🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

නිරෝගී සුවයට වින කරන ග්‍රහයෝ


නිරෝගී සම්පන්නව ජීවත්වීමට හැකිනම් එය මොන තරම් වාසනාවක්‌ද? ජීවන ගමනේ උතුම් සැපත නිරෝගී ව ජීවත් වීමයි. මිනිසා පමණක්‌ නොව සතා සීපාවා ගහකොළද ලෙඩවෙයි. වෛද්‍ය මතය වී ඇත්තේ මිනිසාගේ (සත්වයාගේ) ශරීර ක්‍රියාකාරිත්වය දුර්වලවීම සහ වෙනත් ක්‍රියාකාරකම් අඩුපාඩු ඇතිවීම නිසා ලෙඩ රෝග ව්‍යාධි හටගන්නා බවයි. වෛද්‍ය විද්‍යාවට අනුව වා, පිත්, සෙම් යන කරුණු ලෙඩ රෝගවලට මූලික වෙයි. මිනිස්‌ ක්‍රියාකාරිත්වයට ශරීර ගතව ඇති ලේ ධාතුව ප්‍රධාන වෙයි. විෂ බීජ හෝ වෛරස්‌ හෝ ශරීර ගතවීම මඟින් විවිධ අන්දමේ රෝගාබාධයන් උත්පාදනය වන්නේ ප්‍රතිශක්‌තිකරණයේ ඇති දුර්වලතාවන් නිසාය. ලේ පවිත්‍ර කිරීමට – අපවිත්‍ර කිරීමට අප ආශ්වාස – ප්‍රාශ්වාස කරන වාතය සම්බන්ධ වේ. මීට අමතරව අප ගන්නා ආහාර පාන මගින්ද ආමාශයේ ඇතිවන විවිධ වෙනස්‌කම්, දෝෂයන්ද ලෙඩ රෝගවලට මූලික වෙයි. ජ්‍යෙතිෂ් විද්‍යාවට අනුව ආපෝ (ජලය) තේජෝ (ගින්දර) වායෝ (වාතය) පඨවි (පොළව) යන භූත බලවේගවල විපරීත තත්ත්වයන්හි ඇති අසම්බන්ධතා නිසා ක්‍රියාකාරීත්වයේ ගැටුම් ඇති වෙයි. සහ ග්‍රහයන් කෙරෙහි මේ ගැන වැඩියෙන් අවධානය යොමුකෙරේ.

වාතය, පිත සහ සෙමට මූලිකව ඇති කරන ලෙඩ රෝගවලදී ඊට අදාළ වන රාශි (ලග්න) මෙසේය.
ජලයෙන් සෙම හටගන්නා රෝග ඇතිකරවන ජල රාශි ලෙස කටක, වෘශ්චික, මීන සැලකෙයි. තේජෝ ගිනි රාශිවන මේෂ, සිංහ, ධනු රාශිවල උෂ්ණය නිසා සහ පිත නිසා රෝග ඇති කරයි. වාත (වායෝ) රාශි වන මිථුන, තුලා, කුම්භ රාශි මඟින් වාතයෙන් අසනීප ඇති කරයි. පඨවි (පොළව) රාශිවන වෘෂභ, කන්‍යා, මකර යන රාශි මඟින් සෙම හෝ උෂ්ණය වාතය එක්‌වීමෙන් රෝග ඇති කරයි. රාශිවලට රෝග ගැන යොමුකෙරෙන්නේ සෙනසුරු, සඳු සහ කේතුයි. එසේම කේන්ද්‍රයේ 06 වැන්නද මීට විශේෂයි. ග්‍රහ වසතූන්ගේ විකාශනය කරන තීරණවල අශුභ තත්ත්වයන් රෝගීවීමට හේතුවෙයි. පුරාණ ජ්‍යෙතීර් ආචාර්යවරුන්ට අනුව තම තෘති මගින් ග්‍රහයන්ට අයත් රෝගාබාධ දක්‌වා තිබේ. ශනිගේ බල දුබලකම් අනුව වාත රෝග, මුත්‍රා අඩස්‌සි, කොරවීම, කකුල් කැඩීම, දත් හා කන්වල ආබාධ, උගුරේ ආබාධ, අංශබාග, පිළිකා, කල් අල්ලන ලෙඩ, කුෂ්ඨ රෝග, පක්‍ෂාඝාත වැනි රෝග ඇතිවන පැහැදිලිය. හඳහනේ ශනි ග්‍රහයා කොතන සිටියත් (ස්‌ථාන 12) සිටින ස්‌ථානය දුබලවී නම් ඊට අදාළ ශරීරයේ කොටසකට ආබාධ ඇති කරයි. ඉකුත්දා (2010 – 08 – 06) නැකත අතිරේකයේ ස්‌ථාන 12 ගැන විස්‌තරයක්‌ පළ විය) දත්, ඇට, නහර, ඇල දිව, කොඳු ඇට පෙළ, වම් කකුල, මුත්‍රාශය, දකුණු කන, කෙස්‌ වැනි කොටස්‌ මීට අදාළ වේ.

