🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගර්භාෂගත රෝග නොසලකා හරින්න එපා...

ගර්භාෂගත රෝග පිළිබඳව කතා කරන විට අතීතයට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් දක්නට ලැඛෙනවා. ගොඩක් වෙලාවට මාසික ආර්තවයේ සිදුවන අක්‍රමිකතා සමඟින් පටන් ගැනෙනා මෙම තත්ත්වය බොහොම පුළුල් පරාසයක් දක්වා විහිදී යනවා. ඒ අනුව ගර්භාෂ ගෙඩි, ඉදිමීම්, පිළිකා, හෝමෝන වෙනස්කම් හේතුවෙන් මේ ආකාරයට අක්‍රමවත් රුධිර වහනයක් දැකගන්න පුළුවන්.

කොහොමත් ඉතින් ගර්භාෂගත රෝගයක් කියූ සැ‚න් ගොඩක් අය කළබල වෙන්නෙ ගර්භාෂය ඉවත් කරන්න සිද්ධවෙයි තියන බයට එහෙම වුණු පම‚න්ම ගර්භාෂය ඉවත් කරන්නෙ නැහැ. ඒ තත්ත්වයන් සඳහා ඛෙහෙත් මගින්, ලුප පැළඳීම මගින් ප්‍රතිකාර ලබා දෙන්නට උත්සාහ කරනවා.

ගර්භාෂගත රෝග ඇතිවන්නෙ ඇයි?
පැහැදිලිවම ගත්තොත් සමහර රෝගවලට නිශ්චිත හේතුවක් පැහැදිලිවම සොයාගන්න නැහැ. හෝමෝනවල අසමතුලිතතා තමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නෙ. අද වනවිට පරිවෘත්තීය අසාමාන්‍යතාවත් ප්‍රබල හේතුවක් බවට පත්වෙලා. අතීතයට සාපේක්ෂව අද බොහෝ දෙනෙක් ස්ථුලතාවෙන් පෙළෙනවා. ස්ථුලතාවත් එක්කම ඩිම්බ මේරීමේ ගැටලූ වගේම ඩිම්බ පිටවීමේ අක්‍රමිකතා ඇතිවන අතර එමඟින් ගර්භාෂගත රෝග වැඩ්වෙනවා. විශේෂයෙන් ගර්භාෂගත පිළිකා තත්ත්වයන් හි වර්ධනයක් දක්නට ලැඛෙනවා. එම තත්ත්වයට ආහාර පරිභෝජන රටාව ඛෙහෙවින් බලපානවා. ගොඩක් වෙලාවට අද බහුතරයක් පුරුදුව සිටින තෙල්, පිටි අධික ආහාරත්, කෘත්‍රිම රසකාරක හා වර්ණක යෙදූ ආහාරත් හේතු වී ඇති බව පේනවා. විශේෂයෙන් අප කාලාන්තරයක් තිස්සේ පුරුදුව හිටපු ස්වභාවික ආහාර රටාව අද වන විට වෙනස් වෙලා. ඒ වෙනස තමයි මෙම තත්ත්වය මෙතරම් ඉහළ යාමට හේතුවක්ව තියෙන්නේ.

ගර්භාෂය ඉවත් කළ යුතු අවස්ථා.
ගර්භාෂගත පිළිකාවක් ඇත්නම් අනිවාර්යයෙන්ම ගර්භාෂය ඉවත් කරන්න වෙනවා. ඒ සඳහා ඉවත් කිරීම හැර වෙන විකල්පයක් නැහැ. ඒ වගේම ගර්භාෂය තුළ පිළිකා නොවන ඉතා විශාල ගෙඩි පවතින විටත් ගර්භාෂය ඉවත් කළ යුතු වෙනවා. මෙහිදී සැත්කම විවිධ පරාස වලට විහිදී යනවා. ඒ අනුව විවෘත සැත්කමකින් හෝ ලැපරොස්කොපි සැත්කමකින් ඒ ඉවත් කිරීම කරන්නට පුළුවන්. ලැපරොස්කොපි වැනි ක්‍රම මඟින් සැත්කමේදී ඇති විය හැකි සංකූලතා අවම කර ගන්න පුළුවන්.

