🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සහෝදරයාගේ දියණියට වින කළ සහෝදරියකගේ කතාව

 සහෝදරයාගේ දියණියට වින කළ සහෝදරියකගේ කතාව

රුවන්පුරේ සන්ධ්‍යා පුංචි සන්දියේ ඉදන්ම ඉගෙන ගන්න දක්ෂයි. ඒ දවස්වල එයාට පන්තියේ යාළුවෝ කීවේ හපනි කියලා. ඒ වචනයේ අර්ථය පිළිබඳව කතා දෙකක් නැහැ. ආයේ එයා හොඳට ඉගෙන ගත්තා. ඒ කේ ප්‍රතිඵලයක් ලෙස ගුරු වෘත්තියට බැදෙන්න එයාට අවස්ථාව හිමි වුණේ. සන්ධ්‍යාට විශේෂිත වුණ තවත් නමක් තිබුණා. ඒ නම තමයි තැඹිලි ගෙඩිය කියන නම. පවුලේ උදවියත් අසල් වාසිනුත් එහෙම කිව්වේ සන්ධ්‍යා තැඹිලි ගෙඩියක් වාගෙම ලස්සනයි. හැඩයි. දුටු දුටු දනගේ ඇස රංජනය කරන රූසපුවක් තමයි සන්ධ්‍යාට උරුම වෙලා තිබුණේ. සන්ධ්‍යා ටීචර් යැයි නම ඇසූ පමණින් සුවහසක් සිසු දරුවන් පමණක් නොව දෙමාපියන්ගේ ගෞරවාදරය ලබා සිටි සන්ධ්‍යා ටීචර් පාසල් ගුරු භවතුන් අතර පවා ඉතා ජනප්‍රිය චරිතයක් වී සිටියේ ඇය පාසල තුළ ඉගැන්වීමට උපන් හපන්කම් ඇති තැනැත්තියක් ලෙසයි. හැබැයි සමහර ඥාතින් හිත උඩින් එහෙම කිව්වත් හිත යටින් ඊර්ෂ්‍යයා කළා. කාලය හිරු ගෙන් සදුගෙන් නොදැනීම ගෙවී ගිහින් ටික දවසක ඉදලා සන්ධ්‍යාගේ දින චර්යාවන් වෙනස් වෙන්න පටන් ගත්තා. එන්න එන්නම මිල මුදල් වියපැහැදම් වීම සිදු වෙනවා වැඞී. සන්ධ්‍යා මුහුණ දුන් අගහිගකම් කොතෙක්ද කියනවා නම් අක්කර එකහමාරක් වටිනා තේ ඉඩම වික්කේ රුපියල් ලක්ෂයකට. ඒ තරමටම අගහිගකම් ඇගේ පවුලේ උදවියට දැනෙන්න වුණා. අතකර කනකර සැරසූ රත්තරන් බඩු ටික බැංකුවට සින්න වෙලා ගියා. අන්තිමට සන්ධ්‍යාගේ උතුම් රැකියාවත් ඇයට නැතිවුණා. කරදර එන කොට එක පිට එක ඒන්නේ සක්කරයටවත් බැහැ ඒවා වළක්වන්න. ඉදා ඉදා කියලා දෙනවා නැති වෙන්න. කාටවත් වළක්වන්න බැහැ. වයිමත් කැලේ තමයි එතකොට. මේ වෙනකොට සන්ධ්‍යලාගේ පවුලේ උදවිය රටේම තියෙන දේවාල පීරලා පිළියම් හොයලා. හොදටම හෙම්බත් වෙලා හිටියේ. ගිය දේවාල ගණන තිහකට වැඞී. මේ අතරතුර තමයි සන්ධ්‍යාලගේ පවුලට සමීපතමයෙක් මෑණියන්ගේ හාස්කම් ගැන පවුලේ අයට සදහන් කළේ. ඔහු සේවය කරන්නේ යුද හමුදාවේ. එයා විස්තර කිව්ව ගමන් මුලින්ම ඒකට විරුද්ධව යුද ප්‍රකාශ කළේ සන්ධ්‍යා. එදා කෙම්මුර දවසක් ආරාමයේ විශාල පිරිසක් ඇවිත්. ඒ අතරේ සන්ධ්‍යාලගේ පවුලේ අයත් එක්ක සන්ධ්‍යාත් ඉන්නවා. දැන් තමයි හොදම සෙල්ලම් පටන් ගන්නේ කියලා මෑණියෝ සන්ධ්‍යාට කතා කළා.

