This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
උඩරට ඔසරිය මනාලියගේ ගාම්භීරත්වය ප්‍රකට කරයි

විවාහ දිනය ජීවිතයක අපූරු සංධිස්ථානයක් කිව්වොත් එය නිවැරැදියි. පැරැණි සමාජය විවාහ දිනය හැඳීන්වූයේ දෙවැනි උපත හැටියටයි. තනිකඩ ජීවිතයක වගකීම සමබරව ඛෙදා ගැනීම සඳහා හවුල්කරුවකු එක්වන දිනය මංගල දිනයයි. මංගල කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ අලුත් කියන සංකල්පය ඇසුරු කොටගෙනයි. කෙසේ වෙතත් සිංහල ක්‍රමයට එදා පැවති මංගල පෝරුව මත මනාලිය සැරැසුණේ ජාතිකාභිමානී ගාම්භීරත්වයකින් යුතුවය. තම හවුල්කරුගේ නිවෙසට ඇය යන්නේ කුල කාන්තාවක් හෙවත් ජීවිතයේ දුක සැප දෙකටම උරදිය හැකි ප්‍රතාපවත් හවුල්කාරියක ලෙසිනි. විශේෂයෙන් නිවෙසේ පහන හෙවත් සිරිකත නිවෙසට වැඩිය ලෙසට මනාලියක් ගෙදරට එන මංගල දිනය ඉතා සාඩම්බර අවස්ථාවක් ලෙස හැමෝම පිළිගනු ලැබූ කරුණක් විය. කෙසේ වෙතත් මනාලියක තුළ තිබිය යුතු කුල ගරුත්වය හා ප්‍රතාපවත් බව විදහාපාන අයුරන් සිය රූ සපුව දකින පළමුවැනි දිනයේම මනමාලයා වගේම එම පවුලට අයත් මාපිය නෑදෑයින්ගේ සිත් ගැනීමටත් සුදුසු ලෙස අලංකාර වීම වැදගත්ය. මෙය එක්තරා ආකාරයක මනෝමූලික ක්‍රියාකාරකමක් ලෙස ද පිළිගැනේ. මනමාලයාට වගේම ඒ පාර්ශවයේ වැඩිහිටියන් තුළ ද මනමාලිය කෙරෙහි සිත් ඇදබැඳ තබා ගැනීම ක්ෂණයකින් ඇති වූයේ නම් එය මංගල ගමනට ද සාර්ථක ලකුණකි. මෙහිදී පෝරු චාරිත්‍රවලට අමතරව මනමාලිියගේ සැරසිලි කෙසේ සකස් වන්නේදැයි විද්‍යාත්මකව සොයා බැලීම වටින්නේය.

