🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මව් පදවිය අහිමි වූ නිමාලි ටීචර් අප්සරාට වින කළ අන්දම

මව් පදවිය අහිමි වූ නිමාලි ටීචර් අප්සරාට වින කළ අන්දම

නිමාලි උගන්වන්න හරිම දක්ෂතාවයක් තියෙන ගුරුවරියක්. ඒ හැකියාව ඇයට ලැබුනේ කුඩා අවදියේමයි. ඇය පාසල් හමාර වී ගෙදර ආ විගස අම්මාගේ සාරියක් ඇඳගෙන අගේට බිත්තිවල ලිය ලියා අකුරු උගන්නනවා. එයාගේ අම්මාට කවදා හරි මගේ සුදු දුව නම් ඉතින් ටීචර් කෙනෙක්ම තමයි කියලා අම්මා මුළු හදවතින්ම ප‍්‍රර්ථනා කළේ දාරක සෙනෙහසින්. ඒ පැතුම් කාලයේ මාරුවෙන් ඉටු වුණේ නිමාලි විද්‍යා පීඨයට තේරී වසර ගණනක පුහුණුවෙන් පසු ගුරු පත්වීමක් ලැබී පාසලකට එක් වීමෙන් අනතුරුවයි. ”නන්දන අන්න බලපන් අලූත් ටීචර් බැබළි බැබළි එන හැටි.. දැන් නම් ඉතින් මෙදා පාර උඹටත් හොද කලක් ගෙවෙයි වගේ්..”නිමාලිට වඩා අවුරුදු පහක් පමණ වැඩිමහල් නන්දන තවමත් විවාහ වී නොසිටියේ ඔහුට ගැළපෙන යුවතියක් හමුනොවුණ නිසා වන අතර, නිමාලි නන්දන උගන්වන පාසලට පැමිණි දිනයේ්ම ඇය පිළිබඳ සිතිවිල්ලක් ඔහුට ඇති වී අවධානය අලූත් ගුරුතුමිය වෙත යොමු වූයේ නන්දනත් නොදැනීමය. කාලයාගේ ඇවෑමෙන් නන්දනත් නිමාලිත් හෙළ කුලසිරිතට විවාහ වුණ අතර නන්දන සෑදූ අලූත් නිවහනේ සෙනෙහස් සුවඳ ඉතිරී පැතිරී යන්නට වූයේ ආදරයේ සෙනෙහේ දිය ගලා හැළුන නිසාය. කාලය ගෙවී ගියත් මේ දෙදෙනාට කිරි සුවඳ දකින්නට වාසනාව අහිමි විය. ”මොනවා කරන්නද නන්දන මේ අපි පතාගෙන ආ හැටි වෙන්නැති.. කවුරු හිටියත් අන්තිමට ඉන්නේ අපි දෙන්නට දෙන්නා විතරයි.. ළමයි හය දෙනෙක් හදපු අම්මයි තාත්තායි අන්තිමට මහලූ නිවාසේ දාලා යන ළමයි දැන් ඉන්නේ්” නිමාලි නන්දනට එසේ පැවසුවත් නිමාලිගේ හිත ඒ වෙන කොට ඇයට භාරදී තිබෙන නවයේ පන්තියේ ඉගෙනුම ලබන අප්සරා කෙරෙහි අදහසක් පහළ වී ඇති බව ඒ වන විට දැන සිටියේ නිමාලිම පමණකි. ඒවන විටත් අප්සරාට නිමාලි විසින් ඇයගේ ඕනෑ එපාකම් සකසමින් අඩුපාඩු සොයා බලමින් උදව් උපකාර කරන්නට විය. හිත හොඳ හදවත් ඇති ගුරු මෑණිවරුන් පියවරුන් ඒ ලෙස දරුවන්ට සැලකීම පුදුමයක්ද නොවේ. එහෙත් නිමාලිගේ අරමුණ ඒ සද්භාවයක්ද නොවේ වෙනත් අරමුණක් මත මේ උපකාර සිදුවන බව අප්සරාද දැන සිටියේ නැත. ඇයද නිමාලිට සිය මෑණියන්ට සේ සලකන්නටද ගරු කරන්නට ද විය.

