🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

“මං හැමති‍ස්සෙම ඉන්නෙ බයෙන්”

“මං හැමති‍ස්සෙම ඉන්නෙ බයෙන්” සුරුමත් ජීවිතයක් ගතකළ ද, ජනප්‍රිය නිළි පෙනිලොප් කෲස් නිරතුරුවම සිටින්නේ බිය, සැක මුසු වූ සිතකින්ලු. මේ බව ලොවට හෙළිකළේ ඇය විසින්මයි. “මම ගොඩක් කල් ඉඳල ජීවිතේ ගතකරන්නෙ බයෙන්, සැකෙන්. මොන හේතුවක් නිසා ද දන්නෙ නැහැ. මේ හැඟීම් මගෙ හිත ඇතුළෙ තිබුණට මම ඒව පිට අයට දැනෙන්න ඉඩ තියන්නෙ නැහැ. මට ඒ හැඟීම් යටපත් කරගෙන ඉන්න පුළුවන්. මං හිතන්නෙ හැඟීම් හංගාගෙන ඉඳීමේ හොඳ පළපුරුද්දක් මට තියෙනව කියලයි. කොච්චර හිතේ කරදර තිබුණත් මම අනෙක් අයට කියන්න යන්නෙ නැහැ. එහෙම කිව්වොත් ඒ අයත් පිස්සු වැටෙයි” පෙනිලොප් මෑතකදී ඇමෙරිකානු පුවත්පතක් සමඟ එලෙස කියා තිබුණා. ඇයට මේ සැක - සංකා, බියජනක හැඟුම් ඇතිවුණේ සැමියාගෙන් හෝ දරුවන් දෙදෙනාගෙන් නොවෙයි. සැමියා, ජාවියර් බාඩෙම් සමඟ ඇය සාමකාමීව ජීවත් වෙනවා. වැඩිමල් දරුවා දෙහැවිරිදි ලෙනාඩෝ. දියණිය ලුනා තවමත් පස්මසක බිලිඳියක්. හෙන්රි කැවිල්ට ‘සුපර්මෑන්’ චරිතයක් ක්ෂකයන් අතර ජනප්‍රිය වූ ‘මෑන් ඔෆ් ස්ටීල්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ළඟදීම රූපගත කිරීම ආරම්භ කරන බව හොලිවුඩ්පුරයෙන් වාර්තා වෙනවා. ‘සුපර් මෑන්’ සහ ‘බැට්මෑන්’ චරිත දෙක ඇතුළත් වන මෙහි ‘සුපර් මෑන්’ ගේ චරිතය සුපුරුදු විලසින් නිරූපණය කරන්නේ හෙන්රි කැවිල්. ‘බැට්මෑන්’ ලෙස බෙන් ඇ‍ෆ්ලෙක් රඟපෑමට නියමිතයි. තවත් ජනප්‍රිය නළුවෙකු වන ජේසන් මොමෝආ ද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට තෝරාගෙන තිබෙනවා. ඔහු, සුපිරි බලයක් සහිත පිටසක්වල ජීවියකු ලෙස රඟනු ඇතැයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ සැක් සින්ඩර් පවසනවා. ගැල් ගැඩොට් මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වනු ඇතැයි පැවසෙනවා. මේ චිත්‍රපටය ලබන වසරේ දී තිරගත වීමට නියමිතයි. සෙලීනාගෙන් යෙහෙළියට අවවාදයක් වුන් ගායිකා සෙලිනා ගෝමස් ගේ මිතුරියක් තමයි, ඩෙමී ලොවැටෝ. කොකේන් නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි ඩෙමීව 2010 දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරුණා. පසුගියදා, සෙලිනා ඇගේ දුක සැප විමසන්නට එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගියා. එහිදී තම මිතුරිය මුණගැසුණු සෙලිනා, ඇගේ ජීවිතයට වැදගත් වන කරුණු රැසක් කියා දුන්නා. සෙලිනා පැවසූ කාරණා දේශනයකට සමාන කළ හැකි බවයි, එය