමයි. මට අසවල් මාසයේ, වැඩ පටන් ගන්න ඕනෑ යෑයි කීවාට එම කාලයට නැකැත් නොමැති වන්නට පුළුවන. එබැවින් මෙම කාර්යයේ බැරෑරුම් කම වටහා ගනු පිණිස නිවාස නැකැතක්‌ සෑදීමේදී ජ්‍යෙතිර්වේදියකු විසින් සලකා බැලිය යුතු සලකා බලන කරුණු මෙම ලිපියෙන් පැහැදිලි කරමි.
නිවාස නැකැතක්‌ සෑදීමේදී, ප්‍රථමයෙන් නිවැසියන් සියලු දෙනාගේම ජන්ම පත්‍ර ජ්‍යෙdතිර්වේදියා වෙත ලබා දිය යුතුය. තමාගේම කියා නිවසක්‌ සාදා ගැනීමේ වාසනාව ඇත්තේ ජන්ම පත්‍රයේ 4 වැන්නත්, 4 වැන්න හා 9 වැන්න අධිපතියාත් බලවත් අයට පමණි. එමනිසා එබඳු අයෙකුගේ ජන්ම පත්‍රයක නිවස ඉදිකිරීමේ නැකැත්වලදී ප්‍රමුඛ කරගත යුතුය. නැකැත් සාදන ජ්‍යෙතිර්වේදියාගේ ජන්ම පත්‍රයේ 4 වැන්න බලවත් වීම ද නිවස ඉක්‌මනින් ඉදිකර ගැනීමට බලපාන හේතුවකි.
කෝණ මාසවලදී කිසිම නිවාස නැකැතක්‌ නොගත යුතුය. රවි, මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවල ගමන් කරන ජුනි 15 - ජුලි 15 ත් අතර කාලය, සැප්තැම්බර් 15 - ඔක්‌තෝබර් 15 අතර කාලය, දෙසැම්බර් 15 - ජනවාරි 15 අතර කාලය, මාර්තු 15 - අප්‍රේල් 15 අතර කාලය කෝණ මාස වේ. නිවසේ ගෙපළ කැපීම, නුල් ඇදීම, අත්තිවාරම කැපීම, මුල්ගල තැබීම, බිත්ති බැඳීම, උළුවහු ජනෙල් තැබීම, වහලයට ලී තැබීම, ලිප ගිනි මෙලවීම ආදී සියල්ලක්‌ම සුබ නැකැත්වලට සිදු කළ යුතු අතර මුල්ගල තැබීමේ නැකත මෙහිදී ඉතාම වැදගත් වේ. මෙම නැකත ගෙහිමියන්ට මෙනම ගෘහයට හිමි නැකතටද සීහෙන නැකතක්‌ විය යුතුය.
වෙසක්‌, ඇසළ, නිකිණි, ඉල්, උඳුවප්, මැදින් යන මාස නිවාස සෑදීමට සුබය. බදාදා, බ්‍රහස්‌පතින්දා, සිකුරාදා දින සුබ වේ. සඳුදා දිනය මධ්‍යමය. 2, 3, 5, 7, 10, 11, 12, 13 තිථි ඉතා සුබ වේ. සෑම නිවාස කටයුත්තක්‌ම ආරම්භ කළ යුත්තේ පුර පක්‌ෂයේය. වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, කුම්භ, මීන ලග්න උදා වී පවතින අවස්‌ථා යොදා ගත හැකි නම් ඉතා සුබය. එමෙන්ම ගෙහිමියාගේ ජන්ම පත්‍රයේ 4 වැන්න තත්කාල කේන්ද්‍රයේ ලග්නය ලෙස යොදා ගත හැකි නම් එය ද ඉතා ප්‍රශස්‌තය. නිවාස නැකත යොදා ගනු ලබන තත්කාල කේන්ද්‍රයේ 4 වැන්නාධිපති 6, 8, 12 රාශියක සිටීමද, ලග්නාධිපති අසුබ රාශියක පිහිටීමද 4 වැන්නේ පාපීන් සිටීමද සුදුසු නැත. නිවාස නැකතට යොදා ගන්නා දිනය අනිවාර්යෙන් පංචාංග ශුද්ධ සුබ දිනයක්‌ විය යුතු අතර පංච පර්ව දොaෂයන්ගෙන්ද තොර විය යුතුය.
