🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ආගන්තුකයා

එය සිසිර ඍතුවේ එක් අඳුරු උදෑසනකි. වේලාව පෙ.ව. 5. 30 පමණ වන්නට ඇත. ඔරිලින්හි ෆෝබුෂ්ට තම නිවසේ ඉදිරි දොර දෙසින් ඇසුන තියුණු ශබ්දය යමෙකු දොරට තට්ටු කරන හඩ බව වටහාගන්නට අපහසු නොවීය. මැදි වයසේ පසුවන චාල්ස් මිටි සිහින් තට්ට හිසැති ශරීර ස්වභාවයකින් යුතු විය. ඔහු නින්දෙන් අවදි වී නිවසෙහි විදුලි පහන් දැල්වූයේ රැකියාවට පිටත් වී යාමට සුදානම් වීම උදෙසාය. එම අඟහරුවාදා උදෑසන කාර්යබහුලත්වය ඔහුට උරුමව තිබුනේ ඔහුත් තම බිරිද වූ නොටීත් රැකියා වල නිරත වන නිසාය. එසේ වුවත් බිරිද තවත් පැයක් පමණ නිදා ගැනීමට සූදානම් වූ නමුත් මෙලෙස හදිස්සියේ දොරට තට්ටු කරන හඩ නිසා ඇයද පිබිදුණේ තම අසල්වැසි මිතුරිය ලේටා හදිස්සියකට තමන් සොයන්නට පැමිණි බව සිතු නිසාය. ලේටාගේ මව දැඩි ලෙස රෝගාතුරව සිටීමද නෙටී තුල ඇතිකලේ යම් කලබලකාරී බවකි. මෙනිසාම දොරට තට්ටු කරන්නේ කව්දැයි විමසීමට වඩා දොර විවර කිරීමට ඔවුන් උනන්දු වූයේ ඔවුනට අසල්වැසියාට යම් කරදරයක් වී ඇත්දැයි හැගුණ නිසාය. දොර විවර කල චාල්ස් දුටුවේ ඔවුනට සම්පුර්නයෙන් ආගන්තුක පුද්ගලයෙකි. උසැති, සිහින් කළු සිසකෙස් සහිත ආගන්තුකයාගේ ඇඳුම් තෙත් වී මඩ තැවරී තිබුන අතර සපත්තු නොවීය. ඔහුගේ ගැඹුරට විහිදී ගිය දෑස විහිදා තියුණු බැල්මක් චාල්ස් වෙත එල්ල කරමින් සිටියේ ඔහු සතු කුඩා පිස්තොලයෙහි ඉලක්කය චාල්ස් ගේ පපුව වෙත යොමු කරලමිනි. වචනයක් හෝ පැවසීමට චාල්ස් ට ඉඩක් නොතබමින් ආගන්තුකයාගේ කටහඩ අවදි වන්නට විය. "මම පිස්සු පොලිස්කාරයෙකුට වෙඩි තිබ්බා. මම ඒ වගේම නුඹටත් වෙඩි තියනවා. මම කිව්ව දේ නොකලොත්. මට වෙනත් ඇඳුම් අවශ්‍යයි" එසේ පවසමින් නිවසට ඇතුල් වූ ආගන්තුකයා විසිතත කාමරය පසුකර චාල්ස්ගේ නිදන කාමරයට පිවිසියේ කිසිඳු වචනයක් හෝ නොපවසමිනි. තවදුරටත් ආගන්තුකයාට එරෙහිව යමක් කිරීමට චාල්ස්ට ඉඩක් නොලැබුණේ ඔහු අතැති ගිනි අවිය තම සිරුරට තෙරපී තිබුන නිසාය. මෙම ආගන්තුකයා 35 හැවිරිදි හැරී ඇක්‍රි නම් වූ අතර ඔහුගේ ජීවිතය මෙම උදෑසන අනපේක්ෂිත නිමාවක් කරා ලඟාවෙමින් තිබූ බව ඔහුට නොදැනෙන්නට ඇත. කොරියන් යුද්ධයේ ගෞරවාන්විත සෙබලෙකු ලෙස ක්‍රියා කල ඔහු දෙවතාවක් බන්ධනාගාර ගත වූයේ සොරකම් සහ මංකොල්ලකෑම් නිසාය. පසුව ඔහුට සුළු රැකියාවක් හිමි