🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මමයි මිනිහයි ඒකිගේ මිනිය ඉටි රෙද්දක ඔතාගෙන ගිහින් අම්බලම පහළ දොළට අතැරියා.. ඌ ඒකිව විනාශ කරා මහත්තයෝ..

මමයි මිනිහයි ඒකිගේ මිනිය ඉටි රෙද්දක ඔතාගෙන ගිහින් අම්බලම පහළ දොළට අතැරියා.. ඌ ඒකිව විනාශ කරා මහත්තයෝ..

“ඔය යකා තමයි ගුරුකම් කරලා මගේ කෙලීව වසඟ කරලා දෙන්න ඇත්තේ...”
“ඒකිට පයින් ගැහුවා. ඒකිගේ බෙල්ලෙන් අල්ලලා හොඳ කුණුහරපයක් කිව්වා.”
“අනේ සර්.. එදා ඉඳන් ඒ කෙල්ල අරූ මත්තෙම නැහෙනවා, අපි කියන දේ කනකට ගන් නෑ..”
“ඒ නරුමයාට දඬුවම් ලැබෙයි නේද සර්..? මගේ රත්තරං දූ පැටික්කියගේ ජීවිතේ උදුර ගත්තූ...?”

මම මුලින්ම දැක්කේ අම්මෙක්ව... දැන් දැන් කඳුළු-වලට වැට කඩුළු ගහපු අහිංසක ගැහැනියක්ව. ඒ ගැහැනිය කොයි තරම් “දිරිමත් ගැහැනියක්ද?” කියලා ලියන්න මට තේරෙන්නේ නැහැ. ඒත්.. ඊටත් කලින්... මම ඒ ගැහැනියව මගේ රූප පෙට්ටියට බාගත කරගන්නවා.

“අම්මට පුළුවන්ද මට ඒ කතාව කියන්න මුල ඉඳන්ම..?” මම ඒ ගැහැනියට ආයෙම ඒක කිව්වා. ඉතින් ඈ අර දිගෑච්චි පුටුවේ වාඩි ගත්තා. පළල් වෙච්ච ඇගේ දිගෑටි ඇස්වලින් ගමන් බිමන් ගියපු කඳුළු යහළු යෙහෙළියෝ අස්ථානගත වෙලා. මම පෑන් කොපුව හපාගත්තා. අත් ඔරලෝසුව දිහාත් බැලුවා.

“මගේකෙල්ල හරි පින්වන්ත කෙල්ලක්.. ඒකි ඉපදුනේ 89 අවුරුද්දේ... මටත් වඩා අපේසෝමේට තමා ලෙන්ගතු සර්... කොහොමත් දූවරූ වැඩියෙන්ම කැමති තාත්තලාට කියලාකියනවනේ.. මගේ කෙල්ල සෝමේ එක්ක තමයි හැම ගමනක් බිමනක්ම... ඔය පොඩි කෙල්ලටමෙහෙමයි කියලා පාරක් ගහලා නෑ සර්.... අඩුගානේ කෑ ගහලා බනින්න තරම් වත්වරදක් ඔය කෙල්ල කරලා නෑ...”

“එතකොට...? කවුද අර හාදයා...? තිසරූ...” මම ඈ දිහා නොබලාම ඇහුවා. ආයෙම ඇගේ එක අතක වළලු සැරෙන් දඟලනවා මට යන්තම් ඇහුණා.

“ඌද? කාළකණ්ණි සර්පයෙක්...! සර් ඌ තමයි මගේ දූගේ ජීවිතේ විනාශ කළේ.. ඒපාහරයා මගේ දුව දැලේ දාගත්තා. උගේ තාත්තා ගමේ ගුරුකම් කරපු එකෙක්. සමන්හාමුදුරුවෝ පල්ලා.. ඔය පරට්ටයා තමයි ගුරුකම් කරලා මගේ කෙලීව වසඟ කරලා දෙන්නඇත්තේ... අනේ සර්.. එදා ඉඳන් ඒ කෙල්ල අරූ මත්තෙම නැහෙනවා. කොටින්මහිතුවක්කාර වුනා පුදුම විදිහට.. අපි කියන දේ කටකට ගත්තේ නෑ..” දැන් ඒ අම්මා නිහඬ වෙනවා. මම අලුත් හාප්ෂිප් කොළයක් අතට ගත්තා.