සඳු ග්‍රහයාට ආපෝ (ජලය) ධාතුව අයත් නිසා සෙම් රෝග ඇති කරයි. විශේෂයෙන් සඳු 04 සිටීමෙන් පපුවේ සෙම ඇතිවේ. සඳු 01 සිටීමෙන් හිසේ සෙම් බර ගතිය ඇතිවේ. සිකුරු ග්‍රහයාද සෙම් රෝගවලට දක්‍ෂයෙකි. සිකුරු සඳු කේන්ද්‍රයේ 02 – 06 – 08 – 12 ස්‌ථානවල සිටීම සෙම් ආබාධ වැඩිවීමට හේතුවකි. සඳු දුර්වලව සහ 06 වැන්නේත් 8 වැන්නේත් පාපයන් සිටීමෙන් ගැබ් ගත් කතුන්ට අපලයි.

කේතු 06 වැන්නේ සිටීමෙන් ජන්මියා ගන්නා ආහාර පාන ප්‍රමාණයට අනුව ශරීරයේ වැඩිවීමක්‌ සිදුනොවේ. ශරීර ශක්‌තිය හීන කරයි. කේතු ලග්න ගතවීම නිසා පුද්ගලයා එක්‌ තැන් කරයි. හකුළුවා තබයි. (මේ ඇතිවන්නේ ධනුq මීන ලග්න හැරයි) කේතු 02 දුර්වලව සිටිවිට හිසේ මුහුණේ තුවාල ඇතිවේ. කේතු 04 ටද හෘද රෝග ඇති කරයි. ශරීර කෙට්‌ටුවේ. කේතු 07 සිටීමෙන් සමේ රෝග ඇති කරයි. 08 වැන්නට කේතු සිටීම කොරවීමට හේතුවකි. 10 වැන්නේ සිටීමෙන්ද (කේතු) හන්දි රුදා කොරවීම ඇති කරයි.

කුජ ග්‍රහයා ශරීරයේ මස්‌ පිඬු, නාසය, නළල ලිංග ඉන්ද්‍රියන්, ලේ වැනිදේවලට බලපාන්නේය. කුජ සමග සිකුරු සිටීමෙන් ලිංගාබාධ ඇති කරයි. උත්පාදක ශක්‌තිය හීන කරයි. වකුගඩු ප්‍රදේශය සිකුරට අයත් නිසා කුජගේ බලය මත වකුගඩු ආබාධ සිදුවේ. කුජ දුර්වලවීමෙන් ශරීරයේ දැවිල්ල ඇති කරයි. වසූරිය රෝගය වුව වැළඳීමට පුළුවන. ලේ ගමන අධික වේ. ස්‌ත්‍රීන්ට ගබ්සාද සිදුවේ. කුජ සමග කේතු එකට සිටීමෙන් ශරීරයේ ලේ ගමන අඩු කරයි. තුවාල කුෂ්ට ඇති කරයි. කුජ සමග රාහු සිටීම නිසාද හමේ රෝග ඇතිවේ. කුජ 06 වැන්නේ සිටීමෙන් නිතර ආහාර පාන ඕනෑ කරයි. 06 අධිපතියා බලවත්ව සිටියේ නම් සුදුසු ආහාර පාන ගැනීමට පෙළඹේ. මේ නිසා ශරීරය වැඩේ. එය ප්‍රතිශක්‌තිකරණයට උචිතයි. රෝග නිවාරණය වී නිරෝගී සම්පන්න අයකු කරයි.

බුධ ග්‍රහයා දුබලවීමෙන් සිහි මඳ ගතිය ඇති කරයි. ගොත ගැසීම, ගොළුවීමද බුධගේ බලය අනුව සිදුවේ. හදිසියේ ක්‌ලාන්ත ගති ඇති කරනනේද බුධයි. 06 ට බුධ පැමිණි විටද ශරීරය තුළ ගෙඩි ඇති කරයි. බුධ 08 ට සුබ වුවත් මරණය සිදුවන්නේ හිටි හැටියේමයි.