නිවාස ඉදිකිරීමට සප්තාකාර යෝගය ඉතා සුබ වේ. සප්තාකාර යෝගය යනු නිකිණි මාසයේ පුර සතවක දිනයක්‌ වූ ශනිදාවක සා නැකත සමඟ සිංහ ලග්නය උදාව පවතින කාලයයි. එවන් යෝගයකින් වැඩ ආරම්භ කළ නිවසක වාසය කරන්නන්ට ධන සම්පත, යාන වාහන, ගව මහීෂාදී සම්පත්ද, දරු මුණුබුරන්ද සමාජයේ උසස්‌ තත්ත්වයක්‌ ද හිමි වේ.
නිවසක්‌ ඉදිකිරීමේදී ගුරු ග්‍රහයාගේ පිහිටීම ඉතා වැදගත් බව වශිෂ්ට හා නාරද සෘෂිවරුන්ගේ මතයයි. පුෂ, මුවසිරස, අස්‌ලිස, රෙහෙණ, සුවණ, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප නැකතක ගුරු සිටියදී ගුරු දිනයක ගුරු හෝරාවෙන් නිවාසය ඉදි කළහොත් එහි නිවැසියන්ට උසස්‌ බව රජයේ තනතුරු ආදිය හිමි වේ.
සිකුරු ග්‍රහයා අස්‌විද, දෙනට, සියාවස, විසා, සිත, අද නැකතක සිටියදී සිකුරාදා දිනක සිකුරු හෝරාවෙන් වැඩ ඇරඹීමද බුධ ග්‍රහයා අස්‌විද, රෙහෙණ, හත, සිත, පුවපල් නැකතක සිටියදී බුධ සිටි රාශිය ලග්නය ලෙස ගෙන බුද දිනයක බුද හෝරාවෙන් වැඩ ඇරඹීමද ඉතා සුබය. පොදුවේ අස්‌විද, රෙහෙණ, මුවසිරස, හත, සිත සා, සියාවස, පුෂ, මා, මුල, අනුර, සුවණ, දෙට, දෙනට, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රේවතී යන නැකැත් නිවාස කටයුතු සඳහා සුබය.
නිවසක්‌ ඉදිකිරීමට යොදා ගන්නා සුබ මුහුර්ත අවස්‌ථාවේ පවතින තත්කාල කේන්ද්‍රය ඉතා වැදගත්ය. එහි 1, 4, 7, 8, 10 යන භාවවල පාප ග්‍රහයන් නොසිටිය යුතු අතර පාප ග්‍රහයන් 3, 6, 11 භාවවල සිටිය යුතුය. 8 වැන්නේ කිසිම ග්‍රහයකු සිටීමද 8 වැන්නට පාපී ග්‍රහයකුගේ සප්තම දෘෂ්ටි වැටීමද අසුබය. 1, 4, 7, 9, 10 භාවයක ගුරු, සිකුරු සිටිය යුතුය.
තත්කාල ලග්නයේ සඳු බලවත්ව සිටිය යුතු අතර, බලවත් සඳු ලග්නය හා භාවාධිපතියා දැකීම යහපත්ය. තත්කාල කේන්ද්‍රයේ කේන්ද්‍රස්‌ථානාධිපති හා ත්‍රිකෝණස්‌ථානාධිපති බලවත්ව සිටිය යුතු අතර 4 වැන්න හෝ 4 වැන්නාධිපතියා පාපකර්තරී නොවිය යුතුය. එසේම ලග්නාධිපති හෝ 4 අධිපති දුෂ්ට රාශිගත නොවිය යුතුය. ගුරු බලවත්ව 1, 5, 9 තැනක සිටීමෙන්ද, සිකුරු ලග්නගත වීමෙන්ද, දෙර්කාණ කේන්ද්‍රයේ ග්‍රහයන් බලවත් වීමෙන්ද බොහෝ දොaෂ භංග වේ. 9 වැන්නාධිපති හෝ 11 වැන්නාධිපති 4 වැන්නේ සිටීමද, රවි 11 වැන්නේ සිටීමද සුබදායක වේ.
ලග්නයේ සිකුරුද 5 වැන්නේ ගුරුද 6 වැන්නේa කුජද, 3 වැන්නේ රවිද සිටියදී සෑදූ නිවස වර්ෂ 200 ක්‌ පවතී. ලග්නයේ ගුරු, 11 වැන්නේ සිකුරු, 10 වැන්නේ රවි සිටියදී කුලු නිවස වර්ෂ 100 ක්‌ පවතී. මේ එබඳු තවත් සුබදායක ග්‍රහ පිහිටීම කීපයකි.
  • ලග්නයේ බුධ ද 7 වැන්නේ ගුරුද 10 වැන්නේ සඳුද සිටීම.
