🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පොඩි වලියක් ගියත් මිනිහගෙන් අයින් වෙයන් කියන තැනට තමයි ගෑනුන්ගේ ඔළුව හදන්නේ...

පොඩි වලියක් ගියත් මිනිහගෙන් අයින් වෙයන් කියන තැනට තමයි ගෑනුන්ගේ ඔළුව හදන්නේ...

"දික්කසාද වුණා නම් ඉන්න ළමයාටත් සලකන්න පිරිමියාටම කියපන් කියලා තමයි කියන්නේ.."

"සමහර නළු නිළියන්ගෙ මූණ ටීවී එකේ පෙනුණට ඔවුන් පොහොසත්තු නෙවෙයි.."

කොහොමත් පාස්කු ප්‍රහාරයේ ඉඳලම කලාවට කණකොකා හඬලා තිබ්බේ. 2019 අන්තිමට covid ආවට පස්සෙ හැමෝටම තවත් අමාරු වුණා. ඇත්තම කිව්වොත් කලාකරුවන්ගෙන් තමන්ගේ පැවැත්ම රැකගත්තේ තවත් අමතරව රැකියාවක් කලාවට අමතරව කරපු අය සහ දීර්ඝ කාලීනව කලාව කරලා කීයක් හරි ඉතිරි කරගත් අය විතරයි. අනිත් එක කලාව කිව්වම ගොඩක් අය පේන්නේ තිරය ඉදිරිපසින් ඉන්න අය විතරයි.

තිරය පිටුපසින් ඉන්න පැදුරු පාටි කරන මනුස්සයාව, තබ්ලාව, ෆ්ලූට් එක අතට ගත්ත මනුස්සයාව, වේදිකාවට ලයිට් අල්ලපු මනුස්සයාව ගොඩක් අයට පේන්නේ නෑ. ඇති හැකි කලාකාරයෝ කොහොම කරගත්තත්, නැති බැරි කලාකාරයෝ කරගන්න දෙයක් නැතුව අනාථ වෙනවා. සමහර නළු නිළියන්ගෙ මූණ ටීවී එකේ පෙනුණට ඔවුන් පොහොසත්තු නෙවෙයි. ඉතා දුෂ්කර ගම්වල ඉඳන් ඇවිල්ලා පොඩි ගෙයකට රෙන්ට් එකකුත් ගෙවාගෙන කොළඹ රඟපාන, ගමට සැලරි යවන අය. මේ තත්ත්වෙත් ඒ වගේ අය කොහොමත් මුළුමනින්ම අනාථයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් විධියට මෙවැනි අර්බුදයකදී කලාවේ පැවැත්ම රැකගන්න ඔබට කළ හැකි යෝජනා මොනවද?

මගේ නිළි ජීවිතයේ වසර 24ක කාලයෙන් වසර පහළොවක් තිස්සේම මම යෝජනා ගෙනාවා, කලාවට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි, කලාකරුවන්ට වෘත්තීයමය පුහුණුවක් ලබාදෙන්න අවශ්‍යයි කියලා. කලාවට standard එකක් ඕනේ කලාකරුවන්ට standard එකක් ඕනේ, කියන එක මම නිතරම කිව්වා. මේකෙ ඉන්න තවත් සමහර කලාකරුවෝ කිව්වා. නමුත් ඒ අපි කරපු ඉල්ලීම් ගඟට කපපු ඉනි වගේ. මේ රටේ පාලකයොන්ට කලාකරුවෝ ඕන වෙන්නේ වසර පහෙන් පහට වේදිකාවට නග්ගන්න විතරයි. අද කලාවක් කියලා තියෙන්නේ මොකක්ද? ටික් ටොක් ටිකකුයි, මෙගා ටෙලි නාට්‍ය ටිකකුයි විතරයි. අඩුම තරමේ රජය විසින් කලාකරුවන්ට ETF, EPF ටිකවත් කැපුවා නම් මොකද? එහෙම දෙයක් කළා නම් මොකද? මම කියන්නේ එයාලගේ අතින් සල්ලි දෙන්න ඕනේ කියන එක නෙවෙයි. අපි හම්බකරන සල්ලිවලින්ම කොටසක් අයින් කරගෙන විශ්‍රාම ගියාට පස්සේ හෝ මේ වගේ අර්බුදකාරී කාලයක අපිට ආපහු දෙන්න පුළුවන් නම් ඒක කොච්චර හොඳද කියන එක.

