🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

බොහෝ කතුන් පෙළන මාසික වේදනාවේ සුලමුල දැන ගනිමු

බොහෝ කතුන් පෙළන මාසික වේදනාවේ සුලමුල දැන ගනිමු


මාසික ඔසප්වීමේ ගැටලු :

ඔසප්වීමේ ගැටලු වර්ග කිහිපයක්ම වේ. මාසික ඔසප්වීමේදී යම් යම් ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන් ඇත්නම් සිය මාසික ඔසප්වීම චක්‍රය දින දර්ශනයක් හෝ යම්කිසි සටහනක් තැබිම මගින් හෝ වාර්තාගත කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. නවීන ජංගම දුරකථන භාවිතා කරන කාන්තාවන්ට මේ කාර්යයන් සඳහාම සකස් කළ වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ බාගත කර ගැනීමේ පහසුකමද පවතී. මෙම වාර්තාවේ තම ෙදෙනික කාර්යයන්ද සටහන් කළ යුතුවේ. තම ඔසප් චක්‍රය අතරේ ගැටලු මතුවන්නේ කුමන අවස්ථාවේදීද යන්න එම වාර්තාවේ මාසිකව සටහන් කිරීම තුළින් අදාළ කාන්තාවන්ගේ අනෙකුත් ෙදෙනික කාර්යයන් හා මෙම ගැටලුව අතර යම් සම්බන්ධයක් තිබේදැයි සොයා බැලිය හැකිය. එවිට යම්කිසි ගැටලුවක් හඳුනා ගත් විට ඒ සඳහා වඩාත් ඵලදායී ලෙස ප්‍රතිකාර ලබාදීමට ඔබගේ වෛද්‍යවරයාටද හැකියාව තිබේ. මෙම වාර්තාවේ පහත සඳහන් කරුණුද සටහන් කර තැබිම වැදගත් වේ.

  • ඔබගේ ඔසප්වීම ආරම්භ වූයේ කුමන වයසේදීද?
  • ඔබගේ ඔසප්වීම වේදනාකාරී වන්නට පටන් ගත්තේ කෙදිනක සිටද? මාසික ඔසප්වීම අතරතුරේ වේදනාව අධිකව දැනෙන්නේ කුමන දිනවලද? මෙම වේදනාව විස්තර කළ හැකිද? එනම් මෙය තියුණු වේදනාවක්ද නැතහොත් සුළු වේදනාවක්ද? හෝ මෙය ඉඳහිට දැනෙන්නේද? නැතහොත් නිතර පවතින්නක්ද වැනි තොරතුරු)
  • ඔබ ලිංගික වශයෙන් ක්‍රියාකාරීද? ඔබ උපත් පාලන පෙති භාවිත කරන්නේද? එසේ නම් ඒවා කුමන වර්ගයේ ඒවාද?
  • ඔබට අවසාන වශයෙන් ඔසප් වූ දිනය කුමක්ද? ඔබගේ මාසික ඔසප්වීම සාමාන්‍යයෙන් කොපමණ දින ගණනක් පවතින්නේද?
  • ඔසප්වීමේදී ඔබගේ සාමාන්‍ය රුධිර වහනය කෙසේද? මෙම රුධිර වහනයේදී රුධිරය කැටි වශයෙන් පිටවනු දැක තිබේද?
  • මාසික ඔසප්වීම කෙතරම් කාලයක් පවතීද? එය සෑම මසකම පවතින්නේ නිශ්චිත දින ගණනක්ද?
  • මාසික ඔසප්වීමේදී ඇතිවන වේදනාව සමනය කර ගැනීම සඳහා ඔබ යොදාගන්නා ක්‍රම මොනවාද?

අප දැන් ‍පොදුවේ පවතින ඔසප් ගැටලු පිළිබඳ සොයා බලමු.

1. අනාර්ථවය (amenorrhea) :

අනාර්ථවය හෙවත් කාන්තාවකගේ ප්‍රජනන වයස් සීමාව ඇතුළත ඔසප් සිදුනොවීම ‍පොළ ගැටලුවකි. ලිංගික වශයෙන් පරිණත කාන්තාවක් ගර්භණී වී නැත්නම් හෝ කිරි නොදෙන්නේ නම් ඔසප් සිදුවීම මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් පුරා නතර වී තිබිම මෙම ගැටලුවය. අනාර්ථවය යනු වෙනත් රෝගාබාධ පෙන්නුම් කරනා ලක්ෂණයකි. මේවා සුළු ගැටලුවල සිට බරපතළ ඒවා දක්වා තිබිය හැකිය. නොකඩවා මාස තුනක් යම්කිසි කාන්තාවකගේ ඔසප් සිදු නොවූයේ නම් ඇය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමුවට යා යුතුය. පහත හේතු නිසා අනාර්ථවය ඇතිවිය හැකිය.

