This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ටිකක් හෝ අතහරින්න
භාවනාව පුහුණු වන්නකුට අවශ්‍ය, ඉතා අවශ්‍ය උපදෙස් කීපයක් මේ ලිපියෙන් ලැබේ. සිතේ මැළිකම හා නොසන්සුන් බව එතරම් ගැටලුවක් නො වේ. සියුම් ලෙස අප ඒ දෙස බැලුව හොත් මනස හැම විට ම ක්‍රියාකාරී ව පවතී. ඒ නිසා අපට සැම විට ම කරන්නට දෑ තිඛෙනවා. ආහාර ගත්තායින් පසු පිරිසිදු කිරීම, යම් යම් ප්‍රිය නොවන දෑ හොඳ සිහියෙන් හා ඕනෑකමින් කිරීම... නොසන්සුන්කම නිසා ඇති වන හැපීම් හා ගැටීම් වළක්වා ලමින් මේවායේ යෙදීමෙන් ඔබට හැකි වනවා සිත එකග කරගැනීමට හා ඔබේ පුහුණුව පහසුවෙන් කරගෙන යෑමට. එසේ ඔබ ක්‍රියා කරන විට ඔබට ම දැනගන්නට හැකි වේවි ඔබ හොඳ සිහිය ඇති කරගෙන ද නැති නම් තාමත් සිත ක්ලේශයන්ගේ වසගයට පත් ව ද යන්න. අපරදිග මිනිසුන් වන නුඹලා සාමාන්‍යයෙන් ඉක්මන්කාරී ය. එම නිසා නුඹලා සැපදුක හා ක්ලේශයන් ඩැහැගෙන පීඩා විඳීම උපරිම වශයෙන් අත්දකී. නුඹලා පුහුණුව හරිහැටි කරගෙන ගිය හොත් පුහුණුවේදී අන් අයට වඩා ගැටලුවලට මුහුණ දීමට සිදු වීම තුළින් ම පසු ව ඉතා ගැඹුරු ප්‍රඥාව නුඹලාට උදා කරගත හැකි ය. බුදුරදුන්ගේ මහා කරුණාව හා විශාරද භාවය ඔබ කල්පනාවට ගන්න. උන් වහන්සේ නිවන් අවබෝධ කරගෙන ඉන් පසු අපට ඉගැන්වූ සේක. උන් වහන්සේ විසින් කළ යුක්ත නිම කොට ඉතා වටිනා ඉගෙනීම් මගින් කළ යුත්ත කියා දුන්නා. පුහුණුව පිළිබඳ මා අනුගමනය කළේ බුදු රජාණන් වහන්සේ ඉගැන්වූ මග, පලය හා නිවන දැනුදු ජීවමාන බව දකිමින් එය සෙවීමට මගේ ජීවිතය කැප කොට මහත් පරිශ්‍රමයක් දැරීමෙනි. මගඵලය හා නිවන ඉබේ ඇති වන්නක් නො වේ. ඒවා ඇති වන්නේ නිවැරදි පුහුණුවෙන්, යහපත් වීර්යයෙන්, නිර්භය ව ක්‍රියා කිරීමෙන්, සිතීමෙන්, අවස්ථාව අනුව සිහි නුවණින් අත්හදා බලා පුරුදු පුහුණු වීමෙනුත් ය. මෙසේ කිරීමට නම් ඔබේ සිතට ඔබ එරෙහි විය යුතු යි. බුදුහු සිත කෙරෙහි විශ්වාසය නොතබන්න යැ යි ඉගැන්වූ හ. ඊට හේතුව පුහුණු නොවූ සිත ශීලයෙන් හා දැහැමි ගුණයෙන් යුක්ත නොවන අතර, එය කෙලෙසුන්ගෙන් අපවිත්‍ර වීම ය. ඒ නිසා අපි හැම පුහුණුවකදී ම අපේ මනසට එරෙහි විය යුතු යි. මනසට එරෙහි වූ විට එය රත් වී පීඩාවට පත් වෙයි. අපි එවිට සැක කරනවා අපි හරි මග ද ගමන් කරන්නේ? කියා. පුහුණුවෙන් කෙලෙසුන් හා අපේ ආශාවන් සමග ගැටෙමින් අපට දුක් ඇති වී ඇතැම් විට පුුහුණුව නතර කරන්න සිතෙන්නට ඉඩ තිඛෙනවා. බුදුරදුන් මෙහිදී ඉගැන්වූයේ නියම පුහුණුවේ මග මෙසේ ය. ගිනි ගෙන දැවෙන්නේ ඔබ නො වේ, කෙලෙසුන් ය. නිසැකයෙන් ම මෙවැනි පුහුණුව පහසු නො