🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ගත සරසන ආභරණ

ගත සරසන ආභරණශරීරය අලංකාර කිරීම සඳහා රන්, රිදී, මුතු, මැණික්, පබළු, ඇත්දත් ආදී දෙයින් තනා පළඳීනු ලබන වස්තු ආභරණ නමින් හඳුන්වනු ලැබේ. ශරීර සුවතාව වර්ධනය කර ගැනීම සඳහා මෙන්ම ශරීර ආරක්ෂාව සඳහා ද ඇතමෙක් ආභරණ පළඳිති. පංචායුධ, නවරත්න මුදු යන ආදිය මීට උදාහරණයන්ය.එමෙන්ම මුතු මැණික් ඔබ්ව්වා කණ කර ආභරණ පළඳින්නෝ සිටිති. මීට අමතරව තේජස, කීර්තිය තුළින් තම සමාජ තත්ත්වය විදහා දැක්වීමට තනන ලද ආභරණ අතර ඔටුනු, මුදු, කඩු, පනා වැනි රාජාභරණ ද පෙන්වා දිය හැකිය. සෞන්දර්ය කලාත්මක භාවය විදහා පෑමට ද ආභරණ පැළඳීමට බොහෝ දෙනෙක් රුචියක් දක්වති. විශේෂ අවස්ථාවන් සඳහා පළඳිනු ලබන අත් ඔර්ලෝසුව, කණ්ණාඩි කුට්ටම, සාරි කටුව, බඳ පටිය හෝ හවඩිය ආදී වස්තුන් ද ආභරණ වශයෙන් ම සලකනු ලබන හෙයින් ඒවා නොයෙක් කලාත්මක මොස්තරවලට අනුව තනනු ලබයි. ඇතැම් ආභරණ උත්සව ආදී විශේෂ අවස්ථාවල දී පමණක් පළඳිනු ලැබේ. නොයෙක් නොයෙක් සමාජීය ගෝති‍්‍රක පිරිස් ද ආභරණ පළඳිති. ඒ ආභරණ අතර ඔවුන් දිගින් දිගටම පළඳින්නේ ඔවුනගේ ගෝති‍්‍රක සම්ප‍්‍රදායන් නොනැසී පවත්වා ගෙන යා යුතු හෙයිනි. බොහෝ විට විවාහක අවිවාහක බව ද ආභරණ වලින් හැගවෙයි. 

ආභරණවල ඉතිහාසය ආභරණවල ඉතිහාසය මිනිස් ඉතිහාසය තරම් ම පැරණි බවට හෙළි වී ඇත. මිනිසා ඇඳුම් ඇඳීමට පුරුදුවීමට පෙර සිටම ආභරණ පැළඳි බවට සාධක හමු වී තිබේ.මුල දී මිනිසා ගල් වර්ග, ඛෙලි කටු, සතුන්ගේ දත්, ඇට ආදියෙන් ආභරණ තනාගත් බවට පැහැදිලි වේ. මේවා පසු කලෙක ලෝහ වර්ග සොයා ගැනීමෙන් පසුව සංවර්ධනය වී ආවේය. රන්් රිදී ලෝහ වර්ග දෙකේ ඇති දීප්තිමත් මෘදු භාවය නිසා ආභරණ තැනීමේ දී මේ ලෝහ වර්ග දෙකට ප‍්‍රධාන තැනක් මෙන්ම විශේෂත්වයක් ද ලැබිණි. ඉන් අනතුරුව ආභරණ නිෂ්පාදනයෙහි ස්වර්ණමය යුගය උදා වූයේය.එහෙත් කි‍්‍ර. පූ. 4000 සිට කි‍්‍රස්තු වර්ෂාරම්භය දක්වා කාලයට අයත් රන්රිදී ආභරණ පිළිබද ඉතිහාසය එතරම් පැහැදිලි එකක් නොවේ. රන් රදී ආභරණ සුඛෝපභෝගී වස්තුන් වූ හෙයින් ලෝකයේ ඒ ඒ ප‍්‍රදේශවල ඒ ඒ කාලවල දී පැවති දේශපාලන හා සාමාජික තත්තවයන්ට අනුව ඒවා තැනීම හා පැළඳීම අඩු වැඩි වූ බවත් දක්නට ලැබේ. පැරණි ශිෂ්ටාචාරවලට අයත් ආභරණ බොහෝමයක් පුරා විද්‍යා කැණීම්වල දි සොයා ගෙන තිබේ. පුරාණ මිසරයේ භාවිතා වුණ ඔටුනු, මාල, වළලු, මුදු ආදී ආභරණ රාශියක් එසේ සොයා ගෙන ඇත්තේය. රනින් නිම කොට මැණික් ඔබ්ව්වා ඇති මේ ආභරණවල නොයෙක් ආගමික සන්නිවේදන ලක්ෂණ දක්නට ලැඛෙයි. කැටයම් කිරීම, වාත්තු කිරීම, ලෝහ තීරු ඇලවීම, ගල් එබ්බවීම, රනින් වැඩ දැමීම ආදී විවිධ ශිල්ප ක‍්‍රම උපයෝගී කොට ගෙන මේවා තනා ඇත. ගිජුලිහිණි හිස් පළඳනාව මේ ආභරණ අතුරෙන් විශේෂ තැනක් ගනී.කි‍්‍ර. පූ. 3000 ට අයත් රන් රිදී ආභරණ රාශියක් මෙසපොතේනියාවෙන් සොයා ගෙන තිබේ. දකුණු බැබිලෝනියාවේ අර් නගරයේ සොහොන් වලින් සොයා ගෙන ඇති ෂුබ් - අද් බිසවගේ ආභරණ අතුරෙහි මැණික් ඔබ්ව්වා රනින් තනන ලද ඔටුනු, මාල, වළලු සහ කර්ණාභරණ වෙයි. මේ ආභරණ ශෛලිය දිහා මනාව පරීක්ෂා කොට බැලූ විටක සමකාලීන එනම් පස්වන රාජ පරම්පරාවට අයත් මිසර ආභරණවලට නෑකමක් නොදැක්වීම නිසා ඒවා හුදෙක් මෙසපොතේනියානු රන්කරුවන්ගේ කෘතීන් බව පෙනී යයි. 

වයඹ දිග තුර්කියේ නියාර්ලික් නම් ස්ථානයෙන් සොයා ගන්නා ලද ටෙ‍්‍රීයි රාජ්‍යයේ "ප‍්‍රියම් රජුගේ නිධානය" නමින් හැඳින්වෙන ආභරණ අතරට වළලු සහ කර්ණාභරණ ප‍්‍රධාන වේ. ඊජියන් මුහුදෙහි පිහිටි දිවයින් කැණීමේ දී කි‍්‍රස්තු වර්ෂයෙන් අවුරුදු 1900 කට පමණ පෙර කාලයට අයත් ආභරණ සොයා ගන්නා ලදී. මේ ආභරණ දෙස විමසිල්ලෙන් බැලූ විට ඒවා ආගමික වශයෙන් පළඳනු ලැබූ ඒවා බව සිතිය හැකිය. ග‍්‍රීසියෙහි කි‍්‍රස්තු පූර්ව අටවන සියවසට පෙර කාලවලට අයත් රන් ආභරණ දක්නට ලැඛෙන්නේ විරල වශයෙනි. එහෙත් මෑත කාලවලට අයත් ආභරණ ග‍්‍රීසියේ ඇතැන්ස්, ඉලියුසීස්, එර්කි‍්‍රයා ආදී නගරවල සොහොන් ගැබ් වලින් සොයා ගෙන ඇත්තේය. එම රන් ආභරණ සත්ව රූප සහ මනුෂ්‍ය රූප යොදා අලංකාර කර තිබේ. ග‍්‍රීක දෙවියන්ගේ යැයි සැක කෙරෙන ආභරණ සැරසිලි ද ඒ අතර හමු වේ. මේ ආභරණ සැරසිලි දෙස විමසිල්ලෙන් බැලූ විට ආසියාවට ආවේණික ආභරණ ලක්ෂණවල බලපෑම ලැබී ඇති බව පැහැදිලි වේ.ප්ලේටෝ ගේ අන්තිම කැමති පත‍්‍රයෙහි රන් කර්ණාභරණ ගැන සඳහන් කොට ඇති හෙයින් ග‍්‍රීසියෙහි පිරිමින් ද කර්ණාභරණ පැළඳී බව හෙළි වේ. ග‍්‍රීකයන් කාර්මික නිපුණත්වයට පත් වූ මේ කාලයේ ග‍්‍රීක මෝස්තර ආශ‍්‍රය කර ගනිමින් රෝමන්වරු සිය රුචිකත්වය පරිදි ඉතා අපූරු ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණය කළහ.

රෝම පුද්ගලයකුගේ සමාජ තත්ත්වය එකල මැන බලා ඇත්තේ ඔවුන් සතු ස්වර්ණාභරණවල බර අනුවය. මැණික් වර්ග, දියමන්ති යොදා ගෙන රෝමන්වරු ආභරණ සකස් කර ගත්හ. මේ නිසාම මේ ස්වර්ණාභරණ ඉතාම මිල අධික ඒවා බවට පත් විය.රෝම අධිරාජ්‍යයේ වැටීමෙන් ඇරඹුණු මධ්‍යතන යුගයට අයත් "පෙටෙ‍්‍රාස්සාගේ නිධානය" නමැති ගොත්වරුන්ගේ ආභරණ රාශියක් බුකරෙස්ට් කෞතුකාගාරයෙහි දක්නා ලැබේ. මේ ආභරණවල දක්නට ලැඛෙන විශේෂ කාරණය නම් සම්ප‍්‍රදායක ආභරණ ලක්ෂණ හා ම්ලේච්ඡ ලක්ෂණ මිශ‍්‍ර වී තිබීමයි.මීට අමතරව ඩබ්ලින් නුවර රාජකීය අයිරිෂ් ඇකඩමියෙහි ඇති "තාරා හාරිච්චිය" කෙල්ට්වරුන්ගේ ආභරණ අතුරෙහි අති විශිෂ්ඨ නිර්මාණයකි. දසවන සියවස තුළ දී රන් රිදී පාවිච්චිය ජනප‍්‍රියව පැවති නමුදු අත් දිග ඇඳුම් එකල පාවිච්චියට ගැනීම නිසා වළලු භාවිතය අඩුවී ගිය අතර හිස් වැසුම් යොදා ගැනීම නිසා කර්ණාභරණ භාවිතය ද අභාවයට ගියේය. මේ කාලය තුළ භාවිත වුණු ප‍්‍රධාන ආභරණය වුයේ මුදුවයි. විද්‍යානවෝදය සමයෙහි ආභරණ නිෂ්පාදනය විශාල දියුණුවකට පත් වීය. මෙකල සිටි සමහර චිත‍්‍ර ශිල්පීන් හා මූර්ති ශිල්පීන් දක්ෂ ආභරණ නිෂ්පාදකයන් වූ බව පෙනේ. ඔවුන් අතර ඛෙන්වෙනුටෝ වෙල්ලිනී ලියනාඩෝ ඩාවින්චි සහ අල්බ්‍රෙක්ට් ඩ්‍යුරර් විශේෂයෙන් සඳහන් කළ හැකිය.