🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ටයිටැනික්‌ නැවට සේප්පු දුන්නේ අපි

ටයිටැනික්‌ නැවට සේප්පු දුන්නේ අපි

අද වගේ බැංකු පද්ධතිය දියුණු නැති යුගයකදී තමන්ගේ වස්‌තුව තිබූ තැනින් සොර සතුරන් ගන්නා නිසා පොළොව යට ආරක්‌ෂිතව වළලන්න මිනිසුන් පුරුදු වී සිටියා. කිසිම සටහනක්‌ නැතුව රහසේම සඟවන මෙම වස්‌තුව ඔවුන්ගේ මරණින් පසුව අයිතිකරුවන් නැතුවම පොළොව අභ්‍යන්තරයේ වැළලී ගියා. ඒ විදිහට වළලන ලද වටිනා භාණ්‌aඩ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් පොළොව කණින විට ලැබෙමින් පවතිනවා.

ඩේවිඩ් සහ නිකි මැග්යුරි යන අඹු සැමියන්ට තමන්ගේ ගෙවත්තෙන් විශාල සේප්පුවක්‌ හමු වුණා. ගින්නට ඔරොත්තු දෙන මෙම සේප්පුව 1800 දශකයේ පමණ නිෂ්පාදනය වෙන්නට ඇතැයි අනුමාන කරනවා. තෝමස්‌ මිලනර් විසින් 1814 වසරේදී ගිනි නොගන්නා සේප්පු වෙනුවෙන් අත්හදා බැලුවා. ටයිටැනික්‌ නෞකාවටත් මේවිදිහට ගින්නෙන් නොදැවෙන සේප්පු පහක්‌ මිලනර්ස්‌ ඵසකබැරි සමාගම විසින් ලබා දී තිබෙනවා.


ටයිටැනික්‌ නැවට සේප්පු දුන්නේ අපි

මේ සේප්පුවේ සටහන්ව තිබූ Milners of London, Manchester and Liverpool’ වගන්තියෙන් පෙනී ගියේ ගින්නට ප්‍රතිරෝධී මෙම සේප්පුව වෙනුවෙන් ඒ වන විටත් පේටන්ට්‌ බලය ලබා තිබුණ බවයි. යතුරු හදන තැනැත්තකුගේ උදව්වෙන් මෙම සේප්පුව විවෘත කිරීමට අදහස්‌ කළත් එය එතරම් පහසු කාර්යක්‌ නොවෙයි. මේ ජෝඩුවට සේප්පුව හමු වුණේ අවුරුදු සියයක්‌ පමණ පැරණි ඔවුන්ගේ ගේ පිටුපස ප්‍රදේශයෙන්. වයස අවුරුදු 34 ක්‌ වුණ මැග්යුරි එදා හවස ගෙවත්තේ පස්‌ ගොඩ කරද්දී කිසිම අනතුරක්‌ නැති මේ සේප්පුව දැකීමෙන් මවිතයට පත් වුණා. බොහොම බරින් යුක්‌ත සේප්පුව මළකඩ බැඳී තිබුණා. නමුත් සේප්පුව මෙතැන තිබුණේ කොහොමද ගැන නම් හිතාගන්නත් බැහැ. ගෙවත්තේ පැරණි පොකුණ සුද්ධ කරන විට ඔහුට අමුත්තක්‌ දැනුණා. පොළොව සුද්ධ කරන විට දුටුව මේ දුඹුරු පැහැයට හැරුණු ලෝහ කැබැල්ල අපි හිතුවේ පරණ පයිප්ප කොටසක්‌ කියලා. නමුත් සේප්පුවේ මුදුන දකිද්දී පුදුම හිතුණා.... යෑයි ඩේවිඩ් මැග්යුරි David Maguire සඳහන් කරනවා.

ඔවුන් ජීවත්වෙන මේ නිවස ඉදිකරලා තිබෙන්නේ 1920 වසරේ. නමුත් ඊට පෙරාතුව මෙම ස්‌ථානයේ නිවාස සංකීර්ණයක්‌ තිබුණ බව කියනවා. සමහර විට ඒ අය විසින් මේ සේප්පුව වළලන්නත් ඇති... කොහොම වුණත් බොහොම බරින් යුක්‌ත මේ ඔසවන්න බැරි සේප්පුව අපි පෙරළමින් ගෙවත්ත හරහා රැගෙන ගියා. සේප්පුව ඇතුළතින් සද්දයක්‌ නැගුණා. ඒ ඇහෙන්නේ ඇතුළට ගිය පස්‌ වෙන්නත් ඇති. ගේෂෙඩ් ප්‍රදේශයේ බෝල්ටික්‌ නව කලාගාරයේ කළමනාකරු ලෙස සේවයේ නිරතව සිටින ඩේවිඩ් මැග්යුරි (David Maguire) මේ සේප්පුව ප්‍රාදේශීය කෞතුකාගාරයට පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටිනවා. නිව්කාසල්හි ශාන්ත ඔස්‌වල්ඩ්හලේ සේවය කරන Nikki Maguire හෙවත් ඔහුගේ බිරින්දෑට නම් විශාල වූද, අවලස්‌සන සේප්පුව ගැන කිසිම පැහැදීමක්‌ නැහැ. ඒත් ඔවුන්ගේ තුන්හැවිරිදි දියණිය ඇලිස්‌ට නම් අලුත් සෙල්ලම් බඩුවක්‌ හමු වුණා වගේ සතුටුයි. පොඩි එකීගේ ආසාව නිසා දවස්‌ දෙක තුනක්‌ මේ සේප්පුව ඔවුන්ගේ භාරයේ තබා ගන්න ඔවුන් අදහස්‌ කළා.

පුන්‍යා චාන්දනී ද සිල්වා

උපුටා ගැනීම දිවයින