🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ප්‍රේමය, විවාහය, හෘදයේ ක්‍රියාකාරිත්වයගැන කියන හෘදය රේඛාව

ප්‍රේමය, විවාහය, හෘදයේ ක්‍රියාකාරිත්වයගැන කියන හෘදය රේඛාව

අල්ලේ පිහිටන ප්‍රධාන රේඛාවන් අතරින් තුන්වැනි තැනට හිමි හෘදය රේඛාව පිළිබඳවයි අද විස්‌තර කරන්නේ. ගුරු මණ්‌ඩලය ප්‍රදේශයෙන් ආරම්භ වන හෘදය රේඛාව ශනි මණ්‌ඩලය, රවි මණ්‌ඩලය හා බුධ මණ්‌ඩලය පසු කරගෙන අත්ලේ කෙළවර තෙක්‌ විහිද ඇති බව ඔබට මේ සමග පළවෙන රූප සටහනින් පැහැදිලි වෙනවා ඇති. මත අනුව මෙම රේඛාව බුධ මණ්‌ඩලයෙන් ආරම්භ වී ගුරු මණ්‌ඩලය දෙසට විහිද යන බවද කියෑවේ. කෙසේ වුවද ගුරු, ශනි, රවි, බුධ යන ග්‍රහ මණ්‌ඩල හතරේ විද්යුත් ශක්‌තීන්ගෙන් පෝෂණය වන හෘදය රේඛාව පුද්ගලයාගේ මනස කෙරෙහි එක එල්ලේම බලපෑම් කරයි. 

හෘදය වස්‌තුව සහ පෙනහළුවල ස්‌වභාවය සහ ඒවායෙහි ක්‍රියාකාරිත්වය සටහන් වෙන අත්ලේ ඇති ප්‍රධානම රේඛාව වන්නේත් මෙම රේඛාව බැවින් එයට හෘදය රේඛාව නමින් භාවිතා කරන්නට ඇති. ඒ හැරෙන්නට මෙම රේඛාව මගින් ආලය, විවාහය, ජීවිතය, ලිංගික ආශා, රුධිර ධාවනය, යම් යම් දේවල් නිර්මාණය කිරීමේ ඇති සහජ බුද්ධිය, ක්‍රියාකාරී හැඟීම් ගතිගුණ පිළිබඳ විශේෂ ලක්‍ෂණද පෙන්නුම් කරයි. සමහර අයගේ අත්වල මෙම රේඛා නොමැතිවීමටද හේතු ඇත. මෙම රේඛාව අතේ පිහිටා නැති අය අපි ව්‍යවහාර කරන පරිදි හිතක්‌, පපුවක්‌ නැති අය ලෙස හැඳින්විය හැක. අන් අය කෙරෙහි සෙනෙහසක්‌, අනුකම්පාවක්‌ ඔවුන් තුළ නොමැත. තමාගේ දියුණුව පමණක්‌ අපේක්‍ෂා කරන ආත්මාර්ථකාමී අය වේ. එසේම ඔවුන් වඩා කෝප සහගතද වෙති. හොඳ හෘදය රේඛාවක්‌ ගුරු මණ්‌ඩලය මැදින් ආරම්භ වී කුජ මණ්‌ඩලය, බුධ මණ්‌ඩලය අතරින් අවසාන විය යුතුව ඇත. එසේම ශීර්ෂ රේඛාව ළඟින්ම හෝ ශීර්ෂ රේඛාවට බොහෝ දුරින් නොවිය යුතුය. හෘදය රේඛාව පටන් ගැනීමේදී තියුණුව පෙනිය යුතුය. එසේම අවසානයේ දී ද එහි වෙනස්‌වීමක්‌ නොතිබිය යුතුය. (හැරීම් කැඩීම් වැනි) එසේම මෙම රේඛාවේ පළල, ගැඹුර, වර්ණය ගැනද හොඳින් බැලිය යුතුය. 

හොඳ හෘදය රේඛාවක්‌ පවතින විට හොඳ පෞරුෂයක්‌, යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌, හොඳ ආකල්පයන් යන හැමදේ පවතී. හෘදය රේඛාවේ ප්‍රමාණය වඩා මණ්‌ඩලවලට ළංව පිහිටීමද සුබ නොවේ. එවිට මණ්‌ඩලවල ශක්‌තිය අඩුවීමෙන් පුද්ගලයා තුළ ඊර්ෂ්‍යා සහගත බවත්, දරුණු ස්‌වභාවයක්‌ ඇතිවීම හේතුවේ. ඔවුන් බොහෝ ප්‍රේම සබඳතා ද ඇති කරගනී. උවමනාවට පහත්වීමද ආත්මාර්ථකාමී බවත් කලබලකාරී මානසික තත්ත්වයක්‌ ඇතිවීමටද හේතු වෙයි. හෘදය රේඛාව තැනින් තැන කැඩී තිබීම මගින් ප්‍රකට වන්නේ රුධිර ධාවනයේ විෂම තාවයන් ඇති බවයි. පැලී ගිය ආකාරයක්‌ හෘදය රේඛාවෙන් පෙන්නුම් කරයි නම් හෘදය වස්‌තුවේ කිසියම් දුර්වලතාවක්‌ ඇති බව ප්‍රකට කරයි. හෘදය රේඛාව සමග තවත් එවැනිම රේඛාවක්‌ කාගේ හෝ අතක පිහිටා ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් වන බව හස්‌ත රේඛාවෙන් කියෑවේ. හෘද රේඛාව ආරම්භයේදීම ශීර්ෂ රේඛාව හා සම්බන්ධව පැවතීම අසුබයි. අසහනයෙන් තැවෙන පුද්ගලයෙක්‌ එමගින් හඳුන්වාදෙයි. හෘදය රේඛාවත්, ශීර්ෂ රේඛාවත් එකට සම්බන්ධ වී එකම රේඛාවත් ලෙස විහිද යැමත් ඒ වගේම අසුබයි. තදබල මානසික පීඩාවලට ලත් සදහටම දුක උරුම වූ අයෙකු එම ලකුණෙන් හඳුනාගත හැකිය.  