"අප්සරා කැමති නැද්ද අපේ දිහා එන්න.."යැයි ඇය දිනක් අප්සරාගෙන් විසමසීය.
"ඇයි ටීචර් ඉතින් අපි ඉස්කෝලෙදි හමු වෙනවානේ.. ආයේ ඉතින් ගෙදර එන්න ඕනෑයැ"
"නෑ ඉතින් දවසක් දෙකක් අපේ ගෙදර ඉඳල ඉස්කෝලේ එමු.."
"මම අම්මාගෙන් අහලා කියන්නම් කෝ.." අප්සරා කීවාය.
"එහෙනම් හෙට එනකොට අහගෙන එන්න.." දරුවෙකු නොමැති නිසා කල්පනා සයුරක නිමග්නව සිටි නිමාලි තම සිත තුළ මෝදු වුණ පාළුව තනිකම මකා ගත්තේ අප්සරාට උපකාර කිරීමෙනි. පසුවදා අප්සරාගෙන් ලද පිළිතුරෙන් නිමාලිගේ සිත තව තවත් මිහිරෙන් මිහිරට පත්වන්නට විය. නිමාලි සමග අප්සරා ඇයගේ නිවසට ගියාය. අප්සරාට තමන්ගේම දරුවෙකුට සේ ඔවුන් සලකන්නට විය. දින දෙකක් සිටි අප්සරා නැවතත් තමන්ගේ නිවසට එන්නට තීරණය කළේ තමන්ගේ අම්මාත් තාත්තාත් නංගීත් මල්ලීත් සිහිපත් වීමෙනි.

"මම හෙට ගෙදර යනවා ටීචර්." යැයි ඇය නිමාලිට පැවසුව අතර නිමාලිගේ සිත පයේ දැවටුන නිදිකුම්බා ගසක් සේ මලානික විය.
"හා එහෙනම් කමක් නෑ.. ආයේත් එන්නකෝ.. අපෙන් වරදක් වත් වුණාද අප්සරාට.."
"අනේ නැහැ ටීචර්.. "
"මම එන්නම්කෝ අප්සරාගේ අම්මයි තාත්තයි එක්ක ටිකක් කතා කරන්න.."ඇයගේ සිත් තුළ අප්සරා පිළිබඳ බලාපොරොත්තු දින දින ඉහළ යන අතර අප්සරා මේ කිසිවක් දැන සිටියේද නැත. නිමාලි ටීචර් එක් දිනක අප්සරාට නොදැනෙන්න ඇයගේ දෙමාපියන් මුණ ගැසෙන්නට නිවසට ගියාය.

"මම මේ ආවේ අප්සරාගේ අම්මයි තාත්තායි එක්ක පොඩි කාරණාවක් පිළිබඳව කතා කරන්න."
"අනේ නෝනා අපේ කෙල්ල මොකක් හරි පටලැවිල්ලක්වත් කරගෙනද?"
"අනේ නැහැ අප්සරාලගේ අම්මේ."
"එහෙනම් නෝනේ.."
"මම මේ පුංචි කාරණාවක් අහන්න ආවේ මම ඉතින් අප්සරාට ආදරේ කරන්නේ මගේ දරුවෙකුට වගේනේ.. ඒක දන්නවානේ ඔයාලා ඉතින් මට දෙන්නකෝ අප්සරා දරුවෙක් වගේ හදා ගන්න..” යැයි ඇය පැවසු විට අප්සරාගේ අම්මාටත් තාත්තාටත් දෙලෝ රත් විය.
"අනේ නෝනේ ඒකනම් කීයටවත් කරන්න බෑ.. අපි දුප්පත් මිනිස්සු බව ඇත්ත ඒත් මේකට නම් කොහෙත්ම අපි කැමති නැහැ.. මේ දරුවෝ තුන්දෙනා අපි හදා ගන්නේ අපේ නේත‍්‍රා වගේ බලාගෙන අනික අපේ දරුවෝ කාටවත් දෙන්න උවමනා නැහැ මට තවම ගොවිතැනක් බතක් කරලා කුලියක් මලියක් කරලා මගේ දරුවෝ රැුක ගන්න පුළුවන්.." යැයි අප්සරාගේ තාත්තාද නිමාලි ටීචර්ට පැවසු අතර ඇය බලාපොරොත්තු කඩ වූ හදින් යුතුව සිය නිවසට පැමිණියාය. මේ කිසිවක් නන්දන දැන සිටියේද නැත. කුරුණෑගල ප‍්‍රදේශයේ ජීවත්වූ නිමාලිලාට ඒවන විට පොල් අක්කර ගණනාවක්ම හිමිව තිබූ අතර නිවස පිහිටා තිබු වත්තේ ද සරු සාර පොල් වගාවක්ද තිබුණි. එක් දිනක් රාති‍්‍රයේ ඇය නිවසින් පිට විය. එදා නිමාලිට උරුමයට වඩා පතාගෙන ආ දෛවය නමැති කරුමය පටිසන් දෙන්නට විය. ඇය කිසිසේත්ම නොසිතූ පරිදි මිදුලේ සිටි පොළෙඟකු දෂ්ට කළේය. නන්දන මෙන්ම ගමේ උදවියද ඇයව නගරයේ ඇති මහ රෝහල වෙත රැගෙන ගිය අතර දින තුනක් පමණ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය යළි නොඑන ගමන් යන්නට සදහටම දෙනෙත් පියා ගත්තාය. ඇය මියයන මොහෙතේත් විමසුවේ රූමත් අප්සරා පිළිබඳවය.

