🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කොල්ලන් පිට යෑම හෙවත් චික්කි බිරිස්වීම

හදවතේ මුක්කු - ළඟ ඉන්නෙ කොක්කු - ගලවලා මුක්කු - දෙමුද අපි තොත්තු කියලා හිතාගෙන අදත් අපි පටන්ගමු ලව් සික්!! අද මම කියන්න යන්නේ පැඟිරි විසේ ඇවිස්සෙන විසේකාර පිස්සුව හැදුණ කෙල්ලො මුහුණ දෙන ජාතික ප්‍රශ්නයක් ගැන. සරල භාෂාවෙන් කියනවානම් මේකට කියන්නෙ පෙම්වතා පිට යෑම කියලා. ඒ කියන්නේ ඉතින් පෙම්වතියක් සිටියදීම පෙම්වතා තවත් කෙල්ලෙක් එක්ක 'චික්කි බිරිස්' වෙන එක. කොල්ලෙක් වෙන කෙල්ලෙක් එක්ක 'චික්කි බිරිස්' වෙන්න බලපාන එක එක විදියේ හේතු තියෙනවා. තමන්ට කියලා නිත්‍ය කෙල්ලෙක් ඉඳිද්දීම වෙන කෙල්ලෙක් එක්ක 'චික්කි බිරිස්' වෙන එක සදාචාරාත්මක නෑ තමයි. ඒත් මේ 'චික්කි බිරිස්' වීම යං ජෙනරේෂන් එකේ අනිවාර්යයෙන් සිද්ධ වෙන දෙයක්. කොල්ලෝ කරන මේ 'චික්කි බිරිස්' වැඩ නිසා කෙල්ලො ඉන්නේ ලොකු මානසික පීඩනයකින්. ගම ඊටිං - ගුටි ලෝඩිං කිව්වලු! මචං... මේ 'චික්කි බිරිස්' ගැන කතා කරද්දි එක එක වර්ගයේ 'චික්කි බිරිස්' අපිට හම්බවෙනවා. ඒ 'චික්කි බිරිස්' අතර තියෙන ජනප්‍රිය 'චික්කි බිරිස්' වර්ග කීපයක් ගැන විතරක් අපි මුලින්ම විමසා බලමු. * ආදර 'චික්කි බිරිස්' - පෙම්වතියක් සිටියදී වෙනත් කෙල්ලෙක්ට ආදරය කිරීම. * සෙක්ස් 'චික්කි බිරිස්' - පෙම්වතියක් සිටියදී වෙනත් කෙල්ලෙක් සමඟ ලිංගිකව හැසිරීම. * ෆෝන් කෝල් 'චික්කි බිරිස්' - පෙම්වතියක් සිටියදී වෙනත් කෙල්ලෙක් සමඟ දීර්ඝ දුරකතන සංවාද පැවැත්වීම. * ඩිනර් අවුට් 'චික්කි බිරිස්' - පෙම්වතියක් සිටියදී වෙනත් කෙල්ලෙක් සමඟ රාත්‍රි ආහාර ගැනීම සඳහා විවිධ ස්ථානවලට යෑම. * ෂොපිං 'චිස්කි බිරිස්' - පෙම්වතියක් සිටියදී වෙනත් කෙල්ලෙක් සමඟ ෂොපිං යෑම. මීට අමතරව තවත් 'චික්කි බිරිස්' වර්ග හෙන ලෝඩ් එක්ක තියෙනවා. පඩි අඩු වී කඩි කෑවේ - කඩිමුඩුයේ වෙඩි කෑවේ කිව්වලු! මේක ගැන විද්‍යාත්මකවත් අපි ටිකක් බලමුද? මොනා වුණත් ශිෂ්ට සමාජයක ඉන්න අපි මේ වගේ දේවල් කරන එක එක්තරා විදියක 'චික්කි බිරිස්' වැඩක්. ඒ කියන්නේ අශිෂ්ට වැඩක්. මොනා වුණත් මේ 'චික්කි බිරිස්' න්‍යාය කෙල්ලොන්ටත් පොදුයි ඉතින්. මානවයා කැලේ ඉඳලා ගමට එනකොට සහ ගමේ ඉඳලා නගරයට එනකොට තමයි මේ ශිෂ්ටත්වය කියන දේ නිර්මාණය වෙන්නෙ. සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය සහ සම්ප්‍රදාය