හෘදය රේඛාව ගුරු මණ්‌ඩලය තුළින් මතුවෙලා තිබීමත් ඉතාමත් හොඳ පිහිටීමක්‌. පෙම් රජදහනේ කිරුළු පළඳින්නට වරම් ලබන එවන්නන්ගේ යුග ජීවිතය ඉතාමත් සාර්ථකය. හෘදය රේඛාව අර්ධ කවාකාර හැඩයෙන් පිහිටීමද සුබ නොවේ. ඇදුම වැනි සෙම් රෝග සැදීමට එය හේතු වෙයි. මෙම රේඛාව පටන් ගැනීමේදී ශාඛා දෙක තුනකට ඛෙදී තිබීමද යුග ජීවිතයේ සාර්ථකත්ව පෙන්නුම් කිරීමකි. එමෙන්ම හෘදය රේඛාව දෙකඩ වීමත් හෘද රේඛාවෙන් මතුවන අවරෝහණ රේඛාවක්‌ (පහළට විහිදෙන) ශීර්ෂ රේඛාව දෙස ඇදී යැමත් ඒ වගේම අසුබ පල දෙයි. පරාජිත පෙම්වතෙක්‌ හෝ පෙම්වතියක්‌ එමගින් මූර්තිමත් වෙයි. අංශභාග වැනි ස්‌නායු රෝගවලට හේතුවන බැවින් හෘදය රේඛාව ගැඹුරට පිහිටා තිබීමත් සුබ නොවේ. කෙටි රේඛා සමූහයකින් සැදුන හෘදය රේඛාවන් සෙංගමාලය වැනි ලෙඩ රෝග සැදීමට ඉඩ ඇති අතර එම රේඛාවේ කළු තිත් මගින් වකුගඩු රෝග සෑදීමේ ප්‍රවනතාවක්‌ ඇති බව ප්‍රකට වේ. දම්වැල් ආකාර ලක්‍ෂණයන් පෙනහළු දුර්වල කෙනෙක්‌ හඳුනාගත හැකි සේම හෘදය රේඛාවේ දූපත් සලකුණුවලින් නහරගත ආබාධවලින් පෙළෙන අයෙක්‌ හඳුනාගත හැකිය.  

සමහර අයගේ හෘදය රේඛාව අල්ලේ එක කෙළවරක සිට අනිත් කෙළවර දක්‌වා කෙළින් ගැසූ ඉරක්‌ මෙන් තිබිය හැක. ඔවුන් ඉතාමත් රාගාධික අය වෙති. මනුෂ්‍යත්වය ඔවුන් කෙරෙහි දැකිය නොහැකි තරම් වේ. විනෝදයට පෙම්වතුන් ආශ්‍රය කරන අය තුළ මෙම ලකුණ දැකිය හැකි වේ. හෘදය රේඛාව රෝ්ස පැහැවීමත් සුබ පල දෙන පිහිටීමක්‌. සුවිනීත ගති පැවතුම් ඇති ඔවුන් බොහෝ විට කලාකාමී හදවත් ඇති අය වෙති. හෘදය රේඛාව බුධ මණ්‌ඩලය මතදී (සුළඟිල්ල මුල) දූපත් ලකුණකින් අවසාන වේ නම් එම අය හෘදයාබාධයකින් මියයැම හේතුය. බොහෝ විට එවැනි අයගේ ජිවිතය ලේ කැටි ගැසීමේ රෝගයකින් අවසන් විය හැක. කොලොස්‌ටරෝල් වැඩිවීමෙන් පීඩා විඳින එවැනි ලකුණු ඇති අය වහාම ලේ පරීක්‍ෂණයක්‌ කරගැනීම වැදගත් වේ. ජීවන ශීර්ෂ, හෘදය යන රේඛා මුලදීම එකට සම්බන්ධ වී ඇත්නම් ෙඛ්දජනක අකල් මරණයට ගොදුරු විය හැකි නිසා දීර්ඝ හෘදය රේඛාවක්‌ තිබේ නම් වාසනාවකි. වස්‌තුව ධන ලාභ ආදී හැම ලෞකික සම්පතක්‌ම ඔබට උරුම වේ. 

උපුටා ගැනීම දිවයින පුවත් පත