ගුරු නොහොත් බ්‍රහස්‌පතිගෙන් ලේ විෂ වීම් ඇතිවේ. ශරීරය ප්‍රමාණයට වඩා තරවේ. පිත් අමාරු, සෙංගමාලය, කහ උණ, සන්නිපාත උණ, දියවැඩියාව, බඩපුරවා දැමීම්, මුත්‍රා සමග ධාතු පිටවීම, හමේ රෝග ගුරු විසින් ඇති කරන ලෙඩ වේ. ගුරු ග්‍රහයා වෘෂභ, තුලා රාශියක සිටින්නේනම් නිරෝගී පුද්ගලයකු වන්නේය. ගුරු 12 ටද යහපත් නැත. රෝග පීඩා ඇති කරයි. ගුරු ලග්නයේ වීමෙන් (සිංහ ලග්නය හැර) දීර්ඝා යුෂ ලබයි. ගුරුට 03 වැන්නද නරකයි.

සිකුරුගෙන් ඇතිවන ලෙඩ රෝග ලෙස සැලකෙන්නේ වකුගඩු, මුත්‍රා ආබාධ, ශුක්‍ර ධාතු පහවීම, ශරීරය කෙට්‌ටුවීම, බෙල්ලේ අමාරු, හොරි, දද, කුෂ්ට, ලිංගේන්ද්‍රයන්ගේ ආබාධ වැනි රෝගයි. සිකුරුට 06 වැන්න නරකයි. ආහාරවලින් ලෙඩ රෝග ඇති කරයි. සිකුරු 08 සිටීමෙන් වෛද්‍යවරුන්ට පවා සොයාගැනීමට අපහසු රෝගයකින් හිටි හැටියේ මරණයට පත්වේ. වකුගඩු, හෘද ආබාධයන්ද ඇති කරයි. 12 වැන්නේ සිකුරු සිටීමෙන් ඇස්‌වල ආබාධ ඇති කරයි. 12 වැන්නේ බලවත්ව සිටිවිට දීර්ඝායුෂ ලැබේ.

කලින් සඳහන් කළ පරිදි ලෙඩ රෝග ව්‍යාධි ගැන සොයා බැලීමේදී කේන්ද්‍රයේ 06 වැන්න ගැන විමසිලිමත් විය යුත්තේය. 06 වැන්න ආමාශයට බලපාන නිසා කනබොන ආහාරවල විකෘති තත්ත්වය ලෙඩ රෝග වලට සම්බන්ධ වේ. 06 වැන්න බලරහිතවීමෙන් කාය ශක්‌තිය පිරිහේ. කේද්‍රයේ 06 අධිපතියා 06 වැන්නේම නම් ආහාර පාන ක්‍රමවත්ව ගනී. ශරීරයට අගුණ දේ නොගනී. ඒනිසා නිරෝගී අයකු වන්නේය. 06 වැන්නේ උෂ්ණාධික ග්‍රහයන්a සිටි විට අමාශගත රෝග ලෙහෙසියෙන් ඇතිවේ. 06 අධිපතියා 07 වැන්නේ සිටිවිට මුත්‍රා ආබාධ හෝ අමාශ ගත රෝගයක්‌ හෝ සිදුවනු ඇත. සහකාරිය හෝ සහකරු අසනීපයෙන් පෙළේ. 06 අධිපතයා 08 සිටීමද යහපත් නැත. 12 ටද එසේමය. 08 – 12 ස්‌ථානවල ග්‍රහයන් බලරහිත වීමෙන් නිතර රෝගී තත්ත්වයන් උදා කරයි. රෝග පිළිබඳ දුකින් සිත සිතා කල් ගෙවයි. 06 අධිපතියා 09 සිටීමෙන් සෞඛ්‍ය තත්ත්වය යහපත්වේ. මේෂ රාශිය ශරීරයේ හිස ප්‍රදේAශයට අයත් නිසා හඳහනේ මේෂය 06 වැන්න වී නම් ඒ අයට මොළේ ආබාධ ඇති කරයි.මේෂයට අධිපති කුජ දුර්වලව සිටීනම් ඇස්‌ ආබාධ, කන් ආබාධ, නහර වේදනා, නින්ද නොයැම වැනි ආබාධ ඇති කරයි. රාශි චක්‍රයේ 02 වැන්න වූ වෘෂභය කේන්ද්‍ර සටහනේ 06 වැන්න නම් උගුරේ ආබාධ ඇති කරයි. මුහුණේ ලප කැලැල් ඇතිවේ. පනු අමාරු හර්නියා වැනි රෝගද වැළඳේ.