“එතකොට..? මේ කී දේ නාහන දැරිවිට මොකද වුනේ..?” ඒ අම්මා දිග හුස්මක් උඩට ගත්තා.

“ඒකිටවෙන්න තියෙන හැමදේම වුනා. ඌ ඒකිව විනාශ කරා මහත්තයෝ.. අපි අවුරුදු 23ක්තිස්සේ පරිස්සම් කරපු කෙල්ලව... ඌ හෝටල් ගානේ අරන් ගියා.. මගේ කනකර සේරමදුව අරන් ගිහින් විකුණලා.. මුන් නටන්න ඕනි හැම ජවුසමක්ම නැටුවා. අර වේ*බල්ලා තමා සේරටම මුල.. අන්තිමට අපිට ගමේ තිබ්බ හොඳ නම එහෙම් පිටින්ම නැතිභංගස්ථාන කෙරුවා..”

“ඉතින් අන්තිමට....?”

“එදා 27 වැනිදා මගේ කෙල්ල ගෙදරින් ගියේ... පාන්දරම.. මගේ කකුල් දෙක අල්ලලාවැන්ඳා. කවුද දන්නේ ඒ අන්තිම ගමන කියලා.. මම ඉතින්.. බුදු සරණයි පුතේ කියලාකිව්වා. එදා කවුදෝ යාළුවෙක්ගේ මළ ගෙදරක යනවා කියලා ගෙදරින් ගියේ. ඒ ගියකෙල්ල අන්තිමට ආවේ පෙට්ටියකින් සර්... අර කාළකණ්ණි වසවර්තියා මගේ කෙල්ලවමිනියක් කරලා එව්වේ සර්...” ගැහැනිය වේදනාකාරියි. මම අහපු
ගැහැනිය

විප්ලවකාරී. ඒ කියන ගැහැනිය මේ ලෝකේ හැම මුල්ලකම අසාධාරණයට ලක් වෙච්ච ගැහැනුන් වෙනුවෙන් හඬ නඟන ගැහැනියක්. ඉතින් මේ ඉන්නෙත් එහෙව් ගැහැනියක්. (දැනට එහෙම හිතමු.)


කොහොමද මරණේ වෙලා තියෙන්නේ..
?”

“අරූමෙයාට මොනාහරි ගේන්න කියලා.. මම හිතන්නේ සල්ලි වෙන්නැති. ඒකට දෙන්නා අතරේමොකක් හරි වෙලා.. ඒක තමයි සර්.. ඌ මගේ කෙල්ලව අමු අමුවේ මැරුවේ...”

“හැබෑට...? අපි එහෙම හිතමු දැනට.. ඒත් ඇත්තම දේ.. ඒ කොල්ලා දැනට සැකකාරයෙක් විතරයිඅම්මේ... මොකද මිනිහා පාපොච්චාරණය කරපු හැටියට ඔයාගේ දුව එයාව එදා හම්බෙන්නගිහින් නෑ. කොටින්ම මෙයා දවසෙම වැඩ පොළේ ඉඳලා තියෙන්නේ.. ඒක එයා ඔප්පුකරලා තියෙනවා. එතන අයගේ සාක්ෂි වලිනුත් ඒක පැහැදිලි.. ඊළඟ දේ.. අම්මාගේ දූඑදා මළගෙදරක යනවා කියලා ගියා කිව්වා නේද? ඒත් එයාගේ යාළුවෝ කාගෙවත් මළගෙවල්දාන ගෙවල් හෝ අඩුම තරමේ කොටහළු මංගල්‍යයක්වත් තිබිලා නෑ කියලා පොලිසිය හොයාගෙන තියෙනවා..”

