🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

වෘෂණ කෝෂ ඉදිමීමට තවත් හේතුවක්- හයිඩ්‍රොසීල්

වෘෂණ කෝෂ ඉදිමීමට තවත් හේතුවක්- හයිඩ්‍රොසීල්

වෘෂණ කෝෂ ඉදිමීමට හේතු කීපයක් බලපානවා. මේ හේතු සඟවාගෙන සිටීම තත්ත්වය උග්‍ර වීමට හේතුවක් වෙනවා. ප්‍රධාන හේතුවක් තමයි බරවා පරපෝෂිතයා ශරීරගත වීම. තවත් හේතුවක් තමයි හර්නියා තත්ත්වයක් ඇති වීම. එත් හයිඩ්‍රෝසීිල් කියන්නේ වෙනම තත්ත්වයක්.

හයිඩ්‍රෝසිල් කිියලා හඳුන්වන රෝගයේ ස්වභාවය කුමක් ද?
සරල ව කියනවා නම් වෘෂණ කෝෂවල ඉදිමීමයිි. මෙම ඉදිමීම වෘෂණ කෝෂ කරා එන හර්නියාවක් වෙන්නත් පූළුවන්. එහෙත් හයිඩ්‍රොසිල් කියන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්. මෙහි දී වෘෂණ කෝෂයට පිටතින් තිබෙන පටකයක් තුළට ද්‍රව්‍යයක් පිරීම සිදු වෙනවා. ඒ නිසා වෘෂණ කෝෂය වටා තිබෙන පටකය ඉදිමෙනවා. හයිඩ්‍රොසිල් කියන නමේ තේරුමත් "ජලය පිරුණූ බූබූලක් වගේ" යන්නයි.

හර්නියා ඇති වූ අවස්ථාවේ දී සිදුවන වෘෂණ කෝෂ ඉදිමීමත්, හයිඩ්‍රෝසීල් අවස්ථාවේ දී සිදුවන වෘෂණ කෝෂ ඉදිමීමත් අතර තිබෙන්නේ සමානකම් ද නැතිනම් වෙනස්කම් ද?
මේ අවස්ථා දෙක ම ඉතා සූළුවෙන් පටන් ගෙන ක්‍රමයෙන් විශාල වීමක් දක්නට ලැබෙනවා. එමෙ වූණත් මේ විශාල වීම තුළ වෙනසක් තිබෙනවා. මේ වෙනස වෛද්‍යවරයකුට වඩාත් පහසූවෙන් හඳුනාගන්න පූළුවන්. විමසිලිමත් වූණොත් තමන් ටත් හඳුනා ගන්න පූළුවන්. හර්නියා තත්ත්වයක දී මෙන් ම වෘෂණ කෝෂ විශාල වන නමූත් තවත් විටෙක දී එහි අඩූවීමක් ද දක්නට ලැබෙනවා. කහිනකොට, තටමන කොට එහි ප්‍රමාණයේ වැඩිවීමක් වෙන්නේ නෑ. වේදනාවක් දෑනෙන්නේත් නෑ.

මේ තත්ත්වය ඇති විමට අතිශයින් ම සූලබ හේතුව කුමක් ද?
වෘෂණ කෝෂ මහත් වීමට නැත්නම් විශාල වීමට තිබෙන සූලබ හේතුව තමයි බරවා පරපෝෂිතයා ශරීරයේ සිටීම. වෘෂණ කෝෂවලට මෙම බරවා පරපෝෂිතයා පැමිණ ආසාදනය ඇති කිරීම එපිඩෙමිඔකයිටිස් කියල හඳුන්වනවා. මෙහි දී සිදුවන්නේ වෘෂණ පටකවල ආසාදනයක්. මේ ආසාදනය නිසා නාල හිරවීමක් සිදුවෙනවා. තරලය පිරිමක් සිදුවන්නේ නෑ.

මෙම රෝග තත්ත්වයේ දී අත පය ඉදිමෙන බරවා රෝග තත්ත්වයක් ම ඇති කරනවාද ?
නැහැ. අත පය ඉදිමෙන බරවා රෝගය දක්නට ලැබෙන්නේ නෑ. නමූත් සූලබ ව මෙම රෝගය දක්නට ලැබෙනවා. මෙයට හේතුව තමයි බරවා පරපෝෂිතයා ශරීරයේ සිටීම.

වෘෂණ ඉදිමීමක් ඇති වූණොත් සොයා ගැනීමට පිළිවන් පර්යේෂණ මොනවා ද?
සරල ම පරිකෂාව තමයි සමාන්‍ය රුධිර පරීකෂණය. මෙය බරවා ප්‍රතිදේහ පරිකෂණය කියලා හඳුන්වනවා. මෙම පරීකෂණයේ දී ඉයසිනොෆීිල් කියන සූදු රුධිරාණූ වර්ගයේ වැඩි වීමක් දකින්නට ලැබෙනවා නම් පෙනී යන්නේ බරවා පරපෝෂිතයා ශරීරගත වී සිටින බවයි. මේ හැරුණාම බරවා ප්‍රතිදේහ පරිකෂණය නැත්නම් ත්ඔ පරිකෂණය කරනවා. මෙම පරිකෂණය පූර්ණ පරිකෂණයක් නිසා නිවැරැදි ව බරවා පරපෝෂිතයා සිටිනවා ද කියා හඳුනා ගන්න පූළුවන්.