  • ආහාර රටාව ගැටලු (උදා. ආහාර අරුචිය anorexia අතික්ෂුධාව- bulimia)
  • අධික ලෙස ව්‍යායාම, කිරි සහ ‍පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීම
  • අධික ලෙස පවතින කායික හෝ මානසික ආතතිය
  • හයි‍පොතැලමස, තයිරොයිඩ් හෝ ඇඩ්‍රිනලින් යන ග්‍රන්ථිවල ඇතිවන හෝමෝන ගැටලු.
  • විවිධ ඔෂධ වර්ග (උපත් පාලන පෙති වැනි)
  • සිරුරේ පවතින ඉතා අඩු බර

2. ආර්ථවරීතය / අතිආර්තවරීතය (menorhagia /hyperrnenorrhea) :

දිගු කාලයක් පවතින හෝ අධික රුධිර වහනයක් සහිත ඔසප් චක්‍රය මෙසේ හඳුන්වනු ලබයි. මෙය දින හතකට අධික කාලයක් පවතින්නට පුළුවන එසේත් නැත්නම් සෑම පැයකට හෝ පැය කිහිපයකට වරක් සනීපාරක්ෂක තුවායක් මාරු කිරීමට සිදුවන තරම් අධික රුධිර වහනයක් තිබිය හැකිය. මෙම ලක්ෂණ මගින්ද යම් යම් වෙනත් රෝගාබාධයන් පිළිබඳ තොරතුරු අපට ලබාදෙයි. මේවා සුළු ඒවා මෙන්ම බරපතළ ඒවා වන්නට පුළුවන. ඒවා මෙසේය.

  • ගර්භාෂ ආස්තරයේ ඇතිවිය හැකි දෝෂ (Adenomyosis and endometriosis)
  • ප්‍රති - ප්‍රදාහ හෝ ප්‍රති ආතංචකය (රුධිරය කැටි ගැසිම වළක්වන) ඖෂධ වර්ග ගැනීම
  • බහිෂිකේතනක ගර්භණිභාවය. එනම් දරු පිළිසිඳ ගැනීම ගර්භාෂයේ සිදු නොවී පැලෝපීය නාලවල සිදුවීම)
  • හෝමෝන අසමබරතාවය
  • ශේ‍රාණි ප්‍රදාහ රෝග, එනම් ප්‍රජනන පද්ධතියේ ඇති ආසාදන
  • ගර්භණීභාවයේ ඇති ගැටලු
  • ගර්භාෂ පිළිකා
  • ගර්භාෂයේ ඇති පිළිකා නොවෙන ගෙඩි (Uterine pdolyps or uterine fibroids) අක්මා රෝග, වකුගඩු රෝග සහ තයිරොයිඩ ග්‍රන්ථියේ අර්බුද නිසාද ඔසප් වීමේදී මෙසේ අධික රුධිර වහනය වීමක් සිදු වන්නට පුළුවන. මෙවැනි තත්ත්වයකට ඔබ මුහුණ දී ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

3. පූර්ව ඔසප් සහ ලක්ෂණය (dysmenorrhea) :

ඔසප්වීමට ආසන්න සමයේ හෝ ඔසප්වීමේදී ඇතිවන වේදනාව සහ අපහසුතාවය මෙසේ හැඳින්වේ. මෙවැනි තත්ත්වයක් නිසා ඔබගේ ෙදෙනික වැඩකටයුතුවලට බාධා ඇති වන්නට පුළුවන. යටිබඩෙහි ඇතිවන කොරය, යටිබඩ ප්‍රදේශයේ වරින් වර ඇති වන තියුණු වේදනාව, කොන්දේ පහළ ප්‍රදේශයේ කැක්කුම, යටිබට ඉදිමීම, පියයුරුවල මොළොක් බවක් ඇතිවීම, හිස කැක්කුම සහ මානසික තත්ත්වයේ වරින් වර සිදුවන වෙනස්කම් මෙහිදී දැක ගත හැකිය.

පූර්ව ඔසප් ලක්ෂණය : බොහෝ විට නිරෝගී කාන්තාවන්ගෙන් පවා දැකිය හැකි අතර එය ගර්භාෂයේ හෝ ශේ‍රා්ණිය ආශ්‍රිත වෙනත් ග්‍රන්ථිවල දෝෂ නිසා හටගන්නක් නොවේ. නමුත් මෙය යම්කිසි ඖෂධ හෝ පහත දැක්වෙන ආකාරයේ වෙනයම් රෝගාබාධ තත්ත්වයන් නිසා ඇති වන්නට පුළුවන.

