දිශාව නොබැලුවොත් ඔබ අමාරුවේ…
වාස්තු විද්‍යාවේ දිශාව අත්‍යාවශ්‍යය. එනිසාම දිශාවට ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එනිසා දිශාව සම්බන්ධව අප දැනුවත් විය යුතුමයි. දිශා සම්බන්ධව විග්‍රහයේදී ප්‍රධාන දිශා සහ අනු දිශා ලෙස වර්ග කළ හැකිය. එහිදී ප්‍රධාන දිශා 4ක් සහ අනු දිශා 4ක් හඳුනාගත හැකිය. මෙම සතර දිශා සහ අනු දිශා හෙවත් අට දිශාවලට අතිරේකව උඩ සහ යටද ඈඳා දශ දිශා ලෙස අර්ථකථනය කර ඇත. වාස්තු විද්‍යාවේදී මෙයිනුත් ඔබ්බට ප්‍රධාන දිශාවක් හා අනු දිශාවක් අතරට තව දිශාවක් යොදාගැනීමද දැකිය හැකිය. එය විශේෂයෙන්ම කාමර ස්ථානගත කිරීමේදී උපකාර කරගනු ලැබේ.
ප්‍රධාන සතර දිශා ලෙස උතුර, නැගෙනහිර, දකුණ, හා බටහිර දැක්විය හැකි අතර අනුදිශා ලෙස ඊසාන, ගිනිකොන, නිරිත හා වයඹ දැක්විය හැකියි. මෙම සතර දිශා සහ අනු දිශා එකතුවෙන් අට දිශාව නිර්මාණය වෙයි. මෙලෙස සතර දිශා නිර්මාණයේදී අංශක 90ක කෝණයක් නිර්මාණය වන බවද අනු දිශා නිර්මාණයේදී අංශක 45ක කෝණයක් නිර්මාණය වන බවද පැහැදිලිය.
දිශාව සම්බන්ධව සැලකීමේදී සුබ දිශාව මෙන්ම මරු සිටින දිශාව සම්බන්ධවත් දැනුවත් විය යුතුය. ජ්‍යොතිෂයේදීත්, වාස්තු විද්‍යාවේදීත් සුබ දිශාව චන්ද්‍ර ගමන අනුව තීරණය කරනු ලැබේ. එහිදී ඒ ඒ දිනවල තත්කාල කේන්දරයේ සඳු සිටින රාශිය අනුව සඳු සිටින දිශාව තීරණය කෙරේ. මෙලෙස සඳු සිටින දිශාව පදනම් කරගෙන ඇත්තේ ප්‍රධාන සතර දිශා සම්බන්ධවයි. තත්කාල කේන්දරය පදනම් කරගනිමින් මුහුර්ත සැකසීමේදී චන්ද්‍රයා සිටින රාශියට අනුව සුබ ප්‍රධාන සතර දිශා සොයාගැනීමේ ශ්ලෝකය මෙසේය.
මේස්ච සංහේ ධනු පූර්ව භාගේ
වෘෂභේච කන්‍යා මකරේච දක්ෂිණේ
තුලා සටේ මෛථුන පශ්චි මේන
සම්මුතේ අර්ථ ලාභංච
දක්ෂිණේ සුබ සම්පදා
පශ්චිමේ කාර්ය භානීච
මරු සිටින දිශාව සම්බන්ධව සඳහන් කවියක් මෙසේය.
රවි තුරු සඳු වයඹ කුජ දින වරුණේයා
බුධ නිරිතේ ගුරු දකුණේ සිටිනේයා
කිවි ගිනිකොන ශනි පෙරදිග සිටිනේයා
අට දිශා අනුපිළිවෙළින් දක්ෂිණාවර්තව යොදන අතර මරු සිටින දිශාවට හිමි දවස් වාමාවර්තව යොදනු ලැබේ. මෙලෙස යෙදූ කාල මතකයේ රඳවාගැනීම ඉතා පහසුය. තවද මරු නැති එකම දිශාව ඊසාන වෙයි.
භූමියකට ගොස් උතුරු දිශාව කොහේදැයි සොයාගැනීමේ ක්‍රම 2ක් පවතියි.
- මාලිමාවක් හෙවත් සංකුවක් ආධාරයෙන් උතුර සොයාගැනීම.
- ඉර පායන දිශාව බලා ආසන්න වශයෙන් උතුර සොයාගැනීම.
මෙහිදී ඉර පායන දිශාව බලා උතුර නිර්ණය කිරීමේදී සුළු වශයෙන් උතුරු දිශාව වෙනස් වෙයි. ඊට හේතුව කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර සූර්යයාගේ පිහිටීමයි. එතෙක් සංකුව හෙවත් මාලිවා ආධාරයෙන් සොයාගන්නා උතුරු දිශාව ඉතා නිවැරැදිය. එය කාන්දම් උතුර, චුම්බක උතුර ලෙසද හඳුන්වයි. උදාහරණයක් ලෙස ඉර පායන දිශාවට හෙවත් නැගෙනහිරට මුහුණලා සිටගත් විට දකුණු අත දකුණටද, වම් අත උතුරටද යොමුවෙයි. පිටුපස බටහිරට යොමුවී ඇත. මෙලෙස ලැබෙන දිශාව 100%ක්ම නිවැරැදි නොවේ. එහෙත් මේ ක්‍රමවේදය මාලිමාවක් නොමැති විටක යොදාගත හැකිය.
තවද වාස්තු විද්‍යාවේදී ප්‍රධාන දිශාවලින් එල්ල වන බලපෑමට වඩා අනු දිශාවලින් වන බලපෑම වැඩිය. එසේම තවදුරටත් පැහැදිලි කරනවා නම් ඉඩමක හෝ නිවෙසක දිශාවන් සෙවීමේදී නිවෙසක නම් නිවෙස් මධ්‍ය ලක්ෂ්‍යයේ සිටද, ඉඩමක නම් ඉඩමේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිටද සිදුකරනු ලැබේ. විශේෂයෙන්ම කාමර දිශාගත කිරීමේදී දිශාව ගැන ඉතා සැලකිලිමත් විය යුතුය.
එමගින් අනිටු පල වළක්වාගත හැකිය. සාමාන්‍යයෙන් අනු දිශා නිවෙසේ අංග පිහිටුවීම සඳහාත්, ප්‍රධාන සතර දිශා දොරවල්, ගේට්ටු ආදිය පිහිටුවීම සඳහාත් යොදාගැනේ. දිශාව තෝරාගැනීමට මාලිමාවක් උපයෝගී කරගන්නා අවස්ථාවල ජංගම දුරකතන ක්‍රියා විරහිත කිරීමට වගබලා ගන්න. ඉහත සඳහන් ලෙසට දිශා සම්බන්ධව දැනුවත්වී නිවැරැදි ලෙස නිවැරැදි දේට භාවිත කිරීම තුළ සැපත, සතුට සෞභාග්‍යය උදාවනු නියතය.
ජ්‍යොතිෂවේදී ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
උපුටා ගැනීම මව්රට