"කෝ මාව බලන්නට අප්සරා දුව අද ආවේ නැද්ද.. නන්දන.." යැයි අවසන් වරටද දෑස් කරකවා ඇය අප්සරාව සෙවීීය. පාසල් ළමුන් මෙන්ම ගුරු මණ්ඩලයද නිමාලිට සිදුවුණ විපත පිළිබඳ දුක් වු අතර නන්දන දෙලොවක් අතර අතරමං වූයේ ජීවිතයේ දුකට සැපට තනි නොතනියට සිටි ප‍්‍රියම්බිකාව නොසිතූ මොහෙතක තමන් හැරයාම පිළිබඳව මුළුහදවතින්ම තැවි තැවිය. නිමාලිට පාසලේ ළමුන් තොරණ බැන්දේ "සදාදර ගුරු මැණියනි ඔබ නිවනින් නිවෙනු මැන" යනුවෙන්ය. නිමාලිගේ හත් දවසේ දානය ද දීමෙන් අනතුරුව නන්දන සිය නිවසේ තනි වූ අතර, ඔහු තම සිත එක් අරමුණක තබා ගැනීමට වෙහෙසුණේය. දිනක් පාසල් භුමියේ ළමුන් පිරිසක් වට වී සිටින අයුරු දැක නන්දනත් සෙසු ගුරුබවතුන් කීප දෙනෙකුත් ඒ දෙසට දිව ගියහ.

"මේ අප්සරා නේද වැටිලා ඉන්නෙ.." යැයි පවසා ඇය අල්ලා ගෙන පැමිණ පුටුවක් මත ඉන්දවීය.
"මොකද අප්සරා දුවේ උනේ?" නන්දන දුකෙන් ඇසුවේය.
"මට කලාන්තේ වගේ හැදිලා වැටුණා.. ඔළුව ටිකක් දැන් රිදෙනවා.." රෝහලට අප්සරා ඇතුළත් කළ අතර ඇය සුව වී නිවසට පැමිණියාය. යළිත් දිනක ඇය ක්ලාන්ත වී බිම ඇද වැටුණ අතර හිස කැරකිල්ල මෙන්ම කොන්දේ කැක්කුමක්ද ඇඟ පත වේදනාවද ඇයට දැනෙන්නට විය. යළි ඇය රෝහල් ගත කළ අතර වෛද්‍ය පරික්ෂණවලින් සනාථ වූයේ ඇයට කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බවය. මේවන විට සිය දියණියට වැලදී ඇති ලෙඩ පිළිබඳව ඇගේ මව්පියන් අසල්වාසීන් මෙන්ම පාසල් මිතුරු මිතුරියන්ද දුකින් පසු විය. "මේක වෙන දෝෂයක්ද කොහෙද පොඞ්ඩක් ඒ ගැන හොඳ තැනක් බලලා ප‍්‍රතිකර්මයක්වත් කරන්නකො.." යැයි අප්සරාගේ තාත්තාට හිතවතෙක් දිනක පැවසූ නිසා කළ යුතු ශාන්ති කර්ම කළ අතර එයිනුදු සුවයක් නොලද තැන අවසානයේදී පෙර කී මිතුරාගෙන්ම දැන ඔහු අප්සරා සමග අප මෑණියන් ගේ ආරාමයට පැමිණියේ අම්මාත් සමගමය. එදා කෙම්මුර දිනයක් විය. ආරාමයේ වැඩි පිරිසක් රැස්ව සිටිය අතර ඒ අතරට අප්සරාලාගේ පැමිණීම නිසා එහි තිබූ නිසංසල බව නැතිවිය. ඒ අප්සරා ආරාම භුමියට ඇතුළු වෙනවාත් සමග සිදු කරන ලද වෙනසත් සමගමය. ඇය එක් වරම කෑ ගසමින් ආරාම භුමියට ඇතුළු වීම නිසා පැමිණ සිටින්නවුන්ගේ අවධානය ඒ දෙසට යොමු වීය.