වේ. ඇතැම් භාවනායෝගී භික්ෂූන් ධර්මය සොයන්නේ වචන හා පොත් මගිනි. ඉගෙනීමට කාලය පැමිණි විට පොත අනුව ඉගෙනීම වරදක් නො වේ. එහෙත් කෙලෙසුන් සමග සටන් වදින විට ඔබ එය කළ යුත්තේ පොතෙන් බැහැර ව ය. පොත අනුව සටනේ වැදුණ හොත් ඔබට සතුරා පරාජය කළ නොහැකි ය. පොත් සපයන්නේ උදාහරණ පමණක් නිසා ඔබ මුළාවට පත් වන්නට ඉඩ තිඛෙනවා. ඊට හේතුව එම උදාහරණ මතක හා සංකල්ප මත ගොඩනැගුණු ඒවා වීම යි. සිතිවිලි මුල් කරගෙන ඇති වන සංකල්පයන් මායාවන් හා වර්ණවත් දේ මවයි. ඔබ ඉදිරියේ තිඛෙන පැහැදිලි සත්‍යය අබිබවා ඔබ දෙව්ලොවට හා අපායනට ගෙන ගොස් නිර්මාණ ලෝකයේ තැන්පත් කරයි. ඔබ පුහුණු වීම් අරඹන්නෙහි නම් හුදෙකලා ව කල් ගත කිරීම වැදගත් බව මුලින් පෙනී යයි. එසේ ඔබ සිතන විට සැරියුත් තෙරුන් වහන්සේ භික්ෂූන්ට හුදෙකලා ව සිටීම පිළිබඳ දුන් අවවාද කල්පනාවට ගත හැකි ය. හුදෙකලාව සිටීම තුන් ආකාරයකට සිදු වන්නකි. එනම් පුද්ගලයෙක් ලෙස තමා අන් අයගෙන් ඈත් වී තනිවම වාසය කිරීම, තමාගේ සිත විවේකී ව පවත්වා ගැනීමෙන් ඇති වන තනි බව, හා කෙලෙසුන්ගෙන් ඈත් වී ඒවා නිවාරණ කොට හුදෙකලාව සිටීම. අන් අයගෙන් ඈත් වී හුදෙකලා ව සිටීම හේතු කොටගෙන සිතෙහි විවේකය නොහොත් හුදෙකලා බව ඇති වේ. ඒ චිත්ත විවේකය හා හුදෙකලා බව මුල් කරගෙන කෙලෙසුන්ගෙන් ඈත් වීම සිදු වේ. ඔබගේ සිත නිසල නම් ඔබට කොහේ වූවත් කම් නැත. එහෙත් ඔබ දහම් පුහුණුව පටන් ගැනීමේදී ඔබ අන් අයගෙන් ඈත් වී පුද්ගලයෙක් ලෙස හුදෙකලාව සිටීම ඉමහත් ආධාරයක් වනු ඇත. අද හෝ ඕනෑ දවසක ගමෙන් ඈත් වී සිටින්න. හුදෙකලා ව ජීවත් වීම අත්හදා බලන්න. තනි ව ම බියකරු කඳු මුදුනකට නැග බලන්න. එවිට ය ඔබට දැනගන්නට හැකි වන්නේ ඔබ ඔබ දෙස බැලීම කොයි වගේ ද? කියා. හිත නිසල වූවත්, චංචල වූවත්, ඔබ කලබල විය යුතු නැහැ. ඔබ පුහුණු වන තාක් එමගින් ඇති කරන්නේ හරි හේතු යි. එමගින් ඔබ අත්දකින හැම දෙයක් ම ඔබට ධර්මයට එකග ව දැකිය හැකි ය. ඔබ බිය විය යුතු නැහැ සිත නොසැලෙන තත්ත්වයකට ඔබ ගෙන යා නොහැකි ය කියා. අවංක ව පුහුණුව යෙදෙන්නේ නම් ධර්මය ඔබ කරා එළඹෙනු නිසැක ය. ආහාර අනුභව කරන්නන් තෘප්තියට පත් වනවා සේ ධර්මය සොයන්නන් එය අවබෝධ කරගනී. ඔබ හැම දේ ම කළ යුත්තේ සියල්ල අතහැරීම අරමුණු කරගෙන ය. ඉන් ඔබ බලාපොරොත්තු නොවන්න ගුණ වැනුමක් හෝ ලාභයක්. ටිකක් ඔබ අතහැරියොත් සුළු වශයෙන් ඔබේ සිතේ ශාන්තිය ඇති වෙයි. ඔබ සියල්ල අත හැරියොත් ඔබේ සිත ශාන්තියෙන් පිරී සියලු දුකෙන් නිදහස් වෙයි. ලොව සමඟ ඔබට තිඛෙන ගැටීම කෙළවර වේවි. ද පූජ්‍ය අජාන් චා හිමි උපුටා ගැනීම සිළුමිණ පුවත් පත