මිථුන රාශියට අධිපති බුධ ශරීරයේ සියුම් ඉන්ද්‍රියන්ට බලපායි. බුධ දුර්වල වූ විට ස්‌නායු පද්ධතියේ සහ මොළයේ ආබාධ සිදුවේ. මිථුන ලග්නයට 03 වැන්නේ (සිංහ) ශනි හෝ සඳු සිටි විට මානසික දුර්වලතාවකට පත්වේ. කටක ලග්නය කේන්ද්‍රයේ 06 වීනම් පෙනහැලිවල වතුර, නිව්මෝනියා, හන්දි ඉදිමීම් ඇති කරයි. කටකයට අධිපති සඳු නිසා සෙම්රෝග වල මුලපුරයි. කේJද්‍රයේ 06 වැන්න සිංහ රාශිය වී 5 වැන්න (ධනු) හි ශනි සිටියේ නම් හෘද රෝගියෙකු වෙයි. ප්‍රමාණයට වඩා මහන්සිවීමෙන් මෙම තත්ත්වය ඇතිවේ. රාශි චක්‍රයේ 06 වැන්න වූ කන්‍යාවට යටි බඩ අක්‌මාවේ කොටස්‌ අයිතියි. කන්‍යාවට අධිපති බුධ 08 සිටීමෙන් පවතින රෝග තවත් වර්ධනයවේ.06 අධිපතියා 09 වැන්නේ සිටීම නිසා ශරීර සනීපය යහපත් තත්aත්වයකට පවත්වාගෙන යා හැකිය. ලෙඩ රෝග වැළඳීම මර්දනය වේ.

කේන්ද්‍රයේ 06 වැන්න මීන රාශිය වූ විට කකුල්වල පාදවල ආබාධ ඇති කරයි. දියවැඩියාව, ක්‍ෂය රෝගය, පිළිකා, තුවාල වැනි රෝග හටගනී.ලෙඩ රෝග ගැන කියෑවෙන 06 වැන්නේ රවි සිටීම නම් යහපත්ය. ලෙඩ රෝග සෑදීම වැළැක්‌වේ. ශරීරය ශක්‌තිමත්ය. එහෙත් සඳු 06 ට යහපත් නැත. පෙනහැලි ආබාධ ඇති කරයි. කෑම අප්‍රියවේ. බුධ 06 සිටීමෙන්ද ශරීරය ශක්‌තිමත් නොවේ. නහර දුර්වලතා ඇති කරයි. ගුරු 06 සිටීම නිසා ශරීරය කෙට්‌ටූවන්නේය. සිකුරුද 06 ට එසේමයි. කේතු 06 සිටීමෙන් ආහාරවල පෝෂණ ගතිය හීන කරයි.සෙනසුරු ග්‍රහයා ධනු, මීන, මකර, කුම්භ, තුලා ලග්න හැර අන් ලග්නයක (01) සිටීමේදී රෝගී අයකු මෙන්ම දිළින්දෙකුද කරයි. අපිරිසිදු ජීවිතයක්‌ ගත කරයි.කේJද්‍රයේ අන්ධ යෝග ඇතිවන්නේ ලග්නාධිපති රවි ග්‍රහයා සිකුරු සමග 06 – 08 – 12 ස්‌ථානවල සිටීමෙන්ද, සඳු, ගුරු, බලරහිතව 6 – 8 – 12 ස්‌ථානවල සිටීමෙන්ද, ලග්නාධිපති 02 අධිපති සමග සිකුරු 6 – 8 – 12 වීමෙන්ද, සිකුරු බල රහිතව පාපයන් සමග 02 – 12 සිටීම නිසා වේ. රවි, චන්ද්‍ර, කුජ, ශනි ග්‍රහයන් 08 – 06 – 02 – 12 ස්‌ථානවල සිටීමද අන්ධවීමේ ලක්‍ෂණයකි. නිරෝගී සම්පන්නව සිටීමට අපි කැමැති වුවත් කර්ම විපාක අනුව කේJද්‍රයේ දිස්‌වන දේ අහක දැමිය නොහැක්‌කේය.