කියන දේවල් මේ ශිෂ්ටත්වය ඇතුළේ තියෙනවා. අන්න ඒ ශිෂටත්වය නිසා තමයි දකින දකින කොල්ලොත් එක්ක, දකින දකින කෙල්ලොත් එක්ක හිතුමතේට ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතිව නීත්‍යනුකූලව තෝරා ගත්ත එක්කෙනෙක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වලා නීත්‍යනුකූලව දරුවන් හදලා පවුල් කියන සමාජ විද්‍යාත්මක සංස්ථාව නිවැරැදිව ස්ථාපිත කර ගන්නෙ. ජීව විද්‍යාත්මක අවශ්‍යතා යටකරගෙන සංස්කෘතික අවශ්‍යතා ඉෂ්ට කිරීමක් විදියට තමයි මම මේක දකින්නෙ. ඉතින්... කොල්ලෙක්ට එක කෙල්ලෙක් එක්ක ඉන්න නම් සහ කෙල්ලෙක්ට එක කොල්ලෙක් එක්ක ඉන්න නම් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවන් යටපත් කරගෙන ශිෂ්ට සම්පන්න සංස්කෘතික අවශ්‍යතාවලට ඉඩ දෙන්න ඕනෙ. එතකොට තමයි ශිෂ්ට සම්පන්න සමාජයක පැවැත්ම තහවුරු වෙන්නෙ. ඒත් ගොඩක් කොල්ලෝ තමන්ගේ ශිෂ්ට සම්පන්න බව නැති කරගෙන අශිෂ්ට පැතිවලට යනවා. ජීව විද්‍යාත්මකව ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත් ශිෂ්ටසම්පන්න විදියට බැලුවොත් ඒ වැඩ හරිම අසාධාරණයි. හැබැයි මෙතැන තියෙන වැදගත්ම දේ තමයි සමහර කොල්ලො සාධාරණ හේතු මත 'චික්කි බිරිස්' වීම. රස සොයයි මරුසිරා - සැරිසරයි මල් සරා කිව්වලු! අසාධාරණ විදියට 'චික්කි බිරිස්' කරන්න කොල්ලෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න එක ගැන කෙල්ලෝ අනන්ත වාරයක් දුක් වෙනවා. ඒක හරියට රුවලක් නැති ඔරුවක්. වරුවක් තිස්සේ කරුවක් උඩ තියෙන තරුවක් පස්සේ ගියා වගේ තමයි. මොනා වුණත් ආදරණීය අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, නැන්දේ, මාමේ, පුංචි අම්මේ, ලොකු අම්මේ... ඕන්න එහෙනම් අහගන්නකෝ කෙල්ලෝ 'චික්කි බිරිස්' කරන්න යන කොල්ලෝ ඒවට යන හේතු මොනාද කියලා. පට්ටි දාන ගොනා ගොනා - වෙට්ටු දාලා හිනා හිනා කිව්වලු! මේ හේතු අතර සාධාරණ හේතු වගේම පට්ට අසාධාරණ හේතුත් තියෙනවා. * කෙල්ලගේ කච කචේ ඉවසන්න බැරි නිසා * කෙල්ල විසින් කොල්ලව රූකඩයක් කර ගන්න හදන නිසා * මේකප් හේදුවට පස්සේ කෙල්ල කැත නිසා * කෙල්ලව පාලනය කර ගන්න බැරිවෙයි කියලා කොල්ලට හිතෙන නිසා * හැමතිස්සෙම කෙල්ලට කේන්ති යන නිසා * කෙල්ල අපිරිසුදු නිසා * පොඩි අවුලක් වුණත් ප්‍රේම සම්බන්ධය නවත්තමු කියලා හැම තිස්සෙම කෙල්ල කියන නිසා (ඒ කිව්වට කෙල්ල නවත්තන්නෙත් නෑ) * තමන්ට