🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ස්‌ත්‍රියකගේ ගෙල පවසන රහස්‌

ස්‌ත්‍රියකගේ ගෙල පවසන රහස්‌

ගෙල ප්‍රදේශයේ දිග, පළල, පැහැය සහ එහි පිහිටන රේඛා, ලප ආදියෙන් ස්‌ත්‍රියකගේ ගති ගුණ හා සිතැඟි මනාව විදහා දැක්‌වේ. දේහ ලක්‍ෂණ විද්‍යාවේ දැනුම අද සමාජයට ඛෙහෙවින් වැදගත් වේ. මන්ද, අප ජීවත් වන කලියුගයේ සිටින බොහෝ මිනිසුන්, ස්‌ත්‍රී/ පුරුෂ බේදයකින් තොරව දුෂ්ට ගති සඟවා යහපත් ගති රඟන නළුවන් මෙනි. නමුත් දේහ ලක්‍ෂණ විද්‍යාව දත් අයෙකුට ඔවුන් පහසුවෙන් හඳුනා ගෙන ඔවුන්ගෙන් ඈත්ව ජීවත්වීමට හැකියාව ලැඛෙනවා මෙන්ම ඔවුන්ගෙන් වන හානියද අවම කර ගත හැක. මිනිස්‌ සිරුරේ අනිකුත් අංග මෙන්ම ගෙලද ගති ගුණ විදහාපාන ප්‍රබල අංගයෙකි. මෙම ලිපිය තුළින් පුරුෂ ගෙල පිළිබඳව පසක ලා ස්‌ත්‍රී ගෙලෙන් කියෑවෙන ගතිගුණ සලකා බලමු.

