This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ක්‍රියාකාරකම් අඩු දරුවන්ට දිය හැකි හොඳම ප්‍රතිකාරය
null

ශරීර බර දරාගත නොහැකි දරුවන්ට ජලයට බැස ලෙහෙසියෙන් සිටගෙන සිටිය හැකියි. 
සිට ගැනීමට නොහැකි දරුවකුට වෙරළේ කුඩා වළක් කපා දරුවා සිටුවා තැබිය හැකියි.

දරුවකු උපන් දා සිට ක්‍රමානුකූලව යම් යම් ක්‍රියාකාරකම් වෙත එළැඹීම ස්වභාවිකය. එහෙත් ඇතැම් දරුවන් ඊට දක්වන්නේ වෙනත් ප්‍රතිචාරයකි. ඒ ඔවුන්ගේ මොළය සෙමෙන් වර්ධනය වීම නිසා ය. එවිට ළමා ක්‍රියාකාරකම්වල පසුබෑමක් දැකගත හැකි වේ. එය මස්තිස්ක ආඝාතය ලෙස ද හඳුන්වනු ලැබේ. මෙවැනි තත්ත්වයක් ඇති වූ විටක මාපියන් තම දරුවා යහපත් කර ගැනීමට නොගන්නා උත්සාහයක් නොමැත. එවැනි දරුවකුට භෞතචිකිත්සක ප්‍රතිකාරයන්ගෙන් ලැබෙන්නේ මිල කළ නොහැකි සහනයකි. ජල චිකිත්සාව මෙහි ලා ගැනෙන හොඳම ප්‍රතිකාර ක්‍රමයයි. කෙසේ වෙතත් දරුවකුට මේ තත්ත්වය ඇතිවීමට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් තිබේ. ඒ අතර දරුවාගේ නොමේරු මොළයට සිදුවන හානිය ප්‍රධානයි. එසේ වීමට දරුවා බිහිවීමට සිටි මවගේ ගර්භණී සමයේ ඇති වූ සංකූලතා, විෂබීජ ඇතුළු වීම් වැනි දෑ මෙන්ම දරුවා බිහිකරන අවස්ථාවේ ඇති වූ ගැටලු හා දරුවා බිහි වූ පසු කහ පැහැ ගැන් වූ අවස්ථා ද ඊට බලපානවා. එසේම දරුවා බිහි වූ පසු මොළයට ඇතුළුවන විෂ බීජ නිසාත්, වැටීම් වැනි අනතුරු නිසාත් දරුවා මේ තත්ත්වයට පත්වීමට හේතුවිය හැකියි. කෙසේ වෙතත් ක්‍රියාකාරකම් ප්‍රමාද දරුවන්ට දිය හැකි හොඳම ප්‍රතිකාරය වන්නේ මුහුද වෙරළකට රැගෙන ගොස් තම ක්‍රියාකාරකම් ස්වයං පාලනයකින් සිදුකර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලැසීමයි. එහි දී දරුවාට හරිහැටි හිඳ ගැනීමට නොහැකි නම්, මුහුදු වෙරළේ ඇති වැලි උපයෝගී කරගෙන කුඩා පුටුවකට සමාන ආධාරකයක් සකසා හිඳ ගැනීමට සැලස්විය හැකියි. එවිට මාංශපේශි ශක්තිමත් වීමෙන් ක්‍රමයෙන් රෝගී තත්ත්වය පහව යයි. දණ ගා යාමේ අපහසුතාවයක්, ප්‍රමාදයක් ඇත්නම් එවැනි දරුවන් ද මුහුදු වෙරළේ තබා උදරයට යටින් වැලි පුරවා දෑතට හා පාදවලට බර නොදැනෙන සේ සිටින්නට සැලැස්විය හැකියි. එවැනි ක්‍රියාකාරකම් නිවසේ දී සිදුකිරීමට වඩා වෙරළේ කිරීමෙන් ආරක්ෂාකාරී වේ. දරුවා නිතරම වඩාගෙන සිටීමෙන් මේ තත්ත්වය උග්‍ර වීම හැර සුවයක් නොලැබෙයි. එනිසා මෙවැනි වෙරළේ ක්‍රියාකාරකම් මඟින් දරුවා ස්වාධීනව සිටීමෙන් (balance relaxation) මොළය උත්තේජනයකට ලක් වේ. මෙවැනි අවස්ථාවල දරුවාට තිබෙන අවදානම් තත්ත්ව (tilting relaxation) අඩු වීමක් ඇත. එවිට දරුවා ස්වාධීන වීමේ ප්‍රවණතාවය ඉහළ ය. ඒ තුළින් දරුවාගේ මනස හොඳ උත්තේජනයකට ලක් වේ. නිවස තුළ රැඳී සිට ක්‍රියාකාරකම් සිදුකිරීමට වඩා වෙරළක මෙවැනි ක්‍රියාකාරකම් රෝගී දරුවාට යහපත් වේ. සිට ගැනීමට නොහැකි දරුවකුට වෙරළේ කුඩා වළක් කපා සිටුවා තැබිය හැකියි. දරුවා වල ඇතුලේ සිටින විට පාදයේ මාංශපේශි ශක්තිමත් වීම මෙන්ම සිට ගැනීමට හුරුවක් ද ලැබෙනවා. ඉන මට්ටමට වඩා ටිකක් වැඩියෙන් වැලිවල යට කර තැබීමෙන් මෙය සාර්ථකව සිදුකරගත හැකියි. දෑත් පොළව මතුපිටට පිහිටන සේ එසේ සිදුකර විනෝදවීමට ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුයි. එසේ සිටගෙන සිටීමේ දී පාදයේ දරා ගැනීමේ ශක්තිය ද වර්ධනය වේ. ඇවිදීමට ප්‍රමාද අයෙකුට නම් වැල්ලේ අඩි පහක් පමණ දිග කාණුවක් සකසා දරුවා එහි තබා දෙපැත්ත අල්ලාගෙන ඇවිදීමට සැලැස්විය යුතුයි. එවිට ඇවිදීම ඉක්මන් වේ. ශරීර බර දරාගත නොහැකි දරුවන්ට ජලයට බැස ලෙහෙසියෙන් සිටගෙන සිටිය හැකියි. එහි දී රැල්ල ගොඩබිමට එනවිට දරුවා ගොඩ බිම දෙසට ඇවිද්දවිය හැකියි. ආපසු රැල්ල යන විට ඒ දෙසට ඇවිද්දවිය හැකියි. එවිට මාංශපේශි ශක්තිමත් වේ. ආයාසයකින් තොරව ඇවිදීම ද කළ හැකියි. මෙලෙස කටයුතු කිරීමෙන් මෙවැනි රෝග තත්ත්වයන්වල පූර්ණ සුවයක් ලද හැකියි. බොහෝ අවස්ථාවල මෙවැනි ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් උපදේශන සේවාවන් ද ලබා ගත හැකි නම් ඉතා සාර්ථක වේ.

උපුටා ගැනීම දිනමිණ