🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සඳු, රාහු, රවීගේ අතුරු මහ දශා දුරුකර ගන්න ඡන්ද පිරිතෙන් එළකටරොළු මලක්‌ පළඳින්න


ලොව්තුරා සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ කෝටි ලක්‍ෂයක්‌ සක්‌වල දෙව් බඹුන් පිරවරා ශ්‍රී මුඛයෙන් වදාල මහා බල සම්පන්න අසිරි මත් පිරිත් සූත්‍රයන් බෞද්ධයින් අතර අද දියවී ගොස්‌ ඇත. එහෙත් ප්‍රාග් යුගයේ විසූ බෞද්ධ ගොවීන් පිරිත් සූත්‍රවල ඇති ගාථා මගින් කෘෂි උපද්ද්‍රව යක්‍ෂ, භූත, උපද්‍රව, ලෙඩ හා සන්නිරෝග ග්‍රහ දෝෂයන් සතුරු මර්දන හා දැවැන්ත වන මෘගයින් පවා දමනය කරගත්හ. මෙම පිරිත්වල සම්පූර්ණ ගුණයන් නොඅඩුව ඔබටත් ලබා ගැනීමට නම් ශිලාදි ගුණ ධර්මයන් රැකිය යුතුය. ගෙරි මස්‌ නොකා මත්පැනින් තොරවිය යුතුයි.

හිරු සඳු දෙදෙනාද දෙව්වරුන් වේ. එහෙත් ප්‍රභාශ්වරයන් දෙදෙනා (ඔයෑ ඔඅද ඛමපපස බ්රසැs) හිරු සඳු පමණක්‌ බැව් අපරදිග ජ්‍යෙතීර් විද්‍යාඥයන් පමණක්‌ නොව භෞතික වාදීහු පවා පිළිගනිති. හිරුට අධිගෘහිත වූ හිරු මඬලෙහි නිවැසි දෙවි කෙනෙකුද සිටී. ඒ කෙසේ වූවද චන්ද පිරිතෙන් පෙන්වා ඇත්තේ ග්‍රහ වස්‌තුවන් ගැන නොවේ. එහි හඳුන්වන්නේ චන්දිම නම් දිව්‍ය පුත්‍රයකු ගැනයි.

එක්‌ දිනක චන්දිම දිව්‍ය පුත්‍රයාව රාහු නමැති අසුරයා අල්ලා ගත්තේය. එවිට විපතට පත් චන්දිම දිව්‍ය පුත්‍රයා අප මහා බුදුරදුන්ගේ පිහිට හා සරණ පතා මේ ගාථාව සිහිපත්කළේය. නමෝ තේ බුද්ධ චීරත්ථු විප්පමුත්තොයි සබ්බයි, සම්බාධපටිපන්නො ස්‌මි – තසසමෙ සරණං භවාති

එවිට අප මහා භාග්‍යවතුන් වහන්සේ රාහු අසූරේන්ද්‍රයා අරඹයා මෙම ගාථාව වදාළහ.

තථාගතං අරහන්තං
චන්දිමා සරණං ගතො
රාහු චන්දං පමුඤවස්‌සු
බුද්ධා ලෝකානු කම්පකා

මෙහි අදහස වන්නේ චන්දිම දේව පුත්‍රයා අරහත්වූ තථාගතයන් වහන්සේ සරණ ගියේය. රාහු ඔබ සඳු අතහරින්න බුදුවරු ලොවට අනුකම්පා ඇත්තෝය. යනුයි

ඉන්පසු රාහු අසුරිඳු චන්දිම දෙව්පුත්‍ර මුදා හැර බියෙන් වෙව්ලමින් ගැහි ගැහී ෙච්පචිත්ති නම් අසුරේන්ද්‍රයා වෙත දිව ගියේය. එවිට වේපචිත්ති අසුරිඳු රාහුගෙන් මෙසේ විමසුවේය. රාහු ඇයි ඔබ බියෙන් වෙව්ලමින් ගැහි ගැහී ඉන්නේ.”

එවිට රාහු මෙසේ පිළිතුරු දුන්නේය. බුදුන් වහන්සේගේ ගාථාභි ගීතයෙන් මම චන්දිම අත් නොහැරියේනම් මගේ හිස හත් කඩකට පැලී පුපුරා යයි. ජීවත්වූවාද මට සැපතක්‌ නම් කිසිදාක නොලැබේයයි කීය. චන්ද පිරිතේ ශාරාංශයද මෙයයි. මෙම චන්ද පිරිත පිරිත් ඇනවුම කියාද, චන්ද පරිංතං කියාද මහ පිරිත් පොත්වල සඳහන් වේ.

ඒ මහානුභාව සම්පන්න චන්ද පරිත්තං පිරිත මෙසේය.

