🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ලග්නය වෘෂභද? එහෙනම් මෙය කියවන්න

ලග්නය වෘෂභද? - එහෙනම් මෙය කියවන්න

වෘෂභ ලග්න හිමියා ගැන හරියටම කිව හැක්කේ වෘෂභ ලග්න හිමියාටම පමණි. මේ නිර්වචනය වෘෂභ ලග්න හිමියාට කදිමට ගැළපේ. ඔහු හෝ ඇය ඒ තරමටම තේරුම් ගත නොහැකි ගුප්ත චරිතයකි. මේ නිසාම තමන්ගේ ඉලක්කය කරා යෑමට සූරයෙකි. තමස් හෙවත් ස්ථිර ගුණැති වෘෂභය පඨවි මෙන්ම තිර රාශියකි. යමක් ආරම්භ කළහොත් මැරීගෙන වැඩ කිරීම මොවුන්ගේ පැසසිය යුතු ගුණයකි. පුංචිම දෙයකින් වුව අවසානය වැඩි කර ගන්නට තරම් කැපවීමක් දැක්මක් වෘෂභ ලග්න හිමියා සතුවේ. තරමක් උඩගු, සැගවුණු අදහස්වලින් යුත් දරදඬු හා මුරණ්ඩු අදහස් ඇති, වෘෂභ ලග්න හිමියා තේරුම් ගැනීමට අමාරු සටනින් නියත ජය අපේක්‍ෂා කරන ආත්මාර්ථකාමී එහෙත් විචක්‍ෂණ දැක්මක් සහිත දිගු දුර දක්නා නුවණැතියෙකි.

වෘෂභ ලග්න හිමියා ලෞකික ජීවිතයට බෙහෙවින් ඇලූම් කරන්නෙකි. නොපෙනෙන ලෝකයක් ගැන සිතමින් කාලය ගෙවනවාට වඩා දකින ලෝකය ගැන විශ්වාසය තබා කටයුතු කිරීම මොවුන්ගේ හැටියකි. ප‍්‍රායෝගික බුද්ධියෙන් යුත් හෙයින් ඉපයීමට දක්ෂයෝය. කළමණාකාරීත්වය පිළිබඳ උපන් හැකියාවැති මොවුහු විශේෂයෙන් කෘෂි කර්මාන්තයට, හෝටල් හා සංචාරක කර්මාන්තයට දක්‍ෂයෝ වෙති.

ජීවිතයම රෝස මල් යහනාවක් විය යුතු යැයි සිතන වෘෂභ ලග්න හිමියෝ පුංචි දුකක් කරදරයක් වුව විඳ දරා ගැනීමට හැකියාවක් නැත්තෝ වෙති. වෘෂභ ලග්න හිමි ස්ත‍්‍රී පුරුෂ දෙපිරිසම මන බඳනා රූ සපුවකට හිමිකම් කියති. කෙනෙකුගේ මුහුණට යමක් නොකියතත් උගුල් ඇටවීමට දක්‍ෂයෝය. කතාව පණ දීමට වුවත් ක‍්‍රියාව ස්වාර්ථය උදෙසාම වෙයි. එකට කෑවත් අනෙකා බිල ගෙවන තුරු අවධානය වෙනතකය. බැරිම තත්ත්වයක් උදා වුවහොත් තමන්ගේ අලාභය පමණක් ගෙවා දමයි. ඉහත ලක්‍ෂණයන්ගෙන් යුත් වෘෂභ ලග්න හිමියා ලෞකික වශයෙන් දියුණුව ලැබීමට සමතෙකි. ගේ දොර අලංකාරය පිළිබඳව දැඩි අවධානයෙන් යුතුය. නවීන විලාසිතාවන්ට ආශා කරයි. කෙසේ හෝ එවැනි දේවල් තමා සතු කර ගනී. නිරතුරු සැපපහසුකම් අපේක්‍ෂා කරයි. ඝෞ්ෂාකාරී නාගරික පරිසරයෙන් ඈත්ව තුරුවදුලූ සහිත ඉඩ කඩ සහිත ග‍්‍රාමීය පරිසරයක පදිංචියට ආශා කරන්නෝ මොවුහු වෙති.

වෘෂභ ලග්න හිමියා ප‍්‍රියමනාපය. වාග්මාලාව ළගන්නා සුලූය. මිහිරි හඬකි. ලේඛන කලාවෙන් සංගීතයෙන් ඉදිරි ගමනක් යෑමේ උරුමයන් සහිතය. අන්‍යන්ගේ සිත් වසග කර ගැනීමේ උපන් හැකියාවෙන් යුතු හෙයින් කළමනාකාරීත්ව රැුකියා සඳහාද මෙවැන්නෝ සුදුසු වෙති.

