🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඔබේ නිවසේ වාස්‌තු දෝෂ මෙලෙස ඉවත් කරගන්න

නිවසේ වාස්‌තු සිද්ධාන්ත හැකි තරම් එකඟ කර ගැනීමට ඔබ උනන්දු විය යුතු අතර නිවැරැදි කරගත නොහැකි කොටස්‌ පිළිබඳව නිතර නිතර සිතීම නොකළ යුතුයි. මන්දයත්, අල්ප දෝෂ ගුනාධික්‍යයඃ - දෝෂාය න භවිත් ගෘහඃම් කියා විශ්ව කර්ම සෘෂි විශ්ව කර්ම තන්ත්‍ර හි අවසාන වශයෙන් පෙන්වා දී ඇති හෙයිනි. එහි තේරුම පුංචි පුංචි දෝෂ තිබුණට කලබල නොවිය යුතු බවත් ගුණ පැත්ත වැඩිනම් දෝෂ හටනොගන්නා බවයි. මේ නිසා ඔබත් නිවසේ විධිමත් කරගත හැකි කොටස්‌ හැකිතාක්‌ නිවැරැදි කර ගැනීමට උත්සාහ කළ යුතු අතර අනෙකුත් දෝෂ සඳහා ද වාස්‌තු පිළියම් යෙදීම කළ හැකි බැවින් නිවස කඩා බිඳ දැමීමට හෝ නිවසට දොස්‌ නැඟීමට උත්සාහ නොකළ යුතු වේ. ඔබගේ වහලයේ දෝෂයන් පිළිබඳව ඔබ නිසි ලෙස දැන සිටීමෙන් ඔබගේ නිවසේ ඇති තත්ත්වය ඔබටම වටහාගත හැකි වේවි. මෙහිදී ඔබ මතක තබාගත යුතුයි වහලයේ ප්‍රධාන මර්මස්‌ථාන 03 ක්‌ වැරැදි සහගත ලෙස සැකසී තිබුණොත් ගෘහ හිමියාට එයින් දැනෙන බලපෑමක්‌ සිදුවන බවයි. එසේ වුවද වහලයේ එසේ පලදෙන කාලය දින 21 ක්‌ හා උපරිමය මාස 03 ක්‌ බැවින් ඔබගේ වහලය එම කාල පරාසය පසුකොට ඇත්නම් ඔබට වහල නිසා කිසිම පීඩාවක්‌ සිදු නොවන බව කිව යුතුයි.

එසේ වුවද වහලයේ සොහොන් පරාල ලක්‌ෂණ තිඛෙන නිවාසවල අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි අතර සොහොන් පරාලය වහලයට කිසිම හානියක්‌ නොමැතිව පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව පවතී, එසේම ඔබගේ වහලයේ කුමන නොපෙනෙන දෝෂයක්‌ තිබුණද එය මඟහැරවීම සඳහා ගෘහ හිමියාගේ ජන්ම නැකතට ගැලපනෙ මී, කොහොඹ, සඳුන් යන දැවවලින් දැව ඇණ 03 ක්‌ වහලයේ බිත්ති යටලීයකට එක්‌ කිරීමෙන් දෝෂ මඟහරවා ගැනීමට හැකියාව තිබේ. මේ නිවසේ යොදා තිඛෙන පඩිපෙළ වැරැදි දිශාවක තිබීම, එනම් නිරිත හෝ ඊශානට තිඛෙන විට හා බ්‍රහ්ම පාදය මත පිහිටා තිබීමද බලවත් වාස්‌තු දෝෂයක්‌ ලෙස සැළකේ. මෙවැනි විටකදී ඔබගේ පඩිපෙළ කඩා ඉවත් කිරීමට උපදෙස්‌ ලැබී ඇත්නම් එවැනි උපදෙස්‌ වාස්‌තු නොදන්නා කෙනකුගේ විය හැකියි. එහිදී ඔබ කළ යුත්තේ පඩිපෙළ සඳහා දැව එක්‌ කිරීමය. දැව යෙදූ පඩිපෙළක දෝෂ හට නොගනී. එසේම අත්වැල තුළට ජන්ම නැකතට සංවේදී දැව ඇණ යෙදීමද කළ යුතු වෙනවා. මේ ආකාරයටම පඩිපෙළ නොකඩා දෝෂ ඉවත් කිරීමේ ක්‍රම ශිල්පයන් පවතිනවා. පඩිපෙළ හා සම්බන්ධ තවත් දෝෂයක්‌ ලෙස බලපවත්වන තත්ත්වයක්‌ පෙන්වා දෙන්නම්. එනම් පඩිපෙළට යටින් ලම්බකව උළුවහු යෙදී තිබීම. එවැනි විටකදී ඉහත ක්‍රම ශිල්පය තුළින් දෝෂ ඉවත් කළ හැකිවේ.