"අද නම් හොද නැටුමක් බලන්න පුළුවන් ඔය සද්දේ දාගෙන ම එන්නේ.." පූජාවෙන් අනතුරුව අප්සරාව මැණියන් ළඟට කැඳවා ඇයගේ හිසට අප මෑණියන් විසින් දකුණත තැබුවා පමණි.
"මම මේකි අරගෙන මිසක් මෙතැනින් යන්නේ නැහැ. තොපි ඕන එකක් කරපියව් මම බය නැහැ.." කීවාය.
"හා හා කලබල වෙන්න එපා. මම දෙනවා උඹට අරගෙන යන්න කවුද මේ ඉන්නේ?" කියපන්කෝ බලන්න මට..
"මම නිමාලි ටීචර්.. මම මේකි අරන් යන්න ආවේ.. මට දරුවෝ හිටියේ නැහැ පෙර කළ කරුමයකට..මට මේකි දරුකමට හදා ගන්න දුන්නේ නැහැ.. මේකිගේ අම්මයි තාත්තයි." මම පළි ගන්නවා මේ කෙල්ලගෙන්... මම කොච්චර ආදරෙන්ද හිටියේ මම සලකපු හැටි මම විතරයි දන්නේ මුන්ට ගාණක් වත් නැහැ හිටපල්ලා මම උඹලට දෙන්නැ හොඳින් ඉන්න ලෙඩ කරලා එක එකා ගෙනි යන්නේ. මම මැරුණාම අනේ ටීචර් අනේ ටීචර් කිය කියා බොරුවට ඇවිත් ඇඩුවා... මම මේ කෙල්ල අරන් මිසක් අද යන්නේ නැහැ..."
"හිටපන් උඹට මම දෙන්නම් අරන් යන්න..."

අප්සරා ගේ තාත්තාත් අම්මාත් සිදුවී ඇති දෙය පිළිබඳව සිතා ගැනීමට නොහැකිව මෑණියන් දෙස බලා සිටියා පමණකි. තව සතියකින් මේ දරුවාත් සමඟ එන්න. මම හොඳ කරන්නම්. අප්සරාට යළි පියවි සිහිය පිරිත් පැන් ලබා දීමෙන් පසු ලැබුණු අතර නියමිත දිනට සියලූ දෙනා පැමිණීමෙන් අනතුරුව මෑණියන් විසින් යළිත් අප්සරා ප‍්‍රලය කිරීමෙන් පසුව අප්සරාට ඇතුළුවී සිටි නිමාලි ටීචර්ගේ මළ පෙරේත ආත්මය ඉවත් කරන ලදී. මේ වන විට අප්සරාට කිසිදු රෝගයක් නොමැති අතර ඇය හො`දින් අධ්‍යාපනය හදාරමින් මාපිය සෙවනේ ජීවත්වේ. නම් ගම් පමණක් මනඃකල්පිතයි.

ශාස්ත‍්‍රපති හපුගම්මන සමන්ත රණසිංහ
උපුටා ගැනීම රිවිර පුවත්පත