🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිහිනවල සත්‍ය අසත්‍ය දෙකම ඇත

සිහිනවල සත්‍ය අසත්‍ය දෙකම ඇත
මව්කුසින් මෙලොව එළිය දුටු දා සිටම මිනිස්‌ සත්වයින්ට සිහින පෙනේ. සිදුහත් කුමාරයා මව් කුස පිළිසිඳ ගැනීමේදී මහා මායා බිසවුන් දුටු සිහිනය, කොසොල්රජු දුටු සිහින අනාගත සත්‍ය සිදුවීම් පිළිබඳ පෙරනිමිති ලෙස සැලකේ. පඨවි, ආපෝ, තේජෝ ධාතුවල විෂමතාවට අනුව සිහින පෙනේ. එම සිහින පෙරයම, මැදියම, අලුයම වශයෙන් කොටස්‌ තුනකි. ඒ අනුව ඒ ඒ යාමවල දකින සිහිනවල පලවිපාකයන් විවිධයි. අලුයම දකින සිහින වල ප්‍රතිඵල සත්‍ය වේ, සැබෑ වේ. සිහින දවල් හීන රාත්‍රි හීන වශයෙන් දෙකොටසකි. හීන පෙනෙන්නේ නින්දේදී නින්දට යන හැම කෙනකුගේම පංච ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව නවතී. එවිට අපි අවදියෙන් සිටියදී ඉන්ද්‍රියන් තුළින් ගන්නා ලද රූප, ශබ්ද, ආදිය යටි හිතෙන් පෙනේ. මේ සිහින සංකේතාර්ථ, පණිවුඩ, දේවතා සිහින, භූත සිහින, පූර්ව දර්ශන, පෙරනිමිති, කළුකුමාර, මදනයකා, මෝහිනී සමඟ ලිංගික සිහින, කාමුක සිහින, සිහිනෙන් ඇවිදීම, සිහිනෙන් කථාකිරීම, හඬා වැලපීම, සිනාසීම, කෑකෝ ගැසීම, හූ කීම ආදිය වන්නේ සැඟවුණු මනස අවදිවී ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.
සිහින තේරුම් ගැනීමට හොඳ බුද්ධියක්‌ තිබිය යුතුයි. සමහර සිහිනයන් ගැටලුවට මුල් වේ. ඒවා සරළ නොවේ. ගැඹුරු සංකීර්ණ හා අර්ථයන් දැනගැනීමට පවා නොහැකි ඒවාය. දේවතා සිහින යනුවෙන් හැඳින්වෙන්නේ තම ඉෂ්ඨ දේවතාවුන් විසින් පෙන්වන සිහිනයි. මිනිසෙකුට තමා මෙහෙයවන, හසුරුවන බලවේගයක්‌ තිබේ. ඒ ඉෂ්ඨ දේව බලය වේ. දේවතා සිහිනවලින් තමාට හිරිහැර කරදරයක්‌ ඇති නොවේ. හානියක්‌ අනතුරක්‌ සිදුවීමට ඇත්නම් එය සිහිනයෙන් පෙන්නුම් කර ආරක්‍ෂා කරයි. ප්‍රශ්න බාධක හිරිහැර දේවතා සිහින මගින් මගහරවාලයි. භූත සිහිනවලින් මිනිසාට දුක්‌ ඇතිකරයි, රවටයි. බිය ගන්වයි, බොරු කියයි, නොමඟ යවයි, රෝග කරයි, ඔබට මහා වින්නැහියක්‌ කරයි, ඒ භූතයින් ගේ සිරිතයි. සුබ සිහිනයක්‌ දැක්‌කොත් එය කිසිවෙකුට නොකියා රහසක්‌ ලෙස සඟවා ගතයුතුයි. අසුබ සිහිනයක්‌ දුටුවොත් පාන්දරින්ම නැගිට කට සෝදා පැඟරි ගසක්‌ ඉදිරිපිටට දොස්‌ දුටු සිහිනය කියා තුන්විටක්‌ කෙළ ගැසීමෙන් එයි අසුබ පල මඟහරවා ගත හැකි බව පැරැන්නන් කියා ඇත. ලිංගික සිහින දැකීමෙන් තම රාගික හැඟීම් ඇවිස්‌සේ. මොහිණී, පිරිමින් ළඟට පැමිණ සීනෙන් සංසර්ගයේ යෙදීමෙන් ධාතු පිටකරවයි. මදන යකා, කළුකුමාරයා ස්‌ත්‍රීන් ළඟට පැමිණ සංසර්ගයේ යෙදී තෘප්තියට පත්කරයි. මේ හේතුවෙන් සිහි කල්පනාව අඩුකම, ශරීරය කෘෂවීම, කලාන්තය, ශරීරය වැහැරී යැම, ජරාවාස වීම, ලේ ඌනතාවය, නහරගත හන්දිපත් කැක්‌කුම්, බඩේ රුදාව, පපුව දැවිල්ල, සුදුමැලිවීම, මෝහිණී, කළුකුමාරයා, මදන යකාගේ දෘෂ්ඨිවලට අසුවූවන්ගේ ලක්‍ෂණයන්ය. සමහර අවස්‌ථාවලදී කළු වඳුරන් වැඳිරියන්, වලසුන්, වැලහින්නියන් ලිංගේන්ද්‍රයන් පෙනෙන සේ දර්ශනය වේ. එවැනි සිහින පෙනීමෙන් රාගාධික හැඟීම් ඉස්‌මතු වී එයට ආශාව ඇතිකරයි. එවන් අවස්‌ථාවලදී ලිංගේන්ද්‍රයන් හා යෝනි වල වේගවත් විපර්යාසයක්‌ ඇතිකර රාග, කෝප, මාන, කාම ආදි භාව ශක්‌තින් උත්තේජනය වී ධාතු හීනෙන් පිටවේ.