  • යම්කිසි ලිංගිකමය වශයෙන් බෝවන රෝගයක්
  • ගර්භාෂ ආස්තරයේ දෝෂ නිසා ඇතිවන රෝග තත්ත්වයන් (Endometriosis)
  • අධික ආතතිය සහ කාංසා තත්ත්වය
  • ඩිම්බාධාර කෝෂ්ඨ (Ovarian cysts)
  • ප්‍රජනන පද්ධතියේ ආසාදනයක් නිසා ඇතිවන ශේ‍රාණී ප්‍රදාහ රෝගය
  • ගර්භාෂයේ ඇති පිළිකා නොවන ගෙඩි (Uterine polrps or uterine fibroids

පූර්ව ඔසප් වේදනාව සහ අපසුතාව බරපතළ තත්ත්වයක නොපවතී නම් වේදනා නාශක, ව්‍යායාම, තැවීම වැනි ඔබටම කරගත හැක සරල ප්‍රතිකාර ක්‍රමවලින් සෑහීමකට පත්වන්නට පුළුවන. නමුත් එය බරපතළ තත්ත්වයක පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය. රෝග ලක්ෂණවලට අනුව වෛද්‍යවරයා විසින් විශේෂ වේදනා නාශක, ප්‍රති - ප්‍රදාහ ඖෂධ, විෂබිජනාශක හෝ විෂාදනාගත වැනි ප්‍රතිකාර ක්‍රම නියම කරනු ඇත.


4 පූර්ව ඔසප් මානසික අසහන දෝෂය (premenstrual sy ndrome) :

ඔසප් වන්නට ආසන්න සමයේ හෝ ඔසප්වීමේදී පවතින මානසික අසහනකාරී තත්ත්වය නිසා ඇති වන්නකි. මෙහිදී ඔසප්වීමත් සමග කාංසාව, දොම්නස, නොඉවසිලිවන්ත බව වැනි මානසික තත්ත්වයන් ඇතිවේ. මෙය ඇති වන්නේ ලිංගික වශයෙන් පරිණත කාන්තාවන්ගේ 10කටත් අඩු ප්‍රමාණයකට පමණි. නිතර කාංසා තත්ත්වයන් ඇතිවන කාන්තාවන් මෙම තත්ත්වයට බහුලව මුහුණ දෙන මුත් එසේ නොවන කාන්තාවන්ද මෙයට ලක්වන බව පෙනෙන්ට තිබේ. පාරිසරික හා කාලගුණික වෙනස්කම් නිසා සිදුවන මානසික අසහනකාරී තත්ත්වයන්ද මෙම තත්ත්වය තියුණු කරන්නට හේතු විය හැකිය. මෙය නොසැලකිය යුතු තරම් තත්ත්වයක සිට ඇතැම් අවස්ථාවල සියදිවි නසාගන්නට සිතෙන තරමේ දැඩි මානසික තත්ත්වයක් දක්වා වර්ධනය වන අවස්ථාද තිබේ. සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතර ව්‍යායම් කිරීම හා ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම තුළින් මෙය සෑහෙන දුරකට මැඩ පැවැත්විය හැකිය. නමුත් බරපතළ තත්ත්වයන්හිදී විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. සරල ප්‍රතිකාර ක්‍රම ප්‍රමාණවත් නොවන බැව් හැඟෙන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වහා සිදු කළ යුතුය.


5 ඔසප් කාල දෙකක් අතර රුධිර වහනය වීම :

අසාමාන්‍ය ගර්භාෂ රුධිර වාහනය වශයෙන්ද හැඳින්වෙන මෙය බහුලව පවතින ඔසප් රෝගයකි. මෙයද වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකි අතර නොසැලකිය යුතු තත්ත්වයේ සිට බරපතළතත්ත්වයක් දක්වා පැවැතිය හැකිය. මෙයට සරල ප්‍රතිකාර නොමැති අතර වෛද්‍ය උපදෙස් පැතීම නොපමාව සිදු කළ යුතුය. මෙය පහත සඳහන් හේතූන් නිසා ඇති වන්නට පුළුවන.

  • රුධිරය කැටි ගැසීමේ දෝෂය හෝ එසේ කැටිගැසීම සමනය කිරීම සඳහා ගනු ලබන ඖෂධ.
  • ගැබ්ගෙල, යෝනිය හෝ ගර්භාෂයේ ඇති පිළිකා තත්ත්වයන්.
  • තයිරොයිඩ් දෝෂ හෝ දියවැඩියාව වැනි නිධන්ගත රෝග.
  • උපත් පාලන පෙති හෝ ගර්භණීභාවය නිසා ඇති වූ ව්‍යාකූල තත්ත්වයන්.
  • ශේ‍රා්ණි ප්‍රදාහ රෝගය (ප්‍රජනන පද්ධතියේ ආසාදන නිසා ඇතිවේ)
  • හෝමෝන අසමබරතාවය නිසා ඇතිවන බහුකෝෂ්ඨ ඩිම්බ සහ ලක්ෂණය (Polycystic ovary syndrome)
  • ගර්භාෂයේ ඇතිවන පිළිකා නොවන ගෙඩි.

උපුටා ගැනීම ලක්බිම පුවත්පත