🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඡන්ම තිථියෙන් හෙළිවන වනිතා ගති ගුණ


පෑලවිය : යම් ස්‌ත්‍රියක්‌ පෑලවියේ උපන්නීද ඒ ස්‌ත්‍රිය සෞභාග්‍ය යුත් ස්‌වාමි කෙරේ ප්‍රිය වූද බොහො පුණ්‍ය වන්තද වේ. සිල්වත් වේ බොහෝ දරු මුණුපුරන් වේ. විවිධ දැනීම් ලබන්නී වේ.

දියවක : දියවක උපන්නී බොහෝ කාන්ති යුත් උතුම් දේහ ඇති දයායුත් රජ බිසවකට සමාන වේ. යහපත් නෙත් වේ. හිසකේ පියකරුය. දහමට නැඹුරුය.

තියවක : තියවක උපන්නී ශ්‍රේෂ්ඨ වේ. භාග්‍යවත් වේ. පතිව්‍රතා යුක්‌තය. පුණ්‌ තීර්ථයේ ඇළුණු ගුණවත් දරු මුණුපුරන් ඇත්තියක්‌ වේ.

ජලවක : ජලවක උපන්නී අනුන්ට ෙද්‍රdaහී කරන තියුණු ගති යුතු වෛශ්‍යාවූද විනෝදකාමී විවේක රහිත වූවා වේ.

විසේනිය : විසේනිය උපන්නී බන්ධු සමූහයක්‌ ඇති බන්ධූන්ට ප්‍රිය සුසිල්වත් කටයුත්තේ දක්‍ෂ සැප සහිත අනුන්ට උපකාර කරන අපේක්‍ෂාවන් අඩු එකියක වේ.

සටවක : සටවකගේ උපන්නී පතිව්‍රතා වේ. ස්‌ත්‍රීන් අතර ප්‍රධාන වේ. මනුෂ්‍යයන්ට ප්‍රිය වේ. සෙම් අධික වේ. කෝපී වේ. බොහෝ වියදම් කරයි. නීතිය දනී. හීන ශරීරාංග වේ.

සතවක : සතවක උපන්නී විශාල නෙත් වේ. මනෝඥ වේ. නීතිය දනී. දෙවියන් ගුරුන් කෙරෙහි ඇලුනේ වේ. ත්‍යාගී වේ. නිහතමානී වේ.

අටවක : අටවක උපන්නී මස්‌ මාංශ ප්‍රිය වේ. මත් පැනට ගිජු වේ. විකාර රූපී වේ. නපුරු ගත sවේ. ධන හීන වේ. දයා රහිතය. භයංකර පෙනුම වේ.

නවවක : නවවක තිථියේ උපන්නී රළු වේ ගෙදර වැඩට දක්‍ෂ වේ. නපුරු වේ. අනුන්ට වැඩකාරී වේ. විපත්ති ඇති වේ.

දශවක : දශවක උපන්නී ධර්මයේ තත්පර වේ යහපත් ගෘහයක්‌ ලබයි. එල්බන ගෙල ඇත. සැප ලබයි. දක්‍ෂවේ. දෙවියන් පුදයි. යහපත් පුත්‍රයන් ලබයි. විපත්ති ඇති වේ.

එකොළොස්‌වක : එකළොස්‌වක තිථිය වන්නේද දෙවි බඹුන් පුදයි. සිල් රකියි. කටයුත්තේ දක්‍ෂ වේ. ශාස්‌ත්‍ර දනී. වෙදකම් දනී.

දොළොස්‌වක : දොළොස්‌වක උපන්නී ජලාශවල ප්‍රීති වන්නීය. සුසිල්වත්ය. තම ගෘහයේ වසයි. විලාසිතා යුතුයි. අනුන්ගේ සුළු වැරැදි පවා විමසා බලයි.

තෙළෙස්‌වක : තෙළෙස්‌වක උපන්නී රූපවන්තයි. ධර්මයේ ඇළෙන්නී වේ. පතිව්‍රතාවේ යහපත් ශාස්‌ත්‍ර දනී. දක්‍ෂයි ඉවසන සුළුයි. සතුරන් දිනයි.

තුදුස්‌වක : තුදුස්‌වක උපන්නී කාම කලාවේ ඇලුනේ වේ. කට යුත්තේ දක්‍ෂයි. දරුවන් හීනයි. වෛශ්‍යා වේ. අපිරිසිදු වේ. දුශ්ශීල වේ. නපුරුයි.

පසළොස්‌වක : පසළොස්‌වක උපන්නී සුන්දර වේ. ගුණවත් වේ. ලඡ්ජාසහිතයි. පතිවත රකී සුන්දර දරුවන් ලබයි. කලාව දනී. විශාල තේත්‍රවේ. මුඛ්‍ය අලංකාර වේ.

අමාවක : මනෝඥ මුඛය වේ. දේව භක්‌තිය ඇත. ස්‌වාමියාට ප්‍රියයි. චතුර වේ. දක්‍ෂ වේ. අණදීමට සමත්ය.

උපුටා ගැනීම දිවයින