🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මේෂ ලග්න හිමියෝ ප්‍රේමයේදී අවංකයෝය

මේෂ ලග්න හිමියෝ ප්‍රේමයේදී අවංකයෝය

  • බිරිඳට හෝ සැමියාට හැර අන් කිසිවෙකුට හිස නවන්නේ නැත.
  • වහා වැටහෙන නුවණින් යුතුය. 
  • ඇග උණුසුම් සිත නොසන්සුන්.

මේෂ රාශිය එළුවකුගේ ආකාරයට විසුරුනු තාරකා සමූහයකින් සමන්විතය. යමෙකුගේ ලග්නය මෙය වුවහොත් මෙහි ඇතැම් ගති ලක්ෂණ ඔහුට හෝ ඇයට පිහිටයි. දෙමව්පියන්ගේ ජාන ශක්තීන්ට අමතර වශයෙනි. 

  • මේෂ ලග්න හිමියන් සාමාන්‍ය ප්‍රමාණයේ ශරීර ස්වභාවයක් ඇත්තෙක් වේ. යහපත් වූ අඟ පසඟ ඇත්තේය. ශරීරය සෘජුව තබයි. කඩිසර ගමන් ඇති වේ. කොන්ඩය කැරලි ගැසුනෝ වෙති. එහි හිඟයක් නොමැත. රැවුල් ඇත්තේය. කවිකර, ශබ්ද නඟා කෙරෙන කථා ඇත්තේය. බොරු‍‍ෙවක්, වංචාකාරයෙක් නොවේ. බොහෝ විට ඇත්ත කථා කෙරෙයි. 
  • මේෂයේ ලග්නාධිපති නැත්නම් රාශීයේ රාශි අධිපති එහෙයින්ම ආත්මයේ අධිපති කුජ හෙවත් අඟහරුය. අඟහරු ග්‍රහ මණ්ඩලයේ සටන් කාමියා වෙයි. යුධ සේනාධිපති ඔහුය. වර්ණය රතුය. රතු භෝජන වළඳයි. එහෙයින් මේෂ ලග්න හිමියන්ට කුජගේ ගතිගුණ ද පිහිටයි.
  • මේෂය සටන්කාමී රාශියකි. හිතුවක්කාරය. එඩිතරය. කෲර, රාශියකි. චර රාශියකි.එහෙයින්ම පිරිමියකුට අයිති නියම පුරුෂ ගතිය පිහිටයි. ගිනි රාශියක් බැවින් එඩිතරය. සටන් කාමීය. තමන්ගේ උවමනාකම් කෙසේ හෝ පිරිමහා ගනියි. තේජවන්ත ගතිය නිසාම කාටවත් හිස නොනමයි.
  • උසස් අදහස් ඇති වේ. කාටවත් හිස නොනමන ගතියක් ඇති වේ. ඉතින් හිස නමන්නේ නම් පුරුෂයා නම් බිරිඳට පමණිය. ස්ත්‍රියක් නම් තම පුරුෂයාට පමණය. කිසිවක් ඉල්ලීමට කැමති නොවේ. ස්භාවික වුවත් මුල් පුටුම වින කරයි. මෙසේ ඉදිරියට යාමේ ආශාවක්,දක්ෂ කථිකත්වයක් නිසා නිතරම කීර්තිය හා ජය ලබයි. එය පසුපස හඹා යෑමට කැමැත්තේ වෙයි. බොහෝ කඩිසරයි.
  • ක්‍රියාවෙහි දී ඉතා ශූරය. බැරි වැඩ වුව ද බාර ගනී. නිතරම ආඩම්බර බවින් යුතුය. කළගුණ සලකන සංවර වූ ඉඳුරන් ඇත්තේය. ප්‍රයෝගයෙහි දක්ෂය. කුප්‍රකට ය. ආත්මාර්ථකාමී හැඟී‍ෙමන් නොවේ. සංවර වූ ඉන්ද්‍රියන් ඇත්තේය. බිරිඳ දරුවන්ට ඉමහත් ප්‍රේමයෙන් යුක්තය.
  • අන්‍යයන්ට ද ප්‍රේම කරයි. බඩගිනි ඉවසිය නොහැක්කේය. පරාජය භාරගත නොහැකි නම්, මේෂයෙහි උපනවුන්ට වාද තර්ක ජය ගත නොහැක. කටින් ගසා ජය ගත නොහැක. ඉක්මණින් කිපෙන හෙයින් වාදයක් ජයගත නොහැකි නම් කුමක් හෝ රණ්ඩුවක් පටලා ගනී.
  • කෙසේ හෝ ජය ගැන්මට සිතයි. වාදයට, සටනට එළඹෙන්නට භය නැත. ඒ සටන්කාමී ගතිය නිසාවෙනි. වහා වැට‍ෙහන නුවන ඇති වේ. ඉදිරියේ වෙන දේ නුවණින් දකියි. එහෙත් කුමන්ත්‍රණ ප්‍රයෝග ආදියට දක්ෂ නැත. විශාල ව්‍යාපාර,වෙළෙඳ ව්‍යාපාර ආදිය ක්‍රමවත්ව කිරීමට පවත්වාගෙන යාමට දක්ෂය. එය බොහෝ දුරක් පවත්වාගෙන යා හැකිය.
  • ඉක්මණින් ඇතැම් විට තීරණ ගනී. නායකත්වයට දක්ෂය. වහා වැටහෙන නුවණ ඇති වේ. රාශි මණ්ඩලය ප්‍රථමය බැවින් බොහෝ වැදගත්ය. යුක්ති සහගතය. බොහෝ ශ්‍රේෂ්ඨයන් මේෂයෙන් උපන් අය වෙති. ඇති දුර්වල කම් බැලූවිට උෂ්නාධික ගතිය වැඩි බැවින් දැවිලි රෝග, ශරීරය උෂ්ණ රෝග ආදිය වැළැදීමට හිතකරය. මොලේ අමාරු, ක්ලාන්ත රෝග, නින්ද නොයාම, ලෙහෙසියෙන් සෑදෙන රෝග වෙයි. මහා කාර සිංහය. මහා තාවතාථය වැනි යන්ත්‍ර ප්‍රතිකාර යෝගය්‍ය.
  • මෙය මෙසේ කීව ද ග්‍රහ ‍නම දෙනා හා නිත්‍ය පිහිටන ආකාරය ද මහා දසා අනු දසා පිහිටන ආකාරය ද මේෂයේ අයිතිකරු වන කුජගේ පිහිටීම, නෛර්සර්ගික බලය පිහිටි භාවය දෘෂ්ටිය ආදීන් කරන කොට ගෙන මෙම ඉහතකී ක්‍රමය වෙනස් විය හැක්කේය. ඉදිරිය‍ට යෑමේ දී මේ ක්‍රමයත් ඔබට හොඳින්ම වැටහෙනු ඇත. වෘෂභ රාශිය රාශි මණ්ඩලයේ දෙවන රාශියයි. ගොනෙකුගේ ස්වරූපයට විහිදුනු තාරකා මණ්ඩලයකින් සැදුනේ වෙයි. එය ද පිටින් උදාවන ආකාරයක් පෙන්වයි. එහෙයින් පිටින් උදාවන රාශියකි. ස්ථීර රාශියකි. රාත්‍රී බල රාශියකි. සනි රාශියකි . පෘථි වි රාශියකි.

උපුටා ගැනීම සෙත්මිණ