සිහින පිළිබඳ වැඩිදුර ගවේෂණයේදී සිතතුළ ක්‍රියාකාරිත්වය අනුව යමෙකුගේ චරිතය, හැඟීම්, සැඟවුණු දේවල් පිළිබඳ බොහෝ විස්‌තර හෙළිකරගත හැක. සිහින තුළින් අනාගතය පිළිබඳ නිවැරැදි තොරතුරු දැනගත හැක. කිසියම් සිද්ධියක්‌ සිදුවීමට පෙර එම සිදුවීම හීනෙන් දුටු පුද්ගලයන්ගේ වාර්තා ලොව එක්‌ එක්‌ රටවල ලේඛන ගතකොට ඇත. සිහින තුළින් අනාගතය පිළිබඳ අනාවැකි හැඳින්වීම අතීතයේ සිටම අද දක්‌වාම පවතී. එහෙත් අද තමාට හොඳ නරක සිහිනෙන් පෙන්වුවද ඒවා ගණන් නොගනී. සමහරුන්ට සිහින පසුදා උදැසනම අමතක වෙයි. මරණයක්‌ සිදුවීමේ අනාවැකි සිහිනෙන් දත් වැටීම, තමාට ධනසම්පත්, මුදල් ආදිය ලැබීමට පෙර සිහිනෙන් අශූචි, පණුවන්, කූඩැල්ලන් ආදිය දැකීමෙන් තමාට වාසියක්‌ ගෙනදෙන බවයි. මෙවන් පලවිපාක සිහින තුළින් අපට පෙන්වයි. තමන් මියයැමට පෙර තමාගේ මරණය සිහිනෙන් දුටු අය පිළිබඳ බොහෝ විස්‌තර වාර්තාගත කර ඇත. එයින් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් දුටු තමාගේ මරණය පිළිබඳ සිහිනය මෙසේය. මෙය ලෝක ප්‍රසිද්ධයි. "ලින්කන් ධවල මන්දිරයේ කාමරවල ඇවිදින විට කාමර සියල්ලම හිස්‌ව තිබුනු හැටිත් ඒවායින් දුක්‌ අදෝනා විලාපයන් ඇසුන හැටිත් මෙම මන්දිරයේ තිබුණු ඊස්‌ට්‌ රූම් (EASඔ Rධධඵ) නමැති කාමරයේ දුක්‌ අදෝනා වැඩිවූ බවත් එහි ඇති "ශව පිඪිකාවක්‌" උත්තමයන්ගේ මිනී පෙට්‌ටි තබන වේදිකාව මත අවමඟුල් අඳුමෙන් සැරැසූ මළ මිනියක්‌ දැක ඇතත් එහි මුහුණද දැක නැත. මේ පිළිබඳ හමුදා භටයන් වටකරගෙන හඬා වැලපෙන ජන සමූහයෙන් කව්ද මැරිලා ඉන්නේ යළි ලින්කන් ඇසූ විට, ජනාධිපතිතුමාව සාහසිකයන් විසින් ඝාතනය කළ බවත් ඒ මිනිය වටකරගෙන ජනතාව හඬන බවත් හමුදා භටයන් කීවේය. මෙම සිහිනය දුටු ලින්කන්ට එළිවෙනතුරු නින්ද නොගියේය. මේ බියකරු දුක්‌ සහිත දර්ශනය දැකීමෙන් ඔහුගේ හිතට වේදනා ගෙනදෙන්නට විය. මෙම සිහිනය දුටුවද දින ගණනකින් 1865 අප්‍රේල් මස 14 වැනි දින ලින්කන් ජනාධිපතිවරයා "පෝඩ්" රඟහලේ නාට්‍ය නරඹමින් සිටින විට 'බුත්' නමැති අය ඔහුට වෙඩිතබා මරා දමන ලදී. මේ සිහිනය දුටු ඔහු තම බිරිඳටත් මිතුරෙකු වූ "ලෝඩ් ලේමන්" ටත් මොහු මරණයට පත්වීමට පෙර සිහිනයෙන් දුටු දර්ශනය කියා තිබූ නිසා සිහිනයේ ඵල විපාකයන්ගේ නිවැරදි තාවය අපට හොඳින් වටහා ගත හැක. නපුරු සිහින නොපෙනීමට රාත්‍රි නින්දට යනවිට තෙරුවන් වැඳ මේ මන්ත්‍රය 21 වරක්‌ කියා තෙල් ගාගෙන නිදාගන්න. 
ඕංග්‍රී විෂ්ණු පුලාඩි තුඩා ජොරුකී හක්‌ති සං කෙරේස්‌ බහුලාඩි විෂ්ණු දෝස්‌ දෝස්‌ ඕං ආ දෝස්‌කි මාරේ උර්ලාඩි දෝ හෝ ආක්‍රා රොත්තු බාහේස්‌ ශ්‍රී විෂ්ණු නාරායනේ දෝස්‌ දෝස්‌.... ලිංගික රාගාධික හීන නොපෙනේ.
ප්‍රවීණ ජ්‍යෙතිෂ්‍යවේදි රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
උපුටා ගැනීම දිවයින