🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ලෝකය පෙරළුණත් කලබල නොවන කුම්භ ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ


  • ජ්‍යොතිෂ්‍යයේදී ලෝකෝත්තර රාශියක්‌ ලෙස හැඳින්වෙන කුම්භ රාශිය, තුලා රාශිය හැරුණු විට අජීවී භාණ්‌ඩයකින් සංකේතවත් වන එකම රාශිය වේ. ශනි හෙවත් සෙනසුරු අධිපතිත්වය දරන කුම්භ ලග්නයේ උපන්නෝ පරාර්ථකාමී සිතුවිලිවලින් හෙබි අය වේ. ශනි අධිපතිත්වය දැරුවද කුම්භ ලග්න හිමියෝ ප්‍රතිපත්තිගරුක ස්‌ථිර අදහස්‌ ඇති එහෙත් ගතින් සිතින් දුක්‌විඳීමට උරුමකම් ඇත්තෝය.
  • සමාජයේ කැපී පෙනෙන චරිතයක්‌ ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ තම අන්තිම වස්‌තුව පවා අන් අයට දීමට සූදානමින්, නැති බැරි අයට උදව් උපකාර කරන නිසාවෙනි. අසරණයන්ට පිහිටවීම ජීවිතයේ කොටසක්‌ සේ සලකන අතර තමා අවට සිටින සියලු දෙනාටම දැඩි ඇල්මකින් ලෙන්ගතු බවකින් යුතුව යුතුකම් ඉටුකරයි.
  • පොදු කටයුතුවලදී දුර්වල පක්‍ෂයට හිතවත් වේ. ඔවුන්ගේ සැබෑ යහපත සඳහා කැප වෙමින් කටයුතු කරයි. කරන්නට යන වැඩකටයුතුවල අග මුල තරාතිරම යනාදී වශයෙන් වර්ග නොකරයි. සිදුවිය යුත්තේ කුමක්‌ද එයම සිදුකරයි. බොහෝ අවස්‌ථාවල වැඩ කිිහිපයක්‌ එකවර පටලවා ගනී. ධාරණ ශක්‌තියෙන් උසස්‌ නිසාම පොත පත කියවීමේ රුසියෙකි. අන්‍යයන් වෙත අවවාද අනුශාසනා කිරීමට කැමති වේ. කරන කියන හැම දෙයකම ප්‍රධානත්වය බලාපොරොත්තු වීම නිසා නිකරුණේ ගැටලු මතුකරගනී. එහෙත් සැම විටම පීඩිත මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ දරයි.
  • ඉතා සියුම් ඥනයක්‌ ඇති කුම්භ ලග්නකරුවෝ ගැඹුරු ශිල්ප ශාස්‌ත්‍ර, ධර්ම අධ්‍යයනය කිරීමේ දක්‍ෂයන් වන අතර එවැනි ශාස්‌ත්‍ර දත් අයට ගෞරව කරන්නන්ය. කිසිදු ශාස්‌ත්‍රයක්‌ පොත පතින් ඉගෙන ගෙන සිටීමෙන් පමණක්‌ සෑහීමකට පත් නොවේ. එලෙස ඉගෙන ගන්නා සෑම දෙයක්‌ම ප්‍රායෝගිකව අත්හදා බැලීමට උත්සුක වේ. ඒ සඳහා සහජයෙන් ලත් වාසනා ගුණය මෙන්ම ක්‍ෂණිකව දෙයක්‌ වටහාගන්නා නුවණ පිහිටයි. ගුරුවරයකුගේ හෝ උපදෙස්‌ නොමැතිව වුවද බොහෝ ශිල්ප ශාස්‌ත්‍ර අධ්‍යයනය කිරීමේ හැකියාව මෙකී ලග්න හිමියා සතුවන්නේය.
  • ඉවසීම, සීරුවෙන් අරපිරිමැස්‌මෙන් කටයුතු කිරීම, තැන්පත් බව යනාදී මානුෂික ගුණාංගයන්ගෙන් හෙබි මොවුන් තම ඇසුර සඳහා යහපත් මිතුරන් සොයා ගන්නා අතරම අරඹන්නා වූ මිතුදම් හොඳින් ආරක්‍ෂා කරගනී. ආගම දහමට කැමති වුවද ඒ පිළිබඳ විශේෂ ලැදියාවක්‌ නොදක්‌වයි. කළයුතු දේ සොයා බලා කරයි. නොදන්නා දේ පිළිබඳ පසුතැවෙන්නේ නැතිව වෙනත් කෙනකු කරන ආකාරය දෙස බලා එලෙස කිරීමට පෙළඹේ. මතුපිටින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ ඇතුළාන්තයේ ඇති කෙනෙක්‌ බැවින් අන් අයට ඒවා අවබෝධ කරගත හැක්‌කේ බොහෝ කල් ආශ්‍රය කිරීමෙන් අනතුරුවය. ආත්ම ලාභයට, ප්‍රධානත්වයට ආශා නොකරන බැවින් නියම ලෙස මහජන ගෞරවය ප්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ චරිතයකට හිමිකම් කියයි.
  • දුටු සැණින් කෙනකු කෙබඳු අයෙක්‌ දැයි හඳුනා ගැනීමේ සුවිශේෂ හැකියාවක්‌ මොවුන් සතුව පවතී. ඒ අනුව පුද්ගලයන් තෝරා බේරා ගෙන ඇසුරු කිරීමට කුම්භ ලග්නයෙන් උපන් අය අතිදක්‍ෂයෝ වෙති.