  • ලග්නයේ සිකුරුද 10 වැන්නේ බුධද, 11 වැන්නේ රවිද, කේන්ද්‍රස්‌ථානයක ගුරුද සිටීම.
  • ලග්නයේ ගුරුද, 3 වැන්නේ ශනිද, 4 වැන්නේ සිකුරුද, 6 වැන්නේ රවිද, 7 වැන්නේ බුධද සිටීම.
  • ලග්නයේ සඳුද, 7 වැන්නේ ගුරුද, 10 වැන්නේ බුධද සිටීම.
  • මීන ලග්නයෙ සිකුරුද, 5 වැන්නේ ගුරුද, 11 වැන්නේ ශනිද සිටීම.
  • 1, 4, 7, 10 යන භාවයක ගුරුද, 10 වැන්නේ බුධ හා සිකුරුද, 11 වැන්නේ රවිද සිටීම.
  • ස්‌ථිර රාශියක්‌ වූ ලග්නයේ රවි හා බුධද, 4 වැන්නේ හෝ 7 වැන්නේ ගුරුද, 11 වැන්නේ සිකුරුද සිටීම.
  • ස්‌ථිර රාශියක්‌ වූ ලග්නයේ ගුරුද, 6 වැන්නේ රවිද, 7 වැන්නේ බුධද, 10 වැන්නේ සඳුද සිටීම.
  • ගුරු 1, 4, 7, 10 යන භාවයකද, කටක ලග්නයේ සඳුද සිටීම.
  • ගුරු 4 වැන්නේද, සඳු 10 වැන්නේද, ශනි හා කුජ 11 වැන්නේද සිටීම.
  • ලග්නයෙ සඳුද, 7 වැන්නේ ගුරුද, 10 වැන්නේ බුධද සිටීම.
  • 7 වැන්නේ ගුරුද, 10 වැන්නේ සිකුරුද, 11 වැන්නේ රවි හා බුධද සිටීම.
තත්කාල කේන්ද්‍රයේ ලග්නයේ හෝ 7 හෝ 10 වැන්නේ ග්‍රහයකු නීචව හෝ සතුරුව සිටීමද, අව පක්‌ෂයේ චන්ද්‍රයා දුර්වලව ලග්නයේ සිටීමද, 10 වැන්න අධිපතියා දුර්වලව සිටීමද රවි, සඳු ග්‍රහයින් දුර්වලව සිටීමද, ගුරු, සිකුරු අස්‌තව සිටීමද නිවාස නැකැත්වලදී අසුබය. සුබ ග්‍රහයින් ලග්නයේ නැති කටක, වෘශ්චික, මකර රාශියකද ලග්නය ලෙස නොගත යුතුය. රවි හෝ කුජ ග්‍රහයා කැති, උත්‍රසල, පුවසල, පුෂ, මා, මුල, හත, රේවතී නැකතක සිටියදී එම නැකතකින් වැඩ ආරම්භ කිරීමද, කුජ හෝ ශනි ග්‍රහයා බෙරණ, පුවපුටුප, සියාවස, දෙනට නැකතක සිටියදී එම නැකතකින් වැඩ ආරම්භ කිරීමද ශනි ග්‍රහයා බෙරණ, දෙනට, සා, අනුර, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී නැකතක සිටියදී එම නැකතකින් වැඩ ආරම්භ කිරීමද නොකළ යුතුය. නිවස ඉදිකරන්නේ තමාගේ පදිංචිය පිණිස නම් තත්කාල ලග්නය ලෙස ගත යුත්තේ තිර රාශියකි. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශි වේ. නිවස සාදන්නේ කුලියට දීමට නම් උභය හෝ චර ලග්නයක්‌ ගත යුතුය.
මේ අනුව නිවසක්‌ ඉදිකිරීමට සුදුසු කාලය බොහෝ කල්වේලා ඇතිව සොයා ගත යුතු එකක්‌ බව තරමක්‌ දුරට හෝ ඔබට පැහැදිලි වන්නට ඇත. එසේ නම් ඔබ කළ යුතතේ නිවසක්‌ සෑදීමේ අදහස මතු වූ විගස ජ්‍යෙතිර්වේදියා හමු වී ඔබේ අවශ්‍යතාවය පැවසීමයි. එවිට සියලු අතින්ම යහපත් නිවසක්‌ සාදා ගැනීමට අවශ්‍ය උපදෙස්‌ මෙන්ම ප්‍රශස්‌ත නැකැතක්‌ද ඔබට ලබා ගත හැකි වනු ඇත.
ජ්‍යෙතිර්වේදී කපිල ඉන්දික ගුණදාස
උපුටා ගැනීම දිවයින