🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගේ ගැටලු

දරු ප්‍රසූතියෙන් පසු මවුවරුන්ගේ ගැටලු

දරු සම්පතක් ලබා ගැනීම කාන්තාවකගේ ජීවිතයේ වටිනාම අවස්ථාවයි. නමුත් දරු ප්‍රසූතියෙන් පසු ඇගේ සුන්දරත්වය ක්‍රමයෙන් අෑත්ව යෑම පවුල් ගැටලුවලටද හේතු වෙයි. මේ නිසා ක්‍රියාශීලී නිරෝගී සුන්දර මවක් වීමට ඔබට මේ කාරණා වැදගත් වෙයි. කාන්තාවන්ට සාමාන්‍යව හෝ සිසේරියන් සැත්කමකට ලක්ව දරු ප්‍රසූතිය සිදුවිය හැකියි. මේ අනුව ඔබ විවේක ලබන කාලයද වෙනස් වෙයි. සිසේරියන් සැත්කමට ලක්වන කාන්තාවක් නම් මාස 3ක් වත් ගත වනතුරු ව්‍යායාම නොකරන්න. උදරයට ව්‍යායාම කිරීම සුදුසු නොවේ. සාමාන්‍ය දරු උපතක් නම් සතියක් ගතවූ පසු සාමාන්‍ය සරල ව්‍යායෑම්වල නිරත විය හැකියි.

පියයුරු හැඩය ගැන සිතා මවුකිරි සීමා කරන්න එපා
බොහෝ විට කාන්තාවන් පපු පෙදෙසේ හැඩය නැතිවේ යැයි හෝ මහත් වේ යැයි සිතා මවුකිරි දීම සීමා කරන අවස්ථාද ඇත. නමුත් පපුවේ හැඩය නිසි ලෙස පවත්වාගෙන පියයුරු පිළිකා අවදානමින් මිදීමට නම් දරුවාට ඔබ හොඳින් මවුකිරි දීම වැදගත්.

ස්ට්‍රෙච් මාර්ක්ස් ප්‍රශ්නයට විසඳුම
දරු ප්‍රසූතියෙන් පසු උදරය මත ඇතිවන ඉබපඥබජඩ ර්චපඬඵ ඔබේ සුන්දරත්වයට බාධාවක් විය හැකියි. උදරය, යටිබඩ, අත්වල බාහු යන ස්ථානවල මේවා පවතියි. නමුත් මේවාට ප්‍රතිකාර කිරීමට පෙර තරබාරුකම පාලනය කර ගැනීමට උනන්දු වන්න.

උදේට විනාඩි 20ක් ව්‍යායාම කරන්න
අධික හිරු රශ්මිය නොමැති සවස් වරුවක හෝ උදයක විනාඩි 20 - 40ත් අතර කාලයක් ඇවිදීමේ ව්‍යායාමවල යෙදීම සුදුසුයි. නමුත් තද නයිලෝන් ඇඳුම් භාවිතය සමට හානි ගෙන දෙන නිසා එවැනි ඇඳුම්වලින් අෑත් වන්න. ක්‍රීම්, සුදු වැනි ළා පැහැති හිරු කිරණ පරාවර්තනය වන දහදිය උරා ගන්නා සුව පහසු ඇඳුම් තෝරා ගන්න. මේ අවධියේදී කාන්තාවගේ ශරීරය උණුසුම් වන නිසාත් හොඳින් ජලය පානය කර සිරුර සිසිල් කර ගන්න. දිනකට දෙවරක්වත් ස්නානය කරන්න.

ඔසප් චක්‍රය ක්‍රමවත් නැත්ද
දරුවා ලැබී මාස 3කට වත් පසුව මාසික ඔසප් වීම ක්‍රමවත්ව සිදුවිය යුතුයි. නැත්නම් ඇඟ, බෙල්ල, උදරය හා මුහුණත් ඉදිමීමට ලක්වෙයි. නියමිත ඔසප් චක්‍රය ක්‍රියාත්මක නොවේ නම් මෙවැනි ලක්ෂණ පෙන්විය හැකි නිසා ඔසප් චක්‍රය ක්‍රමවත් නොවේ නම් සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.

රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය අඩු කරන්න
විවිධ රසායන ද්‍රව්‍ය සහිත ඩයි වර්ග, ෂැම්පු වර්ගද භාවිත කිරීමෙන් ඈත් වන්න. දරු ප්‍රසූතියෙන් පසු ඔබේ සම තවමත් වියළි නිසා මෘදු ඡචඡර සබන් වර්ග භාවිත කරන්න. සමේ නඩ අගය සමබරව පවත්වාගෙන යෑමට සමත් වන නිෂ්පාදන වර්ග පමණක් භාවිත කරන්න.

අම්මලා දවල් වනතුරු නිදා ගැනීම සුදුසු නැහැ
උදේ 6ට පෙරවත් අවදි වීම පුරුද්දක් කරගන්න. දරුවන් නිතරම කුඩා කල රාත්‍රිය අවදියෙන් ගත කළත් දහවල් 10-12 වනතෙක් කාන්තාවන් නිදා ගැනීම නම් සුදුසු නැහැ. අලුයම ඇහැරී නිවෙසේ වැඩ කටයුතු අවසන් වූ පසු දහවල් 10ට පමණ කෙටි විවේකයට නින්දක් ලැබීම වරදක් නැත. නැත්නම් ඔබ නොදැනුවත්වම දවසේ වැඩි කාලයක් නින්දට ගත කරන නිසා අලස ගති ඇති වෙයි.

උදේම අවදි වීමේ වාසි
උදෙන්ම අවදි වන ඔබට පිරිසුදු ඔක්සිජන් වායුව ලැබීමට අවස්ථාව හිමිවෙයි. උදෑසන 6ට පමණ එළියට යනවිට විටමින් ච් ස්වභාවිකවම ලබාගත හැකියි. විස දුමින් තොර පිරිසුදු වායුව නිදහසේ ආග්‍රාණය කිරීමට ඔබට අවස්ථාව හිමිවෙයි.

ලුණු සීනි අඩුකරන්න
අධික ලුණු හා සීනි යෙදූ ආහාර ගැනීම එතරම් සුදුසු නොවේ. කෙටි කෑම වෙනුවට දිනකට පලතුරු දෙතුන් වර්ගයක් උදේ 11ට පමණ ගන්න. මෝල්ට් පානයට වඩා කුරුඳු තේ බෙලිමල් වැනි ඖෂධීය පාන වර්ග ගැනීම වඩාත් සුදුසුයි. එළවළු සුප් වර්ග, සැලඩ් කිහිපයක් ප්‍රධාන ආහාර වේලට එක්කර ගන්න.

සිරුරේ හැඩය නැතිවෙලාද?
දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන් තරබාරු වී සිටියත් වසරකට පමණ පසු ශරීර ප්‍රමාණය පෙර තත්ත්වයටම ස්වාභාවිකවම සකස් වෙයි. වර්තමානයේ කාන්තාවන් අද වනවිට මේ තත්ත්වය වෙනස්ව උදරය හා පපු පෙදෙසද මහත් වීම සුලබව දැකිය හැකි දෙයකි. එසේ සිදුවී ඇත්තේ ගැබිනි කාලයේදී ගන්නා ආහාර අතිරේක ඖෂධ ආදිය හේතුවෙනි. ඒ ගැනත් සැලකිලිමත් වීම මවුවරුන්ගේ වගකීමකි.

මාස අටෙන් විශේෂ වෙනසක්
දිනකට අවම වශයෙන් වතුර 2 1/2ඹ් ක් වත් පානය කර සිරුරේ උෂ්ණත්වය පාලනය කර ගන්න. ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වාගෙන සම, නිය හා කෙස්වලට තෙතමනය ලබාදෙන ලෙස ආහාර රටාව සකස් කර ගන්නේ නම් මාස 8ක් ඇතුළත ඔබේ බර පෙර තිබූ තත්ත්වයටම පාලනය කර ගැනීම සිහිනයක් නොවනු ඇත.

මව්බිම