"කවුද කියපන් මේ ඉන්නේ කියලා මෙයාලට දැන ගන්න."
"මම.... මම ජේන් නෝනා මේකිගේ තාත්තාගේ අක්කා මම ජේන්..."
"මට කියාපන්කෝ මෙච්චර කල් උඹ කරපු හපන් කම් මොනවද කියලා දැන ගන්න..."
"අප්පච්චියේ.... ඔන්න මුල ඉදලා.. මේකි මගේ මල්ලිගේ දුව.. තැඹිලි... දන්නවාද? මේකි  හොදට ඉගෙන ගත්තා. ඕකි මට ඉස්සර හොදට සැලකුවා. ඊට පස්සේ අර මහ උන් දෙන්නට හොදට සැලකුවා. ඕකිට තිබ්බ සල්ලි.....අප්පේ.... "
"ඒවට මොකද කළේ...?"
"මම ඕකි වට්ටන්නේ කොහොමද කියලා බලා හිටියා. මැරෙන්න කිට්ටු වෙන කොට ඕකිට මම අඩ ගැහුවා. ඊට ඉස්සරලා දවසේ මම පණිවුඩයක් ඇරියා. ආවේ නැහැ. ඕකි ආවේ නැහැ. ලොකු ඉස්කෝලේ ගිහිල්ලානේ. හිතා ගත්තා මම තොට දෙඤ්ඤාං කියලා. මම එතෙන හිටන්... මගේ කොල්ලයි කෙල්ලයි මාව පැලක දාලා ගිහිල්ලා. ඕකි මට හොදට සැලකුවා. මට කිරිත් ගෙනත් දෙනවා. බලූ පැටව් වගේ හරක් උන්ට රැලක්ම හිටියා...."
"උඹ සිල් එහෙම ගත්තේ නැද්ද?"
"මම ගත්තා සිල්. ගෙදරත් සිල්ගත්තා. සිල් අරගෙන හොදට කෑවා. මස් කෑවා. අර මෙහෙම මෙහෙම යන්නේ ආ කක්කුට්ටෝ. අප්පා රස. මම ඒවා කෑවා. හොදට තම්බලා.... මාළු කෑවා රස අප්පේ... ඇඞ්ඩින් මගේ කොල්ලත් උදව් කළා. මම සිල්ගත්තේ පේන්න. මම කරෝලත් කෑවා. කාටවත් කන්න දුන්නේ නැහැ. හොදට ඌරෝ දුමට දැම්මේ බල්ලන්ටත් කන්න බැරි වෙන්න... මැරුණට පස්සේ එක දවසක් මම මේකිට ? හිනෙන් මස් කැව්වා. කෑවට පස්සේ බඬේ අමාරුව හදුණා. එදා ඉදන් තොවිල් කරනවා කරනවා ඉවරයක් නැහැ. තිහකට වැඩිය කළා. උක්කුන් කිව්වා මට උඹ යන්න එපා එල්ලිලා හිටපන් කිවුවා. ඕකි පින් කරන්න ගත්තා. මම ඒකයි තරහ. "
"හුටු හුටු ගාන තැන් තිහකට විතර ගිහින් මොකද වුණේ?"