වරප්‍රසාද රහිතව දේශපාලන වේදිකාවලට නඟින, ඒවා මත තමන්ගෙ ස්වාධීන අදහස් ප්‍රකාශ කරන කලාකරුවන් ඇත්තටම ක්ෂේත්‍රයේ නැද්ද?

නැහැ කියලා මම කියන්නේ නෑ. ඉතාමත් අවංක හැඟීමෙන් රට වෙනස් කළ යුතුයි කියලා හිතන කලාකරුවෝ ඉන්නවා. හැබැයි එහෙම හිතෙන අයත් සමහර වෙලාවට මේ රටේ මිනිස්සු කියවාගන්නේ වැරැදි විදිහට. දැකගන්නේ වැරැදි කෝණයකට. උදාහරණයක් විධියට මම මගේ අදහස් බය නැතුව කොතැනකදි හරි ඍජුව ප්‍රකාශ කළොත් මම බ්ඍර්ථී කියනවා. ආණ්ඩුව කාබනික පොහොර භාවිතය නිර්දේශ කරන කොට මම ඒක අගය කළොත් ඔන්න මම පොහොට්ටුවේ කියනවා. එක්සත් ජාතික පක්ෂය ගෙනෙන හොඳ අදහසකට මම එකඟ වුණොත් මට අලියා කියනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. මම කියන්නේ තමන්ගේ පාට කණ්ණාඩි ගලවලා මේ දිහා බලන්න ඕන. අදාළ අදහස දක්වන කලාකරුවාගේ දැක්ම මොකක්ද, අරමුණ මොකක්ද කියලා හරියට හොයලා බලන්න ඕන. මම කියන්නේ නෑ හැමෝම එහෙමයි කියලා. තමන්ගෙ බඩ පුරවාගන්න, බඩගෝස්තරය රැකගන්න දේශපාලන වේදිකාවල කෑගහන කලාකරුවොත් ඕනෙ තරම් ඉන්නවා. මගේ ඇස් දෙකටම දැකලා තියෙනවා මට මේ ආයතනයේ ප්‍රධානියා වෙන්න දෙනවා නම් මං ඔයාගෙ පැත්තට එන්නම් කියපු කලාකරුවෝ. මට මේ විධියට ගෙවනවා නම් මම ඔයාගෙ වේදිකාවේ කතා කරන්නම් කියපු කලාකරුවෝ.

බහුතරයක් කලාකරුවන් කාලයෙන් කාලයට කතාබහ කරන සිස්ටම් චේන්ජ් එක ඔබේ දැක්ම අනුව ඔබ අර්ථකථනය කරන්නේ කොහොමද?

මම අහන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවට මොකටද 225ක්? ස්විට්සර්ලන්තයේ වගේ රටක පාර්ලිමේන්තු ඉන්නේ 12යි. අද අපේ රට තියෙන්නෙ කොතැනද? ස්විට්සර්ලන්තය තියෙන්නෙ කොතැනද? ඉස්සර එක්ක ගනුදෙනු කරපු ස්විට්සර්ලන්තය අද අධිසුඛෝපභෝගී රටක්. අපේ රට තවමත් ඉතිහාසය ගැන විතරක් උදම් අනන නොදියුණු රටක්. අධ්‍යාපන ක්‍රමයත් අවුල්. විශ්වවිද්‍යාලයේ සිංහල ඩිග්‍රිය කරපු කෙනාව දාන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයට. ජනසන්නිවේදනය පිළිබඳව උපාධියක් ඇති කෙනාව දාන්නේ මුදල් අමාත්‍යාංශයට. දඩ කොළයක් ලියනකොට පොලිසිය තැනින් තැනට ඉඳලා වාහනවලට අත දාලා තමයි ඒක ලියන්නේ. පොලිසියේ කොච්චර මීටර ගණනක් දුරින් ඉන්නවද කියලා අපේ මිනිස්සු දන්නවා. එතකොට පොලිසිය නැති තැන්වල වේගයෙන් ගිහිල්ලා පොලිසිය ඇති තැන්වල හෙමින් යනවා. මම අහන්නේ අපිට බැරිද වේගය ඉක්මවා ගියොත්, ඉර කපලා ගියොත් දඩයක් සටහන් වෙන විදිහට සිස්ටම් එකක් හදන්න. පොලිසිය පාරෙ නැවතිලා අල්ලනවා වෙනුවට නීති කඩකරන මිනිස්සුන්ට චභබධථචබඪජචතතර දඩයක් වදින විදිහට සිස්ටම් එකක් හදන්න. එහෙම හැදුවොත් ඒක කොච්චර පහසු වෙයිද? ඒක මිනිස්සුන්ට කොච්චර විනයවත් ක්‍රමයක් වෙයිද? මේ රටේ ගොඩක් දේවල් කරන්න ඕන.

