🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හිතුමතේට බෙහෙත් ගන්නේ බලාගෙනයි!


ලෙඩට කරන ඇතැම් ඖෂධීය ප්‍රතිකාර තවත් රෝගයකට මූල පූරන්න ඉඩ තිබෙන බවට වූ අනූමානය දැන් සහතික ඇත්තක් බවට පත්වෙලා තිබෙනවා. රෝග වෙනූවෙන් සිදුකරන ඖෂධීය ප්‍රතිකාරවල ප්‍රතික්‍රියාවන්ගේ අහිතකර බලපෑම මගින් බ්‍රිතාන්‍ය තුළ පූද්ගලයන් 10,000 ක් පමණ දෙනා මරණයට පත්ව තිබෙන බව ඊගඊගකග ්‍යැ්කඑය ඇඉිසඑැ මගින් පෙන්වා දෙනවා.

මෙම අධ්‍යනය සඳහා බ්‍රිතාන්‍යයේ සහ එයින් පිටත රෝගීන් 18,820 ක් දෙනා සම්බන්ධ කර ගත්තා. මාස හයක කාලය තුළදී මෙම රෝගීන් ගැන සිදුකළ අධ්‍යනයේදී පෙනී ගියේ රෝගීන් 1,225 දෙනෙක් විරුද්ධ ඖෂධ ප්‍රතික්‍රියාවන්ගේ ගොදුරු වූ බවය. එම ප්‍රතිශතය සියයට 5 ක් වූණා. ඒ වගේම මෙම රෝගීන් අතුරින් ඖෂධවලින් සිදුවූනූ ප්‍රතික්‍රියාවන් නිසා සෘජූ ලෙසම රෝගීන්ව රෝහල් ගතවූණූ පිරිස සියයට 80 ක් තරමටම ඉහළ තිබූණා. මෙම රෝගීන්ගේ වයස සීමාව අවූරුදු 66 ක් පමණ ලෙස සාමාන්‍යව පැවතුන අතර ඔවූන් ඖෂධ වෙනූවෙන් දරන ලද පිරිවැය ස්ටර්ලින් පවූම් මිලියන 466 ක් තරමටම ඉහළව තිබූණා. ඖෂධ විරුද්ධ ලෙස ප්‍රතික්‍රියා කිරීමේ හේතුව මත රෝහල්ගත පූද්ගලයන් බොහෝ දෙනෙක් සූවය ලබා ගත්තා. ඒ අතර සියයට 2.3 ක් දෙනා මරණයට පත්වූණා. ඖෂධ විසවීමේ අතුරු ප්‍රතිඵල මගින් ජීවිතය පූරාවටම රෝග පිළිබඳ සංකූලතාවයන්ට පත් සංඛ්‍යාව සියයට 0.15 ක් වූණා.

මෙම වාර්තාව පිළිබඳව අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ රෝග වෙනූවෙන් ලබන ප්‍රතිකාර විසින් තවත් රෝගයක් සඳහා මූල පූරන්නට තරම් අවදානමක් ඇතිබවයි. මේ නිසා ලෙඩ රෝග සඳහා වූ ප්‍රතිකාර ලැබීමද අප සිතන තරමටම පහසූ නැත. බොහෝ උදවිය රෝග ප්‍රතිකාර ලබාගැනීමේදී එහි පිටූපස දිවෙන වගකීම පිළිබඳව මූළුමනින්ම අමතක කොට දමා ඇත.

