🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සන්ධිවාත රෝගය පහසුවෙන් සුව කළ හැකි පාරම්පරික රහස් වෛද්‍ය ශාස්ත්‍රයක මහිම

අපේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ආසියාකරයේ බොහෝ ප්‍රායෝගික වෛද්‍ය විද්‍යා දැනුමද රැගෙන අත්හදා බලා තවදුරටත් පෝෂණය කොට ගත්තක්. ඒ නිසා ඕනෑම රෝගයකට වඩාත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් හා සත්කාර තත්ත්වයකින් එය පොහොසත්.

එනිසාම ලක්දිව ජීවත් වුණු බොහෝ පැරැන්නෝ අකාලයේ මියගියේ නැහැ. ප්‍රතිකාර නොලබා දුක්විඳ මැරුණේ නෑ. රට පුරාම ඔසු උයන් තිබුණා. ඊට රජුගෙනුත්, ප්‍රාදේශීය නායකයන්ගෙනුත්, රටවැසියන්ගෙනුත් නොමඳ සහායක් ලැබුණා. මිනිසුන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා. ඉතින් කොහොමද ලෙඩ හැදෙන්නේ.

“අද බොහෝ දෙනා වඩාත් වේදනා විඳින, සුවකරගන්නට බැරි යැයි සිතන ඉංගී්‍රසියෙන් “ආතරයිටිස්” කියලා හඳුන්වන “සන්ධිවාත රෝගයට” නිසැකවම ස්ථිර වෙද ප්‍රතිකාර රාශියක්ම තිබුණා. බොහෝ ඒවා ටික කාලයක් ශරීරය තුළට බෙහෙත් දීලා ඒ අනුව සිරුර තුළ ඇතිවන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කරලා සුව කළ හැකි දෙයක්.

තවත් අවස්ථාවක ශරීරය තුළට බෙහෙත් දෙන ගමන් එයින් ප්‍රතිචාර දක්වමින් තිබෙද්දීම බාහිරින් කරන සත්කාර්යයන් හා තෙරපුම්, ගැල්වීම්, සාත්තු වැනි ක්‍රමවේද අනුව සුවපත් කරවනවා. තෙවැන්නේදී එසේ කරන අතරම සුව වෙන්න ඕනෑ මානසික පසුබිම වෙනස් කරවනවා. ලෙඩාට “තමන් දැන් සුවවෙමින් තියෙනවා” යන්න හැඟෙන, දැනෙන, තරමට ප්‍රතිකාර දිගින් දිගටම කරගෙන යනවා. එතැනදී රෝගියාත් මීට මානසිකව ඒකාග්‍ර වුවහොත් සුව වීමේ සම්භාවිතාව වඩාත් වේගවත් වෙනවා.”

ආතරයිටිස් හෙවත් සන්ධිවාත රෝගයේ මුල්ම අවස්ථාව දැනගත්තොත් ඊට අපේ වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කිරීම ඉතා ඉක්මන් කළ යුතුයි. ඒ වගේම ඉතා ඉක්මනින් ලෙඩා සුව වෙනවා. හැබැයි මේ ප්‍රතිකාර රෝගියා විශ්වාස කරනවා නම් තමයි වඩාත් ප්‍රතිඵල දීමේ වේගවත් බව දැනෙන්නේ.

මේ රෝගයේ ස්වභාවය තේරුම් නොගෙන ප්‍රතිකාර කළ බොහෝ වෙද්දු ළඟට ගිහින් ඵලක් නැතිව මා වෙත ආ රෝගීන් බහුලයි. හැබැයි බොහෝමයක් අය වැඩේ දුර දිග ගියාට පස්සෙයි අප ළඟට එන්නේ. එවැනි අසරණ අයට වුණත් ඉතා හොඳින් ප්‍රතිකාර අල්ලගන්න තැනට අප ගෙන එනවා. ඔහු යථා තත්ත්වයට ගන්නවා. ඒ අනුව ඔහුට විශ්වාසයක් ඇතිවෙනවා.

මේ රෝගයේ ඕනෑම අසීරු තැනක් අල්ල ගන්න ඔබේ ශරීරයේ නියමාකාර නිල ස්ථාන අපට හඳුනාගන්න පුළුවන්. එය නාඩි වැටෙන හැටියට, ස්නායු සංවේදී කරවන හැටියට වේගවත්ව ප්‍රතිඵල අත්කර දෙන්නක්.

‘වරයෝග රත්නාකරය’ කෘතියේ එන මේ කාව්‍යමය විස්තරය බලන්න.

‘පිරිමින් දකුණ අල්ලා ඇඟිලි හිරිහැර
ගෑනුන් වම් අතද ගෙන එම ලෙසට කර
සැකවින් ඒ හස්තය වූ නාඩි කිවියර
පවසමි ලකුණු කයකට පැමිණි තොරතුර’

තවත් තැනක තියෙනවා මෙන්න මෙහෙම.

‘ගෙලේ මුල දෙකයි එම ලෙස මුඛ නා සා
දෙදණය දෙකෙත අනිකුදු සඳපල පා සා
ඇති හැම නාඩි දැනගත් නුවණින් විමසා
මතුවන ගුණ දෙවනුව පවසමි නොල සා’

ඒ නිසා අප මුල් පරම්පරා දිවි හිමියෙන් සුරැකි මේ වෛද්‍ය ශාස්ත්‍රයට අනුව කියන්නේ පහසුවෙන් සුවපත් කළ හැකි රෝග තතත්වයක්.”

වෛද්‍යවරයා හමුවිය හැකි ස්ථාන මෙසේය. අඟහරුවාදා – අතුරුගිරිය සහ නිට්ටඹුව, බදාදා – රත්නපුර, සිකුරාදා – මහනුවර අඹතැන්න, සෙනසුරාදා – වෙන්නප්පුව, ඉරිදා – මහනුවර අඹතැන්න

වෛද්‍යාචාර්ය ජයන්ත බණ්ඩාර
අංකුඹුර, රාමකොටුව (072-4464957 / 071-6080849)

උපුටා ගැනීම මව්බිම