වූවද එයින් සති පහකට පමණ පසුව ඉවත්වූයේ තමන්ට ප්‍රමාණවත් මුදලක් නොලැඛෙන බව පවසමිනි. මෙම රැකියාව කරන කාල සමයේ මිතුරු වූ වැන්දඹු කාන්තාවක වූ ටකර් ඛෙහෙවින් මිත්‍රශීලි ලෙස අක්‍රි ඇසුරු කරන්නට වුයේය. බොහෝ විට අක්‍රිගේ බිඳවැටෙන මානසිකත්වයට යම් සහනයක් ලබා දෙන්නට ඇයට හැකි වූ අතර මෙම දිනයට පෙර දිනයේදී ඔහු ටකර් මහත්මියට දුරකථන ඇමතුමක් ලබා දී කියා සිටියේ මීට මාස කිහිපයකට පෙර මියගිය තම පියාගේ නිවසෙහි රැඳී සිටින තමන් රැගෙන යාමට වාහනය රැගෙන පැමිණෙන ලෙසය. ඔහුත් සමග නැවත ස්ප්‍රින්ග්ෆීල්ඩ් වෙත පැමිණෙන මොහොතේ ඔහු දිගින් දිගටම තම පියා මියයාම ගැන දුක් වෙමින් පසුතැවෙන්නට විය. ටකර් මහත්මියගේ නිවසේදී ඔහු සැන්දෑව ගතකලේ තමන් බන්ධනාගාර ගතව සිටියදී හමු වූ පුද්ගලයන් දෙදෙනකු සමගිනි. එසේ වුවත් ඔහු නිහඩව යම් පිඩාකාරී බවකින් පෙලෙමින් සිටි අයුරක් පෙනෙන්නට තිබූ අතර කිහිපවතාවක් ඇයගේ කාරයෙන් කෙටි ගමන් බිමන් වල නිරත වූයේය. අළුයම හතර හමාරට පමණ ඔහු කාරය පදවමින් අනෙක් පුද්ගලයන් දෙදෙනා සමග නිවසින් බැහැර වූ අතර ඔවුන් තිදෙනා නගරයේ නොදන්නා ඉසව්වකට රිය පදවමින් තිබිණ. මෙහිදී ස්ප්‍රින්ග්ෆීල්ඩ් පොලීසියේ ලූතිනන් අල් හාට්මන් ඇක්‍රි දුටුවේය. හාට්මන්ද ඇක්‍රිගේ ඉතිහාසය සමග සමීපව සිටි අතර, කාරය ලියාපදිංචිය ඉකුත් වූ අංක තහඩුවකින් යුතුබවද ඔහු දුටුවේය. මේ නිසා හාට්මන්ට ඔවුන් තිදෙනා නවතාගෙන ප්‍රශ්න කිරීමට වුවමනාව පැවතියේ අළුයම් කාලයේ ඔවුන්ගේ ගමනෙහි අරමුණ යහපත් නොවන බව ඉවෙන් මෙන් වැටහුන නිසාය. මෙම අදහස සමගින් ඔහුට පිටුපසින් තිබූ මුර සංචාරක රථයට පණිවිඩය ලබාදුන්නේය. හාට්මන් සමග තරුණ පොලිස් නිලධාරියකු වූ විල්සන් එක් වූ අතර ඔවුන් දෙදෙනා ඇක්‍රි ගමන් ගත් කාරය නවතාලීමට උපදෙස් ලබා දුන්නේය. රථයට සමීප වෙත්ම ඇක්‍රි රියෙන් පිටතට පැමිණි අතර නිසැකවම තැන වෙත චෝදනා රාශියක් එල්ල වන බව ඔහුට වැටහුණේය. මිට මස කිහිපයකට පෙර, මෙම ප්‍රදේශයෙහි මංකොල්ලකෑම් වලට චෝදනා ලබා තිබූ අතර, ඔහු දැන් පිස්තෝලයක් රැගෙන කාරයෙහි ඉදිරි අසුන යට ගිනි අවියක් සඟවා තබාගැනීම තමන් නැවතත් බන්ධනාගාර ගතවීමට මගක් බවත්, ඔහුට එම අවස්ථාවේ හැගුණ නිසාම පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාදාමයට පෙර තමන් ක්‍රියාත්මක වීමට අදිටන් කර ගත්තේය. "අපිට