"ඒ දවස්වලම සුගතයා මිනිහෙක් ගෙනල්ලා බන්දලා දුන්නා. ඕකිගේ ළමයි දෙන්නෙක් අවුරුදු පහෙන් පහට මැරුවා. ළමයි. හදන්න දුන්නේම නෑ මම... මට කේන්තියේ බෑ මේකි කුමාරිකාවක්නේ... සුගතය මරන්න හැදුවා. ඌ වයසට ගිහින් මරුනේ. මෙතෙන්ට ඇවිත් ගියාට පස්සේ මස් එහෙම කන්න බැරි වුණා. ආයේ නම් පණ කෙන්ද තියෙනකම් කන්නැ කිව්වා."
"තේ වත්තට මොකද වුණේ?"
"ඒවා අඩුවටම වික්කෙව්වා මම. ඕකි රස්සාවක් කළා. ඒකත් නැති කළා."
"අදින් පස්සේ මොකද වෙන්නේ? මට මෙතන බොරු කරන්න බෑ අද නම් යනවා. මට දැන් කන්න දෙන්න යන්න. දැන් මගේ පිරිවර ආවේ නැහැ."
"කවුද උඹේ පිරිවර?"
"ඇයි මොහොට්ටා ආ කැපයි ඔං කාපන්. නිලමේ වරෙන් ඉදා කාපන් රහට හදලද බන්.......... කෝ කෝ නිලමේ කෝ මෙහේ වරෙන්... හා නිලමේ එයි උඹ කාපන් කො වතුර කළේ ආ බීපිය..... කාලෙකට පස්සේ හොදයි සැමි අයියේ කන්න තියෙනවා. වරෙන් ඩොලි පුතේ වරෙන් මගේ මිනිහා මැරිලා ගොඩක් කල්. උඹ කවුද සැමි අයියේ. වරෙන් කන්න කෝ බොල පේන හරියකවත් නැහැනේ. උන් දුවලා. මාව දාලා යන්න එපා. ආ නිලමේ උඹ ආවද? අද විතරයි අර කවුද දුවලා මිසි නෝනක්කත් මාව දාලා මෙතැනින් දුවලා ගිහිල්ලා. අයියෝ.... කහට කෝප්පයක්වත් දෙන්නද? මඤ්ඤොක්කා දෙන්නද? අනේ සැමි අයියත් ගියා මොකද අනේ අද මේච්චර කන්න දෙන්නේ මට. ආ මාව අහුවෙලා. කාටද ලොකු එකාට කාපිය මේ මඤ්ඤොක්කා කෑල්ල. සැමි අයියා කියනවා කන්න එපා කියලා. කාපිය සැමියත් ගියා. ඔක්කොම ගියා මාව දාලා. වරෙව් මේකි විනාශ කරන්න වරෙව්. මහත්තයා පුතේ වරෙන්." ඇය සමඟ ජීවත් වන මළපෙරේත ආත්මවලට කතා කරයි.
"කාපිය මේවා අනාගෙන කාපිය" මෑණියන් කියයි.
"කාලෙකට පස්සේ රහට කෑවා.. අරුන් මාව දාලා ඔක්කෝම ගිහිල්ලා. මට අදින්න එකක් නැහැ සබන් කෑල්ලක් නැහැ.. දෙනවා නම් කියපුවා දියව් මට යන්න. අම්මේ සුවඳ මට බලලත් නැහැ කොහෙද?(සබන් සහ තුවා දිය රෙදි ගෙනත් දෙයි.)
"මොකද උඹ නිතරම හත්ඉලව්වේ කියනනේ?"
"මම ඉතින් ඒක නොකියා වෙන මොනවා කියන්නද? මම ඔවුන්ව නැති කළා නැත්තම් මුන් කෝටිපති"
"හා දැන් යනවද මම අද වට කරලා උඩින් එකයි ගමරකින එකයි අර හතර දෙනාම ඉන්නවා. අර අර ලොකු එකාත් ඉන්නවා. කවුද දන්නවද හැම පැත්තේම වට කරලා. අද මම හිර කරලා අද නම් බයයි..... අද නම් යන්න ඕන. ඉන්න බෑ අද නම් යනවා හෙටින් පස්සේ ඕකිට හරි යයි ගල ගලා එයි නේද. දවස් හතෙන් ගලනවා."