උඩරට මනාලියගේ සාරිය (ඔසරිය) වර්තමානයේ හඳුන්වන ම්චදඤරචද ඉචපඥඥ සම්ප්‍රදායික ශ්‍රේෂ්ඨත්වයක් පිළිබිඹු කරයි. හරියට ඇය රජ බිසවක නියෝජනය කරනවා යැයි කිව්වොත් නිවැරැදියි. ඇගේ කරට දමන මාල 7 සත්පත්තිනි පතිවෘතාව සංකේතවත් කරයි. පොල් මල් මාලය, බැබිල මාලය, අරළු මාලය, ගෙඩි මාලය, පෙති මාලය, අගස්ති මාලය හා පදක්කම් මාලය දැනට භාවිත වන මාල වේ. පදක්කම් මාලය පැළඳීමෙන් සංකේතවත් කරන ලද්දේ පියාගේ ගෞරවය ආරක්ෂා කළා සේම තම ස්වාමියාගේ ගෞරවය ද ආරක්ෂා කරන බවයි. උඩරට මනාලියකගේ ආභරණ කට්ටලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් හැටියට පැරැන්නන් සලකනු ලැබීය. ඇගේ හිස මත පළඳවන තැල්ල පත්තිනි තැල්ල හැටියටත් හඳුන්වයි. හිසේ දකුණ සහ වම්පස තිඛෙන ඉර හඳ දෙක මඟින් හිරු සහ සඳු තිඛෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බව සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩය මහමේරු පර්වතය සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් තමාට ඇති බවයි. හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් කියැවෙන්නේ පිරුණු උරමඬලක හෙවත් පවුල් ජීවිතයේ හැම බරක්ම දරාගත හැකි පූර්ණත්වයක් ඇය තුළ සංකේතවත් වන බවයි. ඔසරිය එදා රජ මාළිගාවේ රාජාභිෂේකය සදහා භාවිත කළ රජ බිසවගේ ලාලිත්‍යය මතු කළ අයුරින් හැඩ ගැන්වීම කළ යුතුය. නැතහොත් උඩරට මනාලිය තුළින් දිස්වන තේජස් බව හා ගාම්භීරත්වය යටපත් වී යා හැකියි. එදා මෙදාතුර උඩරට සාරියට මේ ලැබුණු ගාම්භීරත්වය විවාහ මංගල්‍ය දිනයේ සතුට හා විශ්වාසය තවදුරටත් සනාථ කරන සංකේතයක් ලෙස ප්‍රකටය. එය අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ රැක ගත්තා සේම තවදුරටත් රැක ගැනීම කළ යුතුය. ලෝකයේ ජාතීන් අතර ප්‍රසාදයට පත් වූ උඩරට සාරිය කිසිදු ආකාරයක විලම්බීත විලාසිතාවන්ගෙන් විකෘති නොවීම තවත් වැදගත් කරුණකි. තවදුරටත් උඩරට සාරියකින් සැරැසෙන මනාලිය පෝරුවට නැංවීමට පෙර පුවක් මලකින් ඇගේ සිරුරට පිරිත් පැන් ඉසීම පැරැණි චාරිත්‍රයකි. එයින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇයට ලැඛෙන බව සාම්ප්‍රදායික පිළිගැනීමකි. මේ කරුණු කාරණා අනුව ජාතික වශයෙන් උඩරට සාරිය අපි විසින් රැකගත යුතුය. පවුල් ජීවිතයක ආරම්භය සනිටුහන් කරන දිනය ආශිර්වාදාත්මක අංගයක් හැටියට පිළිගැනීම හා එක්කර ගැනීම කොතරම් අගනා දෙයක් ද යන්න ඔබටත් තහවුරු වනු ඇත. මේ සම්ප්‍රදායට ගරු කරමින් ඉර හඳ වෙද ගෙදර හා සමගාමීව පවත්වන උඩරට මනාලියන් සඳහා වූ තරගය ඉතාම වැදගත් මුහුණුවරක් ගනු ඇත.

කෙසේ වෙතත් සංකීර්ණ වූ සමාජ රටාවක් තුළ තවදුරටත් අපේකම හා අපේ ගති සිරිත් රැක ගැනීමට ක්‍රියා කළ යුතු මෙවන් අවධියක අපේ මේ වෑයමත් පෙරමුණ ගන්නවා යැයි සිතමු. මේ සඳහා ඉර හඳ ∙වදගෙදර හා සම්බන්ධ සුවිශේෂී උඩරට මනාලියන් සඳහා පමණක්ඔයැ උැාාසබට දෙ ණ්බාස්බ යනුවෙන් රූපලාවණ්‍යාගාරයක් ද නිිර්මාණය කොට තිබේ. මේ මඟින් අලුත් පරපුරට උඩරට සාරිය ගැන දැනුම ද උඩරට සම්ප්‍රදායික චාරිත්‍ර පිළිවෙත් ගැන අවබෝධයක් ලබා දීමට ද කටයුතු කෙරේ. විශේෂයෙන් අපිට ආවේණික වූ ශාකසාර එක්කර ගනිමින් රූපලාවණ්‍යයෙහි නව නිර්මාණාත්මක හැකියාවන් ඔස්සේ කෙරෙන රුව රැකීමේ වැඩ පිළිවෙළක් ද වේ. මේ සඳහා අප ගෙන යන සද්කාර්යයට ජාතික වශයෙන් සැමගේ සහාය අවශ්‍ය වන්නේය. පිටරට සංකර විලාසිතාවලට වඩා අපේ රටේ දේශීය ශාකසාර හා සංස්කෘතිකාංග ලෝකයට කියාපෑමට කාලය දැන් එළඹී ඇත. එය අපට ද ආඩම්බරයක් වනු නිසැකය.

උපුටා ගැනීම රැජිණ පුවත්පත