  • කරන සෑම කටයුත්තක්‌ම සිතට එකගව කරයි. කරන කියන සෑම දෙයක්‌ම ප්‍රසිද්ධිය සඳහා නොව යහපත පිණිසම කරන බැවින් බොරු කරන්නන්ට දැඩි සේ එරෙහි වෙයි. තිත්ත වුණත් ඇත්තම කියන කුම්භ ලග්න හිමියෝ කියන දේ මුහුණට කීමටත් ඇනෙන සුලු වචන කීමටත් පෙළඹෙන බැවින් අන්‍යයන් අතර මොවුන් එතරම් ප්‍රියජනක චරිතයක්‌ නොවේ. එහෙත් මොවුන්ගේ ඇතුළාන්තය දන්නා අය අතර නිබඳවම ගෞරවයට පාත්‍ර වේ.
  • ලෝකය පෙරලුනත් කලබල නොවන මොවුන් තුළ තිඛෙන ඉවසීමේ ශක්‌තිය බොහෝය. ප්‍රවේශම් සහිතව කටයුතු කිරීමේ සැබෑ හපනෙකි. ධාරණ ශක්‌තියත් අවබෝධ කරගැනීමේ හැකියාවත් ප්‍රබල බැවින් මෙකී ලග්න හිමියන්ට ඕනෑම අයෙක්‌ සමග කටයුතු කිරීමේ හැකියාව ඇති අතර අන්‍යයන්ට මොවුන් සමග කටයුතු කිරීම අසීරු වේ. යමක්‌ කරන්නට සිතන ඒ සඳහා ක්‍රියාත්මක වන කිසිදු අවස්‌ථාවක යමෙක්‌ අමනාප වේද එයින් මට අවාසියක්‌ සිදුවේද යන්න සිතා නොබලන මොවුන් දුරු කළ යුත්ත දුරු කිරීමටත් නොකළ යුත්ත නොකර සිටීමටත් උපායශීලීව කටයුතු කරන්නෝ වෙති.
  • කෙනකුගේ සිත අධ්‍යයනය කිරීමේ හැකියාව පවතින දොළොස්‌ රාශිය තුළ සිටින දක්‍ෂතමයා කුම්භ ලග්න හිමියා වේ. තමන් නොදන්නා සෑම දෙයක්‌ම මනා ඉවසීමෙන් යුක්‌තව අධ්‍යයනය කර ගනිමින් ක්‍රියාවට නංවයි. අන් අය කරන දේ හොඳින් නිරීක්‍ෂණය කරමින් තනිවම අත්හදා බලමින් ඉගෙන ගැනීමට දක්‍ෂය. සමහර අවස්‌ථාවලදී තමා අදාළ වැඩය බලාගත් අයගේ වැරැදි තැන් පවා නිවැරැදි කරගෙන ඔහුට වඩා එකී කාර්යය දක්‍ෂ ලෙස නිමකිරීමට සමත් වේ. ආවාට ගියාට කතා කරන, චාරයක්‌ නොමැතිව වැඩ කරන අය කුම්භ ලග්න හිමියාට රුස්‌සන්නේ නැත. එවැනි අය සමග කටයුතු කිරීමට මොවුන් අකමැති වේ. එහෙත් යම් හෙයකින් කුම්භ ලග්නකරුවන්ගේ සිතට රුචි වුවහොත් දිගින් දිගටම උපකාර සත්කාර කරයි.
  • අතිශයින්ම මානුෂික හදවත් ඇත්තෝ බැවින් කෙනකුට උදව් උපකාර කිරීමේදී ඔහුට අදහාගත නොහැකි ලෙස උදව් උපකාර කිරීමට පෙළඹේ. අන් අයට උපදෙස්‌ දීමට කැමති වෙයි. ලෞකික ආශාවන් අඩුය. ජීවිතයේ ජය ලබන බව නොපෙනුනද කුම්භ ලග්නකරු ස්‌ථාවරම ජය ලබන්නකු වේ. කිසිදු අවස්‌ථාවක කැපී පෙනීමට ප්‍රශංසා ලැබීමට උත්සාහ නොකරයි. නායකත්වය සොයා නොයයි. එකී සියලු ප්‍රතිලාභ තමා ළගට පැමිණෙනතුරු තමන් යන ගමන ස්‌ථාවරව යයි.
  • තමාගෙන් යතුකම් ඉටුවිය යුත්තන්ට නොපිරිහෙලා සිය යුතුකම් ඉටුකර මොවුන් ඒ නිසාම මහජන ප්‍රසාදයට පත් වේ. තම සිතෙහි ඇති සෑම දේම නිවැරැදි හා මුරණ්‌ඩු ලෙස සිතීමත් ලෞකික දේට සිත යොමු නොකිරීමත් මොවුන්ගේ දුර්වලතා ලෙස පෙන්වා දිය හැකිය.
  • කකුල්වල සන්දිස්‌ථානවල හා අත්වල මැණික්‌ කටු ආශ්‍රිත වේදනා නහර ගැටගැසීම හෘද රෝග ආදිය කුම්භ ලග්න හිමියන්ට පීඩාගෙන දෙන රෝගාබාධ ලෙස දැක්‌විය හැකි අතර සතියේ බදාදා, ඉරිදා දිනයන් අසුබ වන අතර සියලු වැඩ සඳහා සිකුරාදා දිනය සුබ වේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි