🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සෙත් කවි පබඳින ගුරු මුෂ්ඨි දැනගන්න


ගුණගරුක සමාජයක්‌ බිහිකිරීමෙහිලා ශබ්ද විද්‍යාව ඉටුකරන මෙහෙවර අතිවිශිෂ්ටය. සෙත් කවිය, ගීතය යන සියල්ලෙහි මූලික පදනම මිනිස්‌ සිත හා සබැඳි වදන්ය. රසවත්ව හා මෙත්සිතින් ඇති වූ සියල්ල ඒකරාශීව තරංග ශක්‌තීන් හා කිරණ ඇතිකරයි. එම තරංග ශුභ හා අශුභ යෑයි දෙකොටසකි. සෙත් කවිය ශුභ වේ. වස්‌ කවිය අශුභ වේ. නමුත් වස්‌ ගණ හා වදන් ශුභ ගණ හා සංකලනය කර රසදියාදී යෙදූ රස බෙහෙත මෙන් යහපත් ප්‍රතිඵල උදාකරලීමට යෙදිය හැක. සෙත් කවි හා වස්‌ කවි යනු මන්ත්‍ර ක්‍රමයකි. ගාථා, පිරිත්, දේවස්‌තෝත්‍ර, ප්‍රශස්‌ති, තොවිල් පවිල්, යාග හෝම, කවි, ගීතිකා, යන්ත්‍ර මන්ත්‍ර, නම් තැබීම්, ආසිරි ගී, උපහාර ගී, යාදිනි විහාර හස්‌න නම් විසිතුරු බන්ධනය දුෂ්කර බන්ධනාදී සමස්‌තයම භාෂාව කවරක්‌ වුව හොඳ හා නරක ගණ හා ශබ්ද මාත්‍රා මූලික කරගනී.

වේද යුගය හා රාවණා යුගයට ද පෙර සිට ඇරඹි ලෙස සැලකෙන මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාවෙහි ඔත්තේ සංඛ්‍යාවල (3,5,7,9,21) ආදියෙහි ගුප්ත බලවේගයක්‌ ඇති බව මැක්‌සිම් ගෝර්කි පඬිවරයා පවා පිළිගත් කරුණකි. ලංකාවේ මුල්ම ගී සහ වෘත්ත සියබස්‌ලකරින් හෙළිවේ. කිරණ හා තරංග ශක්‌තීන් මුල්කර සියලු සජීවී හා අජීවී වස්‌තු ක්‍රියාත්මක වේ. යකුන් බැඳ වැඩගත් තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමි සොලොස්‌ මහා කවීන්ට පසු බිහි වූ රාජසම්මාන ලත් කවියාණන් වේ. මන්ත්‍ර සම්පාදනය ද එතුමන් සුරතින් බිහිවිය. එම තරංග ශක්‌ති පෙරදිග වාසීහු පෙර සිටම ඉතා ඵලදායී ලෙස යොදාගත්හ. ඉනිදු දඹදිව හා ශ්‍රී ලංකාව ප්‍රමුඛස්‌ථානයක සිටී. එනිසා සියලු පාරිසරික වස්‌තු ගහ කොළ ශාස්‌ත්‍ර පිරිත ආදියෙන් එකට බැඳුණි. ඒ ඒ හැම අංශයකින්ම ප්‍රායෝගික ප්‍රතිඵල ලද හෙයින් ඒ ශාස්‌ත්‍ර මෙතෙක්‌ නොනැසී පවතී, නමුත් විද්‍යාවට සමහර ඒවා හසු නොවේ. සමහර ශිල්පීහු සෘෂිවරු මෙන් වූහ. එදා විනය හැදියාව අවංකත්වය මුල්ව බිහි වූ විවිධ ශාස්‌ත්‍ර පරහිතකාමිත්වයට මුල්තැන දී සෘෂිවරුන් විසින් පබඳකොට පල ලබාදෙන ලදී. ඔවුහු පඬුරු පාක්‌කුඩම් නොතැකූහ. පරමාධ්‍යාශය ලෝ වැඩම විය. නමුත් ව්‍යාපාරික ලාභය හා මුදල පමණක්‌ හරය කරගත් අය තුළ මානසික ශක්‌තීන් හා මිනිස්‌ ගුණ දහම් තිබේදැයි විමසිය යුතුය. පන්සල කෝවිල දේවාලය ආදී විවිධ ආයතන ද රාජ්‍ය හා උසස්‌ පාලක පිරිසේ සිට වැඩි දෙනා ඒ ඒ ශිල්ප නොදත්කම නිසා පරිහානියට පත්ව ඇත. කවිය ගීතය ගායන වාදන ආදී සිව් සැට කලාවන් හා ශාස්‌ත්‍ර නොදත් අය ඒ හැම ක්‍ෂේත්‍රයකම විද්වත් ශාස්‌ත්‍රාචාරීන් හා පොල්මඃකාරයන් ලෙස පෙනී සිට රටට ජාතියට ආගමට සංස්‌කෘතියට මෙන්ම තමන්ට ද කරගන්නේ මහා විනාශයකි.

ජ්‍යෙdතිෂ්‍යය හා බැඳුණු විවිධ ශාස්‌ත්‍ර දැනුම ද සෙත් කවි රචකයාට අවශ්‍යය. වෙනත් විෂය සම්මාන උපාධි දැනුම් තිබුණාට ශබ්ද ශාස්‌ත්‍රය නොදන්නේ නම් ඵල නැත. ධනය, ශීලය, පූජකත්වය, බලය ද අදාළ නොවේ. දැහැමි බව, මෛත්‍රි සිත, කවියෙහි දක්‍ෂබව, භාෂා දැනුම ඇති බහුශ්‍රැත කිවිඳුන්ට සිය සෙත් කවෙන් පුදුම ප්‍රතිඵල අත්කර දිය හැක. වස්‌කවි රචනය නුසුදුසු වුවත් වස්‌ ගණ යොදා සෙත සලසා දීම දක්‍ෂ ශාස්‌ත්‍රධරයකුට මිස ක්‍රියාකාරක පබඳවත් නොදත් ඕනෑම කවියකට වෙනත් නමක්‌ යොදා දී බඩ වඩා ගන්නා ඉදිරි මහා පරපුරට අපායගාමීන්ට නම් නොහැකි බව නොබියව ප්‍රකාශ කළ හැක.

සෙත් කවි ලිවීමේදී සලකා බැලිය යුතු කරුණු

කාව්‍ය නායක (ආතුර ලබන්නා) ගේ සුදුසුකම්

1. බුදුන්ට බ්‍රහ්ම දේව ආදී උතුමනට නොගරහන පින් පව් පල විපාක දත් ගුණවත් සිල්වත් අයකු වීම.

2. කුහක ගති නැති ජාතික සිරිත් විරිත් ගරු කරන්නෙකු වීම.

3. පවට බිය අනුන්ව හෙලා නොදකින කෙනකු වීම

4. පංච දුෂ්චරිතයෙහි නොයෙදෙන පරිසරයට හා සමාජයට හිතවත් අයකු වීම

5. පංච දුෂ්චරිතයෙහි යෙදෙන්නකු වුවද ඉතා අසරණව රෝගීව සිටින අවස්‌ථාවක ඔහුගේ ඥතීන් විසින් ඉල්ලුම් කෙරේ නම් එසේ අයදින්නාගේ බලවත්කම මත දෙවියන්ගේ පිහිට ලබාගත හැක. (තම ආරක්‍ෂාව සලසාගෙන)

6. දුගී හෝ ධනවත් වේවා මහත්මා ගුණයෙන් පිරිපුන් අය සඳහා ලියන සෙත් කවි නිසි ලෙස ප්‍රබන්ධ කිරීමෙන් විපත් කරදර රෝග ග්‍රහ අපල වෙනත් කවර කරුණක්‌ වුවද දුරුකරගත හැක.

සෙත් කවි රචකයකු තුළ තිබිය යුතු ප්‍රධාන ගුණාංග

1. ප්‍රීති සහගත මුහුණක්‌ තිබිය යුතුය.

2. දුක්‌ කම්කටොළු විඳ දරා ගැනීමට හැකි ලද දෙයින් සතුටු වන්නෙකු විය යුතුය.

3. සිතෙහි හටගත් කෝපය වහාම සංසිඳවා ගැනීමට හැකි අයකු විය යුතුය.

4. ආගමට රට ජාතියට බසට ලැදි නිර්ලෝභී අයකු වීම

5. කේලම් කීම කැත වචන කීම හා දුසිරිත් ක්‍රියාවලින් වැළකී සිටීම.

6. සුළු වශයෙන් හෝ චෛතසික බලය දියුණු කළ අයකු වීම

7. තම සිත දිනාගත් යම්කිසි ප්‍රස්‌තුතයක්‌ දෙවියෙක්‌ ගහක්‌ ගලක්‌ යනාදී යම්කිසි වස්‌තුවක්‌ ගැන විශ්වාසයක්‌ ඇති අයකු විය යුතුය.

8. අන්‍යයන් ගැන මෛත්‍රි කරන්නෙකු විය යුතුය.

9. අහංකාර උඩඟු ගති නොමැත්තෙකු විය යුතුය.

10. අවංක එඩිතර සහ අයුක්‌තියට නොනැමෙන අයකු වීම.

කියවන්නාගේ සුදුසුකම්

වෙනුවෙන් තැනූ කවියක්‌ කියවනු නොහැක. සෙත් නොව වස්‌කවියක්‌ වුවත් ගණ නැති, මාත්‍රා ශාස්‌ත්‍ර නියමයන් නොතකා තැනුවේ නම් පුස්‌ වෙඩිල්ලක්‌ මෙන් හොඳක්‌ හෝ නරකක්‌ නැත්තේ වෙයි.

2. පස්‌ පවින් වැළකුණු අයකු වීම.

3. මුදල් හෝ පඬුරු නොතකන අයකු වීම.

4. ශරීර අංගෝපාංග හීන කුහක ඊර්ෂ්‍යා ගති ඇති අයකු නොවීම

5. භාෂාව, යති, මාත්‍රා, ගණ ආදිය නිවැරැදිව තබා කියවිය හැකි අයකු වීම

සෙත් කවි ඇරඹීම

1. සෙත් කවි ඇරඹීමට පෙර බුදුහිමි හෝ අදහන කවර උතුමෙකු හෝ පිදිය යුතුය. පින් පෙත් දිය යුතුය.

2. කේන්ද්‍රයෙන් හෝ තත්කාලයෙන් තිබෙන අශුභ අපල දැනගත යුතුය.

3. කාව්‍ය නායක හෝ කර්තෘගේ ජන්ම නැකත

4. ඊට සුදුසු පක්‍ෂය (අව/පුර) දින නැකැත් හෝරා පංච පක්‍ෂ ශාස්‌ත්‍රය උපයෝගී කර ගත යුතුය. ඒ ශරීරයේ පංච භූතයට ද අදාළ වේ. එහි සංකලනය පංච අක්‍ෂර ආ, ඉ, උ, එ, ච සම්බන්ධයෙන් රචකයාට මනා අවබෝධයක්‌ තිබිsය යුතුය.

නමෙහි මුලකුරට හෝ උපන් නැකතට හිමි පක්‍ෂියා ලෙස (අ) ප්‍රාණාක්‍ෂරයේ පඨවි ගුණය ද (ඉ) ප්‍රාණාක්‍ෂරයේ අධික ජල ගුණය ද (උ) ප්‍රාණාක්‍ෂරයේ අධිකව ගිනි ගුණය ද (එ) ප්‍රාණාක්‍ෂරයේ අධිකව වායු ගුණය ද (ධ) ප්‍රාණාක්‍ෂරයේ අධිකව ආකාශ ගුණය ද ඇත.