ඕන දේ කොල්ලා කළේ නැති වුණහම කෙල්ලට මල පනින නිසා * මෙලෝ රහක් නැති හරක් වැඩ කෙල්ලගේ අතින් සිද්ධ වෙන නිසා * කෙල්ල කියපු බොරු අතේ මාට්ටු වුණ නිසා * කොල්ලගේ අවශ්‍යතාවන් ගැන කෙල්ලට කිසිම හැඟීමක් නැති නිසා * කෙල්ල වෙන කොල්ලන්ට යවපු මැසේජ් මාට්ටු වුණ නිසා * කෙල්ලගේ හැඟීම් දැනීම් නිෂ්ක්‍රිය වී ඇති නිසා * කෙල්ල වෙන කොල්ලොන්ව ඕනවට වඩා ආශ්‍රය කරන නිසා * තමන්ගේ කෙල්ලන් එක්ක ජීවත් වෙන එක කොල්ලට මානසික වදයක් නිසා * කෙල්ල විසින් කොල්ලට අනවශ්‍ය විදියට නීති දාන නිසා * කොල්ලගේ පෞද්ගලික දේවල් ගැන කෙල්ලත් එක්ක කතා කරන්න පුළුවන් මානසික මට්ටමක් කෙල්ලට නැති නිසා * කොල්ලට තියෙන ප්‍රශ්න ගැන කෙල්ල සාධාරණව නොබලන නිසා * කතා කරලා විසඳන්න පුළුවන් ප්‍රශ්න ගැන කතා කරන්න කෙල්ල අකැමැති නිසා * කෙල්ල ගැන සැක නිසා * තමන්ගේ කෙල්ල කන්‍යාවක් නොවන බව දැනගත්ත නිසා * තමන්ගේ කෙල්ලට වඩා හොඳ වෙන කෙල්ලෙක්ව සෙට් වුණ නිසා * තමන්ගේ කෙල්ලගෙන් නොලැබෙන මානසික තෘප්තියක් වෙන කෙල්ලෙක්ගෙන් ලැබෙන නිසා * තමන්ගේ කෙල්ලගෙන් නොලැබෙන ලිංගික තෘප්තියක් වෙන කෙල්ලෙක්ගෙන් ලැබෙන නිසා * තමන්ගේ කෙල්ලගෙන් ලැබෙන ලිංගික ආශ්වාදය අඩු නිසා * තමන්ගේ කෙල්ලත් එක්ක කතා කරන්න බැරි දේවල් කතා කරන්න පුළුවන් වෙන කෙල්ලෙක් සෙට් වුණ නිසා * කෙල්ලගේ කට හොඳ නැති නිසා * කෙල්ල උයන කෑම රස නැති නිසා * කෙල්ලට දෝදු නිසා මල්සරාගේ ඊතලයක වැදුණොත් ඉතින් ඊතල කැලේ - ඊතණ කැවේ වගේ සීන් එකක් වෙනවනෙ. එතකොට ඉතින් දෙල් ‍ෙදා‍ෙදාල් වෙන තොල් තො‍ෙ¼දාල් වෙන ලල් ඉගිල්ලෙන විදියට ආදරේ කරනවා. ඒත් ටික කාලක් යනකොට කෙල්ලගේ පැත්තෙන් පොඩි පොඩි අවුල් වෙන්න පටන් ගන්නවා. අම්මා ගහයි හොකී පිත්තෙන් කිව්වලු! අන්න ඒ අවුල් නිසා තමයි ගොඩක් කොල්ලෝ විවිධ පැතිවලට යන්නෙ. ඒ නිසා සාධාරණ හේතු මත කොල්ලො යන එක නවත්ත ගැනීමේ පරම පවිත්‍ර පූජනීය වගකීම කෙල්ලොන්ට තියෙනවා කියලත් අමතක කරන්න එපා. ඒ වගේම කෙල්ලොත් සාධාරණ හේතු මත 'චික්කි බිරිස්' පැතිවලට යන එක නවත්ත ගැනීමේ පට්ට වගකීම කොල්ලොන්ට තියෙනවා කියලත් අමතක කරන්න එපා. අදට මම නවතිනවා. ඔබ සියලුදෙනාගේ ලල් ඉගිල්ලේවා. සැලකියි යුතුයි - 'චික්කි බිරිස්' යන වචනය උපුටා ගන්නා ලද්දේ වෙළෙඳ දැන්වීම් ආයතනයක නිර්මාණ අංශයේ සිටින මාගේ මිතුරියකගෙන් බව කරුණාවෙන් සලකන්න. ලක්මිණ රණසිංහ උපුටා ගැනීම මව්බිම