නිවස තුළ සහ ස්‌ලැබ් අතර ඇති හිස්‌ අවකාශයන් මෙන්ම තබා ඇති හිස්‌ භාජන නිසාද විවිධ සියුම් සත්ව කොට්‌ඨාශයන් ඔබේ නිවසට හා ගෘහවාසීන්ට බලපෑම් එල්ල වන අවස්‌ථාවන් දැකගත හැකි වෙනවා. එවැනි විටකදී එම හිස්‌ අවකාශයන්ට හා හිස්‌ භාජනවලට මුහුදු වැලි සහ සිප්පි කටු යොදා තිබීම තුළින් එවැනි කොටස්‌වල බලය ඉවත් කිරීමේ හැකියාව පවතී.

ඔබගේ ළිඳ පිළිබඳවද ඔබට විවිධ ගැටලු ඇතිවී තිඛෙන්නට පුළුවන්. ඔබට ඒ සඳහා අවශ්‍ය කෙරෙන වාස්‌තු පිළියම් පිළිබඳව ද කියා දෙන්නම්. ඉඩමක සහ නිවසට අයත් දිශාවලින් ජලය රැඳවිය හැකි නැති යහපත් දිශා වන්නේ උතුර, ඊශාන, නැගෙනහිර සහ බටහිර දිශා පමණි. දකුණු හා ගිණිකොණ, වයඹ, නිරිත යන දිශා ළිඳ සඳහා ඉතා අයහපත් දිශා ලෙස පෙන්වා දී තිඛෙනවා. ඔබගේ ළිඳ එවැනි අයහපත් දිශාවක දැනටමත් තිඛෙනවා නම් හා මිනිසුන් එය අසුබ බව පවසා තිඛෙනවා නම් ළිඳ වැහීමට කලබල වන්න එපා. ළිඳක්‌ වැහීම යනු ළිඳක්‌ තිබීමට වඩා දෝෂ බලවත් වන කටයුත්තක්‌ බවද දත යුතුයි. මෙහිදී ඔබගේ ප්‍රධාන ද්වාරය අසලට ආ විට ළිඳ දර්ශනය නොවන්නේ නම් ළිඳ නිවසට දෝෂ නොවේ. එසේ දර්ශනය වන්නේ නම් එය නොපෙනෙන ලෙස බැම්මක්‌ හෝ ශාක සිටුවා ආවරණය කරන්න.

මීළඟට ඔබට නිවසේ දෝෂ මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ ක්‍රියා පිළිවෙතක්‌ පෙන්වා දෙන්නම්. ඔබගේ නිවසේ දෝෂ බලවත් නොවීම සඳහා ඔබගේ ගෘහයට ශබ්ද විද්‍යාත්මකව බලවත් වන ගෘහ නාමයක්‌ යෙදීම ඉතාමත් යහපත් බවද පෙන්වා දෙමි. ගෘහ නාමකරණය නිසි ලෙස යෙදීම තුළ නිවසේ වාස්‌තු දෝෂ බොහොමයක්‌ සමනය වන බව පූර්ගාන්ඩ නමැති පඬිතුමාද පෙන්වා දී තිඛෙනවා. මේ නිසා ඔබගේ නිවසටත් ශබ්ද විද්‍යාත්මක ඉෂ්ඨ ඝණ 04 ට අදාළව ගෘහ නාමයක්‌ යෙදීම මැනවි. එසේම ඔබ හැකිතාක්‌ නිවස හා සම්බන්ධ කළුපාට වර්ණ ඉවත් කළ යුතු අතර ඊසාන සහ නිරිත දිශාව බලවත් කරවන දේව රුක්‍ෂ කොහොඹ ශාකය සහ ශ්‍රියා ඵල ඛෙලි ශාකය පෝච්චියක හෝ සිටුවා තබන්න.