එහෙම ලංකාවේ ගැහැනුන් බහුතරය ස්ත්‍රීවාදය කියන සංකල්පය තමන්ගෙ පිරිමියගෙ පස්සට පයින් ගහන තැනට පමණක් ලඝුකර තිබෙන්නේ ඇයි?
ගෑනියෙක් පිරිමියෙක් ගෙදරක රණ්ඩු වුණා නම් ඒ ගෑනි වෙනුවෙන් පෙනී ඉන්න එළියෙ ව්ට්ර්ණී සීයක් විතර තියෙනවා. තියෙන්නේ ගෑනිට ආදරයට නෙවෙයි. ඒවට විදේශ රටවලින් ආධාර දෙනවා. එහෙම ගන්න නම් එයාලා හැන්ඩ්ල් කරපු ගාණ කීයද කියලා පෙන්වන්න ඕන. ඉතින් ඔය ව්ට්ර්ණීකාරයෝ ගම් නියම් ගම් පීර පීර සමඟිය නැති පවුල් කීයක් මේ ගමේ තියෙනවද කියලා හොයනවා. පොඩි වලියක් ගියත් මිනිහගෙන් අයින් වෙයන් කියන තැනට තමයි ගෑනුන්ගේ ඔළුව හදන්නේ. දික්කසාද වුණා නම් ඉන්න ළමයාටත් සලකන්න පිරිමියාටම කියපන් කියලා තමයි ගැහැනුන්ට උගන්නන්නේ. බෞද්ධ රටක් ඇතුළේ ගැහැනුකමත් කෙලෙසලා පිරිමිකමත් කෙලෙසලා තියෙනවා. ඔය හේතුව නිසා අද සමාජයේ තියෙන බොහොමයක් පවුල්වල ගැහැනිය වෛශ්‍යාවක්. පිරිමියා නපුංසකයෙක්. එතැනට තමයි මානසිකත්වය හදලා තියෙන්නේ. ව්ට්ර්ණී විසින් ඒ මදිවට 50% - 50% කියලා ප්‍රතිශතයකුත් ගෙනැල්ලා තියෙනවා. ගැහැනිය ඒ 50 ගන්න බලාගෙන තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ. සියයට 50 නොලැබුණොත් පිරිමියාගේ පස්සට පයින් ගහනවා. ඉස්සර හිටපු ගැහැනුන්ට 50%ක් හොයන්න වුවමනාවක් තිබ්බෙ නෑ. ඔවුන්ට මහා විශාල පරාසයක් නිරතුරුව ලැබිලා තිබුණා. 50 හොයන්න ගිය නැති නිසා පිරිමිත් මහා විශාල ලෙස ඔවුන්ට ගරු කළා.

බොහොමයක් නිළියන්ගෙ පවුල් අවුල් යනුවෙන් මතවාදයක් සමාජය තුළ ගොඩනැඟෙන්න ප්‍රධානතම හේතුව කුමක්ද?