“එතකොට මහත්තයෝ...?”කතාවේ අතරමඟක ඒ “හයිරංකාර ගැහැනිය” මාව නවත්ත ගත්තා. තප්පරයක්.. දෙකක්... පුංචිම නිහැඬියාවක්. මම ආයෙම කතාව පටන් ගන්න හිතුවා. ඒ ගැහැනිය දිහා එක එල්ලේම බලාගෙන...

“මටවිශ්වාස කරන්න බෑ අම්මා කියන විදිහට.. මේ දරුවාව ගහන්නේ බනින්නේ නැතුවහැදුවා කියන එක.. මොකද අම්මගේ අසල්වාසීයෝ කියනවා, අම්මලා මේ දෝණිට පුදුමවිදිහට වද දෙනවා කියලා, ගහනවා කියලා.. හෝව් ! ටිකක් ඉන්න අම්මේ.... මමකියලා ඉවර නැහැ.. මම ඇත්තටම දැනගන්න ආසයි.. අම්මගේ ඇස්වලින් කඳුළු එන්නේනැති එක ගැන... ඒක ලෝදිය වගේ වැක්කෙරනවා වුනත් මට අම්මගේ ඇස්වල දුකක පේන්නෑ. ඒ වෙනුවට මොකද්දෝ දෙයක් හංඟනවා වගේ දැනෙනවා...” මගේ වචන ඇතුළේ අන්ත අසරණ වෙන ඈ ඊළඟට ආයෙම අර පුටුවෙන් නැගිට ගත්තා.

“සර්... කියන කිසිම අප්‍රංභංශයක් මට තේරෙන් නෑ...”

“කවුද අම්මේ ඇත්තටම අම්මාගේ කෙල්ලව මැරුවේ..? ඒ තිසරූ නෙවෙයි කියලා මම දන්නවා...”

“ස.............................ර්.... මම මේ.. ම...ම... සර් මම ඇත්ත කියන්නේ....”

“මේබලන්න අම්මේ. මොන වරදක් වෙලා තියෙනවා වුනත් මම දැන් මේ නඩුව වෙනුවෙන් පෙනීඉන්න යන්නේ. අහලා තියනවනේ කතාවක් ඩොකාටයි ලොකාටයි බොරු කියන්න හොඳ නෑකියලා.. අම්මා ඔය කරන්නේ මහ වස වැරැද්දක්..” මම ඈ අතට වතුර බෝතලය දුන්නා. ඈ ඒක එක දිගට බීගෙන ගියා. අන්තිමේ වතුර නෑ කියලා දැන දැනත්... ඈ ඒ හිස් බෝතලය කටේ ඔබාගෙන මගෙන් වහං වෙන්න උත්සහා ගත්තා.

“ස....ර්...මම ඇත්ත කියන්නම්.. ඒත් සර් මට පොරොන්දු වෙන්න ඕනි මේ හැමදේම හරි ගස්සනවාකියලා.. සර්... ඒ තිසරූ... ඒ කාළකණ්ණියා තමා මේ හැමදේටම මුල.. ඌ මගේ කෙල්ලවඩැහැ ගත්තා. ඌ රොඩී කුලේ කොල්ලෙක් සර්.. මමවත් මගේ මිනිහා සෝමේවත් ඌටකැමති වුනේ නෑ. අපි කොච්චර කිව්වද අපේ කෙල්ලට.. ඒත් ඒකි ඇහුවේ නෑ. ඌ මත්තෙමනැහුනා. අන්තිමට.... ඒකි අපි කියන දේ අහන් නැතුව ඌව බඳින්නම ඕනි කියලාහිතුවක්කාර වුනා. සෝමේ හැමදාම මේකිට ගැහුවා. ඒ අහිතකින් නෙවෙයි මහත්තයෝ..මේකිව හදාගන්න.. යහමඟට ගන්න. උගෙන් ගලවගන්න. එදා 27 වැනිදා දෝණිට ගහපුපාරක් සැරෙන් වැදුනා. ඒකි බිත්තිය බදාගෙන කඩාගෙන වැටුනා. මගේ මිනිහා ආයෙමනැගිටලා ඒකිට පයින් ගැහුවා. ඒකිගේ බෙල්ලෙන් අල්ලලා හොඳ කුණුහරපයක් කිව්වා.අන්තිමට මගේ කෙල්ල බිම වැටුනා. ඒකිගේ ඔලුවෙන් ලේ ගලන්න ගත්තා. මමයි මිනිහයිහොඳටම බය වුනා..”

