This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ඇයි ආදරය කරන්නේ
ආදරය, ජීවිතය වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන් නිර්ණායකයක් හොයාගෙන දවසක් මම සරසවිය පුරා එහා මෙහා ඇවිද්දා. මඟදී මුණගැසුණු එක් එක් පුද්ගලයාගෙන් ඇහුවා නිදහස් සවස්වරුව පුරාවට හිතල බැලුවා. ඇත්තටම ආදරයයි, ජීවිතයයි වෙන් කරන්න බැරි බැඳීමකින් බැඳිල තියෙන්නේ. නමුත් එක්තරා දඩබ්බර කෙල්ලෙක් දුන්නු උත්තරයක් ළඟ දඩබ්බර පෑන නැවතුණා. ' නෑ මචං පට්ට ඹ්ධමඥ එකකදි ජීවිතය ගැන හිතන්න බැහැ.' ඇත්තටම දඩබ්බර කොල්ලන්ට කෙල්ලන්ට මේ දේ ඇහුවහම හිතෙනවා ඇත්ත තමයි පට්ට සිරා ඹ්ධමඥ එකකදි ජීවිතය ගැන දැනෙන්නෙ නෑ කියලා. 'නෑ..........' 'ජීවිතයෙන් තොර ආදරයක් නෑ.' ආදරේ කරන්න ජීවවත් වෙන්න ඕන. ජීවිතයක් නැති තැනක ආදරයක් උපදින්න විදියක් නෑ. ඔය කතා බොරු නෙවෙයි. හුඟාක් බොළඳයි. ඒත් ලස්සනයි. ඒ ලස්සන විඳින්න ගිහින් ලැබුණු මේ ලස්සන ජීවිතේ නැති කර ගන්න එපා බං. දඩබ්බර ජීවිතේදි මං මේ කියන්නේ ආදරේ කරන්න, ලබන්න එපා කියලවත්, ආදරේට බහින එකවත්, ආදරේ කරන එක වැරැද්දක් කියලවත් නෙවෙයි. ආදරය කරන්න ආදරය ලබන්න ඕන තමයි, ඒත් ජීවිතය තියෙන්න ඕන. බොහොමයක් සිදුවීම් සිද්ධ වෙනවා. අවුරුදු 16-20 කියන්නෙ ජීවිතයේ දඩබ්බර කාලයනේ. ඒ කාලයේදි හැම දේටම වඩා හැඟීම්වලට මුල් තැන දෙනවාමයි. ජීවිතය දැනෙන්නෙ සමනල් තටුවල තියල පාවෙලා යන දෙයක් ලෙසට. මේ කෝඩුකාර ආදරයත් දකින්නේ, විඳින්නෙ, දැනෙන්නෙ මේ විදියට. මේ ආදරේදි හදිසි තීරණ ගන්නවා. ඒත් ඒවා සමහර විට මෝඩ, ගොන්, ඔළමොට්ටළ තීරණ වෙන්න පුළුවන්. මම මේ තරම් ආදරය කළ කෙනා මාස 10, 12ක් අවුරුදු 4, 5ක් ආදරය කළ කෙනා මට ආදරය කියල දුන්න කෙනා නැතුව මට ජීවත් වෙලා වැක් නෑ කියල බොහෝ දෙනෙක් හිතනවා. ඇත්ත, ආදරය නැතිවීම දරාගන්න අමාරුයි. ඒත් ඒ වේදනාවට එයාට අයිතිවෙලා තියෙන අම්මා, තාත්තා ලබාදුන්න ජීවිතය පළි නෑ. ඒ පුද්ගලයා වෙන්වීම ඔහු අපගේ ජීවිතය නම් වූ නාට්‍යයේ රඟපෑ කොටසක් අහවර වීමකි. නමුත් ජීවිතය නම් වූ නාට්‍ය තවම අවසන් වී නැත. එබැවින් අප විසින්ම ගොඩනැඟූ නාට්‍යය අප විසින්ම නිමා කළ යුතුය. එය කිරීමට අපහසු බව ඔබ මෙන්ම මමද දනිමි. නමුත් කළ යුතු වන්නේ දරා ගැනීම මිස ජීවිතය අවසන් කිරීම නොවේ. දඩබ්බර ජීවිතයේදී ලියන්න පිටුවක් තෝරාගන්න හදපු මේ වෙලාවෙත් කොල්ලෙක් පාසල් ගිහින් ගෙදර ඇවිත් හිටි ගමන් කෙල්ලට පිහියෙන් ඇනල මරලා, උෟත් එල්ලෙන්න හදල තියෙන්නේ 'ආදරේ' කියල පෙන්නන්න වෙන්න ඇති. "කාටද රිදුනේ........ කවුරුද හැඬුවේ." කියල තමයි අහන්න වෙන්නේ. ජීවිතයක් නැති කරන එක ආදරය කියල හිතන කාලකණ්ණි තවත් ඉන්නවා. හෙට දවසෙත් ඉඳීවි. මොන තරම් තර්ක ගෙනාවත් මොන විදියට ඔප්පු කළත් ආදරය තුළ සැඟවුණු කෘෘරත්වයක් නැහැ. කෙල්ලට පිහියෙන් ඇනල මරන්න තරම් හිතක් ආදරවන්තයකුගේ හිතේ ඇති වෙන්නෙ නෑ. අමාරුම දේ ඒක නෙවෙයි..... අමාරුම දේ ආදරය කරන කෙනා තමන්ගේ මිනීමරුවාද කියල හඳුනගන්න බැරි වීම. මේ විදියට ආදරවන්තයා මිනීමරුවෙක් වීමට එකම හේතුව ඔහු ආදරවන්තයෙක් නොවීමයි. ඔහු ළඟ සැබෑවට ඇය/ඔහු ගැන ආදරයක් තිබී නැත. තිබී ඇති එකම දේ වන්නේ ඔහු/ඇය "ඩැහැගැනීමේ" ආශාව පමණි. එය කෙසේවත් ආදරය සමඟ පෑහෙන්නේ නැත. තමා ළඟ තබා ගැනීම, 'ඩැහැ ගැනීම', රඳවා ගැනීම ආදරයේ අවසානය වුවත් ආදරයේ ආරම්භය හා මැද රඳවා ගැනීම නොවේ. රඳවා - සිර කරගෙන ලබා ගන්නා ආදරයක වටිනාකමක් නැත. එවැනි විටකදී ආදරයක් හිතෙන්නේද නැත. ඒ බව තේරුම් ගැනීමට ආදරය කරන කෙනා තේරුම් ගත යුතුව ඇත. පරිත්‍යාගී ආදරයක් ඇති වන්නේ දාරක ප්‍රේමයේ (ටඪතඪචත තධමඥ) පමණි. ඒ ආදරය කොල්ලෙකුට අම්මාගෙනුත් කෙල්ලෙකුට අප්පච්චි කෙනකුගෙනුත් පමණක් ලැබෙනු ඇත. චරිත් හෙට්ටිආරච්චි උපුටා ගැනීම මව්බිම