ඔබගේ ගෘහයේ ඇති දෝෂයන් හැකිතාක්‌ නිවැරැදි කරගැනීම සඳහා උත්සාහවන්ත වන්න. මේ සඳහා නිවස කඩාබිඳ දැමීමට අවශ්‍ය නොවන බව ඔබට දැන් ප්‍රත්‍යක්‍ෂ වනු ඇත. ඔබගේ ගෘහයේ ඇති වන්නා වු වාස්‌තු දෝෂයන් ප්‍රධාන කොටස්‌ 02 ක්‌ පමණක්‌ සිදුවිය හැකිය.

  • භෞතිකව අපට පෙනෙන දෝෂ
  • භෞතිකව අපට නොපෙනෙන දෝෂ

ඉහත ආකාරයට වාස්‌තු දෝෂයන් ප්‍රධාන කොටස්‌ දෙකකින් හටගන්නා අතර භෞතිකව පෙනෙන ඉදිකිරීම් දෝෂයන් අපට සකස්‌ කර ගත හැකි අතර පාරභෞතික දෝෂයන් ඉවත් කිරීම සඳහා නිතර නිතර පිරිත් සඡ්ජායනය කිරීම මෙන්ම නිවසට සෙත් පතා දුගී මගී යාචකයන්ට දාන පිරිනැමීම සිදුකළ හැකි අතර වාස්‌තු පූජාව වැනි ප්‍රතිකර්මද යොදා ගැනීම ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බව කිව යුතුයි. මීළඟට ඔබ සිහිතබා ගත යුතු තවත් විශේෂ කරුණක්‌ තිඛෙනවා. නිවසට පැමිණෙන පුද්ගලයන් නිවසේ වාස්‌තු වැරැදි පිළිබඳව ඔබ සමග පවසන විට ඒවා පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු නොකළ යුතුයි. මන්දයත් නිවසට පැමිණ නිවසේ දෝෂ පිළිබඳව ඔබ නොවිමසා සිටින විටකදී බලෙන්ම එවැනි වැරැදි කියන පුද්ගලයන් වාස්‌තු ශිල්පීන් නොවන බැවිනි. නියම වාස්‌තු ශිල්පියෙක්‌ නිවසක වැරැදි කිසිම විටක ගෘහ හිමියා විසින් නොවිමසන විටක ප්‍රකාශ නොකරන බැවිනි. මෙැවනි පුද්ගලයන් හුදෙක්‌ මිථ්‍යා මත ප්‍රකාශ කරන අතර ඔවුන් සෑම විටම කියන්නේ වැරැදි පමණක්‌ වන අතර ඒවා සඳහා විසඳුම් ඔවුන් සතුව නොතිබීමද, ඇති එකම විසඳුම කඩාබිඳ දැමීම පමණක්‌ බවත් විශේෂ ලක්‌ෂණයකි. එමනිසා ඔබ මහන්සියෙන් සාදාගත් නිවස රජ මැඳුරක්‌ විය යුතුයි. කොතෙක්‌ දෝෂ තිබුණද ඒවා නිවසට දොස්‌ පැවරීම කළ යුතු නොවේ. මන්දයත් ඒවා සිදුකළේ අපිම බැවිනි. එමනිසා හැකිතාක්‌ වැරැදි නිවැරැදි කරගැනීමට උත්සහ කළ යුතු අතර සෑම වාස්‌තු දෝෂයකටම කැඩීම් බිඳීම්වලින් තොරව පිළියමක්‌ තිඛෙන බවද මතක තබාගත යුතුයි. ඔබ සැමට සම්පත් ගෘහයක සතුටින් කල් ගෙවීමට වාසනාව උදා බැවිනි.

ශාස්‌ත්‍රපති ඩී. යූ. සෙනරත්

දිවයින පුවත් පත