🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඔබේ කේන්දරයේ ගුරු කොතැනද? පලා පල මෙන්න


ගුරු ලග්නයේ හෙවත් පළමු වැන්නේ නම්,
දැඩි ආත්ම විශ්වාසයකින් ජීවන රටාවක්‌ ගෙනයන සමාජය තුළ කැපී පෙනෙන හා පරිණත බුද්ධියක්‌ හිමි පුද්ගලයකු වේ. ඔහු අඩුම තරමේ තම ඥති වර්ගයාටවත් ප්‍රධානියකු වීමේ වාසනා ගුණය මෙම අයට ඇත.

ගුරු දෙවැන්නේ නම්,
මෙය සුභදායක පිහිටීමකි. ස්‌ථාවර ධනයකට හිමිකම් කීමේ භාග්‍යද යහපත් වචන ප්‍රකාශ කිරීමට උත්සාහ කරන්නෝ වෙති. තම ස්‌වාමියාට හෝ ස්‌වාමි දියණියට දැඩි ලෙන්ගතු බවක්‌ ඇතිවන මුත් සමාජ සේවා කටයුතුවලදී වැඩි දායකත්වයක්‌ සපයන අයෙකි.

ගුරු තුන් වැන්නේ නම්,
මෙය යම් තරමක විවිධ බාධාවන් ගෙනදීමට හා හදිසි බෝවන රෝගයන්ට ලක්‌වීමේ ප්‍රවනතාව වැඩි බවක්‌ පෙන්නුම් කෙරේ. තම සහෝදර සහෝදරියන්ගේ දියුණුව, බලය, වැඩිවන මුත් එම අයගෙන් ඵල ප්‍රයෝජන ලැබීමට තමා අපොහොසත් වේ.

ගුරු හතරවැන්නේ නම්,
ගුරු හතරවැන්නේ සුභවාදීව සිටින සිට එම ග්‍රහයාගේ මහදශා අතුරු දශාවලදී භව බෝග සම්පත් ගේ දොර ඉඩකඩම් යාන වාහන හිමිවීමේ වාසනා ගුණය තිබුණද අශුභ වුවහොත් සැප සම්පත් හීනවීමේ ප්‍රවනතාවය වැඩි වේ.

ගුරු පස්‌වැන්නේ නම්,
මෙම අයට උසස්‌ අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ අවස්‌ථාද දෙස්‌ විදෙස්‌වල පවා තම නාමය කීර්තිනාමයක්‌ බවට පත්වීමේ වාසනාවද හිමි වේ. විවාහයෙන් පසු ගැහැනු දරුවන්ගේ අඩු බවක්‌ මෙහිදී පෙන්නුම් කෙරේ.

ගුරු හයවැන්නේ නම්,
යහපත් ප්‍රතිඵල අපේක්‌ෂා කිරිමට නොහැකිවනු ඇත. තමා සතු දක්‌ෂතාවයන් කොතෙක්‌ තිබුණද සමාජයට නොපෙනේ. රහසිගත රෝගාබාධයන්ට හා සතුරු කරදරවලට මුහුණ පෑමට ඉඩ ඇත. තම බිරිඳගේ පාර්ශ්වයෙන් වාසිසහගත තත්ත්වයන් උදා වේ.

ගුරු හත්වැන්නේ නම්,
යහපත් සහකරුවෙක්‌ හෝ සහකාරියක්‌ හිමි වීමේ භාග්‍යය වැඩි බවක්‌ පෙන්නුම් කෙරේ. මෙම අය මධ්‍යම වයසින් පසු ලෞකික සැපසම්පත් කෙරෙහි වැඩි උනන්දුවක්‌ නොදක්‌වන මුත් සාරධර්මයන්ගෙන් පිරි පිරිපුන් අයකු වේ.

ගුරු අටවැන්නේ නම්,
ගුප්ත දෙය සම්බන්ධව දැඩි ඇල්මක්‌ දක්‌වන අයෙකි. මෙවැනි අයට ධනලාභ හිමිවීමේ ඉඩකඩ වැඩිමුත් තම මරණයෙන් පසු තමාගේ නාමය ප්‍රසිද්ධියට පත් වේ.

ගුරු නමවැන්නේ නම්,
ගුරු නවවැන්නේ නම් මෙය ගුරුට ත්‍රිකෝණ බලය හිමිවන යහපත් පිහිටීමකි. පෙර පින්බලය ඉස්‌මතු කරදීමෙන් තමා සිටින ප්‍රදේශයටවත් ප්‍රභූවරයෙකුට මෙන් ගෞරව සම්මාන ලබා දෙන ග්‍රහ පිහිටීමකි. දෙලොවටම සුගතිගාමී පුද්ගලයකු වේ.

ගුරු දහවැන්නේ නම්,
මෙම අය රාජ්‍ය තන්ත්‍රයේ උසස්‌ වගකීම් දරන අයවලුන් වන අතර තමාගේ ආත්මාභිමානය රැකෙන පරිදි සමාජශීලී පුද්ගලයන් බිහිකිරීමට ගුරුගේ බලය ඉස්‌මතු වේ.

ගුරු එකොළොස්‌වැන්නේ නම්,
තමාට මෙයද යහපත් ප්‍රතිඵල ගෙන දෙන පිහිටීමකි. හදිසි ධනලාභ දේපල සම්පත් ලැබීමට උසස්‌ අයගේ උදව් උපකාර ලැබීමේ භාග්‍යද උදාවන මුත් දරු සම්පත් අඩු බවක්‌ මෙම අයගෙන් පෙන්නුම් කෙරේ.

ගුරු දොළොස්‌වැන්නේ නම්,
මෙම ස්‌ථානයේ ගුරු පිහිටීම එතරම් සුබදායක නොවනු ඇත. විවිධ කරදරවලට හා නීතිමය වශයෙන් ප්‍රශ්න ගෙන දී තමා සතු දේපල පවා විනාශයට පත්වීමට ඉඩ ඇත. තම මරණින් පසු ප්‍රගතිගාමී ආත්මයකට හිමිකම් කීමේ වාසනා ගුණය ඇත.

ඉහත දැක්‌වෙන ගුරුගේ ප්‍රතිඵල එම ග්‍රහයාගේ බල දුබලතා මත හා වෙනත් සුභ අසුභ ග්‍රහ දෘෂ්ඨි අනුව මෙහි ප්‍රතිඵල වෙනස්‌ වීමට ඉඩ තිබේ.

උපුටා ගැනීම දිවයින