🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

හදවතට ආදරයේ මිහිරියාව දැනුනු මොහොතක, තනිව සිනාසුනා මතකයි. හතර අතට පෙරලි පෙරලි නිදි නැතිව රැය පහන් කලා මතකයි. හොරෙන් ඉගි බිගි කර කර දෙනෙත් සෙව්වා මතකයි. ඒ හැම දේමත් එක්ක, නුඹ වෙන කෙල්ලෙක් එක්ක දොඩමළු වෙන කොට, දෙනෙතටත් හොරා හිත හයියෙන් ඇඩුවා මතකයි.... ආදරය... ජීවිතයේ වැඩියෙන්ම හිනා උනු, වැඩියෙන්ම අඬපු, වැඩියෙන්ම සංවේදී උනු, ලෝකෙන්ම තනිවෙන්න හදපු, ලෝකෙන්ම තනි උනු සුන්දරතම හැගීමක්. ආදරය මේ යැයි නිශ්චිත ලෙස අර්ථ කථනය නොවුණත්, තවත් කෙනෙකුගේ ස්නේහයක් එහෙමත් නැති නම්, තවත් කෙනෙකු වෙනුවෙන් හිතේ ඇති වෙන මහත් වූ ලැදිකමක් මිශි්‍රත ගැඹුරු වූ හැගීමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔය කෙසේ වෙතත් මෙලොව වසන හැම පුද්ගලයෙක්ම ආදරය කියන හැගීම මොහොතකට හෝ දැනුණු කෙනෙක්, විඳපු කෙනෙක්. ආදරය කියන්නා වූ සංකීර්ණ එහෙත් සරල වූ හැගීම ඒක පාර්ශවීය ද, නැත්තන් ද්වී පාර්ශවීය ද... තනිවම හදවතේ සිරකර ගෙන, ලෝකෙන්ම හංගා ගෙන තනිවම පෝෂණය කරපු හැගීීමක් එක්ක ජීවත් වෙන කොට අනේ මටත් කියලා හිතුණත්, ඒත් එහෙම බැහැ කියලා ආපහු හංගා ගත්තා... මතකයි නේද, කාගෙන්වත් අහිතක් වෙන්න නොදී, එයා නොකා ඉන්න කොට කොච්චර බඩගිනි උනත් ඉවසන් හිටියා.... කටහඬ අහන්න call කරන කන්, පොඩ්ඩක් මූණ බලලා හිනා වෙන්න බලන් හිටියා.... මතකයි නේද?

ආදරය කියන හැගීමත් එක්ක ඇති බැඳීම කොතරම් දුරට ශක්තිමත් ද.... මං ඔයාට පොඩ්ඩක්වත් බොරු කියන්නේ නෑ, මේ සත්තයි... ඔබ කී සැරයක් කියලා තියෙනවාද, ඒත්... වචනයට සීමා වූ පොරොන්දුවකට වඩා එය කොතරම් දුරට ඔබ අනුගමනය කරනවාද... සිතා බලන්න. එකිනෙකා ගැන අන්‍ය අවබෝධයෙන් විශ්වාසයෙන් ගොඩ නැගුනු බැඳීමක ශක්තිමත් බව මනින්න තෙවැන්නෙකුට ඉඩක් ලැඛෙන්නේ නෑ. දෙදෙනා ගැන අවබෝධය කියන එකෙන් අදහස් කරන්නේ නැහැ දෙන්නාටම සමාන අදහස්, සමාන සිතුම් පැතුම් තියෙන, පර්පූර්ණ වූ දෙදෙනෙක් කියලා. දෙදෙනා ගැන හරි අවබෝධයෙන් එකිනෙකාගේ අඩු පාඩු හැමදෙයක් සම සිතින් ඉවසීමක් ඇතිව එකිනෙකාට ගෞරවයෙන් සිටීමයි කළ යුත්තේ. ආදරය මෙතරම් සුන්දර නම් ඇයි මෙතරම් වේදනාවක්...
එයා දැන් වෙනදා වගේ නෙමෙයි, හරි වෙනස්... එයා මං කියන දේවල් අහන්නේ නෑ, පුංචි දේටත් රංඩු වෙනවා.. මට දැන් ඇති වෙලා තියෙන්නේ.. කටින් නොකීවත් සිතින් හරි තමන් ගත් තීරණය ගැන පුංචි කලකිරීමක් ඇති උණා නේද, ආදරය කියන සංවේදී බැඳීමේදී එක් අයෙක් හෝ අසතුටෙන් නම් පවත්වා ගෙන යන්නේ තමන්වත් රවටා ගෙන අනෙකාවත් රවටන්නයි මේ සූදානම් වෙන්නේ. කොතරම් අසීරු උනත්, දෙදෙනාට දෙදෙනා අවංක විය නොහැකි නම් එතැන කොහිද ආදරයක්. ජීවිතය තියෙන්නේ විඳින්නයි, විඳවන්න නම් නොවේ.... ජීවිතය පුරාවටම එකට ඉන්න පොරොන්දු දීලා දැන් අතර මග දාලා යන්න හදන කොට, මේ ජීවිතය නම් තවත් මට එපා කියලා ගෙග් මුහුදේ පනින්න හදන්නේ නැතිව පොඩ්ඩක් නතර වෙලා හිතලා බලන්න ඇයි එහෙම උනේ කියලා. ඔයා ඇත්තටම ආදරය කලා නම් එයාගේ සතුටම විතරම නම් ප්‍රාර්ථනා කලේ, තමන් එක්ක එකට ජීවත් වෙන්න, දුක කඳුල ඛෙදා ගන්න ලග නොහිටියත් කොහේ හෝ තැනක එයා සතුටින් ඉන්නවා නේද කියලා සතුටු වෙන්න. ඒ සතුට වෙනුවෙන් ජීවත් වෙන්න. ජීවිතයට ආදරය කරන්න...

නෙත්මි