🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කිසිදාක ආදරෙයි නොකියූ ප්‍රේම කතාවක්

තමන්ගේ ජීවිතයට ආදරය ගෙනා ඒ ආදරණීය මිනිසා ඇස ගැටුණු නිමේෂය පැට්ටි ලොමැස්ට කිසි දිනෙක අමතක කළ හැකි නොවේ. ඇය ඇගේ පැරණි මිතුරියක මුණ ගැසීම සඳහා ග්ලාස්ගෝ බලා දුම්රියෙන් යමින් සිටියාය. අතරමඟ දුම්රිය ස්ථානයකට ළඟාවීමත් සමඟ දුම්රිය වේදිකාවේ සෙනඟ අතරින් ඇගේ දෑස් එක එල්ලේ ඇදී ගියේ ඔහු කෙරෙහි ය. ඔහුගේ දේහය ඇයගේ නෙතු පැහැරගත් බව සැබෑ ය."මං දැනගෙන හිටියා ඒ නිමේෂයේ ඔහු මගේ ජීවිතයට යම් අර්ථයක් දුන් බව” ඇය කියා සිටියි. පෙම් යුවළක් වීමට මොහොතකට පෙර ඔහු දුම්රියේ පාපුවරුවට පැමිණ තමාට ප්‍රතිවිරුද්ධ දිශාවේ අසුන පිළිගැන්වීම ගැන පුදුමයක් නොතිබුණු බව පැට්ටි ළෙංගතු සිතින් පෙන්වා දෙයි. පුද්ගලයාගේ නම එරික් ලොමැස් ය. කෙසේ වෙතත් ඔහු ඒ මොහොතේ හොඳ පෙනුමකින් යුතු වූයේ නැත. එසේ වුවද අවුල්වුණු කෙස් සහිත හිසින් යුතුව තමාට පිටුපසින් සිටි ඔහුගේ ඝන කණ්ණාඩි කුට්ටම යටින් දිදුළන ප්‍රභාමත් නිල්-දුඹුරු පැහැ ඇස් ඇය විසින් හඳුනාගත්තා ය. ඒ ඇස් යට කිමිදෙන්නට ඇයට අවශ්‍යවුණු මොහොතේ ඔහු කතා බහ ආරම්භ කරනු ලැබුවේ තමා අත තිබුණු පොත ඇයගේ ඔඩොක්කුවට දමමිනි. ඉන් අනතුරුව පැය තුනක් තිස්සේ ඔවුහු නොනවත්වාම කතා කළහ. ග්ලාස්ගො මධ්‍යම දුම්රිය නැවතුම්පොළට ළඟාවීමෙන් පසුව එළඹෙන දින දිවා ආහාර සඳහා මුණ ගැසීමට ඇය ඔහුට එකඟවී සිටියාය. වසර ගණනාවකට පසු එරික් ලොමැස්ගේ භූමිකාවට කොලින් ෆර්ත් ද පැට්ටි පොට්ට්‍රියැට් ලෙස නිකොලෙ කිඩ්මන් ද පෙනී සිටිමින් එරික්ගේ යුද කාලීන අත්දැකීම් සමඟ මුසු වූ චිත්‍රපටය තිරයට ඒමට සූදානම් ය. පීඩාව, ප්‍රතිසන්ධානය, ආදරය රැගත් දෙවැනි ලෝක යුද සමයේ සත්‍ය කතාවක් යළි ප්‍රතිනිර්මාණව වන මෙහි නිකොලෙ කිඩ්මන් හා කොලින් ෆර්ත් ප්‍රධාන භූමිකාවන්ට පණ දෙති. මේ චිත්‍රපටය එළැඹෙන ජනවාරි මස 14 වැනි දින සිට තිරගතවීමට නියමිතය. ඊඩඥ අචඪතඹචර ර්චද චිත්‍රපටය බ්‍රිතාන්‍ය ජාතික හමුදා නිලධාරියකු වූ එරික් ලොමැස්ගේ චරිතාපදානය ආශ්‍රයෙන් සත්‍ය අත්දැකීම් නිරූපිත චිත්‍රපටයකි. හෙතෙම සේවා කාලයේදී විටෙක බුර්මා- සියැම් දුම්රිය පොළ ආශ්‍රිත ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ජපන් කඳවුරක යුද සිරකරුවකු ලෙස වධ බන්ධනයට ලක්විය. එහෙත් ඔහුගේ හදවත ආදරෙයන් පණ ගැසෙමින් තිබිණි. අතීත වේදනාත්මක මතක හා පීඩා සමඟ මානසික ආතතිය හා ආදරයේ සංවේදනා සමඟ දිග හැරෙන අපූර්ව කතා පුවතක් ලෙස මෙය හැඳීන්විය හැකිය. "එරික්ගේ ජීවිතයේ ආශ්චර්ය” කොලින් ෆර්ත් එය හඳුන්වයි ඊඩඥ අචඪතඹචර ර්චද චිත්‍රපටය ඔක්සිහරණය වූ සිනමා ප්‍රේක්ෂාගාරයට කඳුළේ සුසුමේ සංවේදනය යළි තිළිණ කිරීමටත්, ලොව පුරා ප්‍රේක්ෂකයන්ට එක ලෙස වින්දනය කළ හැකි මනුෂ්‍ය අත්දැකීමක් නිරූපණය කෙරෙන බව විචාරකයන්ගේ අදහසයි. එහෙත් තමන්ගේ ලෙයින් දහදියෙන් කඳුළින් තෙත්වුණු මේ කතා පුවත තමන්ගේ දෑසින් දැක බලාගැනීමට මේවන විට එරික් ජීවතුන් අතර නැත. වයස අවුරුදු 93 ක් ජීවත්වූ ඔහු 2012 ඔක්තෝම්බර් මාසයේදී මිය ගියේය. ඒ වන විට චිත්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන් නිමාවී සංස්කරණ කටයුතු ඇරඹීමට නියමිතව තිබිණි. "එරික්ගේ විදිහට කොලින් දැකීම අමාරුයි” ඔහුගේ ආදර”ය බිරිය පැට්ටි පවසයි. "ඔහු අපූර්වත්වයෙන් යුතුව එරික්ගේ මුහුණේ භාව ප්‍රකාශන, හැසිරීම් අත්පත් කරගෙන තිරයට ගෙනවිත් තියෙනවා” ඔස්කාර් සම්මාන දිනූ රංගන ශිල්පියකු වන කොලින් ෆර්ත් විසින් ස්වකීය ආදර”ය ස්වාමි පුරුෂයාගේ භූමිකාවට පණදීම පිළිබඳ පැට්ටි ආශ්වාදයෙන් යුතුව කියා සිටියි. චිත්‍රපටයේ පෙර පුහුණුවීම් හා රූගත කිරීම් අතරතුර අවස්ථා කිහිපයකදීම කොලින් තම නිවෙසට පැමිණ ස්වාමි පුරුෂයා මෙන්ම තමන් සමඟ නිතර දෙවේලේ කතා බස් කළ බවත්, එකී සංවාද තුළින් අනනෝන්‍ය අවබෝධයක් දෙපාර්ශ්වයටම ලැබුණු බවත් ඇය සිහිපත් කරයි. 

