🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මිරැන්ඩා පැකර්ට ළං වෙයි

පෑන් කේක් තරම් ලේසි නැහැ සුපිරි නළු මයිකල් ඩග්ලස් තම බිරිඳ කැතරින් සීතා ජෝන්ස් ගෙන් වෙන්වුණේ මෑතකදීයි. දෙදෙනා වෙන්වී සිටියත් උදය කාලවලදී කැතරින්ව මුණගැසීමට මයිකල් අමතක නොකළ බවයි ඔහුගේ මිතුරන් පවසන්නේ. ඒ හමුවීමට විශේෂ හේතුවක් තිබූ බවත් ඔවුන් පවසනවා. මයිකල්, කැතරින්ව මුණ ගැසීමට ගියේ උදය ආහාරයට පෑන් කේක් සාදා ගැනීමටලු. වෙන්වී සිටියත් තමන්ගේ හිටපු සැමියාට පෑන් කේක් පිළියෙල කර දෙන්නට නම් කැතරින් අක­ැමැත්තක් දැක්වූයේ නැතිලු. මෙලෙස දින කිහිපයක් ම උදේ වරුවට පෑන් කේක් සාදවා ගත් මයිකල්, ඉන්පසුව කැතරින්ගෙන් වැදගත් ඉල්ලීමක් කර තිබෙනවා. නැවතත් තමන් සමග සමගි වී එක වහලක් යට ජීවත් වන්නට එන ලෙසයි ඔහු ඇගෙන් ඉල්ලා ඇත්තේ. ඒ වුණත්, මයිකල් ගේ ඒ ඉල්ලීම පෑන් කේක් ඉල්ලීම මෙන් සලකා බලන්නට තමන් ලෑස්ති නැතැයි ඇය එකහෙළාම පවසා තිබෙනවා. කැතරින්ගේ දැඩි ප්‍රතිචාරයෙන් දුර්මුඛ වූ 69 වියැති මයිකල්, ඉන්පසුව පුරුදු පරිදි තම නි‍ෙවසට ගොස් දරුවන් සමඟ උදය ආහාරය ගත්තලු. මිරැන්ඩා පැකර්ට ළං වෙයි මිරැන්ඩා කෙයර්, සුපිරි නිරූපිකාවක්. ඇය විවාහ වී සිටියේ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන ඕලැන්ඩෝ බ්ලුම් සමඟ යි. මේ දෙදෙනා ගේ යුග දිවියට නැවතී‍ෙම් තිත වැටුණේ මෑතකදීයි. ඕලැන්ඩෝගෙන් වෙන්වූ මිරැන්ඩාගේ හිත වෙනත් කෙනෙකු වෙත ඇදී ගියා. දැන් ඇය, ඔහු සමඟ අලුත් පෙම් කතාවකට මුල පුරලා. මේ පෙම්කතාවේ පෙම්වතා නම් සුළු පටු අයෙකු නොවෙයි. ඔහු, මුළු ලොවම හඳුනන සුපිරි ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නම තමයි, ජේම්ස් පැකර්. මිරැන්ඩා මේ ඔස්ට්‍රේලියානු ජාතික කෝටිපති කැසිනෝ ව්‍යාපාරිකයා ව පසුගිය සති කිහිපය තුළ කිහිපවතාවක් ම මුණ ගැසී ඇතැයි ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පත වාර්තා කර තිබුණා. ජේම්ස් පැකර් ගේ නිත්‍යනුකූල බිරිඳ, එරිකා යි. ජේම්ස් - එරිකා යුවළට නව යොවුන් වියෙහි පසුවන දරුවන් තිදෙනෙකු ද සිටිනවා. ඒත්, පසුගිය සැප්තැම්බර් මාසයේදී ජේම්ස් පැකර්, තම බිරිඳගෙන් වෙන්වුණා. වැඩිම ගාස්තුව සොෆියාට ප්‍රකට ෆෝබ්ස් සඟරාවේ අලුත්ම කලාපයේ ලොව වැඩිම ගාස්තුවක් අය කරන රූපවාහිනී නළු නිළියන්ගේ ලැයිස්තුවක් පළ කර තිබුණා. ඒ ලැයිස්තුවට අනුව මේ වනවිට රූපවාහිනී නළු නිළියන් අතරින් වැඩිම මුදලක් අය කරන නිළිය හැටියට පළමුවැනි ස්ථානය දිනා ගෙන ඇත්තේ සොෆියා වර්ගාරායි. ටෙලි වෘත්තාන්තයක එක කොටසක පමණක් රඟපෑමට ඇය, ඇමරිකානු ඩොලර් 1,75,000 ක මුදලක් අය කරන බවත් එහි සටහන් වී තිබෙනවා. ඇය වසරකට උපයන මුළු ආදායම ඩොලර් මිලියන 30 ක්. 41 වැනි වියෙහි පසුවන සොෆියා, බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළියක වුණත් ඇය උපන්නේ කොලම්බියාවේ යි. මෝස්තර නිරූපිකාවක මෙන් ම රූපවාහිනී නිවේදිකාවක ලෙසද කටයුතු කරන ඇය ප්‍රචලිත වූයේ 1990 දශකයේදී විකාශය වූ ස්පාඤ්ඤ භාෂාවෙන් නිෂ්පාදිත රූපවාහිනී වැඩසටහන්වලට එක්වී‍ෙමන්. සොෆියා, හාස්‍යොත්පාදක රංගනයන්ටද සමත්කම් දක්වනවා. චිත්‍රපට රැසක රඟපෑමෙන් සිනමා නිළියක ලෙස ද නමක් දිනා ගන්නටද මේ රුවැත්තිය සමත්වී සිටිනවා. හිරිමල් ගායකයාට අවන්හලකදී හදිසි හමුවක් යොවුන් පරපුරේ ආකර්ෂණය දිනාගත් ‘වන් ඩිරෙක්ෂන්’ ගායක කණ්ඩායමේ දිදුලන තරුවක් තමයි, නයල් හොරන්. පසුගිය සතියේ මේ හිරිමල් වියේ පසුවන ගායකයාට තවත් යොවුන් ගායිකාවක වන කැටී පෙරී හමුවුණා. ඒ, නිව්යෝක් නගරයේ සුපිරි අවන් හලකදීයි. ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදුවුණේ රාත්‍රියකදීයි. දෙදෙනාම අවන් හලෙන් පිටතට පැමිණෙන විටදී එහි රැඳී සිටි කැමරා ශිල්පියෙකු ගේ නෙත ගැටුණේ හදිසියේමයි. මොහොතක් හෝ ප්‍රමාද නොවූ කැමරා ශිල්පියා කැටී සහ නයල් ගේ ඡායාරූපයක් ගත්තා. මේ වන විට විසි නව වැනි වියෙහි පසුවන කැටී පෙරී, ජනප්‍රිය ගායකයෙකු වන ජෝන් මේයර් සමඟ පෙමින් බැඳී සිටින බවයි මීට කළින් මාධ්‍යවල පළවී තිබුණේ. විනී මැන්ඩෙලා චරිතය ජෙනිෆර් ලෝක ජනතාවගේ ගෞරවය දිනාගත් දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය ඇතුළත් වූ චිත්‍රපටයක් නිර්මාණය වී තිබෙනවා. දකුණු අප්‍රිකානු හිටපු නායකයාගේ බිරිද වූ විනී මැන්ඩෙලාගේ චරිතය කේන්ද්‍රකර ගත් මේ චිත්‍රපටය නම් කර ඇත්තේ විනී යනුවෙනි. විනී මැන්ඩෙලාගේ චරිතය නිරූපණය කර ඇත්තේ සුපිරි ගායිකාවක හා නිළියක වන ජෙනිෆර් හඩ්සන්ය.මෙය නිරූපණය කරන්නට පෙර එම චරිතය හොඳින් අධ්‍යයනය කළ ජෙනිෆර් චිත්‍රපටයේ රූගත කිරීම් වෙනු‍වෙන් දකුණු අප්‍රිකාවේ සති කිහිපයක් ගත කළා. “මම මගේ සැමියාවයි පුතාවයි ගෙදර දාලා තමයි දකුණු අප්‍රිකාවට ගියේ. විනී මැන්ඩෙලාගේ චරිතය ලැබුණාම මට හරි බයක් දැනුණා. මට රඟපාන්න පුළුවන් වේවිද කියලා.” ජෙනිෆර් ප්‍රකාශ කළා. උපුටා ගැනීම සිළුමිණ