වාහනය පරීක්ෂා කරන්න පුලූවන්ද?" රෑ, අවලංගු වූ ලියාපදිංචි අංක තහඩුව පිලිබද විමසා සිටි හාට්මන් ප්‍රශ්න කලේ තවදුරටත් ඇක්‍රි පිලිබද අතීතය දන්නා නිසා විය හැකිය. "මේක මගේ වාහනය නොවෙයි..." "ඒක ප්‍රශ්නයක් නොවෙයි අපිට වාහනය පරීක්ෂා කරන්න." තව දුරටත් ඇක්‍රිට එය වලකාලන්නට ඉඩක් නොවීය. විල්සන් වාහනය පරික්ෂා කර ගිනිඅවිය සොයා ගත්තේය. ජයග්‍රාහි විලසින් එය ඇක්‍රිට පෙන්වන මොහොතේම ඇක්‍රි තවදුරටත් ප්‍රමාද නොවී විල්සන් පොලිස්නිලධාරියාගේ යටිබඩ ප්‍රදේශයට පා පහරක් එල්ල කර තම අතට පත් ගිනි අවියෙන් මොහොතක් පමා නොවූ ඇක්‍රි හාට්මන් ට සහ විල්සන් දෙපලට වෙඩි තබා අඳුරට එක්ව නොපෙනී ගියේය. හාට්මන්ට එතරම් බරපතල තුවාලයක් සිදු නොවූ නිසා විල්සන් රැගෙන මුරසංචාරක රථයෙන් විල්සන්ව රෝහලට ඇතුළු කිරීමට පියවර ගත අතර තවත් නිලධාරියකු සමග ඇක්‍රි සමග සිටි අනෙක් දෙදෙනා අතඩංගුවට ගත්තේය. අඳුර අතරට එක්වී නොපෙනී ගිය ඇක්‍රි මහල් නිවාස පෙලක් හරහා දිවගියෙන් එහි තිබු වතුර වලකට ඇඳ වැටුනා සේම සපත්තු ජෝඩුවද ගැලවී විසිවිය. මඩින් නැහැවී සපත්තු නොමැතිව සිටි ඔහුට තවත් මොහොතකදී චාල්ස්ගේ නිවසෙහි විදුලි පහන් දල්වා තිඛෙනු දුටුවේය. ඇක්‍රිගේ බැරෑරුම් හැගීම් පල නොවන මුහුණ ඉදිරියේ චාල්ස් බියපත්ව සිටියේ ඊලඟ මොහොතේ ඔහු ගන්නා ක්‍රියා මාර්ගය ගැන අදහසක් නොමැතිවය. නිදන කාමරයට පිවිසි විගස චාල්ස් තම බිරිදට කෙදිරුවේ තමන් ආගන්තුකයකුගේ අත්ඩංගුවට පත්ව ඇති බව ඉඟි කරලමිනි. "නෙටි, මෙයාට ඇදුම් ඕනෑ. ඔයා කලබල නැතිව ඉන්න" නෙටි තවමත් නිදියහනේ නිසා තත්වය තේරුම් ගැනීමට අසිරුවුවත් තම සැමියා ආගන්තුකයකුගේ මෙහෙයවීම යටතේ නිදන කාමරයට පිවිසීම නිසා යම් වැරද්දක් සිදුව ඇති බව වැටහුණේය. නමුත් ඇය බිය නොවුවාය. තම ජීවිතයට බිය යන වදන එක්කර නොගත් ඇය අසීරු ශල්‍යකර්ම පහකට ලක්ව සිටි නිසා විය හැක. මෙනිසා ඇය තුල අසාමාන්‍ය ධෛර්යසම්පන්න බවක් රැදී තිබුණාය. ඇක්‍රි අවසරයකින් තොරවම චාල්ස්ගේ දිගුකලිසමක් ඇදගන්නා විට නිදන ඇදේ සිටි නෙටි දෙස ආක්‍රිමණශීලි බැල්මක් හෙලූවේය. එම නෙත් වල බැල්මට හසු වූ නෙටි තරමක් කලබලයට මෙන්ම කොපයටද පත් වූවාය. "ඔබ විසිත්ත කාමරයට යන්න. මම ඇඳුම් රැගෙන එන්නම්" "නැහැ අවශ්‍ය නැහැ. ඔබ ඇදේම රැදී සිටින්න" ඇක්‍රි අණ කරන ස්වරයෙන් පැවසුවත් නෙටි එයට එකඟ නොවන අයුරක් පල කලාය. "එහෙම කියන්නේ කොහොමද මේක මගේ නිවස. මට කවුරුවත්් අණ කරනවට මම කැමති නැහැ" "මම ඔබට අණ කරනවා ඇදේම රැදී සිටින්න කියලා" ඇක්‍රි තම පිස්තෝලය ඉවතට ගෙන එලෙස පැවසුවේ වුවත් නෙටි තරමක් පසුබට වුවත් තමන් රදවා ගැනීමට උත්සාහ දරන පුද්ගලයා අවමානයට ලක්කරලීමට පසුබට නොවිය. "මම තමුසේ කියන දේවල් පිලිගන්න සුදානම් නෑ" යනුවෙන් මුමුනමින් ඇය ඇදෙන නැගී සිටියේ තම දුහුල් ගවොම විනිවිද යන සිරුර පෙරවනයෙන් මුවා කර ගනිමිනි. එය දුටු චාල්ස්ගේ හදවත සැලෙන්නට වුයේ ඊලග මොහොතේ ඇක්‍රි කවරාකාර ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි සිතමිනි. ඇක්‍රි එයට ප්‍රතිචාර නොදක්වුවේය. එයට හේතුව තම අවශ්‍යතාවය ඉටු කරගෙන මෙම ස්ථානයෙන් පලා යාමේ උවමනාව නිසා හෝ ඔවුන් රදවාගෙන පොලිසියෙන් එල්ල වන තර්ජන වලින් බේරීමටද යන්න පැහැදිලි නොවීය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා සමග ඇක්‍රි විසිත්ත කාමරයට පැමිණියේය. අනතුරුව ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ තබා වාඩි කරවා අසල තිබු ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කලේ හරි ජෝශප් ඇක්‍රි නම් තමා ගැන පවසන දේ දැන ගැනීමටය. මේ වන විට පොලිස් නිලධාරියා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරැති බවත් තමන් කොටු කර ගැනීමට මාර්ගබාධක යොදා ඇති බවත් දැනගත හැකි විය. එම තොරතුරු වලින් පසුව ඇක්‍රි දුරකථනය වෙත ගොස් ටකර් මහත්මියගේ අංකයට ඇමතුමක් ලබාගන්නා විටත් ටකර් මහත්මියගේ නිවසෙහි රැදී සිට පොලිස් පරීක්ෂණ සහ සෝදිසි කරමින් සිටි නිලධාරීන්ගේ උපදෙස් අනුව ඇය ක්‍රියාත්මක වුවාය. "මොකද වුනේ හැරී. ඔබ කොහෙද?" "මම කොටු වුනා. පොලිස්කාරයෙකුට වෙඩි තිබ්බා. දැන් ජෝඩුවක් ප්‍රාණ ඇපයට අරගෙන ඉන්නේ" "හැරී මට ඔතනට කතා කරන්න පුළුවන්ද?" ඇක්‍රි තමන් අතැති රිසිවරය කතා බහකින් තොරව නෙටීට ලබා දුන්නේය. තවත් මොහොතකදී ඇය ඔහුවෙත හැරුනේය. "ඇයට අපේ ගෙදර ලිපිනය වුවමනාලූ" "ඇයට එය පවසන්න" ඇක්‍රි එයට ප්‍රතිචාර ලබාදුන්නේ තරමක පුදුම සහගත විලසිනි. ටකර් මහත්මිය නෙටී ලබා දුන් ලිපිනය ලියා ගත්තාය. එම තොරතුරු ගුවන් විදුලි පණිවිඩ ඔස්සේ පොලිස් නිලධාරීන් මාර්ග සංචාරක රථයට ලබා දුන්නේ හැරි ඇක්‍රි කොටුකර ගැනීමේ මෙහෙයුම කඩිනම් කරලීමටය. දුරකථනය