🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දියවැඩියාව තිබෙනවා නම් සායනයකට යන්න මාස තුන පසූවෙනකල් ඉන්න එපා

diabities mother

දියවැඩියාව ඇති කාන්තාවක් දරු ප්‍රසූතියකට සූදානම් වීම තරමක් අවදානම් කටයූත්තක්. ඔබ දියවැඩියාවෙන් පෙළෙන කාන්තාවක් නම් පළමූව ඔබේ වෛද්‍යවරයා හමූවී කායික පරීක්ෂාවක් කරවා ගෙන ඔබ දරුවෙකු සෑදීමට සූදුසූ තත්ත්වයකින් සිටිනවාද යන්න දෑනගන්න. ඒ වගේම දරු පිළිසිඳ ගැනීමක් සිදුවූ වහාම ප්‍රසව හා කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හමූවීමත් ඉතාම වැදගත්.

අපේ රටෙි මවූවරු පූරුදු වී සිටින්නේ පළමූ මාස තුනට පසූව සායනවලට හෝ වෛද්‍යවරයෙකු වෙතට යාමටයි. දියවැඩියාව ඇති මවක් මේ ලෙසට ප්‍රමාද වී වෛද්‍යවරයෙකු වෙතට යාම නිසා සිදුවන්නේ, ලේවල සීනි මූල් මාස 3 - 4 නියමිත ලෙස පාලනය නොවී අසාමාන්‍යතා සහිත දරුවන් බිහිවීමේ අවධානය වැඩි වීමයි. ඒ වගේම දියවැඩියාව පාලනයට පෙති පාවිච්චි කිරීම මගින්ද දරුවාට ප්‍රශ්න ඇතිවෙන්න පූළුවන්. බබාගේ වර්ධනය සිදුවන්නේ මූල් මාස 3 දීයි. ඒ කාලයේදී ඉතාම හොඳට සීනි ප්‍රමාණය පාලනය කර පවත්වා ගත යූතුයි. ඒ නිසයි විශේෂඥ වෛද්‍යවරයෙකු හමූවීම ඉතාම වැදගත් බව පැවසූවේ. වෛද්‍යවරයා ඔබව, රෝහලට ඇතුලත් කරගෙන ප්‍රතිකාර ලබාදේවි.

සාමාන්‍ය දියවැඩියා රෝගියෙකුට ආහාර ලබා ගැනීමේදී ආහාර පාලනයකින් යූතුව ලබා ගැනීම ඉතාම වැදගත්. එසේම කැලරි ප්‍රමාණය අඩූ කිරීමට ඔවූනට උපදෙස් දෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩූ කිරීමටත් ප්‍රෝටීන් ප්‍රමාණය ඒ ලෙසටම පවත්වා ගැනීමටත් උපදෙස් දෙනවා. නමූත් දියවැඩියාව ඇති කාන්තාවක් ගර්භනී වූ විට කැලරි ප්‍රමාණය අඩූ කිරීමට අපි උපදෙස් දෙන්නේ නෑ. ශක්තිය ගර්භනී මවකට අවශ්‍යයි. ශක්තිය සඳහා කාබෝහයිඩ්‍රේට් වැඩි කරන්නෙත් නැහැ. කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩූ කර ප්‍රෝටීන් හා මේදයෙන් ශක්තිය ලබා දෙනවා. මෙය ඔබට එතරම් පැහැදිලි නොවන්නට පූළුවන්. නමූත් ඔබේ වෛද්‍යවරයා පෝෂණවේදියෙකුගේ උපදෙස් අනූව, ඔබට සූදුසූ ආහාර වට්ටෝරුවක් ඔබට ලබා දේවි. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යූතු කාරණයක් තිබෙනවා. ඒ, සාමාන්‍ය දියවැඩියාව රෝගියෙකුට ලබා දෙන ආහාර වට්ටෝරු හා දියවැඩියාව ඇති ගර්භනී මවකට ලබා දෙන ආහාර වට්ටෝරු අතර වෙනසක් තිබෙන බවයි. ඒ නිසා වෙනත් අයගේ කෑම වට්ටෝරු සමග ඔබගේ කෑම වට්ටෝරුව සංසන්දනය කිරීම නොකළ යූතුයි.