  • ස්‌ත්‍රියගේ ගෙලෙහි නහර ඉලිප්පී තිබීම. මෙවන් ස්‌ත්‍රීන් ඉතා නපුරුය. කලහකාරීය. යුතුකම් පැහැර හරියි. ආගම දහමට ගරු නොකරයි. තම අයිතිය වෙනුවෙන් නිතර සටන් කරයි. ගෙදර සාමය නැති කර දමයි. මොවුන් මහලු වියේදී දුකට පත්වන අතර කෝපය නිසාම සියදිවි නසා ගැනීමට පෙළඹේ.
  • ඉතා කොට ඛෙල්ලක්‌ හිමි ස්‌ත්‍රිය. මෙවන් ස්‌ත්‍රීන් මායමින් අන් අය රවටයි. වචනය පිරිසිදු නැත. දිළිඳු ජීවිතයක්‌ ගත කරයි. ඉතා කපටිය. තැන තැන කේලාම් කියමින් ඇවිදියි. මොවුන් දැඩි ආත්මාර්ථකාමීන්ය. මුදල් ඉපයීමට, සැප සම්පත් සෙවීමට මෙවන් ස්‌ත්‍රීන් අසම්මත ක්‍රියාවල වුවද යෙදේ.
  • ඉතා මහත් වූ ඛෙල්ලක්‌ හිමි ස්‌ත්‍රිය. ජීවිතයේ බොහෝ දුක්‌ ගැහැට විඳීමට සිදුවේ. මොවුන්ගේ විවාහ ජීවිතය අසාර්ථක වන අතර දරුවන්ගෙන්ද සහනයක්‌ නැත.
  • ඉතා දික්‌ වූ ඛෙල්ලක්‌ හිමි ස්‌ත්‍රිය. මෙවන් ස්‌ත්‍රීන් උපායශීලී වේ, ඥනවන්තය, පුරුෂ ආකර්ෂණය වැඩිය. අනුරාගීය. මොවුන් පිරිමින් මුළාකොට නොයෙකුත් වැඩ කරවා ගනී. සැප සම්පත්වලට ගිජු මෙවන් ස්‌ත්‍රීන් මුදල් ඉපයීම සඳහා සමාජ විරෝධී වැඩවල යෙදේ. ආත්මාර්ථකාමී ගති වලින් පිරුණ මැය ගෙදර ගෘහ මූලිකයා ලෙස කටයුතු කරයි.
  • පැතැලි වූ ගෙලකට හිමිකම් කියන ස්‌ත්‍රිය. ජීවිතය පිළිබඳව පුළුල් අවබෝධයක්‌ ඇති ස්‌ත්‍රියකි. අනුන්ට බොහෝ උදව් උපකාර කරයි. නමුත් මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහය බොහෝ විට කැඩී යයි. නොඑසේ නම් අවිවාහකව ජීවත් වේ.
  • සාමාන්‍යයෙන් මසින් පිරුණු, මධ්‍යම ප්‍රමාණයේ ඛෙල්ලක්‌ හිමි ස්‌ත්‍රිය. මෙවන් ස්‌ත්‍රීන් මෘදු වදනින් කථා කරන, කරුණාව, දයාව ඇති ධනවත් අයවේ. මොවුන්ගේ විවාහක ජීවිතය සාර්ථක වන අතර දරුවන්ගේ හා තම සැමියාගේ ආදර ගෞරවය නොඅඩුව ලබයි. මොවුන් මුළු ජීවිතය පුරාවටම සතුටින් ජීවත් වේ. වාසනාවන්ත ස්‌ත්‍රියකි.
  • ඛෙල්ල රතු පැහැ වූයේ නම්, මෙවන් ස්‌ත්‍රීන් ජීවිතයේ බොහෝ සැප සම්පත් විඳියි. කරුණාවන්ත, හොඳ සැමියෙක්‌ විවාහයට ලැබේ. මැයද කරුණාවන්ත ස්‌ත්‍රියකි. හැම වැඩක්‌ම පිළිවෙළට කරනු ලබන මෙවන් ස්‌ත්‍රීන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතිනියන්ය.
  • ඛෙල්ලේ වළලු මෙන් රේඛා ඇති ස්‌ත්‍රිය. මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. සමාජයෙන් කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය නොඅඩුව ලබයි. පොහොසත් සැමියෙක්‌ ලබන පිහිටීමකි. විවිධ ශිල්පීය දැනුම ඇත්තියෙකි. පරිපාලනයට දක්‍ෂය.
  • ඛෙල්ලේ රෝම සුලියක්‌ ඇති ස්‌ත්‍රිය. මෙවන් ස්‌ත්‍රීන් තත්ත්වය, ගෞරවය නොසලකා වැඩ කරයි. තම සැමියාට අපල ගෙන දෙන පිහිටීමකි. සැමියා දිනෙන් දින දිළිඳු භාවයට පත්වේ. විවාහය අසාර්ථක වේ. සමාජ විරෝධී වැඩවල යෙදේ. මොවුන්ගේ ජන්ම පත්‍රයේ ප්‍රබල සුබ යෝග ඇත්නම් පමණක්‌ නරක පලදීම අඩුවේ.
  • දිග රවුම් ඛෙල්ලක්‌ හිමි ස්‌ත්‍රිය. මෙවන් ස්‌ත්‍රීන් තම සැමියාට ඉතා හිතවත්ය. විවාහය සාර්ථක එකක්‌ වේ. සමාජයෙන්ද ගරු බුහුමන් නොඅඩුව ලබයි.
  • වක්‍ර වූ ඛෙල්ලක්‌ හිමි ස්‌ත්‍රිය (රවුම් ඛෙල්ල) මෙවන් ස්‌ත්‍රීන් අනුන් වෙනුවෙන් වෙහෙස මහන්සි වේ. ජීවිතේ ගොඩනැගීමට අපමණ වෙහෙසක්‌ ගන්නා ස්‌ත්‍රියකි. මානසික පීඩා උපරිම වේ. පරාර්ථකාමී වැඩ කොපමණ කළද ජීවිතේ කිසිදිනක ප්‍රශංසා නොලබයි.
  • ගෙල කලු පැහැති ස්‌ත්‍රිය (සමේ වර්ණයට සාපේක්‍ෂව) මෙවන් ස්‌ත්‍රීන් පුරසාරම් දොඩවයි. නිතර රෝගාබාධවලින් පෙළෙන ස්‌ත්‍රීන් වේ. සාමාන්‍ය ප්‍රමාණයට ධනය ඇති ස්‌ත්‍රියක්‌ වුවද කථාවෙන් කෝටිපතිනියක්‌ සේ හැසිරේ.

පානදුරේ පී.බී. මංජුලා පුෂ්පරාංගනී
උපුටා ගැනීම දිවයින පුවත් පත