හරහා ටකර් මහත්මිය නෙටී සනසාලමින් ඇක්‍රීද නැවත අමතමින් කියා සිටියේ මෙම යුවලට කිසිදු කරදරයක් සිදු නොකරන බවට තමන්ට පොරොන්දු වන ලෙසය. එයට තරමක අඩමාන සහිත පිලිතුරක් ලබා දුන් ඇක්‍රී, පොලිස් නිලධාරියා මියගියහොත් තමන්ට ඇතිවන අවධානම නිසා ඒ ගැන නැවත වරක් සිතිය යුතු බවයි. ඇක්‍රී මෙලෙස පවසන විට ස්ප්‍රින්ග්ෆිල්ඩ් පොලිසිය ඔහු සිටින ස්ථානය දැනගෙන ඔහුව යටත් කරගත් බවට ප්‍රකාශයට පත්කර තිබිණ. මෙලෙස ඔහු දුරකථන සංවාදයේ යෙදෙන විට පොලිසිය අවට පොලිස් ආරක්ෂාව සලසා ඇක්‍රීට පලායාමට නොහැකි ලෙස චාල්ස් ගේ නිවාස වටලා තිබුණි. මෙම තත්වය ඇක්‍රී වටහා ගත නිසාදෝ අවට සිදුවන දේ නිරීක්ෂණය කිරීමට නෙටීට පවරන ලද්දේ ඇයට පිටුපසින් ඔහු රැදී සිටිමින් පිස්තෝලය අයගේ හිසට එල්ල කරලමිනි. අවට කිසිදු වෙනස් වීමක් නොමැති බව වාර්තා කල පසුව ඇක්‍රීගෙන් තවත් ප්‍රශ්නයකි. "මත්පැන් ජාති තියෙනවද" "වයින් විතරයි" "ගේන්න" එසේ ලබාගත් වයින් බෝතලයෙන් අඩක් හිස්කල ඔහුගෙන් නැවතත් අවට නිරීක්ෂණයට අණ ලැබුණේය. එවර ඔහුද පොලිස් නිලධාරියකු සිටිනු දුටුවේය. එනිසා තරමක අවේගශීලි බවක් පල කල ඔහු ඇය වෙතට හැරුනේය. "මේ මොකද්ද තියෙන්නේ පේනවානේ " තර්ජනාත්මක ස්වරයෙන් පැවසුවේ තවදුරටත් ඔවුන් බියපත් කිරීමට වූවත් නෙටී සන්සුන් ලෙස පිලිතුරු දුන්නාය. "පිස්තෝලයක්" මේ අතර නැවතත් ඔවුන්ගේ නිවසෙහි දුරකථනය නාද වන්නට විය. එවර දුරකථනයෙහි අනෙක් පස රැදී සිටි ස්ප්‍රින්ග්ෆිල්ඩ් පොලිස් ස්ථානයේ ප්‍රටධානියා විලියම් ටි්‍රවුට් ඇක්‍රී අමතන්නට විය. "ඔබට ලෙහෙසියෙන් ගැලවී යන්නට බැහැ. ඔබට ඒකට අවස්ථාවක් නැහැ. ඔබ අපට යටත් වෙන්න" "ඔබ පොලිස් නිලධාරින් ඉවත් කරන්න. මට මේ දෙන්නා සමග වාහනයෙන් පිටත්ව යන්න ඉඩ දෙන්න. මම ඔවුන් පසුව නිදහස් කරන්නම්" "බැහැ ඒක කරන්න බැහැ" පොලිස් නිලධාරියා ඇක්‍රීට එකඟ නොවූයේ ඇක්‍රී පලායාමේදී ඇති විය හැකි අවධානම අන් ජනතාවට විශාල අවධානමක් ඇතිකරලීමක් නිසාය. එම දුරකථන සංවාදයෙහි නිමාවත් සමග තිදෙනා අතර දිගු නිහඩතාවයක් ඇති විය. ඔවුනගේ හැගීම් තරමක උණුසුම් වන්නට වුවත් දෙදෙනාගේ මුවින් කිසිවක් පිටනොවිය. නමුත් නෙටී චාල්ස් වෙත පැවසු වදන් තුල ගැබ්වූයේ යම් උපහාසය මුසු අපහාසයකි. මට පුඵවන් ඔයාව චෙස් වලින් පරද්දන්න. ඔවි, මම ඔටිටු අල්ලනවා. ඇක්‍රී එම වදන් ග්‍රහනය