ඉයසිනොෆිල් ප්‍රමාණය රුධිරයේ වැඩිපූර තිබූණොත් කරන ප්‍රතිකාර මොනවාද?
හෙට්‍රසාන් කියන ඖෂධය සති දෙකක් නොකඩවා ගන්න අවශ්‍යයි. මෙම සති දෙකක කාලය තුළ එක වේලක් හෝ මග හැරීමෙන් නිසි සූවය ලැබෙන්නේ නෑ. මෙහි දී දෙන මාත්‍රාව දිනකට පෙති 6යි. මෙම පෙති 6 වේලකට පෙති 3 බැගින් දිනකට දෙවරක් හෝ වේලකට පෙති 2 බැගින් දිනකට තුන් වරක් හෝ ගත හැකියි. මෙහි ඇති වැදගත්ම දේ තමයි කිසිදු වේලක් හෝ මඟ හරින්නේ නැතිව සති දෙකේ ම ඖෂධ ගැනීමයි. මෙම ඖෂධ ගැනීමේ දී වෘෂණ ඉදිමීම අඩූ වූණොත් බරවා රෝග තත්ත්වයක් තිබෙනවා. එහෙත් අඩූවීමක් නොවූණොත් හයිඩ්‍රොසීල් තත්ත්වයක් තමයි තියෙන්නේ. තවත් හේතුවක් තමයි වෘෂණය වටා තිබෙන ශිරා ගැට ගැසී වෙරිකෝස් තත්ත්වයක් ඇතිවීම. මෙවන් තත්ත්වයකදී තිබෙන ප්‍රතිකාර තමයි ශල්‍යකර්මයක් කිරීම. එයට බිය විය යූතු නෑ. මෙහි දී බොහෝ දෙනා කරන දෙයක් තමයි ප්‍රජනන පද්ධතියේ නිසා මෙම තත්ත්වය සඟවාගෙන සිටීම. මෙයින් වන්නේ රෝගය උත්සන්න වීමයි. බොහෝ දෙනා වෛද්‍ය ප්‍රතිකාර සොයාගෙන එන්නේ රෝගය උත්සන්න වූණාමයි.

වෘෂණ ඉදිමීමට බලපාන වෙනත් හේතු මොනවාද?
දිගින් දිගට ම මූත්‍රා ආසාදනයක් තිබෙන විට ඒ සඳහා ප්‍රතිකාර නොකළොත්, ඒ නිසා එපිඩෙමිඔකයිටිස් කියන වෘෂණ කෝෂ ඉදිමීම ඇති විය හැකියි. මේක දෙපැත්තට ඇති වෙන්න පූළුවන්. ඒ කියන්නේ මූත්‍රා ආසාදනයක් නිසා වෘෂණ කෝෂ ප්‍රදාහයක් හෙවත් ඉදිමීමක් ඇති වෙන්නත් පූළුවන්. ඒ වගේ ම වෘෂණ කෝෂ ප්‍රදාහයක් නිසා මූත්‍රා ආසාදනයක් ඇතිවෙන්න පූළුවන්. සමාජ රෝග උත්සන්න වීමෙන් වෘෂණ කෝෂ ඉදිමීමක් හට ගන්නත් පූළුවන්.

බොහෝ තරුණයන් බර ඉසිලීම සිදු කරනවා. මෙවැනි දේවල් නිසා හයිඩ්‍රොසිිල් හෙවත් වෘෂණ කෝෂ ඉදිමීමක් ඇති වෙන්න පූළුවන් ද?
බොහෝ තරුණයින් බර ඉසිලීම් කරන විට ඔවූන් ගේ මස් පිඬූ හා ශරීරය වර්ධනය වේගවත් කිරීමේ අරමූණින් ශරීරයට දෑරීමට නොහැකි තරමට විශාල බර ප්‍රමාණයක් උසූලනවා. බර උසූලන විට, ශරීර මස් පිඬූ තද වීමක් හෙවත් ශක්තිමත් වීමක් සිදුවූණත් බර උසූලන මූල් අවස්ථාවේ දී මස් පිඬූ ශක්තිමත් නොවන බැවින් බර දැරිය නොහැකි නිසා හර්නියා තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ම වෘෂණ කෝෂ මහත් වීමක් ඇතිවෙනවා. මේ තත්ත්ව වෙන් වෙන් ව ඇති වෙන්නත් පූළුවන්. ඒ වගේ ම මේ තත්ත්ව දෙක ම එකට ඇති වන්නත් ඉඩ තිබෙනවා. කලක් බර ඉසිලීම් සිදු කරන විට පේශී ශක්තිමත් වීම නිසා හර්නියා තත්ත්වයක් ඇති වීමත් වෘෂණ කෝෂ ඉදිමීමත් සිදු වන්නේ නෑ. කෙසේ වෙතත් බර ඉසිලීම් සිදු කරන විට නිසි උපදෙස් අනූව කිරීමෙන් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නෑ.

මේ සඳහා තිබෙන ප්‍රතිකාර සහ දෙන උපදෙස් මොනවාද?
මෙවැනි තත්ත්ව වැඩියෙන් තිබෙන්නේ තරුණයින්ටයි. තරුණයින් බොහෝ දෙනා වෘෂණ කෝෂවල විශාල වීමක් තිබූණොත් සඟවාගෙන ඉන්නවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. වෛද්‍යවරයකු හමූවී අවශ්‍ය ප්‍රතිකාර ගැනීමයි අවශ්‍ය. එසේ නොවූණොත් නිරපරාදේ තරුණ ජීවිතයක් රෝගී විය හැකියි.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනිල් සමරනායක