“ඒ කියන්නේ මිනීමරුවා සෝමේ.. ඔබතුමීගේ මහත්තයා...?” මම උරුවන් බෑවා.

“අනේ සර්... ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි.. ඒ වෙලාවේ ආපු ආවේගෙට.. මම බය වුනා, මගේ මිනිහා හිරේ ගියොත් මට කවුරුත් නැති වෙනවා. ඒ නිසා මට ඕනි වුනේ මිනිහවගලවගන්න. පාන්දර එකට විතර මමයි මිනිහයි දුවගේ මිනිය ඉටි රෙද්දක ඔතාගෙනමීටර් ගාණක් ඇවිදන් ගිහින් අර පාළු අම්බලමට පහළ දොළට අතඇරලා ආවා. කාටත් සැකනොහිතෙන්න දුවව මැරුවේ තිසරුවා කියලා ඔප්පු කරන්නයි අපි හැදුවේ..” ඒ ගැහැනිය හයිය ඇති ගැහැනියක් කියලා මට දැනෙන් නෑ. ඒත් තමන්ගේ මනුස්සයා වෙනුවෙන් ඒ ගැහැනියගේ ඉදිරිපත් වීම ගැන මම පුදුම සහගත වෙන් නෑ. ඒ දේ එහෙම වුනත්... අපරාධකරුවෙකුට නීතියෙන් ගැලවෙන්නවත්, නීතිය සිදුරු කර පලා යන්නවත් හැකියාවක් නැහැ.

“අම්මේ...අම්මගේ මහත්තයා.. වැරදි... ඒක ක්ෂණික කෝපයක් තමයි. හැබැයි ඒක අම්මලා දැන්උසාවියේදී පිළිගන්න ඕනි. ඒ මොකද මේ අම්මගේ දුව කියන එක අමතක කළොත්..? නීතියඅනුව මේක බරපතල වරදක්.. ඝාතනයක්. ඒ නිසා අම්මට සිද්ධ වෙනවා මේක මහත්තයාටපැහැදිලි කරලා දෙන්න.. දුව වෙනුවෙන් සාධාරණයක් කරන්න.. මම දන් නෑ මට හිතෙනවිදිහට තිසරූ කියන්නේ අහිංසකයෙක්... උගේ ඇඟේ මොන කුලයක් කොටා තිබ්බත්..අම්මේ ඌ කෙල්ලට පණ සමානව ආදරේ කරලා.. අම්මලා ඇත්තටම ඒ ආදරේ ඉස්සරහා අන්තපරාදයි...”

ඇගේ ඉකි ගහන හඬ ටික මොහොතක් මට ඇහුණා. ආයෙම ඒ උරිස් හැකිළුණා. ජංගම දුරකථන කුළුණු පරීක්ෂා කරන අතරේ ඒ ගැහැනිය මේ මායිමෙන් එපිට පනින හැටි මම ඈත තියා දැක්කා. කහ ඉර ආසන්නයේදී ඈ රෝද තුනකට අත පෑවා.

“පව් අර අහිංසකී... ඒකිට මම දාපු නම සුලෝ.... සුලෝචනා...”

By Samitha Lakshan

(
මේ
සිද්ධියට වරදකරු වූ දැරියගේ පියා ඇති වූ ක්ෂණික කෝපය මත ඝාතනය සිදු කළා යන
චෝදනා මත වසර ගණනක සිර දඬුවමකට යටත් කෙරුණා. මෙහි එන නම් ගම් හා ස්ථාන
පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය රුවී
සොහොයුරියට.)