අසාගෙනසිටි අනෙක් තරුණ තරුණියන් පැවසුවේ. සෙලිනාගේ ‘දේශනයෙන්’ තමන්ගේ සිතට නව දිරියක් ලැබුණු බව ඩෙමී පැවසුවා. ඩෙමී පසුගිය කාලය තුළ මත්ද්‍රව්‍යවලට කොයිතරම් ඇබ්බැහි වී සිටියා දැයි ඇගේ මේ වදන්වලින්ම වටහාගත හැකියි... “මට මත්ද්‍රව්‍ය නැතිව පැයක්වත් ඉන්න බැරිවුණා. ප්ලේන් එකක යනකොට පවා මේවා ඕනෑ වුණා” අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසා පාලනයකින් තොරව අධික ලෙස ආහාර ගත හැකිවීමේ රෝගී තත්ත්වයක් ද ඇයට වැලඳී තිබුණා. ටෙලි වෘත්තාන්තය නවකතාවකට බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල්’ ලොව පුරා රටවල් රැසක විකාශය වූ ජනප්‍රිය ඇමෙරිකානු ටෙලි වෘත්තාන්තයක්. මීට ටික කාලයකට පෙර, මෙය ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාළිකාවක ද විකාශය වුණා. ළඟදීම මේ ටෙලි වෘත්තාන්තය නවකතා පොත් පෙළක් වශයෙන් එළිදැක්වීමට නියමිතයි. එහි මුල් කොටස ලබන පෙබරවාරි මාසයේ දී නිකුත් කෙරෙන බව එම පොත් පෙළ ප්‍රකාශයට පත්කරන පෑන් මැක්මිලන් සමාගම පවසනවා. මේ අනුව ‘බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල්’, නවකතා පොත් පෙළකට නැ‍ෙඟන මුල්ම ටෙලි වෘත්තාන්තය ලෙස සැලකිය හැකි බවයි එම ඕස්ට්‍රේලියානු ග්‍රන්ථ ප්‍රකාශන සමාගම පවසන්නේ. මෙම පොත් පෙළෙහි දෙවැනි කොටස ලබන අප්‍රේල් මාසයේදී ද, තුන්වැන්න ජූනි මාසයේ දී ද නිකුත් කරන්නට නියමිතයි. ආදරය, අනුරාගය කැටිවූ ‘බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිෆුල්’ රචනා කළේ ඇමි ඇන්ඩෲස් සහ ෂැනන් කර්ට්ස්. පුතා ගැන සිතා මිරැන්ඩා සැමියා ළඟට පිරි නිළි මිරැන්ඩා කෙයර් තම සැමියාගෙන් වෙන්වී කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් සමඟ හාද වී ඇතැයි පසුගිය සතියේ මේ පිටුවෙහි සටහන් වුණා. ඒ වුණත් ටික දිනකට පසුව මිරැන්ඩා තීරණය කර ඇත්තේ නැවතත් තම සැමියා වන ඕලැන්ඩෝ බ්ලූම් වෙතට ළං වෙන්නටයි. ඔහු වෙත යන්නට හේතු වූ කාරණය ඇය‍ මෙ‍ෙලස පැහැදිලි කළා. මේ හැම දේකටම වඩා මට මගේ පුතා ගේ සතුට වටිනවා. පුතාගෙ වයස තාම අවුරුදු 2යි. මගෙත්, ඕලැන්ඩෝගෙත් එකම වස්තුව අපේ පුංචි පුතා‍. ඒ නිසා අපි දෙන්නම හිතුවා හැම දෙයක්ම අමතක කරලා පුතා වෙනුවෙන් ආයෙමත් එකතු වෙන්න” මිරැන්ඩා පැවසුවා. ඇය උපන්නේ ඕස්ට්‍රේලියාවේ. මේ දිනවල පදිංචිව සිටින්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර. පසුගිය සතියේ ඇය ‘රෝමියෝ ඇන්ඩ් ජුලියට්’ වේදිකා නාට්‍යයෙහි රඟපෑවා. සුජීව තේවහෙට්ටිගේ උපුටා ගැනීම සිළුමිණ