ලැපරොස්කොපි සැත්කමේ වාසි...
සාමාන්‍යයෙන් විවෘත සැත්කමක් මඟින් ගර්භාෂය ඉවත් කරන විට සෙන්ටිමීටර් 15 ක් තරම් වූ කැපුමක් යොදනවා. ඒ තුවාලය ඉතාමත් වේදනාකාරී වෙනවා වගේම කැළලක් ඇති වෙනවා. සමේ කැළලට වඩා ශරීරය තුළ ගැටලූ ඇති කරන්න පුළුවන්. මොකද ඒ කැළල සාමාන්‍ය ප්‍රමාණයට විස්තාරණය වෙන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි වේදනා ගෙන දෙනවා. හර්නියා තත්ත්ව එන්නත් ඉඩ තියෙනවා. ලැපරොස්කොපි ක්‍රමයට කුඩා සිදුරු හතරක් විතරයි යොදන්නේ. එමඟින් ඇතිවන වේදනාව අඩුයි. පසු කාලයේදී ඇතිවන සංකූලතා බොහොම අඩුයි. රුධිර වහනය ඉතාමත් අඩුයි. (මිලිලීටර් 100 වඩා අඩුයි) ඉතින් රෝගියා ඉක්මනින් යථා තත්ත්වයට පත් වෙනවා.

ගර්භාෂගත රෝග වළක්වා ගන්න බැරිද?
ඇයි බැරි. පුළුවන්. ඒ සඳහා අපි අපේ ජීවන රටාව වෙනස් කර ගැනීම ඛෙහෙවින් වැදගත්. ඒ අනුව මූලිකම කාරණාව විදියට අපේ කෑම රටාව වෙනස් කරන්නට වෙනවා. හැකිතාක් දුරට කෘත්‍රිම ආහාර රටාවෙන් මිදී ස්වභාවික ආහාර රටාවකට යොමුවීම අවශ්‍යයි. විශේෂයෙන් හෝමෝන වෙනස්කම් ඇති අය කෘත්‍රිම ආහාර රටාවෙන් ඈත් වීම අවශ්‍යම බව මතකයේ තබාගන්න. මේ දේවල් වගේම ව්‍යායාමයත් අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ව්‍යායාම කිව්වම හැමෝම හිතන්නෙ අනේ අපට ජිම් යන්න වෙයිද කියලනෙ. ඇත්තටම ජිම්එකකට යන එක නෙවෙයි වැදගත්ම දේ. දෛනිකව අවශ්‍ය ශාරීරික ක්‍රියාකාරකම් කරන එක. ඒ සඳහා එදිනෙදා ගෙදර දොර කටයුතු, වත්තෙ පිටියෙ කටයුතුවල යෙදීම ප්‍රමාණවත්. හැබැයි හොඳින් ඔබේ ශරීරය ක්‍රියාකාරී වන විදියට දෛනිකව පැය දෙකක්වත් ක්‍රියාකාරී වීම අවශ්‍යයි. ඒ සඳහා ගෙවතු වගාවට යොමුවෙන්න පුළුවන්. ඔබේ දරුවන් සමඟින් ටිකක් සෙල්ලම් කරන්න පුළුවන්. අත්‍යවශ්‍ය කෙටි ගමනක් ත්‍රිරෝද රථයෙන් යනවා වෙනුවට පයින් ඇවිදගෙන යන්න නැත්නම් පාපැදියකින් යන්න පුළුවන්.

ප්‍රසව හා නාරිවේද පිළිකා පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර
අපේක්ෂා රෝහල, මහරගම
උපුටා ගැනීම නවලිය