🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අක්ෂි රෝග 76 ක්

අක්ෂි රෝග 76 ක්

ඇස, මිනිස් සිරුරේ ප්‍රධාන අවයවයක් ලෙස හඳුන්වා දිය හැකියි. පංචම ඉන්ද්‍රියයන්ගෙන් වැඩි අවධානයක් යොමු කළ හැකි ඇස මඟින් අපට පෙනීම ලබා දෙයි. පෙනීම ලැබීම නිසා අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් සිදුවන කාර්යයන් ඉටු කර ගැනීමට බොහෝ සේ උදව් වෙයි. එසේම පංචේන්ද්‍රියන්ගේන් ඉතා සියුම්ම ඉන්ද්‍රියයි. ඇස ලෙඩ වුණොත්? මොනවාගේ වෙයිද? කිසිම වැඩක් පලක් කර ගැනීමට පවා අපට කාගේ හෝ උදව් ලබා ගන්නට වෙයි. එබැවින් ලෙඩ රෝගවලින් ඇස බේරා ගත යුතුයි. සමහර ඇස් රෝග බෝවන රෝග ලෙස ප්‍රකටයි. නමුත් බෝ නොවන රෝගයන්ද ද බොහෝ ඇත. බෝ වන මෙන්ම බෝ නොවන ඇස් රෝගවලින් අප කෙසේ වැළකී සිටිය යුතුද? ඒවා ඇති වීමට හේතු මොනවාද? යන්න සොයා බැලීම වඩා වැදගත් යැයි හැඟුණ නිසා අක්ෂි රෝගවලට බලපාන හේතු පිළිබඳව අප කළ විමසුමකට වෛද්‍ය මංගලා මහලේකම මෙසේ පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.

අක්ෂි රෝග ඇතිවීමට බලපාන හේතු

අක්ෂි රෝග යනු ඇසේ ඕනෑම ස්ථානයක ඇතිවන රෝගීතත්වයකි. ආයුර්වේදයට අනුව අක්ෂි රෝග 76කි. රෝග සෑදෙන ස්ථාන ලෙස ඇස් පිහාටු, ඇස් පටල, ඇස් මණ්ඩලගත රෝග, සන්ධිගත රෝග, පටලගත රෝග, ඇසේ රෝග, වර්ගීකරණයට කළහැක. ඇත. මේවායින් බහුලව දැකිය හැකි රෝග ලෙස නඟන වේ. මේවා ඇස් පිහාටුවේ ගෙඩියක් ලෙස පැමිණේ. මේ සඳහා විවිධ කරුණු බොහොමයක් හේතුවන බව පෙනේ.

  • අව්වේ සිට දියනෑම.
  • වෙහෙස වී සිට පිහිනීම හා නෑම.
  • ගමනක් ගොස් නිවසට පැමිනි විගසම දියනෑම ඉතාම සියුම් දේවල් දෙස දිගුවේලාවක් බලා සිටීම. උදා. මැණික් ඔප දමන්නන්, ඔරලෝසු හදන්නන්, (අළුත් වැඩියා කිරීම)
  • පරිගණකයේ බොහෝ වේලා රැඳී සිටීම (පරිගණක ක්‍රීඩා, බචඡ භාවිතය)
  • විවිධ පෝෂණ ඌණතා ඇති වීම. විටමින් ඒ සහ ච් අඩංගු ආහාර අඩුවෙන් ගැනීම.
  • විටමින් ඒ - කහපාට එළවළු හා පලතුරු, පැපොල්, ලාවුළු, වට්ටක්කා, කැරට් මේවා අඩුවෙන් ආහාරයට ගැනීම නිසා ඇස් පෙනීම දුර්වල විය හැකියි.
  • සූර්්‍යයා දෙස එක එල්ලේ බැලීම තුළින් ද ඇසේ සියුම් පටකවලට හානි සිදුවිය හැකියි.
  • පෑස්සුම් කටයුතුවලදීද ඇසට හානි සිදුවිය හැකියි. එබැවින් ආවරණ පැළඳිය යුතුයි.