"උඹ තව අවුරුදු කීයක් ඉන්නවද?" මෑණියෝ අසයි.
"අවුරුදු තුනක් තියනවා බලූ ආත්ම හතරක්. දෙකක් බලල් ආත්මත් තියෙනවා. තැඹිලියා නම් මට එපා. හෙටින් පස්සේ ඕකි ඉන්න හතර මායිමවත් බලන්නෑ. රූපටත් එකෙක් බලා ඉන්නවා. ඈත සිටින පේරේත ආත්ම දෙස බලාගෙන කියයි.
"දැන් බලපන් ඉන්නවද කියලා උන් ගියා" මෑණියෝ කියයි.
"රූපගේ ලෙඩත් හොද වෙයිනේ... මට මස් කුට්ටිය දුන්නෑනේ?"
"අද නම් හිර වුණා නේද?"
"මම දන්වැලෙන් ගැට ගහලා වෙනතැන් වලට ගිහාම මම ලොක්කා... අද මම මෙතෙන බල්ලා"
"ආ ඇත්තද? බලපන් උඹේ පරිවාර අයකෝ? උන් ගිහිල්ලා........."
"කවුද අර හාමුදුරුවෝ මොකද කළේ?"
"ඒකා හුනියම් කරන එකෙක්නේ යක්කුන් එක්ක එකතුවෙලා කුකුලගේ ලේ අරන් දුන්නේ. දැන් බඬේ තැන්පත් වෙලා"
"ආ අදින් පස්සේ ඒවා තියෙයිද?"
"අදින් පස්සේ නම් නැහැ.... හත්ඉලව්වේ"
"මේ දරුවට ආයේ එහෙම කරදර කරන්න එපා තේරුණාද එහෙම කළොත් උඹ දන්නවනේ මම කවුද කියාලා."
"ආයේ මම එන්නේ නැහැ..."
"වැදපිය අත් එකතු කරලා..."
"අනේ මට වදින්න බෑ.....පින් නැහැ මම මෙහෙම වදින්නම්..."
"හා දැන් පලයන් ආයේ ආවොත් වැඩ වරදි තේරුණාද?"

මෙතෙක් වෙලා සිටි සන්ධ්‍යාට මැණියන් විසින් පිරිත් පැන් පානය කරන්නට දි මෙන් පසුව ඇයට නැවතත් පියවි සිහිය ලැබුණි.
"මොනවද සන්ධ්‍යා දැන් කෑවේ?" මෑණියන් ආතුර කාන්තාවගෙන් ඇසුවාය.
"එහෙම මොකුත් නෑ මෑණියණි."
"කවුරුවත් ගැසුවද?" පොල් මලකින් පිට පුපුරු ගහන්න මෑණියෝ ගැසුවත් එය ඇයට මතක නැත.
"මට කවුරු ගහන්නද?"
"දැන් ඇගේ අමාරු ගතිය කොහොමද?"
"දැන් නෑ...."
"එහෙනම් මේ පිරිත් නූලත් හොදට පරෙස්සම් කරගන්න..." කියා මෑණියන් පැවසුවේ මේවා කාටත් හොද පාඩම් අනුන්ට ඊර්ෂ්යා කරනවාට එහෙම කළහොත් සසර පුරාවටම දුක් විදින්න වෙනවා. ආත්ම ගණනාවක්ම භවයෙන් කොතෙක්ද කියා නිම කරන්න බැහැ.ඒක මේ කවුරුත් වටහා ගන්න. නම් ගම් පමණක් මනඃ කල්පිතයි@!

ශාස්ත‍්‍රපති හපුගම්මන සමන්ත රණසිංහ
උපුටා ගැනීම රිවිර