කර ගත්තේ නොමැති වුවද ඔවුන් ගැන දැඩි අවධානයකින් පසු වෙමින් සිටියේය. ඇක්‍රී මේ වනවිට වයින් බෝතලය හිස් කරලමින් එය රූපවාහිනී යන්ත්‍රය මත තබා තිඛෙනු දැක නෙටී කෝපයෙන් මෙන් ඇක්‍රී අමතන්නට වුවාය. "බෝතලය අයින් කරන්න. මට ඒකට එකඟ වෙන්න බැහැ" නෙටීගේ වදන්වලින් ඇක්‍රී සමාව පලකරමින් එම බෝතලය එතැනින් ඉවත් කරමින් නෙටී වෙත ලගා වෙද්දී චාල්ස්ගේ හදවතට යම් බයක් දැනුනේය. "මට සමාවෙන්න නෝනා. දැන් මගේ කාර්යයත් ඉටු කරලා දෙන්න. යමු දොර ගාවට. පොලිස්කාරයන්ට කියන්න මට දුරකතනෙන් අමතන්න කියලා" එසේ පවසා නේටීගේ ගෙලට අතක් දමා අනෙක් අතෙන් පිස්තෝලය අයගේ හිසට එල්ල කරමින් ඉදිරි පස දොර වෙත ඇය කැදවාගෙන ගියේය. ඇය දොර හැර ඇක්‍රීගේ ඉල්ලීම කෑ ගසා පවසන්නට වූ අතර, ඔහු ඉලක්ක කරමින් සිටි පොලිස් නිලධාරින්ට නිවැරදි ලෙස තම ඉලක්කය සකසා ගෙන වෙඩි තැබීමට නොහැකි වුයේ නේටීගේ සිරුරින් තම සිරුර ආවරණය කර ගැනීමට තරම් ඇක්‍රී උපායශීලිව සිටි නිසාය. එම දුරකථන ඇමතුම හරහා ඇක්‍රී බියර් බදුන් ඉල්ලා සිටි නමුත් පොලිස් නිලධාරින් එයට එකඟ නොවිය. පසුව තමන්ට "ජෝ" හෙවත් ටකර් මහත්මිය දැක ගැනීමට අවශ්‍ය බව ඔහු පවසා සිටියේය. එම ඉල්ලීම ඉටුවන අයුරක් පලවුයේ මේ වනවිටත් ටකර් මහත්මිය මෙම ප්‍රාණ ඇපකරු සිද්දියට මැදිහත් වීමට පොලිස්සියෙන් ඉල්ලා සිටිමින් පොලිසිය සමග රැදී සිටි නිසාය. මෙහිදී පොලිසිය ඔහු සගව සිටින ස්ථානය ලබා දීමට ටකර් මහත්මිය උදව් වූ නිසා ඇයට වෙඩි තබා මරා දමනු ඇතැයි පොලිසිය මුලදී සැක කල නමුත් දැන් ඔහුගේ ඉල්ලීමට අනුව ඇයට ඇක්‍රී රැදී සිටි නිවසට යාමට ඉඩ සැලසුනි. ටකර් මහත්මිය නිවසට සමීප වන විටදී ඇක්‍රී නිවසෙහි විදුරු ජනේලයක් බිද දැමීමට උත්සාහ කල නමුත් එයට විරෝධය දක්වා නෙටී කෑ ගසන්නට වුවාය. එසැණින් නෙටීගේ ගෙල වටා අතක් දැමු ඔහු නෙටී කැදවා ගෙන ඉදිරි දොර වෙත ගියේය. නෙටී දොර විවර කරලන විට ඔහු ටකර් මහත්මිය අමතන්නට විය. "ඔබ දොර අභියසට අවොත් මම ඔබට පිස්තෝලය දෙනවා. මට ඔබව දකින්නට ඕනි." එම වදන් වලින් ටකර් මහත්මිය දිරිගැන්වී ඉදිරියට පැමිණියද යම් චකිතයක් ඇය තුල නිසැකවම පැවතියේය. "කිට්ටු වෙන්න, මම ඔයාට ආදරෙයි" "ඔබ එලියට එන්න හැරී, ටකර් මහත්මිය ඔහුට ප්‍රතිචාර දක්වමින් කියා සිටියාය" "ඔබ මට ආදරේද?" එම වදන් වලින් ඇය තරමක් පසුබා