🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?

කාන්තාවන් විවාහ විය යුත්තේ හැදිච්ච පිරිමියෙක් සමගද? විවාහ වීමෙන් පසුව හැදෙයි කියා සිතෙන පිරිමියෙක්ද?

බොහෝ යූවතියන් පෙම් සබඳතා පවත්වන්නේ තම පෙම්වතාගේ බොහෝ නොගැළපීම් ඇති බව වටහා ගනිමිනි. එනම් ඔහූගෙන් ලබන පීඩනය බොහෝ දැඩි බව අවබෝධ කරගන්නා ඇය එයින් බොහෝ සිත් පීඩා වින්ඳ ද එම සබඳතා අත් නොහරින්නේ මතු දවසකදී ඔහූ ඒ සියලු ගතිගුණ අත් හරීවි යැයි සිතමිනි. එයට අමතරව, ඔහූ අහිමි වූවොත් තමාට තවත් පිරිමියෙකු හමූනොවේවි යන බියක් ඇය තුළ පවතී. එයට අමතරව ඔහූ සමග පෙම් කිරීමෙන් සිදුවන සිප වැළඳ ගැනීම්, ස්පර්ශ කිරීම් හා අන් සබඳතා හේතුවෙන් තවත් පිරිමියෙකුව ඇසූරු කිරීමට සිදුවන්නේ යම් අපවිත්‍ර වීමක් මත යැයි ඇය සිතීමෙන් කෙතරම් නොගැළපූණද ඔහූ සමගම සබඳතාව දිගින් දිගටම පවත්වා ගෙන යෑමට උත්සාහ දරන්නීය. එයට අමතරව, සමාජයට තම පෙම්වතා පිළිබඳව අවබෝධයක් ලබාදීමෙන් අන් අයෙකු ගැන සිතීමට ඇයට නොහැකියාවක් ඇතිවේ.

ඔහූගේ පොදු වැරදි :

බොහෝ යූවතියන්ගේ පෙම් සබඳතාවන් තුළින් පෙම්වතුන්ගේ නොගැළපීම් මොනවාදැයි බලමූ. තරුණයන් තම පෙම්වතියට අලුත් විලාසිතාවලින් සැරසීමට, ඉඩක් නොදේ. එයට අමතරව එම කාර්යාලයේ හෝ සෙසූ හඳුනන පිරිමින් සමග කතාබහ තහනම් කෙරේ. ඔහූ ආදරණීය බවකින් තොර, තැනැත්තියකගේ සිත තේරුම් ගැනීමට නොහැකි සැර පරුස, හා අනවශ්‍ය ලෙසින් ඇයව පාලනය කරන්නෙකු බවට පත්වේ. සැක කිරීමට හෝ රණ්ඩූවීමට පෙළඹේ. එයට අමතරව, මත්පැන් දුම්පානයට හෝ සෙසූ වැරැදි පූරුදුවලට ඇබ්බැහිව සිටීමට හැකිය. තවත් සමහරක් පිරිමින් නිතරම මිතුරන් සමග ගැවසෙන, රස්තියාදු වෙන, මූදල් නාස්ති කරන දියූණූවීමක් ගැන නොසිතන්නෙකු වීමටද හැකිය.

ඉහත සඳහන් පූරුදු හේතුවෙන් බොහෝ යූවතියන්ට තම පෙම් සබඳතාව සතුටක් නොවී කඳුළක් බවට පත්වේ. නිබඳවම සිත් තැවූල් වීමට සේම දුක්බරව කල් ගෙවීමට සිදුවේ.

විවාහයෙන් පසූව හදා ගැනීමට :

මෙවැනි දුෂ්කරතා විඳිමින් බොහෝ යූවතියන් තම පෙම්වතා අත් නොහැර ඇසූරු කරන්නේ ඔහූව විවාහයෙන් පසූව තමාට නිවැරදි පූද්ගලයෙකු බවට පත්කර ගැනීමට හැකිවේය යන හැඟීමෙනි. විවිධ දුරාචාරයන්ට ඇබ්බැහිව සිටීම, සැක කිරීම, සැරවැර කිරීම, සහයෝගයක් නොදැක්වීම හා සෑම දෙයකටම දබරකර ගැනීම ආදිය විවාහ දිවියට ඇතුළත්ව එකට ජීවත්වෙද්දී ක්‍රමයෙන් ඔහූගෙන් ඈත් කර ගැනීමට හැකිවේ යැයි ඇය සිතන්නේ ඔහූට ඇති ආදරය හේතුවෙනි. සමහර අවස්ථාවලදී ඔහූ ඇයට නොගැළපෙන බව හා ඔහූ හේතුවෙන් ඇය බොහෝ දුක්බර දිවියකට ලක්ව ඇතැයි අවබෝධ කර ගන්නා ඇගේ මිතුරියන් හා ඥාතීන් අවවාද කරන්නේ එම සබඳතාව විවාහයක් දක්වාම ගෙන නොගොස් අවසන් කර දමා අන් දෙයක් ගැන සිතන ලෙසිනි. නොමැතිනම් දෙදෙනාම එකඟතාවකට පැමිණ වෙන්වන ලෙසිනි. නමූත් එය ක්‍රියාවට නැඟීම එතරම් පහසූ නොවේ යැයි සිතන ඇය ඒ වෙනූවට සිතන්නේ ඔහූව නිවැරදි කර ගැනීමට තමාට හැකිවේය යන්නය.