බොහෝ උදවිය අසීරුවට පත්වන්නේ රෝග ප්‍රතිකාර ලබාගැනීමේදී සිදුවන අතපසූවීම් මූල්කරගෙනය. රෝග ප්‍රතිකාර ලබාගැනීමේදී විශේෂයෙන් නිදන්ගත රෝග වැළඳී නම් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පිහිට ලබා ගැනීම වැදගත්. ඖෂධ අතර වූ ප්‍රතිවිරුද්ධතා ඇතිවන්නේ නිවැරදි ලෙස වෛද්‍ය උපදෙස් ලබාගැනීමේදී ඔබට සිදුවන අතපසූ වීම් මූල්කරගෙනය.
ඇතැම් විටෙක ඔබ රෝග ප්‍රතිකාර ලබන විට ඔබගේ වෛද්‍ය ඉතිහාසය පිළිබඳ එක් පරිච්ඡේදයක් වළලා දැමීම කිසිදු විටෙක නොකළ යූතුය. බේතට බේත වූනත් විෂවීමට පූළුවන් යැයි යන ස්ථාවරයේ අපේ අතීත උදවිය රැඳුනේ මෙම අදහස මූල්කරගෙනය. ඔවූන්ගේ අදහස අද සියයට සියයක්ම නිවැරදිය. මේ පිළිබඳව වූ හොඳම උදාහරණය ඩෙංගු රෝගය ආශ්‍රයෙන් ඉදිරිපත් කළ හැක. ඩෙංගු රක්තපාත තත්ත්වයේදී රුධිරය කැටි නොගැසෙන ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ අනූමත කරන්නේ නැත. නමූත් ඔබ කිරීටක ධමනීන් ආශ්‍රිත රෝගියෙක් නම් ඔබට අනූමත ඇස්ප්‍රීන් මාත්‍රාවක් ඇත. නමූත් ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබන විට ඔබගේ රෝග ඉතිහාසය පිළිබඳව වූ වාර්තා සියල්ලම ඉදිරිපත් කිරීමට අමතක කළ යූතු නැත. ඖෂධ අතර වූ ප්‍රතිවිරුද්ධතාවලින් ඔබට ආරක්ෂාව ලැබීමට නම් වෛද්‍යවරයා දැනූවත් කිරීම ඉතාම වැදගත්ය.එකම ඖෂධය දිගින් දිගටම පාවිච්චි කරන විට සිරුරට ආහාරයක් වන අතරම එයින් ඔබගේ ජීවිතයට බොහෝ අතුරු ආන්තරාවන් ගොඩනගන්නට ඉඩ ඇත. ඖෂධ අතර ගොඩනැගෙන ප්‍රතිවිරුද්ධකම් තුළින් බිහිවෙන රෝග සංකූලතා ඉතාම අහිතකරය. ඒවා මාරාන්තික රෝග තත්ත්වයටම මගපාදනූ ඇත. වකුගඩූ අක්මාව ආදී ඉන්ද්‍රියන්ගේ සිදුවෙන දුර්වලතාවයන් මගින් ඔබගේ ජීවිතයට ඉබේටම හානි ගෙනදෙනූ ඇත. ඖෂධවල මාත්‍රාව මෙන්ම එහි නිර්දේශිත කාලසීමාව තීරණය කළ යූත්තේ වෛද්‍යවරයා මිස ඔබ නොවේ. බොහෝ උදවිය මෙම සංසිද්ධිය වරදවා වටහාගෙන ඇත. ඇදුම වැනි රෝගීන් එක් වතාවක් වෛද්‍යවරයා විසින් ලබාදෙන නිර්දේශය මත දිගින් දිගටම පාවිච්චි කරනූ ලබයි. එය ඔබ විසින්ම ඔබගේ මරණය සමීප කර ගැනීමකි. වරෙක නිර්දේශිත ඖෂධය වෛද්‍ය උපදෙස් නොමැතිව දිගින් දිගටම පාවිච්චි කිරීම රෝගයකට ප්‍රතිකාර නොලබා සිටිනවාටත් වඩා අහිතකරය. මේ නිසා ඖෂධ අතර ඇතිවෙන විරුද්ධ ගැටීම් නිසා සිදුවෙන ජීවිත පිළිබඳ අනතුරෙන් ආරක්ෂාව ලබාගැනීමේ වගකීම ඔබ මතම රැඳී තිබෙන බව අමතක නොකළ යූතුය.