🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

බහිරව පූජාව නිවැරදිව තැබුවොත් ජීවිතයම ගොඩ

මෙය ඉතා සිතිය යුතු දෙයකි. එනම් මිනිසකුට ඇති වීමටත් නැති වීමටත් මෙම බහිරව දෝෂය බලපානු ඇත. අප යම් භූමියක් ගත්තාම එම ස්ථානය අරක්ගන්නා වූ යම් යම් කොට්ඨාස ඇත. මෙය ගුප්ත ශාස්ත්‍රයක් නිසා යම් අය මෙය විශ්වාස නොකරයි. අප යම් භූමියක් බලා නිවසක් සෑදීමට සැරසෙනු ඇත. එය සාදනු ලබන්නේ වාස්තු විiාව අනුවය. ඉතින් එම නිවාස සෑදීමට ප්‍රථම නැකත් බලා එම නිවාස ඉදිකිරීමට ගනී, මෙය භාගයක් කරගෙන යනවිට සාදා ගැනීමට ද නොහැකි වනු ඇත. සමහරවිට නිවාස සම්පූර්ණයෙන්ම නිම කොට ගත්තත් එහි එළියක් හා ලස්සනක් දකිනවිට නැත. එයට හේතු වන්නේ යක්ෂ දෝෂ හා භූත දෝෂ නිසාවෙනි. මම මෙයට උදාහරණයක් කියන්නම්. මා ළඟට ධනවත් පවුලක් පැමිණියා. එම නිවාස ඉතා අලංකාර ලෙස ඉදිකොට ඇති නිවසක්. මොවුන් මෙම නිවසට පදිංචියට ගොස් අවුරුද්දක් විතර හොඳට ඉඳලා තිබෙනවා. යම්කිසි ප්‍රශ්න මේ අතර කාලය තුළ තිබුණත් ඔවුන් මෙය ගණන් අරගෙන නැහැ. මෙය සාමාන්‍ය එකක් ලෙස තමයි හිතලා තියෙන්නේ. එක පාරටම එම ගෙදර සිටි පිරිමි දරුවා එක් තැන්වෙලා ඇවිද ගන්න බැරි වෙලා. ආර්ථික ප්‍රශ්න ඇති වෙලා, ඉතින් මෙම නිවසේ ප්‍රධානියා ව්‍යාපාරිකයෙක්, බිරිඳත් ප්‍රධාන ආයතනයක රැකියාවක් කරනවා. මොවුන්ට මුදල් ඉතිරිකර ගැනීමට ද නොහැකි වෙලා තිබෙනවා. සමාජයේ පේන්න ජීවත් වෙනවා විතරයි කියලා මට කීවේ. ඉතින් මොවුන් භූමිය ගන්නත් නැකත් අරගෙන තමයි නිවාස සාදා තිබෙන්නේ. නිවස සාදනවිට ඔවුන් ළඟ මුදල් තිබිලා තියෙනවා. වෙනත් නිවසක සිට තමයි මෙම නිවස සාදා තිබෙන්නේ. ඉතින් මම මෙය පරීක්‍ෂා කරනවිට බහිරව දෝෂයක් හා යක්ෂ කොට්ඨාසයක් ඇතුළත් වෙලා දරුවට මෙය බලපාලා. මෙම දරුවා වෛiවරුන්ට පෙන්නුවත් ඔවුන්ගේ නිගමනය වන්නේ දරුවාට ලෙඩක් නොමැති බවයි. මා මෙම නිවසේ සියලුම දෝෂ ඉවත් කරාට පසු දරුවාට ද සනීප වී තිබූ අතර ප්‍රශ්න විසඳී තිබුණා. ඉතින් මම කරුණු ඉදිරිපත් කළේ තවත් කෙනකුට දැන ගැනීම සඳහායි.
බහිරව පූජාව ද එවැනිම බලගතු බහිරවයා වෙනුවෙන් කෙරෙන පූජාවක් නිසා මෙය නිවසකට යන සෑම කෙනකුට සිදු කරගත යුතු පූජාවකි. නිවසක් හා ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී මෙය සිදුකර ගතයුතු වෙනවා. නැති නම් එහි පල විපාකය ලැබෙන බව අප දන්නා කරුණක්. මෙය ඉතා පැරණි කාලයේ සිට පැවැත එන දෙයක්. මෙය ඊශ්වර දෙවියන්ට පහන් දල්වා බහිරව දෙවියන්ට පූජා තබා ප්‍රේත තටුවක් ද සකස් කොට මෙම පූජාව සැකසිය යුතුය. ඊටපසු හතර කොණ අට කොණ ආරක්‍ෂා මුට්ටි වැළලිය යුතුය. මෙම බහිරව දෝෂය ඉවත් කර ගත යුත්තේ නිසි ලෙස ඉවත් කර ගත හැකි කෙනකු ලවාය. මොකද මෙය සෑම කෙනකුටම කිරීමට නොහැකි බැවිනි.
ඔබ නිසි ආකාරව නිවසක් සෑදීමට නම් යන්නේ මෙම කරුණුවලට මුල් තැන දෙන්න. මුලින්ම භූමිය පරීක්‍ෂා කර ගන්න. මොකද එම භූමියේ බහිරව දෝෂ, යක්ෂ දෝෂ, භූත දෝෂ නිධන් වැනි දේවල් තිබෙන්නට හැකි නිසා මෙවැනි දෝෂ තිබේනම් ඒ ඒ දේවල්වලට සම්බන්ධ පූජා විධි වෙනස් වන බැවින් නිසි ආකාරයට ආරක්‍ෂා කරගෙන වාස්තු විiාව අනුව නිවාස සකස් කරගන්න.
මෙම පූජාවන් සිදු කරාට පසු ඔබට අත්වෙන වාසි මුදල් ඉතිරි කර ගැනීම, ලෙඩ රෝගවලින් ආරක්‍ෂා වීම වැනි දෑ සිදුවේ. තවද ඔබ යම් ව්‍යාපාරයක් කරන්නේ නම් එය ද සාර්ථක වනු ඇත. බහිරව පූජාවලදී ඇදුරුතුමා ද සාමාන්‍ය ජනයා ද කරුණු වෙන් වෙන්ම දැන ගත යුතුමය. නිවාස භූමි හා බහිරවයා නිධන් භාර බහිරවයා සඳහා වෙනස් වෙනස් ක්‍රමවලට ඒ ඒ ස්ථානය ආරක්‍ෂා කළ යුත්තේ වෙනස් අයුරින් එම කාර්ය කරන බවද බහිරව පොත්වල ද සඳහන්ව ඇත. වෙනස ඇත්තේ නිධාන සම්බන්ධවලදී පූජාවන් වෙනස් වනු ඇත. නිධන් භාරව ඉන්නේ එක් බහිරවයෙකි. පොළොව භාර බහිරවයා එසේ නම් ඉඩම් නිවාස සඳහා ඇත්තේ එක් බහිරවයෙකි. මෙය දැනගෙන සිදුකර දිය යුතු පූජාවකි. නැතහොත් මෙය සාර්ථක නොවනු ඇත. මෙය අපගේ ධනවත් පන්තිවල සිටින අය ඔවුන්ගේ දියුණුවට කරගන්නා එක් රහසකි. මෙය ඔබගේ ජීවිතයට ඉතා වැදගත් පූජාවක් නිසි අයුරින් කරවා ගෙන ඔබගේ දියුණුව ළඟා කරගන්න.
උපුටා ගැනීම දිවයින