විවාහයෙන් පසූව ඔහූ හැදේවිද?

යූවතියක විවාහ දිවියට ඇතුළත් විය යූත්තේ විවාහයෙන් පසූව හදාගැනීමට හැකි යැයි සිතන පූද්ගලයෙකු සමගද, නොමැතිනම් සෑම අතකින්ම ඇයට ගැළපෙන නිවැරදි හා ආදරණීය පූද්ගලයෙකු සමගද යන්න මෙහිදී මතුවන ගැටලුවකි. මන්ද යම් පිරිමියෙකුගේ උපතේදී සිට හෝ ජානමය ලකෂණ කුමන පදනමකින් හෝ ඉවත් කිරීම අසීරුය. එහෙයින් විවාහයෙන් පසූව සැමියාව තමාට ගැළපෙන පරිදි සියලු දේ සකස් කර ගත හැකි යැයි සිතීම තරමක් අසීරු ඉලක්කයකට ගමන් කිරීමකි.

එයට හේතු වන්නේ බොහෝ පිරිමින්, තම පෙම්වතියට වද දෙමින්, සැක කරමින්, නිදහසක් ලබා නොදෙමින්, දබර කර ගනිමින් හැසිරෙන්නේ තමා ළමා වියේදී ලද අත්දැකිම් පදනම් කර ගනිමිනි. ළමා වියේදී මව ඉදිරියේ තම පියා ද ඒ අයූරින් හැසිරුනේ නම් ඔහූට එම පූරුදු හා ගතිගුණ අනිවාර්යයෙන්ම එක්වේ. මන්ද පිරිමි දරුවන් සැමවිටම පාහේ තම පියාගේ ගතිගුණ තමාට ආරෝපණය කර ගනී. එහෙයින් ඔහූද සිතන්නේ තම බිරිඳ ඉදිරියේ පියා සේම නොහැසිරුණොත් එය ලැජ්ජාවට හා පසූගාමීවීමට හේතුවක් බවය. එයට අමතරව පෙම්වතියගේ හැසිරීම්, පෙර සබඳතා පිළිබඳව යම් සැකයක් ඇති වූවොත්, ඇය වැරැදි කරන්නියක යන හැඟීම ඇති වූවොත් එම සිතිවිලි සෑම දිනකදීම ඇය තුළ පවතී. එය ඉවත් කිරීම අසීරුවේ. එවැනි පදනමක් මත යම් යූවතියකට විවාහ වීමෙන් පසූව පෙම්වතා හදා ගැනීමට හැකි වේය යන්න අසීරු ඉලක්කයකි. එහෙයින් ඇයට ඔහූ සමග සබඳතා පැවැත්වීමට සිදුවන්නේ එම සියලු සිත්තැවූල් ඉදිරියේදී තමාට උරුම යැයි සිතා ගැනීමෙනි.

තව ද, යම් පිරිමියෙකු, තම පෙම්වතිය සමග දබර කර ගැනීමට හෝ සැක කිරීමේ පූරුද්දක් ඇති වූවොත් එය ඔහූගේ සෛල වලටම කාවැදුණූ හැඟීමක් බවට පත්වේ. එහෙයින් එය ඔහූ වෙතින් ඉවත් කිරීමට නම් ඔහූට භාවනා ක්‍රම උපයෝගී කර ගැනීමට සිදුවේ. එසේ නොමැතිව බිරිඳගේ ආදරණීය සැලකුම් පමණක් එයට උපකාරී නොවේ.