රහිනා ගහිතො චන්දො – මුත්තො යස්‌සානු භාවතො
සබ්බ බෙරි භයං නාසං – පරිත්තං තං හණාමහෙ

එ වංමෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ෙ-තවනෙ අනාථ පිණ්‌ඩිකස්‌ස ආරාමෙ, ථෙනඛො පන සමයෙන චන්දිමා දෙව පුත්තො රාහුනා අසුරින් දෙන ගහිතො පවති, අථකො චන්දිමා දෙව පුත්තො භගවන්තං අනුස්‌සරමානොතායං වෙලාසං ඉමං ගථං අහාසි

(ආ) නමොතෙ බුද්ධවීරත්ථු – චිප්පමුත්තො සී සම්බධි සම්බාධ පටිපන්නොස්‌මි – තස්‌සමෙ සරණංභවාති

(ඉ) අථකො භගවා චන්දිමං – දෙව සුතතං ආරබ්භ රාහුං

අසුරින්දං ගාථාය අ-ජබාසි

(ඊ) තථාගතං අරහන්තං – චන්දිමා සරණං ගතො

රාහු චන්දං පමඤdචස්‌සු – බුද්ධා ලොකානුකම්පාකාති

(උ) අථකො රාහු අසුරින්දො චන්දිමං දෙව පුතතං මුඤdචිත්වා තරමා රූපො යෙන චෙපවිත්ති අසුරින්දො තෙනුපසංඛමි උපසංඛමිත්වා සංවිග්ගො ලොම හට්‌ඨජාතො එකමන්තං අට්‌ඨාසි, එකමන්තං ඨිතංඛො රාහුං අසුරින්දං වෙපචිත්ති අසුරින්දො ගාථාය අ-ජහාසි

(ඌ) කිතනු සත්තරමානෙ ච – රාහු චන්දං පමුක්‍රවසී

සංවිග්ගරූපො ආගමව – කීකනු හිතොච තිට්‌ඨසීති

(එ) සත්තධා මෙ ඵලෙ මුද්ධා – ජීවත්තොන සුඛං ලහෙ

බුද්ධගාථා සිෂිතො මහි – නොවෙ මුෙඤවය චන්දිමංති

(මෙම චන්ද පිරිතෙන් දැක්‌වෙන චරිතය ග්‍රහ වස්‌තුවක්‌ ගැන නොව චන්දිම නම් දිව්‍ය පුත්‍රයකු ගැන බව සිහි තබාගන්න)

සඳුගේ මහ දශාවේ රාහුගේ මහ දශාවේ සඳුගේ අතුරු දශාවද අශුභ විපාක ගෙන දෙන බැව් මගේ අත්දැකීමයි. මේ ග්‍රහයන් දෙදෙනා කේන්ද්‍රයේ නරක ස්‌ථානයක්‌ හිටියොත් අශුභවිපාක වැඩිවේ. මෙවැනි කාලයන්හිදී සුබ මොහොතින් නැකතින් ඵල කටරොළු මුලක්‌ ගලවා පංචොපාකාර මල් බුලත් තටුවේ තබා චන්ද පිරිතෙන් 1000 වරක්‌ පිරිත් කොට කර පැළදීමෙන් අපල මගහරවා ගත හැක.

ඒ වගේම ඔබට රවිගේ මහ දශාවේ රාහු අතරු දශාව හෝ රාහු මහ දශාවේ රවි අතුරු දශාව හෝ පවතීනම් එම දොaෂය මගහරවා ගැනීමට එළකටරොළු මුලක්‌ සුදු හඳුන් මිශ්‍රව රන්, රිදී පතක සූරිය පිරිතෙන් දහස්‌වර පිරිත් කොට කර පැළදීමෙන් අපල මඟහැරේ.

හොල්මන් ආදී භූත අවතාර නොපෙන්න, පෙරේත අවතාර ඇඟට නොඑන්න, යකුන් දමනය වීමට, සොර සතුරන්ගෙන් සතුරන්ගෙන් අතවරයකට මුහුණපෑමට සිදුවූ විටක “නමොථෙ බුද්ධ චිරන්තු” යන ගාථාව සිහි කිරීමෙන් ඉන් ගැලවී යැමට හැකිය.

ගන කැලෑවක යනවිට එහි තුළදී අතරමංවී මංමුලාවූ විටෙක ඉහත ගාථාව සිහිකිරීමෙන් සහ නව ගුණ පාඨය කියවීමෙන් මං එළිවී පාර පෙනෙයි.

වනයේ අලි, කොටි, වලස්‌ ආදී මෘග සතුන්ට මැදිවූ විටෙක මේ ගාථාව හත්වරක්‌ කියා බුදුන්වහන්සේ සිහිකරන්න. එමෙන්ම ඇනවුම් පිරිතේ අග කොටසේ ඇති “චන්ඩ හස්‌ථි අස්‌සමිග” කොටස කීමෙන් සත්ව උවදුරින් බේරීමට හැකිය.

අනුන්ගේ කපටි උගුලකට වංචාවකට ඔබ මුලාවී අසුවී හිටීනම් ඉහත කී ඇති ගාථාව තඹ පහතක ලියා බෝධියක්‌ අසලදී පිරිත් කොට කර පැළඳගන්න. නිවසක සාමය කැඩී අඹු සැමි ආරාවුල් අත්නම් එය වලක්‌වා සාමය සමගිය සතුට ඇතිවී දියුණුවේ මංපෙත කරා පා නගින්න මෙම පිරිත මහා නුභාව සම්පන්නයි. නියත වශයෙන්ම ඔබට සහනයක්‌ බුද්ධානුභාවයෙන් ලැබෙන බව සහතිකයි.

එය ලබාගන්න පින්වතුනි බුදුන් වහන්සේගේ රන් මුවින් පිටකල මහානුභාව සම්පන්න පිරිත් බලය ප්‍රායෝගිකව ලබා අඳුරු ජීවිතයේ මුළු කාලයම දුරකර බුද්ධ, ධම්ම, සංඝ බලයෙන් දහම් එළිය ලබාගන්න.

උපුටා ගැනීම දිවයින