සිටියත් පොලිස් නිලධාරීන්ගේ දිරි ගැන්වීම් නිසා "ඔව්" යන පිලිතුර ලබා දුන්නාය. "එහෙනම් ඔබට මාව හැම තිස්සෙම මතක් වේවි" යනුවෙන් පවසූ ඇක්‍රී නෙටීගේ ග්‍රහණය ලිහිල් කර තම ගිනිඅවිය දෑතින්ම වැලඳ ගත ඔහු එහි අනෙක් අන්තය තම මුවට දමා ගත්තේය. එය දුටු ටකර් මහත්මිය කෑ ගසන්නට වුවාය. "එපා එපා හැරී ඒක කරන්න එපා" ඇය එලෙස පවසන විට චාල්ස් තම බිරිඳ ගිනිඅවියෙන් දුරස් කරලීමට වෙහෙස වුවේය. නෙටී තම හිස පිස්තෝලයෙන් මෑත් කරගනිමින් ඇක්‍රී සියතින් වෙඩි තබා ගැනීමට බලාපොරොත්තු වූ නමුත් එකවරම තම මුවෙන් ගිනිඅවිය ඉවත් කරගත් ඔවුන් දෙදෙනා නිවස තුලට පිය මැන්නේය. මේ වනවිට වෙහෙසකර බවින් පෙලෙමින් සිටි නෙටීගේ කෝපය උත්සන්න වී තිබුණාය. ඇය ඇක්‍රී දෙස බැලූවේ එම කෝපය වචන වලට හරවමිනි "හැරී මට හරිම වෙහෙසයි. මගේ නිවසට රිංගා ගෙන ඔබ හරිම කරදරයක් අපිට කරන්නේ. ඔබ දැන්ම යන්න ඕනි" "කට වහනවා" ඇක්‍රී පැවසුවේ තම ගිනි අවිය ඇයගේ පපුවට එල්ල කරමිනි. "මම තමුසෙට බය නැහැ. මට ඕනි තමුසේ ගෙදරින් යනවා දකින්න. ඇහුනද?" එම විරෝධතාව ගැන ඇක්‍රී ප්‍රතිරෝදයක් නොදැක්වුවද නිවසින් ඇතුලත නිවසින් පිටතද උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් තිබිණ. බියමුසු සැකයන් එකිනෙකා තුල ඇතිවෙද්දී තරහව කෝපය වැනි හැගිම්ද ගොඩ නැගෙමින් තිබු බව නිවසින් පිටත සිටි පොලිස් නිලධාරීන්ටද වැටහුණි. ඇක්‍රී මේ වන විට නිවස තුල පැය අටක් පමණ රැදී සිටි අතර මෙය නිමාවක් දැකිය යුතු නිසා පොලිස්නිලධාරින් ඇක්‍රීට අවසන් නිවේදනයත් නිකුත් කලේය. "ඇක්‍රී ඔබට ලබා දෙන අවසන් මිනිත්තු දහය තුල ඔබ අපට යටත් වෙන්න" එයට ප්‍රතිචාර දැක්වීමට ඇක්‍රී සැරසුනේය. ඔහු නෙටී නිදන කාමරය දෙසට ඇදගෙන යාමට සැරසුනේය. එහෙත් එයට ඉඩක් නොලැබුනේය. එකවරම ජනේලයකින් නිවෙස තුලට වැටී පිපිර ගිය කදුළු ගෑස් බෝම්බයෙන් අවට දුමාරයෙන් පිරීයාම නිසා සියල්ලන්ම අපහසු තාවයට පත්විය. එම අවසරයෙන් නෙටී වහා ඇක්‍රීගෙන් මිදී පිටු පස දොර දෙසට දිව යද්දී ඇක්‍රීට හැකි යමක් නොවිය. තව දුරටත් කදුළු ගෑස් ප්‍රහාරයට නිවස ලක් වෙද්දී චාල්ස් මෙන්ම ටකර් මහත්මිද නිවසෙන් පලා ගියහ. තවත් මොහොතකදී නිවාස දෙසින් ඇසුණු වෙඩි හඩත් සමඟ පැය අටක් පමණ ගත වූ ප්‍රාණ ඇපකරු සිද්ධිය නිමාවට පත්වුයේ ඇක්‍රී සියදිවි නසා ගැනීමත් සමගය. උපුටා ගැනීම මනහර සඟරාව.