ඇසේ රෝග හෝ අනතුරු ඇතිවිය හැකි වෙනත් අවස්ථා

සමහර ඖෂධ වර්ග වැඩිපුර හෝ දිගුකාලයක් තිස්සේ භාවිතා කිරීම නිසාද ඇස යම් දුර්වලතායකට ලක්විය හැකියි. එසේම දියවැඩියා රෝගි තත්ත්වය පාලනය නොකිරීම නිසාත් ඇසට යම් බලපෑමක් ඇතිවිය හැකියි. එය ඇස් නොපෙනෙන තත්ත්වය දක්වා වුව වර්ධනය වීමට ඉඩ ඇත. මානසික අසහනතා නිසාත් ඇස නොපෙනෙන තත්ත්ව කරා පත්වීමට ඉඩ ඇත. අඩුම තරමේ යම් ඇස් රිදීම, එක එල්ලේ බලා සිටිය නොහැකි තත්ත්ව වලට වුවද මේ නිසා පැමිණීමට ඉඩ ඇත. උදාහරණ ලෙස වැලපීම, ක්‍රෝධය, තරහව, ඊර්ෂ්‍යාව, ද්වේශය ඇති අයට ඇස් පෙනීම අඩු විය හැකියි. ඔබට වඩාත්ම කේන්ති ගිය අවස්ථාවක සමහරු ඇස් නොපෙනී යන තරමට තමන් කරන කියන දෙය පවා නොතේරෙන මට්ටමකට පැමිණේ. එබැවින් වඩාත් මෙවැනි අවශ්‍යතාවලට පැමිණීමට ඉඩ නොතැබිය යුතු වීම ඇස ආරක්ෂා කර ගැනීමට ගන්නා හොඳ පියවරක් වෙයි.

ඇසට අනතුරු විය හැකි අවස්ථා

ඇසට පහරක් වැදීම (අභිඝාතය) නිසා ඇසේ අභ්‍යන්තර කොටස් තැලීමකට ලක් විය හැකියි. එසේම බාහිරින් ඉදිමී කළුතලා වීමට ඉඩ ඇත. පහර තදට වැදුනොත් ඇස තුවාල වීමට පවා ඉඩ ඇති නිසා ප්‍රවේසම් විය යුතුයි. ඇසට හුණු වැටීම හෝ රසායනික ද්‍රව්‍යයක් වැටීම, ක්‍රීඩා කරන විට බෝලයක් වැදීම, ළමයෙකුගේ අතක් පයක් ඔළුවක් ක්‍රීඩා පිත්තක් වැදීම නිසා ඇස අනතුරකට භාජනය වීමේ ප්‍රවණතාව වැඩියි. ඊට අමතරව මොනයම් දෙයකින් හෝ කවුරුන්ගේ හෝ පහරකින් හිසට වැදුණොත්, එය තදට වැදුණි නම් ඇසට බලපෑ හැකි තත්ත්වය අවදානම් විය හැකියි. ක්ෂණයකින් හෝ පැය කිහිපයකින් හෝ ඇසේ ග්‍රන්ථිවලට යම් බලපෑමක් ඇති කර ඇස් නොපෙනෙන තත්ත්වයට පවා පත්විය හැකියි. එවැනි අවදානම්වලින් අප බේරීමට උත්සාහ ගත යුතුයි.

ඇස දුර්වලවීමට බලපාන වෙනත් හේතු

සමාජයීය වශයෙන් ඇසට බලපාන තවත් හේතු බොහොමයක් ඇත. අපට ජීවිතය ගෙන යාමේදි ඇතිවන ගැටලු නිරාකරණය කිරීමේදී අපගේ ශරීරයට යම් බලපෑමක් ඇති වීමට පුළුවනි. උදා ලෙස කොණ්ඩේ ඩයි කරන අයට ඇස් නොපෙනී යා හැකියි. දූවිලි, දුම වැදීම, ඇස සීරීමට ලක්විය හැකියි. වැඩිපුර වමනය යාම තුළින් ද ඇසට හානි සිදුවිය හැකියි. විනාකිරි සෝස් වර්ග, ඇඹුල් වර්ග, වැඩිපුර ආහාරයට ගැනීම ඇසට ගෝචර නොවන බව වෛද්‍ය මතයයි. ඉන් ඇසට යම් හානිදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවිය හැකියි. ඊට අමතරව වේගයෙන් වාහනය පැදවීම, රේසින් කාර්වල වේගයෙන් යාම, වමනය යාමට නොදී රඳවා ගැනීම හෝ වැඩිපුර වමනය යාමට දීම තුළින් ද ඇස් රෝග වැඩි වේ.

උපුටා ගැනීම දිනමිණ