සෙත්කවි ප්‍රතිඵල සඳහා ගුරුමුෂ්ඨි

1. වායුගණයෙන් යෑවීමත් චන්ද්‍ර ගණයෙන් ආපසු ගෙන්වීමත් කළ හැක. නමුත් කාව්‍ය නායකගේ නැකතට හෝ නමට එම ගණ මිත්‍ර වේ නම් කළ නොහැක. එවිට වෙනත් ක්‍රමයක්‌ යොදාගත හැක.

2. සෙත් කවක 1 2 3 5 7 9 18 ශුභ ගණයක්‌ හැකි තරම් දුරට 18 වැනි ගණයට කාව්‍ය නායකගේ නාමාභිධානය යෙදීම.

3. නිවසින් පැනගිය අය ගෙන්වීමට වායු ඹ සූර්ය ඹ ජල ඹඹ චන්ද්‍ර ඹ ගණ සුදුසු පරිදි යොදා ගැනේ.

4. කොපමණ අවශ්‍ය විටකදී වුවද කාව්‍ය නායකගේ නැකතට හිමි අක්‍ෂරයක්‌ නැකැත් යෙදෙන දිනයක්‌ කර්තෘට නොසීහේ නම් කවි නොසාදනු.

5. කවිය කියවිය යුත්තේ අසවල් අකුර මුලට ඇති අයෙක්‌ය යන්න සිද්ධි චක්‍රයෙන් ද යෝනි ද බලා නියම කරන්න.

6. ශුභ වස්‌තු හා වදන් හැකිතරම් යෙදීම. අශුභ වදන් අඩු කිරීම හෝ නොයෙදීම.

7. ගණය ගැන හොඳ අවබෝධයක්‌ අවශ්‍ය වේ. ගණ සංයෝගයක්‌ ලෙඩක්‌ නම් වා, පිත්, සෙම් ද සොයා ඊට අධිපති ග්‍රහයාගේ තීරණය ගන්න. ශනිගේ නම් වාත රෝග සඳු නම් සෙම් රෝග රවිගේ නම් පිත් රෝග කුජ, සඳු ආදී ග්‍රහයන් ගැන ද එසේ බලන්න.

8. “න” ගණ ප්‍රධාන වාත රෝගීන්ට හොඳයි. අනිත් ගණ සංකලනය ද දතයුතු වේ. වාත දෝෂ දුරුකිරීමට චන්ද්‍ර ගණය හොඳ වුවත් එය බලවත් ලෙස යෙදුවහොත් මරණය පවා සිදුවිය හැක.

9. අමාරු රෝගීන්ට අමාරු වැඩවලට උපමා සඳහා සුදුසු පරිදි අෂ්ටවංක මාණික්‍යය වැනි වස්‌තු තෝරා ගන්න.

10. ස්‌තුති කාව්‍ය, මංගල ස්‌තුති පත්‍ර, ආසිරි ගී, ස්‌තෝත්‍ර මන්ත්‍ර, කවි, ගීත ඒ ඒ අයගේ කරුණාව හා පුද්ගලයාට ගැලපේද, සෙත්කවි මූලධර්ම අනුව බැලිය යුතුය. (නැකැත්, ගණ, තිථි ශබ්ද ආදිය)

11. නිසි පුද තබා නියමිත වාර ගණන් මන්ත්‍ර විශේෂයක්‌ වූ සෙත් කවි කියවිය යුතුය. ගෞරවය හා භක්‌තිය ද විය යුතුය. එක තැනක සෙත් කවි කිහිපයක්‌ කියවීම නිසා තරංග ශක්‌තිය චිපරීත වේ. (අද දේවාලවල මෙය සිදුවේ.)

12. මහ දෙවිවරුන්ට තැබෙන පූජාදිය බොහෝ විට එනමින් යෑපෙන භූත කොට්‌ඨාසවලින් පිළිගෙන සතුටුව ආතුරයාට සෙත සලසන බැවින් පිරිසිදුව පූජා තැබීම ද මැනවි.