ග‍්‍රහ ලොව සුරතලිය හෙවත් සිකුරු වෘෂභ ලග්නයට අධිපති ග‍්‍රහයා වෙයි. වාහන ලාභ සඳහා ප‍්‍රමුඛ වන සිකුරු ගේදොර වතුපිටි ආදී භෞතික සම්පත් ලබා දෙන සුභ ග‍්‍රහයෙකි. සිකුරු ලග්නයේ ස්වක්‍ෂේත‍්‍ර වෙයි. එවන් අය රූප ශෝභාවෙන් යුතු කාගේත් ආදරයට සුරතලයට ලක් වන්නෝය. නෑදෑ සිත් සතන් දිනා ගනිමින් ඔවුන්ගෙන් උදව් උපකාර ලැබීමට අවස්ථාව උදාකර ගනිති.

5 වැන්නේ සබඳතාවය නිසා පේ‍්‍රම සබඳතා ගැන සැලකිලිමත් වීම යහපත්ය. පාප දෘෂ්ටි නොලැබේ නම් අධ්‍යාපනයට වුව යහපත් පිහිටීමකි. නවවැන්නේ හෙවත් භාග්‍යස්ථානයේ පිහිටීම විදේශ ගමන්වලට සුදුසුකමකි.

ආදරය හා පේ‍්‍රමය ඉදිරියේ වෘෂභ ලග්න හිමියා බුද්ධිමත් ලෙස හැසිරෙයි. ස්ථාවර ආදරයට මුලපුරන්නේ ප‍්‍රතිවිරුද්ධිකයාගේ ආ ගිය මුල ගිය තැන් සොයා බැලීමෙන් පසුවය. තාවකාලික බොළඳ පේ‍්‍රමයක් ප‍්‍රතික්‍ෂේප කිරීමට පෙළෙඹෙන ඔහු /ඇය හැගීම්වලට වහල් නොවේ. ගන්නා තීරණ වෙනස් නොකරන එවැන්නෝ අනෙකා තම ග‍්‍රහණයට නතු කර ගනිති. කරදර මධ්‍යයේ වුවද එමගින් ස්ථාවර පවුල් ජීවිතයක් ගත කිරීමට වෘෂභ ලග්න හිමියෝ සමත් වෙති.

සිකුරු බලවත් ජන්මියා වාහන ලාභියකි. හතර වැන්නේ සිකුරු නිවසක උරුමය ලබාදෙයි. වෘෂභ ලග්න හිමියාගේ හතර වැන්න රවි හිමි සිංහය වුවද මෙතැනදී රවිගේ ඉදිරියට යෑමේ ගුණය සිකුරු ආරෝපණය කර ගනී. සුළු දෙයකින් ආරම්භ කරනා දෙයක් වුවමනා පරිමාණයෙන් අවසන් කිරීමට මෙවැන්නෝ වග බලා ගනිති.

හත්වැන්නේ සිකුරු හිමි සහකාරිය තම සහකරුට සැප සම්පත් ලබා දීමට සමත් වෙයි. වෘෂභ ලග්න හිමියාගේ හත්වැන්න කුජ හිමි වෘශ්චිකයයි. විවාහ සතුට නොමඳවම ලබන්නෝය. අධික කාමභෝගී පිහිටීමක් වුවද ගැළපෙන සහකරුවෙක් හෝ සහකාරියක් හමුවේ එය සුන්දර අත්දැකීමක් කර ගැනීමට ඔවුන් බුද්ධිමත්ය.

සිකුරු දහවැන්නට යහපත්ය. උසස් තනතුරු රැුකියා ලැබීමට මෙන්ම දක්‍ෂ පාලකයෙක් සඳහා වටිනා පිහිටීමකි. අන්‍යයන් තම වසගයට ගනිමින් පාලන කටයුතු මනා ලෙස පවත්වාගෙන යෑමට වෘෂභ ලග්න හිමියා සමත් වෙයි.

වෘෂභ ලග්න හිමියාගේ දොළොස්වැන්නේ සිකුරු පිහිටීම එතරම් ශූභදායක නොවේ. හිතුවක්කාරී ගති පැවතුම් හේතුවෙන් අනවශ්‍ය සණ්ඩු සරුවල් මගින් නැති කරදර පටලවා ගනී. පවුල් දිවිය තුළ වුවද මෙම තත්ත්වය දැකිය හැකිය. ඉවසීමෙන් කටයුතු නොකළ හොත් දික්කසාද වැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය හැකිය.

වෘෂභ ලග්න හිමියාගේ සාමාන්‍ය ගති පැවතුම් මෙයාකාර වුවත් කේන්ද්‍රගත ග‍්‍රහ පිහිටීම් හි බල දුබලතාව අනුව එකිනෙකා අතර සුළු සුළු වෙනස්කම් දැකිය හැකි වෙයි. එහෙත් ප‍්‍රධාන ගති ගුණවලට ඒවායේ බලපෑම එතරම් බරපතළ නොවේ. සිකුරු ලග්න ගත වෘෂභ හිමි කේන්ද්‍රයක චන්ද්‍රයාද බලවත්ව (උච්ච වෘෂභ ස්වක්‍ෂේත‍්‍ර කටක) පිහිටා ඇත්නම් ලැබීම් අතින් ඔහු හෝ ඇය පැරදවීමට සමතෙක් සිටී දැයි සැක සහිතය.

උපුටා ගැනීම දිවයින