මම හිතන්නේ කලාකරුවො විතරක් නෙවෙයි. දැන් ඉන්න බොහොමයක් අය දික්කසාද වෙන්නේ බොරු බොරු හේතුවලට. සමහරු අය මඪධතඥදජඥ කියලා දික්කසාද වෙනවා. සමහර යන අනාචාරයේ හැසිරුණා කියලා දික්කසාද වෙනවා. හැබැයි බැඳලා ඩිවෝස් වෙන බොහෝ අය හිතන්නේ නෑ දෙන්නට දෙන්න එකතු වෙලා ආදරයෙන් හදපු ළමයට මොකද වෙන්නේ කියලා. දික්කසාද වීම් බොහොමයක් නිසා දරුවන් මේ සමාජය තුළ බොහෝ සේ අනාථයි. අම්මගේ අවුලක් නිසා හෝ තාත්තගේ අවුලක් නිසා හෝ හැදෙන දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, බැක්ග්‍රවුන්ඩ් ප්‍රශ්න තියෙනවා. ඒක ඉතින් හරිම ඛේදවාචකයක්. දික්කසාදයට තවත් හේතුවක් තමයි ගැහැනු සහ පිරිමි හුදෙකලා වීම. ගැහැනු තමන්ගේ ස්මාට් ෆෝන් ඇතුළෙ, ෆේස්බුක් ඇතුලේ, අන්තර්ජාලය ඇතුලේ හුදෙකලා වෙලා. පිරිමි තමන්ගේ රැකියා ස්ථානය තුළ හුදෙකලා වෙලා. දෙන්නට දෙන්නා අදහස් හුවමාරු කරගන්න, දෙන්නට දෙන්නා ආදරයෙන් ඉන්න කාලයක් වෙන් කරගෙන නෑ.

නවක කලාකරුවන්ගේ සමාජ මාධ්‍ය ජාලා භාවිතය සහ ඒවායින් පමණක් ප්‍රතිරූප නඩත්තු කිරීම සම්බන්ධව ඔබටත් විවේචන තියෙනවද?

මම නම් කීයටවත් කියන්නේ නැහැ විවේචනය කළ යුතුයි කියලා. මොකද අපි ඉන්නේ ඤඪඨඪබචත යුගයක. විවේචනය කරන එක නෙවෙයි වෙන්න ඕනේ. අපි දන්නෙ නැති දේවල් ඔවුන්ගෙන් ඉගෙන ගන්න එක. සමහර පරණ අය කියනවා අලුත් ළමයි ඔය කරන දේවල් වැරැදියි කියලා. හැබැයි ඇත්ත කතාව අපිට වැඩිය ඥානයක් මේ සම්බන්ධව උන්ට තියෙනවා. තියෙන එකම ප්‍රශ්නේ සමහර වෙලාවට තරුණ ළමයි විෂයට අදාළ දේවල් ගවේෂණය කරන්නේ නැතිව අනවශ්‍ය දේවලට තමයි වැඩිපුර යොමු වෙන්නේ. අපිට වැඩිහිටියෝ විධියට ඒ වෙලාවට එයාලට කියලා දෙන්න පුළුවන් නම් ඔයා රඟපාන්නේ ඉන්න කෙනෙක් නිසා ටික් ටොක් කර කර විතරක් ඉන්නේ නැතුව ඊට වැඩි යමක් ෆෝන් එකෙන් ඉගෙන ගන්න කියලා. මම හිතනවා ඔවුන් හරි ට්‍රැක් එකට වැටෙයි. අපේ රටේ ජංගම දුරකථන දුරකථන, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වගේ දේවල්වලින් ඉවත් වන එක නෙවෙයි වෙන්න ඕන. ඒවා ඵලදායිව භාවිත කරන්න ඉගෙන ගන්න එක.

කලාව තුළ ගැහැනියට හිමිවිය යුතු තැන හිමිවෙලා තියෙනවද? නැත්නම් පිරිමි විසින් යම් ඒකාධිකාරයක් ගොඩනඟාගෙනද?

මම කිසිම තැනක ඔය සමතැන, නිසිතැන හොයන්නේ නෑ. හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. අසාධාරණයක් වුණොත් ඒ වෙනුවෙන් නැඟීසිටිනවා. ගොඩක් වෙලාවට ක්ෂේත්‍රයේ අසාධාරණකම් වුණා, මාව කොන් වුණා, මට සැලකුවෙ නෑ වගේ කෑලි දාන්නෙ දුර්වලයෝ. දුර්වල මතධාරියෝ. මම කවදාවත් එහෙම මතයකට එන්නේ නැහැ. ගැහැනුන්ටත් මේ ක්ෂේත්‍රයේ ඉහළට එන්න පුළුවන් පිරිමින්ට වගේම. ඒකට වුවමනාව විතරයි ඕනෙ.

ප්‍රමේෂ් වික්‍රමසිංහ
මව්බිම - හදගැස්ම