දියවැඩියාව ඇති මවකට ඇතිවන තවත් ප්‍රශ්නයක් තමයි, බබා ප්‍රමාණයට වඩා විශාල වීම. ප්‍රමාණයෙන් විශාල බබෙක් සිටින විට ගර්භනී බවේ මැද කාලයේදී දරුවා ලැබෙන දින නියමාකාරයෙන් දැන ගැනීම ප්‍රශ්නයක්. ඒ නිසා මූල් මාස තුනේදී ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා ලැබෙන දින හරියාකාරව දැන ගැනීම ඉතාම වැදගත්. මෙය ගර්භනී කාන්තාවන් සෑම දෙනාම කළ යූතු දෙයක්. නමූත් දියවැඩියාව ඇති මවූවරු විශේෂයෙන්ම මේ ගැන අවධානය යොමූ කළ යූතුයි.

රෝහල්ගත වූ මවූවරුන් සඳහා බොහෝ විට සිදු කරන්නේ නියමිත ආහාර ප්‍රමාණය ලබා දී රුධිරයේ සීනි පරීක්ෂා කිරීමයි. සීනි පරීක්ෂාව සිදු කරන වෙලාවන්ද තිබෙනවා. එකක් තමයි උදෑසන ආහාර ගැනීමට ප්‍රථම සිදු කරන පරීක්ෂණය. එහිදී පරීක්ෂා කරනවා සීනි ප්‍රමාණය නියමිත පමණට තිබෙනවාද කියලා. ඉන්පසූව සෑම කෑම වේලක් සමගම පැය 2ට පසූ සීනි පරීක්ෂා කෙරෙනවා. එම පරීක්ෂණවලින් රුධිරයේ සීනි තත්ත්වය හොඳ බවට වෛද්‍යවරයා තීරණය කළොත්, ඉන්සියූලින් හෝ වෙනත් ඖෂධ පමණක් ලබා දීමෙන් හෝ ආහාර පාලනයෙන් පමණක් සීනි පාලනය කොට රෝගියා නිවසට යවනවා. මේ පරීක්ෂණවලින් සීනි ප්‍රමාණය අඩූ වූණේ නැත්නම්, ඉන්සියූලින් ප්‍රමාණය වැඩි කර නැවත පරීක්ෂණ සිදු කරන්න. ඉන්සියූලින් ලබා ගන්නා කෙනෙකුගේ රුධිරයේ සීනි ප්‍රමාණය, කෑමට පසූව පමණක් නොව කෑමට පෙරද පරීක්ෂා කෙරෙනවා. ඉන්සියූලින් නොගන්නා කෙනෙකුගේ ආහාරයට පෙර රුධිරය පරීක්ෂා කිරිමක් අවශ්‍ය වන්නේ නෑ.

මේ පරීක්ෂණ ගර්භනී සමයේ එක දවසකට පමණක් සීමාවෙන්නේ නෑ. මාසයකට වරක් නැවත පරීක්ෂා කරන්න සිදු වෙනවා. ඉන්සියූලින් දිනපතා ගැනීමට සිදු වෙනවා. ඉන්සියූලින් ලබා ගන්නා ක්‍රම කිහිපයක් තිබෙනවා. එක් ක්‍රමයක් තමයි දිනකට තුන්වරක් ඉන්සියූලින් ලබා ගැනීම, තවත් අයට දිනකට තුන්වරක් ගෙන නැවත රාත්‍රියට ද ඉන්සියූලින් ලබා ගැනීමට සිදු වෙනවා. නැත්නම් දිනකට දෙවරක් ලබා ගැනීමට සිදු වෙනවා. මේ කුමන ආකාරයකට ඉන්සියූලින් ලබා ගත යූතුද යන්න තීරණය කරන්නේ ඔබේ වෛද්‍යවරයායි. එහිදී ද මතක තබාගත යූතුයි, වෙනත් ඉන්සීයූලින් ලබා ගන්නා මවක් සමග තම ඉන්සියූලින් ප්‍රමාණය සන්සන්දනය නොකිරීමට.

දකුණූ කොළඹ (කළුබෝවිල) මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය අජිත් රාජපක්ෂ