අනාගතයේදී හදා ගැනීමට වඩා :

එහෙයින් යම් තරුණයෙකු විවාහයෙන් පසූව තමාට හදා ගැනීමට හැකිවේ යැයි සිතීමට වඩා යහපත් වන්නේ සියලු අතින්ම ගැළපෙන, තමාට බොහෝ ආදරණීය හා සහයෝගය දැක්වෙන අනවශ්‍ය නීති නොදනමන, සැක නොකරන පිරිමියෙකු සමග සම්බන්ධ කමක් ඇති කරගෙන එය පවත්වාගෙන යෑමය. එය හඳුනා ගැනීමට, මූල් මාස කිහිපයේදී පෙම්වතාව ඇසූරු කිරීමේදී ඔහූගේ හැසිරීම් අධ්‍යයනය කළ යූතුවේ. නිවැරදි තීරණයකට පැමිණෙන තුරු එක්තරා සීමාවක් තුළ අතේ දුරින් ඔහූ තබාගෙන පමණට වඩා සිතින් නොබැඳී ඇසූරු කිරීමෙන් නොගැළපීම් ඉස්මතු වූ සැණින්ම ඔහූගෙන් ඈත්වීමට හැකිය. එයට අමතරව, සබඳතාව ආරම්භයේදීම අවශ්‍ය නීති පැණවීම, සැර පරුෂ වීම හෝ සැක කිරීමට පැමිණියොත් ඔහූට ඒ සම්බන්ධයෙන් ඔබ යම් විරෝධතාවක් පෑවොත් එය සම්බන්ධයෙන් ඔබට විසඳුමකට පැමිනීමට හැකිවේ. එම තත්ත්වයෙන් මිදීමට ඔහූට නොහැකි නම් එම සබඳතාව අත්හැර ගැනීමටද ඔබට පහසූවේ.

විවාහ දිවිය යනූ දිර්ඝ කාලීන බැඳීමකි. එහෙයින් "ඉන්න බැරි නම් වෙන් වෙනව" යැයි සිතීම තේරුමක් නොවන්නේ එය ද සිතන තරමින් පහසූ නොවීමෙනි. දූ දරුවන් ලැබ බැඳීම් තහවූරු වූ විටදී එවැනි තීරණ ගැනීමට ඔබට අසීරුවේ. එහි ප්‍රතිඵලය වන්නේ සෑමවිටම පසූතැවීමකින් යූතුව දිවි ගෙවීමටය.

මීළඟට ඔබේ අවධානය යොමූ කිරීමට මා උත්සාහ කරන්නේ විවාහය සඳහා වඩාත් සූදුස්සෙකු තෝරා ගැනීමට සොයා බැලිය යූත්තේ මොනවාද යන්නයි. ඒ සඳහා සාමකාමී, ආදරයෙන් ජීවත්වන පවූලක පිරිමි ළමයෙකු සමග සබඳකම් පැවැත්විමය. පවූල් අවූල් වීම්, අඩදබර, වෙන්වීම්, සැකකිරීම් යම් තරුණයෙකුගේ මාපියන් අතරද තිබූණි නම් එහි පියාගේ ලකෂණ පිරිමි දරුවන් තුළින් බොහෝ අවස්ථාවලදී දක්නට ලැබේ.

එයට අමතරව, ඔබ යූග දිවියට ඇතුළත් විය යූත්තේ විසූරුණූ පවූලක් නැවත එක් කරන්නියක ලෙසින් නොවේ. රෝගී මවක් සිටින පවූලකට මෙහෙකාරියක ලෙසින් සේවය කිරීමට ද නොවේ. ප්‍රීතිමත් පවූල් දිවියක් ගෙවන්නන් මැද තවත් සතුටෙන් සිටින්නියක වීමටය.

ඇතැම් අවස්ථාවලදී ඔබට පෙම් කිරීමට සිදුවන්නේ මවූපියන් හා සොයූරියන්ට බොහෝ ඇඟළුම් දක්වන, ඔවූන් පවසන අන්දමට ජීවත්වෙන පිරිමියෙකු සමගය. කොටින්ම කියතොත් ඔබ වෙනූවෙන් තීරණයක් ගැනීමට නොහැකි තරුණයකු සමගය. එවිට ඔබට සිදුවන්නේ එම පවූලේ සියලු දෙනාගේම යටතේ ජීවත්වීමටය. එහෙයින් එය අනවශ්‍ය පීඩනයක් සිතට ඇතුළු කර ගැනීමක් වන අතර, ඔබ වෙනූවෙන් කවරෙකු හෝ නොමැති තත්ත්වයටද පත්වේ. මෙම තත්ත්වය වඩාත්ම දරුණූ වන්නේ ඔබ ඔහූගේ මාපියන් මග පදිංචියට යෑමෙනි.