"කොහොමත් මගේ මහත්තයා තේරුම්ගන්න කවදාවත් පහසු නෑ” පැට්ටි දොඩමළුවෙමින් අතීතය ආවර්ජනය කරයි. මේවන විට 76 වැනි වියේ පසුවන පැට්ටි එංගලන්තයේ හැදීවැඩුණු වෘත්තියෙන් හෙදියකි. ව්‍යාපාරික පියකුට හා භෞත චිකිත්සක මවකට දාව උපන් ඇය පවුලේ වැඩිමහල් දියණිය වූවාය. වයස අවුරුදු 22 දී ඇයගේ පළමු විවාහයත් සමඟ ඇය කැනඩාවට සංක්‍රමණය විය. එයට හේතුවූයේ ඇගේ සැමියා කැනේඩියානු ගුවන් හමුදාවේ සේවය කිරීම ය. වසර 5ක් වන විට ඇය පුතුන් තිදෙනකුගේ හා දියණියකගේ මවක වූවා ය. "ඒ කාලේ විවාහය හරිම ආදර්ශවත්. ඒ තුළ දැනෙන හිස්කම හිතෛෂිවන්තයින් එක්ක ඛෙදාගන්න බෑ. ඒ දවස්වල ඔබට ආදරය කරන්න ඕන නම් විවාහ වෙන්න වෙනවා. ඒ නිසා අපි ඒක කළා. සාමාන්‍ය විදිහට අපි දරුවො හැදුවා. දරුවො පුංචි නිසා කරබාගෙන හිටියා. වෙනත් කිසිදෙයක් ගැන කතා කළේ නෑ” ඇය පසු කලෙක මවත්, සහෝදරියනුත් පැරණි මිතුරු මිතුරියනුත් බැහැදැකීම සඳහා ස්වකීය ගම්රට බලා යාමේදී දුම්රිය නැවතුම්පොළකදී අහම්බයෙන් එරික් හමුවිය. එකී පළමු හමුවේදී ඇයගේ මුහුණ ලජ්ජාවෙන් රතු වූ බව ඇය අද ද සිහිපත් කරයි. ජීවිතයේ අන් කිසිදිනෙක නොදැනුණු අහ්ලාදයකින් හදවත කිතිකැවුණු බව ඇයට තාමත් මතක ය. ගිවිසා ගත් ආකාරයට පසුදින හමුවී දිවා ආහාරය ගැනීමෙන් පසු ඇය යළි ගමරට බලා පිටත්වූවා ය. ඉන්පසු ඇය ඔහුට ලියූම් ලියුවේ ය. දුරකථන ඇමතුම් ලබාදුන්නා ය. ඒ තමාගේ ජීවිතයේ කාල පරිච්ඡේදයක් සංස්කරණය කිරීමේ බලාපොරොත්තුවෙනි. පවුල් ප්‍රශ්න, දරුවන්ගේ ගැටලු ආදිය සමඟ ආදරයේ නැවුම් බලාපොරොත්තුද අත්නොහැරිය ඇය දෙවසරකට පසුව කැනඩාව හැරදමා එරික් සමඟ පැමිණියා ය. ඒ 1983 වසරයි. ඒ වන විට ඇයගේ බාල නිවුන් දරුවන් 20 වැනි වියට එළැඹ සිටියහ. එරික්ගේ පළමු විවාහයේ දියණියන් දෙදෙනා ද වැඩිවියට එළැඹ සිටි අතර, බිරිය තවත් දරු ප්‍රසූතියකදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව සිටියාය. මෙවැනි පසුබිමක් තුළ පවුල් දෙකක වගකීම්, ගැටුම්, අවුල් වියවුල් රාශියක් මැද දෙදෙනා ගේ ආදර කතාව ඉදිරියට ගලා ගියේය. එසේ වුව ද එරික්ගේ ඉරණම වෙනත් ස්වරූපයකට හැරෙමින් තිබිණි. දෙදෙනා එක්ව රැය පහන් කරන අතැම් දිනවලදී එරික් සිහිවිකලෙන් ඇවිදින්නටත්, අසාමාන්‍ය ලෙස හැසිරෙන්නටත් විය. ඇතැම් විටෙක ඔහු දොර අසල වැටී සිටියදී ඇය ඔහු වත්තන් කරගෙන පැමිණ ඇඳේ හොවා නිදිකරවයි. ඔහු පසුදින තමාට කිසිවක් මතක නැති වග හා සිදුවූ කරදරකාරී අත්දැකීමට සමාවන ලෙස ඉල්ලා සිටියි. මෙවැනි අත්දැකීම් සඳහා ඔහුට මුහුණදීමට සිදුව ඇත්තේ ජපන් වධකාගාරය තුළ මුහුණදීමට සිදුවූ බිහිසුණු අත්දැකීම් සිහිපත් වීමත්, ඒ තුළින් ඔහු මානසික ආතතියට පත්වීමත් හේතුවෙනි.වසර 5 ක් ඔහු සමග මෙවැනි කටුක අත්දැකීම් විඳී ඇය අවසානයේ ඔහුට තර්ජනය කරමින් මෙලෙස කී වග දැනුදු සිහිපත් කරයි. "මං අන්තිමට කීවා,කොච්චර ආදරේ වුණත් මේ විදිහට තවත් වධ විඳීන්න බෑ කියලා. මනෝ චිකිත්සකයකු හමුවී ප්‍රතිකාර ගැනීමට සහය නොවුණහොත් මේ විදිහට තවත් ඔහු සමඟ පවුල්කන්න බෑ කියලා.” අවසානයේ ඔහු ඊට එකඟ විය. පසුව මනෝ චිකිත්සක විශේෂඥයකු හමුවී පශ්චාත් ක්ෂිතිමය ආතතියට ප්‍රතිකාර ගැනීමෙන් එකී ගැටලුව සමහන් කර ගැනීමට ඔවුන්ට හැකිවිය. එහෙත් එරික්ගේ ජීවිතය යනු සරල කතන්දරයක් නොවේ. ඔහු පශ්චාත් ක්ෂිතිමය ආතතියෙන් පීඩාවිඳීමට හේතුවු කටුක යුදබිම් අත්දැකීම්,වධකඳවුරේ වේදනා, සතුරු හමුදාවන්ට හසුවීමේ බිහිසුණු අවස්ථා සියල්ල කැටිකොට පෙන්වීමට චිත්‍රපටය සූදානම් ය.  "මම හිතනවා අපි දෙදෙනෙක් නෙවෙයි එකම කෙනෙක් බවට පත්වුණා. අපි කොච්චර එකිනෙකාට සමීප වුණාද කියනවානම් ඒ ගැන කියන්න වචන නෑ. ඒත් අවුරුදු 32 ක් වුණු අපේ විවාහ ජීවිතයේ කිසිම දිනයක එයා මට කට ඇරලා ආදරෙයි කියලා නෑ. එහෙත් එයා අවසන් හුස්ම හෙළූ දවසේ මට එයාගෙ ඇඳ දිහායින් ඇහුණා.‘පැට්ටි ඒ ඔයාද? එයා ඇහුවා. මං එයාගේ ඇඳ ළඟට කිට්ටුවුණා. මම ඔයාට ආදරය කළා’ එයා කීවා. ඒ එයාගේ ජීවිතයේ අවසාන නිමේෂය බව මං දැනගෙන හිටියා” පැට්ටි කඳුළු පිරි මුහුණින් යුතුව එකී අතීතය සිහිකළා ය. 

mail online ඇසුරිනි  

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර  

උපුටා ගැනීම දිනමිණ